සතියට දවස් හතක් ආවේ කොහොම ද?

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඔය anglo saxon කියන්නේ original ම english උන් නේද?
    සුර පප්පා, ජීම් පප්පා කාටූන් එකේ ඉන්නේ. Saxon වරු නේද?
    ඒංගල්ස් ලා, සැක්සන්ස්ලා සහ ජුට්ස්ලා..
    එංගල්ස්ලා ගෙ ලෑන්ඩ් එක එංගල්ලෑන්ඩ් -> ඉංග්ලන්ඩ්
     
    • Love
    Reactions: scorpion MW

    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ.

    මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
    පැහැදිලි මදි

    මෙහෙමයි. සෙනසුරාද පළවෙනි පැය (උදේ 6.00 - 7.00) සෙනසුරුට දුන්නම දෙවෙනි පැය බ්‍රහස්පතිට මේ විදිහට වට 3 ක් ගියාම පැය 21 ක් ඉවරයි. හතරවෙනි වටය 22 වෙනි පැයෙන් (පාන්දර 3.00 -4.00) පටන් ගන්නව. ඒක සෙනසුරුට. 4.00 - 5.00 බ්‍රහස්පතිට. 5.00 - 6.00 අඟහරුට.
    දැන් ඊළඟ දවස ඉරිද. උදේ 6.00 - 7.00 පළවෙනි පැය හිරුට ලැබෙනව. අඟහරුගෙන් පස්සෙ හිරු. මේ අනුපිළිවෙල ඉදිරියට ගියාම සතියෙ දවස් හතේ දිනය අයිති ග්‍රහයට පළවෙනි පැය සෙට් වෙනව.

    ශ්ලොකයෙ තියෙන්නෙත් ඔය අනුපිළිවෙලමයි. නමුත් පටන් අරන් තියෙන්නෙ හිරුගෙන්.

    අර්‍ක (හිරු) - ශුක්‍ර (සිකුරු) - බුධඃ (බුද) - චන්ද්‍රඃ (සඳු) - ශනෛර් (සෙනසුරු) - මන්ත්‍රි (බ්‍රහස්පති) - මහීසුතඃ (භූමිපුත්‍ර හෙවත් අඟහරු)