සත්‍ය සිදුවීමකි :: නිරයෙන් යළි මනු ලොව පැමි&#3

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    machan oya yamapallan yama rajjuruwo apaya gena "ananda maitree himiyan " wisin rachitha "apata nopenena lokaya"kiyana pothe sawistharawa thiyenawa...
    macho thaman karana kriyawen thamanta ho anunta wipathak wenawanam eka pawak ,,ithin henam bona eka pawak eken thamanta wipathak wenawa samahara wita anuntath eken hirihera wenawa.....

    thamanta ho anunta wipathak wen neththam eka pawak neme,,kenekge jiwithayak beraganna ,borukiwwata pawak neme kiyala thamai mama ahalathiyenne

    :yes::yes:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව. මෙවගේ තෙරෙඩ් එකක් හොය හොය හිටියෙ මම.

    දැන් මචන් පර පණ නැසීම පවක්, ඒ කියන්නෙ අපායෙ යනව නේද?
    එතකොට මචන් අපි දන්න විදියට පොඩිම පොඩි කූබියාගේ ඉදල ලොකු තල්මහෙක් වෙනකම් පන තියෙන සත්තු.. (ක්ශුද්‍ර ජීවීන්ව අමතක කරමු )

    *එතකොට ඔය මොන සතෙක්ගෙ පන නැති කරත් එක හා සමානව පව් නේද?

    *එතකොට මිනිස්සු දහස් ගානකගේ ජිවිත නැති කරපු ප්‍රභාකරන් වගේ කෙනෙක් ටයි ගෙදර ඉන්න කරදරකාර කූබි රැලකට විස විදල මරල දාන කෙනෙක්ටයි සිද්ද වෙන්නෙ එකම පව්ද?
    (මොකද කුබි 1000 ගානක් මරෙන නිසා)


    *එක සතෙක් මැරුවත් අපායේ යනව සත්තු ගොඩක් මරුවත් අපායෙ යනව ද?


    *එහෙම නම් ප්‍රාණ්ඝාතය නොකරපු කෙනෙක් හොයාගන්න ඉදීද අපි හමෝම මදුරුවෙක් හරි මරල තියනවනෙ?


    මම මේක විහිලුවට දාපු පොස්ට් එකක් නෙමේ මචන්..
    මේක මට ප්‍රශ්නයක් හින්දයි අහන්නෙ


    මචං මම අහල තියන විදිහට නම් අපි මරණ සත්වයාගේ බුද්ධි මට්ටම ඉහල යනවිට අපි වෙන පවා වැඩියි ලු
     

    Null User

    Member
    Nov 11, 2011
    597
    28
    0
    මචං මම අහල තියන විදිහට නම් අපි මරණ සත්වයාගේ බුද්ධි මට්ටම ඉහල යනවිට අපි වෙන පවා වැඩියි ලු
    uba ethakota kiyanne ipaduna gaman podi ekeke maruvata pow naha kiyala?
    abortion ok?:confused::confused::confused:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.

    "උඹ භය වෙන්න එපා....උඹව යව යි...."

    :lol: හොද යකෙකුත් ඉදලා
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba ethakota kiyanne ipaduna gaman podi ekeke maruvata pow naha kiyala?
    abortion ok?:confused::confused::confused:

    නැහැ මචන් එයා කියනව ඇත්තේ ජීවී කොට්ටාශයක්(විශේෂයක්) තුල තියන බුද්ධිමට්ටමේ වෙනසක් ගැන නෙමෙයි.
    එහෙනම් මෝඩ මිනිස්සු මැරුවම පව් අඩු වෙන්න ඔනි නේ. .:confused::confused:

    මෙයා කියන්නේ ජීවී කොට්ටාශ විදියට ගත්තම, එතකොට අලුත උපන් දරුවෙක් අයත් වෙන්නෙත් මිනිස් කියන ජීව විශේෂයට..
     

