'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ.
මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
පැහැදිලි මදි
මෙහෙමයි. සෙනසුරාද පළවෙනි පැය (උදේ 6.00 - 7.00) සෙනසුරුට දුන්නම දෙවෙනි පැය බ්‍රහස්පතිට මේ විදිහට වට 3 ක් ගියාම පැය 21 ක් ඉවරයි. හතරවෙනි වටය 22 වෙනි පැයෙන් (පාන්දර 3.00 -4.00) පටන් ගන්නව. ඒක සෙනසුරුට. 4.00 - 5.00 බ්‍රහස්පතිට. 5.00 - 6.00 අඟහරුට.
දැන් ඊළඟ දවස ඉරිද. උදේ 6.00 - 7.00 පළවෙනි පැය හිරුට ලැබෙනව. අඟහරුගෙන් පස්සෙ හිරු. මේ අනුපිළිවෙල ඉදිරියට ගියාම සතියෙ දවස් හතේ දිනය අයිති ග්‍රහයට පළවෙනි පැය සෙට් වෙනව.
ශ්ලොකයෙ තියෙන්නෙත් ඔය අනුපිළිවෙලමයි. නමුත් පටන් අරන් තියෙන්නෙ හිරුගෙන්.
අර්ක (හිරු) - ශුක්‍ර (සිකුරු) - බුධඃ (බුද) - චන්ද්රඃ (සඳු) - ශනෛර් (සෙනසුරු) - මන්ත්‍රි (බ්‍රහස්පති) - මහීසුතඃ (භූමිපුත්‍ර හෙවත් අඟහරු)