සතියට දවස් හතක් ආවේ කොහොම ද?

Dead Cupid

Well-known member
  • Aug 12, 2008
    2,638
    6,840
    113

    කාලය මැනීමේ දී අපි භාවිතා කරන ඒකක ඒ ආකාරයෙන් යොදාගන්න හේතු තියෙනවා. අවුරුද්දක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය සූර්යයා වටා ගමන් කරන්න ගත වන කාලය. මාසයක් කියන්නේ ආසන්න වශයෙන් අපිට චන්ද්‍රයාගේ සම්පූර්ණ මුහුණතක් පෙනෙන්න ගතවන කාලය. දවසක් කියන්නේ ආසන්න වශයෙන් පෘතුවිය තමන්ගේ අක්ෂය වටා එක් වටයක් කරකැවීමට ගත වන කාලය. නමුත් අපි සතියට දින හතක් කියන්නේ ඇයි? ඒකට විශේෂ හේතුවක් තියෙනවා ද? දවස් හයක් හෝ අටක් හෝ නොගෙන දවස් හතක් ම සතියට අරගත්තේ ඇයි?
    ඇරත් ලෝකයේ බොහෝ ශිෂ්ටාචාර වල සතිය මැනීමේ දී භාවිතා කළේ දවස් හතක්. මේ සතියට දවස් හත ආවේ කොහොම ද? අද අපි හොයලා බලමු ඒ ගැන.

    අවුරුද්දක තියෙන දවස් 365 හරියට ම හතෙන් බෙදෙන්නේ නැහැ. දශම ගණන් දිගට දිගට ඇදීගෙන යනවා. මාසයක දින තිහත් අවුරුද්දේ මාස දොළහත් හතෙන් බෙදෙන්නේ නැහැ. මේ නිසා සතියට දින හත අවුරුදු මාස ඔස්සේ ගත් අංකයක් කියලා සිතන්න අපහසුයි.
    හත යන ඉලක්කම ලෝකයේ දුරාතීතයේ පටන් මිනිසුන්ගේ සාහිත්‍යයන් තුල තිබුනා. අද අපිට ඒවා සාහිත්‍යයන් වුනාට ඒවා ඇත්ත කියලා හිතපු කාලයකුත් තිබුනා. බයිබලයේ තියෙනවා දවස් හතෙන් ලෝකය මැවීමේ සිද්ධියක්. ලෝකයේ පළමු ශිෂ්ටාචාරය වන මෙසපොතේමියාවේත් දවස් හතෙන් ලෝකය මැවීමේ සිදුවීමක් සඳහන් වෙනවා. මරණීය පාප හතක්, සත්ගුණවත් ගුණාංග හතක්, සමුරායිවරු හත් දෙනෙක්, චීන සාහිත්‍යයේ එන වාසනාවන්ත දෙවිවරු හත් දෙනෙක් සහ මර්කියුරි හත ව්‍යාපෘති යනා දී වශයෙන් හත මිනිසුන්ට විශේෂ වුනා.

    මර්කියුරි හත ව්‍යාපෘතිය නාසා ආයතනයෙන් පටන් ගත්තේ මිනිසුන් යොදාගෙන කරනු ලබන පලමු අභ්‍යවකාශයානා අභ්‍යවකාශගත කිරීම උදෙසා. මේ ව්‍යාපෘතිය තුල යානා හතක් අභ්‍යවකාශගත කරනවා. හැම යානයක ම නම අවසන් වෙන්නේ හත ඉල්ලක්කමෙන්. මේ ව්‍යාපෘතියට පලමුව තෝරා ගත්තෙත් හත් දෙනෙක්. මර්කියුරි ව්‍යාපෘතියේ සාර්ථක ප්‍රථිපල නිසයි මිනිසුන්ට හඳ මත පා තබන්න හැකියාව ලැබුනේ. නාසා ආයතනය හඳ මත පා තබන්න ඇපලෝ ව්‍යාපෘති හතක් දියත් කරනවා.