    ±±BLACK±±

    Banned
    Nov 11, 2011
    982
    32
    0
    Black Mansion
    ai ane oya parakku une? :frown:
    1-4294678-7668-t.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.

    "උඹ භය වෙන්න එපා....උඹව යව යි...."

    :lol: හොද යකෙකුත් ඉදලා

    හොද යකෙක් නම් උබ කියල කතා කරයිද?:rolleyes::rolleyes:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    ඕව් උඹේ මතය මම පිලිගන්නවා. මචං මට තවත් ප්‍රශ්නයක් තියනවා.
    දැන් මේක ඇහුවහම හිතන්න එපා මම බඩු ගහනවා කියල.:rofl: මම එහම කරලත් නැහැ , ඉස්සරහට කරන්න හිතන්නෙත් නැහැ මේක මගේ හිතට ආපු අදහසක් විතරයි.

    දැන් අපි හිතමු කව්රුහරි බැඳලා නැති , කෙල්ලෙක් නැති කෙනෙක් ගණිකාවක් ලඟට යනවා කියල එතකොට එක කාමයේ වරදවා හැසිරීමක් ගණයට ගන්න බැහැ නේද ?
    එහෙම නැත්නම් එකත් කාමයේ වරදවා හැසිරීමක්ද ?

    ඒකත් කාමයේ වරදවා හැසිරිමක් තමා මචං. මොකද මව විසින් රකින, පියා විසින් රකින, සහෝදරයෙක් විසින් රකින, සහොදරියක් විසින් රකින, භාරකාරයෙක් විසින් රකින, සමාජය විසින් රකින ගැහැණියක හෝ පිරිමියෙකු සමඟ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් ලිංගිකව එකතු වීම කාමයේ වරදවා හැසිරීමක් වෙනවා. මේක මට කිව්වේත් හාමුදුරු නමක්. ඕක ගැන ගොඩක් අයට ප්‍රශ්න තියෙනවා. කසාද බැඳපුවාම නීතියෙන් වුනත් එම කෙනාව තමන් විසින් රකින කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා අවුලක් වෙන් නෑනේ ලිංගිකව හැසිරුනාට බිරිඳ සහ සැමියා. නමුත් එතනින් එහාට පරදාර සේවනය වගේ දේවල් වලදි අනිවාර්යෙන්ම වැරදි කාම සේවනයේ යෙදීමක් වෙනවා. :):)
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    එවිට ම යමෙක් ඔහු ළඟට පැමිණියේ ය.කාරුණික ව ඔහු ඇමතුවේ ය.

    "උඹ භය වෙන්න එපා....උඹව යව යි...."

    :lol: හොද යකෙකුත් ඉදලා
    මෙයත් නිකං ටොපා වගේද මංදා?? හැම ත්‍රෙඩ් එකටම ගොං ආතල් දෙන්න එන්නේ. වටේ ගිහින් මදි වෙලාද කොහෙද?? :lol::lol::lol::lol:
     

    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් මට පොඩි ප්‍රශ්නයක් තියනව. මෙවගේ තෙරෙඩ් එකක් හොය හොය හිටියෙ මම.

    දැන් මචන් පර පණ නැසීම පවක්, ඒ කියන්නෙ අපායෙ යනව නේද?
    එතකොට මචන් අපි දන්න විදියට පොඩිම පොඩි කූබියාගේ ඉදල ලොකු තල්මහෙක් වෙනකම් පන තියෙන සත්තු.. (ක්ශුද්‍ර ජීවීන්ව අමතක කරමු )

    *එතකොට ඔය මොන සතෙක්ගෙ පන නැති කරත් එක හා සමානව පව් නේද?

