සත්‍ය හා අසත්‍ය පුවත් හඳුනාගනිමු!

Jun 23, 2016
1,044
136
0
Maharagama
සත්‍ය හා අසත්‍ය පුවත් හඳුනාගනිමු!



සත්‍ය හා අසත්‍ය ප්‍රවෘත්ති වෙන්කර හඳුනාගැනීමට ඔබට අවශ්‍යද? මේ ප්‍රශ්න 5 ඔබෙන්ම අසන්න.

1)ලියන ලද්දේ කවුද?
සත්‍ය පුවත් වල ලිපිය ලියූ තැනැත්තාගේ නම සඳහන් වන අතර අසත්‍ය පුවත්වල එසේ සඳහන් නොවේ.

2)කාරණය කුමක්ද?
සත්‍ය ප්‍රවෘත්ති මූලාශ්‍ර සහිත අතර මතභේදාත්මක ප්‍රවෘත්ති වාර්තාකරණයේදී අදාල පාර්ශව කිහිපයෙන්ම ලබාගත් තොරතුරු සහිත වේ.
අසත්‍ය ප්‍රවෘත්ති මූලාශ්‍රයක් රහිත,හෝ ඒක පාර්ශවික අදහස් සහිත වේ.

3)දිනය කවදාද?
ලිපියේ සඳහන් දිනය බලන්න."උණුසුම් පුවත්" වඩාත් ප්‍රවේශමින් කියවන්න.

4)වාර්ථාකරන ආයතනය කුමක්ද?
සත්‍ය පුවත් විශ්වාසදායී වගකිවයුතු මාධ්‍ය ආයතන මගින් පළකරනු ලබයි.
වෙබ් අඩවිවලින් ප්‍රවෘත්ති කියවන්නෙක් නම් දිගින් දිගටම ඒක පාර්ශවික ප්‍රවෘත්ති පළකරන වෙබ් අඩවිවලින් ප්‍රවේශම් වන්න.

5)ඔබට දැනෙන්නේ කෙසේද?
සත්‍ය පුවත් ඔබව "දැනුවත් කරන" අතර අසත්‍ය පුවත් ඔබගේ ආවේග අවුලවන ආකාරයෙන් ලියා ඇත.ඔබට යම් ප්‍රවෘත්තියක් කියවා කෝපයක් ඇතිවන්නේ නම් වෙනත් මාර්ගවලින් සිදුවීමේ සත්‍ය අසත්‍යතාව විමසා බලන්න.


TED-ED බ්ලොගය ඇසුරෙන්.
 

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,662
    13,401
    113
    දැන් ගොඩක් තියෙන්නේ ගොන් අතල් නිවුස් බය්යෝ තමයි ඒවාට ෆෝම් වෙන්නේ