    ඈත අතීතයේ ඉඳන් ම මිනිස්සු කාලය මැන්නේ අහසේ තියෙන ග්‍රහවස්තූන්ගේ චලනයක් බලලා. මේ ජනයා හඳුනාගත් ග්‍රහවස්තු හතක් තිබුනා. හඳ, බුද, සිකුරු, අඟහරු, සෙනසුරු, බ්‍රහස්පති සහ සූර්යයා. මුල් කාලයේ මිනිස්සු හිතුවේ පෘතුවිය මධ්‍යයේ තියලා අනෙක් ග්‍රහවස්තු පෘතුවිය වටේ යනවා කියලයි. මේකට අපිට ඒ කාලයේ මිනිස්සුන්ට වරදක් කියන්නත් බැහැ. මොකද ඒ අය නිගමන වලට එලබුනේ තම තමන්ගේ දැනුම් තේරුමේ හැටියට දකින නිරීක්ෂණ මත. ඒකත් හරියට වසර දහස් ගණනකට පෙර මෙසපොතේමියාවේ මිනිස්සු තමන් දැනගෙන හිටපු ප්‍රදේශ බොහොමයක් යට වෙන්න ගංවතුර දාපු නිසා ලෝකය ම යට වුනු මහා ජල ගැල්මක් ඇති වුනා කිව්වා හා සමාන යි. මේ වගේ මිනිස්සු දැක්කා පෘතුවිය වටේ ග්‍රහවස්තු හතක් චලනය වෙනවා. මේ ග්‍රහවස්තු කාලය මැනීමට උචිතයි කියලා හිතාගෙන ඒවා භාවිතයට අරගත්තා.

    ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව වගේ ප්‍රදේශවල පැතිරිලා තිබුනු ශිෂ්ටාචාරවල මිනිස්සු විශ්වාස කරා එක් එක් ග්‍රහවස්තුවකට හිමිකම් කියූ දෙවි කෙනෙක් සිටිනවා කියලා. ක්‍රි.පූ. තුන්වෙනි සියවසේ දී ග්‍රීක ජෝතීර්වේදීන් කිව්වා ග්‍රහවස්තු හතට අරක්ගත් දෙවිවරු හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා. ඔහොම පැය විසි හතරක් ගිය තැන ඊළඟ දවස පටන් ගන්නේ කලින් දවසේ පටන් ගත්ත ග්‍රහ වස්තුවෙන් (සෙනසුරු ග්‍රහයාගෙන්) නෙමේ. නැවත සෙනසුරු ග්‍රහයා දවසේ මුල් පැයට පැමිණෙන්නේ අටවෙනි දිනයේ. මේකට තමා සතිය කිව්වේ !

    ඒ වගේ ම හැම දවසක ම මුල් පැය පාලනය කරන ග්‍රහවස්තුවේ නමින් එම දිනය නම් කරා. සෙනසුරු පාලනය කල දින සෙනසුරාදා, හිරු (ඉර) පාලනය කල දින ඉරිදා සහ සඳු පාලනය කල දිනය සඳුදා යනා දී වශයෙන්. සමහර ග්‍රහවස්තු වල නම් වලට කාලයත් සමඟ ලතින් භාෂාවෙන් වදන් භාවිතා වුනා. ඒ අනුව යි වර්තමාන සතියේ ඉංග්‍රීසි නම් හැදුනේ.

    යුරෝපයේ ක්‍රිස්තියානි ආගම පැතිරෙනවාත් එක්ක ඉරිදා දවස සබත් දවස කියලා ඔවුන් නම් කරා විතරක් නෙමේ වැඩ කරන පලමු දවස විදිහට සඳුදා තෝරාගත්තා.

    ලෝකයේ සෑම ශිෂ්ටාචාරයක ම පාහේ සතියේ දින නම් කරන්න මේ ක්‍රමය භාවිතා කරලා තියෙනවා. එකිනෙකට මුණ නොගැසුනු ශිෂ්ටාචාර පවා. බොහෝ ශිෂ්ටාචාර සතියේ දින ග්‍රහවස්තූන්ට අදාළ දෙවිවරුන් භාවිතා කරලා නිමවාගත්තත් එයින් එපිට ට ගිහින් දින හතකින් සතියක් නිර්මාණය කල කොට්ඨාසයක් ඉන්නවා. ඒ තමා හෙබ්‍රෙව් ජනයා. අද දකින්න ලැබෙන ජුදෙව් වරුන්ගේ ආදිතමයෝ.