    *එතකොට මිනිස්සු දහස් ගානකගේ ජිවිත නැති කරපු ප්‍රභාකරන් වගේ කෙනෙක් ටයි ගෙදර ඉන්න කරදරකාර කූබි රැලකට විස විදල මරල දාන කෙනෙක්ටයි සිද්ද වෙන්නෙ එකම පව්ද?
    (මොකද කුබි 1000 ගානක් මරෙන නිසා)


    *එක සතෙක් මැරුවත් අපායේ යනව සත්තු ගොඩක් මරුවත් අපායෙ යනව ද?


    *එහෙම නම් ප්‍රාණ්ඝාතය නොකරපු කෙනෙක් හොයාගන්න ඉදීද අපි හමෝම මදුරුවෙක් හරි මරල තියනවනෙ?


    මම මේක විහිලුවට දාපු පොස්ට් එකක් නෙමේ මචන්..
    මේක මට ප්‍රශ්නයක් හින්දයි අහන්නෙ

    මෙහෙමයි... බුදු දහමේ කර්මය යනු චේතනාවයි, ක්‍රියාව නෙවේ...

    ඒ නිසා චේතනා ශක්තිය අනුව කර්ම ශක්තිය සකස් වෙනවා කියලා සරල ලෙස කියන්න පුළුවන්.

    සරල උදාහරණයකින් කියනවා නම් චේතිය රජතුමා කිව්වේ එක බොරුවයි. ඔහු ක්ෂණිකව අපායට ගියා. අපි දිනපතා ටොන් ගණන් බොරු කියනවා.. අපි අපායට යන්නේ නැත්තේ ඇයි කියලා මැට්ටෙකුට අහන්න පුළුවන්. (ලංකාවේ බුද්ධිමතෙක් කියල ප්‍රකට වෙච්ච ඩබ්. ඒ. සිල්වා ගේ පොතක පවා මේ මෝඩ ප්‍රශ්ණය තියනවා.)

    චේතිය රජතුමා බොරු කිව්වේ තමා බොරුවක් කියන්න යන බව කළින් ප්‍රචාරය කරලා බොරුවක් කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැති මිනිස්සු ලක්ෂ ගණනක් කටවල් ඇරගෙන බලාගෙන ඉන්නකොට තමා පිටුපස සිටින බෝධිසත්වයන් වහන්සේ මේ වැඩේ නොකරන ලෙස බැගෑපත්ව කළ ආයාචනා නොසළකා හැරලා ලෝකෙට බොරුව නැමැති අකුසලය හඳුනවා දෙමින්...

    මේ වැඩේට කොතරම් චේතනා ශක්තියක් අවශ්‍යද කියලා අපිට නම් හිතා ගන්නවත් බැහැ. මේ නිසා අපි එදිනෙදා කියන බොරුයි චේතිය රජුගේ එක බොරුවයි සමාන කරන්න බැහැ. :yes:

    මේ නිසා කූඹියෙක් මරන්න අවශ්‍ය චේතනා ශක්තිය හා මිනිසෙක් මරන්න අවශ්‍ය චේතනා ශක්තිය සමාන කරන්න බැහැ.
    මිනිසා මැරීමේදී වන අකුසලය බලවත්... :yes:

    මේකම ගැඹුරු ලෙස විග්‍රහ කරනවා නම්,

    1. අකුසල සිතක් මුල් කර ගෙන කරන සියලු ක්‍රියා අකුසල කර්ම වෙනවා. උදා-අපි ආණ්ඩුවට බනිනවා නම් එතන ක්‍රෝධය, ද්වේශය ආදී අකුසල චෛතසික සමඟ අකුසල සිත් ක්‍රියාත්මක වෙන නිසා ඒකත් (කොච්චර පොඩි දෙයක් වුනත්) අකුසල කර්මයක් තමයි.
    2. අකුසල් සිතක සිත් පරම්පරාව විග්‍රහ කරනකොට ජවන සිත් හතක් ගැන කියනවා. මේ ජවන සිත් වල ස්වභාවය අනුව තමයි අකුසල කර්මය විපාක දෙන ආකාරය තීරණය වන්නේ
    3. අකුසල කර්මයක විපාක ප්‍රවෘත්ති විපාක හා ප්‍රතිසන්ධි විපාක වශයෙන් බෙදෙනවා.
    4. සමහර අකුසල් සිත් වලින් ඒ සිත් පරම්පරාවේම 'ප්‍රවෘත්ති විපාක සිත්' ඇති කරනවා.. සමහර අකුසල් සිත් වලින් ඒ සිත් පරම්පරාවේම 'ප්‍රතිසන්ධි විපාක සිත්' ඇති කරනවා..
    5. "කර්මය පල දුන්නා" කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ අකුසල සිතක් අවම වශයෙන් 'ප්‍රවෘත්ති විපාක සිත්' ඇති කරන්න තරම් බලවත් වුනොත් විතරයි.
    6. "යම් අකුසලයක් නිසාම යම්කිසි පහත් උපතක් ලැබුවා" කියලා අපි කියන්නේ අකුසල සිතක් අවම වශයෙන් 'ප්‍රතිසන්ධි විපාක සිත්' ඇති කරන්න තරම් බලවත් වුනොත් විතරයි.

    (මේ කියපු දේවල් කුසල සිත් හා කුසල කර්ම වලටත් අදාළයි. යම් අකුසල් සිතක් 'ප්‍රවෘත්ති විපාක සිත්' ඇති නොකරන්නේ නම් ඒක අහෝසි කර්ම කියන ගොඩට වැටෙනවා. දැන් අංගුලිමාල කරපු පාප කර්ම වලට 'ප්‍රවෘත්ති විපාක සිත්' පහළ වුනත් (අපවාද ,චෝදනා ගල් පාරවල්) 'ප්‍රතිසන්ධි විපාක සිත්' පහළ වන්න හැකියාවක් නෑ (රහත් වූ නිසා).)

    කළින් කියපු විදිහට ආණ්ඩුවට බනිනවා නම් ඒක අකුසලයක්..
    නමුත් මේ අකුසල් සිත 'ප්‍රවෘත්ති විපාක සිත්' ඇති කරයිද?

    මම නම් හිතන්නේ නැහැ.. ..

    අනික 'ප්‍රවෘත්ති විපාක සිත්' ඇති කලත් 'ප්‍රතිසන්ධි විපාක සිත්' නම් කීයටවත් ඇති වෙන එකක් නෑ.

    මේ නිසා බය නැතිව කියන්න පුළුවන් අපි ආණ්ඩුවට බැන්නට ඒ නිසාම අපායේ උපදින එකක් නම් නෑ කියලා...


    ලඟට පර පණ නැසුවා කියලා අපායේ යනවා කියලා කියන්න බෑ. අනිවාර්යයෙන් අපායේ යන්නේ ආනන්තරීය පාප කර්ම පහෙන් එකක් හෝ නියත මිත්‍යාදෘෂ්ථිය කියන අකුසලය කළොත් විතරයි. මුළු ජීවිතයම පව් කරපු කෙනා මේ පාප කර්ම හයෙන් එකක් හො කරලා නැත්නම් ආසන්න කර්මය අනුව යහපත් උපතක් ලබන්න පුළුවන්.

    බෞද්ධ සාහිත්‍යයේ එන පහත්ම චරිතයක් වන මිනිස්සු දහස් ගණන මරපු කිසිම යහපත් ලක්ෂණයක් ගෑවිලාවත් නැති 'චෞර ඝාතක' කියන පුද්ගලයා සැරියුත් මහරහතන් වහන්සේට දානයක් පිරිනමා ආසන්න කර්මය කුසලයක් වීම නිසාම පමණක් දෙව්ලොව ගියා..



    කියපු දෙවල් පැහැදිළියි කියලා හිතනවා..:yes:
     
    Last edited:
    • Like
    Reactions: sEE_dA_trUth