    මොවුන් සතියට දින හත යොදාගත්තේ තමන්ගේ ආගමික ග්‍රන්ථ වූ ටෝරාවේ සඳහන් දින හතේ මැවීමක් ගැන සඳහන් වන නිසා. ඒ ක්‍රි.පූ. පස්වන සියවස වගේ කාලයක දී. ග්‍රීකවරු ග්‍රහවස්තු ඔස්සේ සතියේ දින හත හදන්නත් කලින්. මම කලිනුත් කිව්වා වගේ මේ දින හතේ මැවීම එන්නේ ලෝකයේ පලමු ශිෂ්ටාචාරයෙන්. අතිශය පැරණි සංකල්පයක් මේක. මොවුන් දින හත නම් කලේ පලමු දිනය, දෙවන දිනය හා තෙවන දිනය යනා දී වශයෙන්. හත්වන දිනය ඔවුන් නම් කාඅ සබත් දිනය කියලා. වර්තමාන සබත් වචනයේ මූලය එන්නේ ශබාට්ටූ යන මෙසපොතේමියානුවන්ගේ උත්සවයෙන්. ඒ උත්සවයෙන් ඔවුන් සැමරුවේ පූර්ණ චන්ද්‍රයා පෙනීම නිමිත්තෙන් !

    අපි අද මේ දකින චන්ද්‍රයා ම තමා ජේසුස්වහන්සේ බුදුන්වහන්සේ වගේ ම නියැන්ඩර්තාල් මානවයා හෝමෝ ඉරෙක්ටස් මානවයා පවා දැකලා තියෙන්නේ. දවස ගානේ පෙනිලා නැවතත් නොපෙනිලා යන මේ මහා වස්තුවේ හැඩය දවසින් දවස වෙනස් වෙලා නැවත මුල් පිහිටීමට එනවා කියලා වසර දහස් ගණනක ඉඳන් මිනිස්සු ඇස් දෙකෙන් ම දැක්කා. මේ නිසයි කාලය මැනීමේ පැරණිතම උපකරණය විදිහට චන්ද්‍රයා භාවිතා කළේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    The English name for Monday comes from the Anglo-Saxon word Mōnandæg, which loosely means “the moon's day.” Mōna is the word for moon in Old English. The second day of the week has been classified as the moon's day since Babylonian times.:yes:

    Tuesday comes from the Old English tīwesdæg, meaning “Tiu's day.” Tiu was a Germanic god of the sky and war. His equivalent in Norse mythology is Tyr. The names of the days of the week were modeled after the Latin names. The Latin days of the week were named after planets, which were named after gods.
    ------ Post added on Oct 30, 2022 at 6:03 PM
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ

    ඔය anglo saxon කියන්නේ original ම english උන් නේද?
    සුර පප්පා, ජීම් පප්පා කාටූන් එකේ ඉන්නේ. Saxon වරු නේද?
     
    Kitkitkit

    Well-known member
  • Nov 11, 2021
    378
    344
    63

    හඳ ආසන්නව දවස් 28කට පාරක් එන්නේ.... තව 4කට බෙදෙනවානේ පුර අටවක, අව අටවක, අමාවක සහ පුර පසලොස්වක කියලා.... එතකොට ඒ දෙකක් අතර කාලය ආසන්නව දවස් 7යි නේ.
     
    wapw

    Well-known member
  • May 21, 2007
    652
    347
    63
    Yakkala, Ranala.
    හත් දෙනාට පෘතුවිය එක් වරකට පාලනය කරන්න පුලුවන් පැයක කාලයක ට විතරයි කියලා. මේ නිසා සෙනසුරු ග්‍රහයා පැයක් පාලනය කරලා ඊළඟ පැය සූර්යයා පාලනය කරනවා. ඊට පස්සේ සඳු පාලනය කරනවා.
    කියල තියෙන කරුණු සියල්ලම හරි. පැයෙන් පැයට නිවැරදි අනුපිළිවෙල මෙහෙමයි. සෙනසුරුගෙන් පටන් ගත්තොත් 'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ.

    මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
     
    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    TFS

    මේක කියෙව්වාම, ඉඳ හිටලා සතියකට දින අටක් තිබුන රටක් (ඔව්, වැඩ කරන දවස් හයයි, සති අන්ත දවස් දෙකයි) තිබුන බව මතක් උනා.

    ඒ රට එකල හැඳින් වුනේ සිලෝන් කියලායි.

    1965-70 ඩඩ්ලි සේනානායක හත් හවුල් ආණ්ඩුව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ගිහින්, රටේ දින දර්ශනය බෞද්ධ ක්‍රමයට සකස් කළා. එතකොට පෝය දවස,(පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) රජයේ නිවාඩු දින වූ අතර පෝයට පෙර දින 'පෙර පොහොය නිවාඩුව' ලෙසත් සැලකුණා.

    මාස කිහිපයකට වරක් පොහොය දිනය යෙදෙන්නේ අටවන දිනටයි. ඒ නිසා ඒ සතියේ වැඩ කරන දින හයකුත්, සති අන්තයේ දින දෙකකුත් ලෙස දින අටක සතියක් උනා.

    70 දී බලයට පත් වුන සිරිමා බණ්ඩාරනායක තුන් හවුල් ආණ්ඩුව කරපු හොඳ දේවල් බොහොම අඩු උනාට, මේ විකාරරූපී දින දර්ශනය ඉවත් කිරීම නම් අගය කල යුතුයි.
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    කියල තියෙන කරුණු සියල්ලම හරි. පැයෙන් පැයට නිවැරදි අනුපිළිවෙල මෙහෙමයි. සෙනසුරුගෙන් පටන් ගත්තොත් 'සෙනසුරු > බ්‍රහස්පති > අඟහරු > හිරු > සිකුරු > බුද > සඳු' මෙහෙම වුණාම තමයි සතියෙ දවස් අනුපිළිවෙලට පළවෙනි පැය එන්නෙ.

    මේකට සංස්කෘත ශ්ලොකය "අර්‍කශුක්‍රො බුධශ්චන්ද්‍රඃ - ශනිර්‍මන්ත්‍රි මහීසුතඃ"
    පැහැදිලි මදි
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    The English name for Monday comes from the Anglo-Saxon word Mōnandæg, which loosely means “the moon's day.” Mōna is the word for moon in Old English. The second day of the week has been classified as the moon's day since Babylonian times.:yes:

    Tuesday comes from the Old English tīwesdæg, meaning “Tiu's day.” Tiu was a Germanic god of the sky and war. His equivalent in Norse mythology is Tyr. The names of the days of the week were modeled after the Latin names. The Latin days of the week were named after planets, which were named after gods.
    ------ Post added on Oct 30, 2022 at 6:03 PM

    Yes... (y)

    DanishMandagTirsdagOnsdagTorsdagFredagLørdagSøndag
    MånenTyrOdinThorFrigg'Vaskedagen'Solen
    EnglishMondayTuesdayWednesdayThursdayFridaySaturdaySunday
    The MoonTýrOdinThorFriggSaturnThe Sun
    Old NorseMánadagrTysdagrÓðinsdagrÞórsdagrFrjádagrLaugardagrSunnudagr

    Initially Sunday, was the first day of the week and the 'washing day' - Saturday - ended the week. In Norse Laug' mean bath or hot water and 'dagr' means day. (So Saturday is the day of a Hot water bath)
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    1965-70 ඩඩ්ලි සේනානායක හත් හවුල් ආණ්ඩුව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ගිහින්, රටේ දින දර්ශනය බෞද්ධ ක්‍රමයට සකස් කළා. එතකොට පෝය දවස,(පසළොස්වක, අව අටවක, අමාවක, පුර අටවක) රජයේ නිවාඩු දින වූ අතර පෝයට පෙර දින 'පෙර පොහොය නිවාඩුව' ලෙසත් සැලකුණා.
    හෙණම ගහන්න ඕන බණ්ඩාරනායක අක්කට නිවාඩු අයින් කරාට

    Sad Cry GIF by Hollyoaks