සතුටින්ද ඔබ පෙරටත් වඩා

BOTHALE

Banned
Sep 23, 2016
53
11
0
සතුටින්ද ඔබ පෙරටත් වඩා


මේ කියන්න යන්නෙ කාලයක් යටපත් වෙලා , අමතකම වෙලා ගිහින් තිබිච්ච, අද (2017 ජනවාරි 01 ) හදිස්සියෙන් මතුවෙච්ච, පරණ, නමුත් ජීවිතේ කුළුදුලේම ආලය, කැමැත්ත කියන සිතුවිල්ල මගෙ හිතේ අකුරු කරපු මතක සටහනක් අලුත්වීමක් ගැනයි


අපි ඔය කියන කුළුඳුල් ආලය:P......හත වසරෙදි මොන ආලයක් ද:angry:....
ඒ උනාට ඒක මං දකින්නෙ පැහැදීම විදිහට...තවත් කෙනෙක් ගැන හිතේ ඇතිවන පහන් සිතුවිල්ල....කැමැත්ත....:love:


ජීවිතේ ඉස් ඉස්සෙල්ලම හිතට කැමැත්තක් ආදරයක් ගැහැණු දරුවෙක් ගැන ඇති උනේ ඉස්කෝලෙ හත වසරෙදි:baffled:.....2001 දි.....මහ ලොකු ලස්සනක්වත්, හැඩරුවක් වත් ඒ ළමයට උරුමවෙලා නොතිබ්බට (දැන් නම් ගොඩක් ලස්සන වෙලා):) , ඒ මූණෙ තිබුණු හිනාවටයි, අහිංසක කමටයි මගෙ හිත ඒ පැත්තට ගොඩක් නැමුන, පැහැදුන...මං හිතන්නේ මං තාමත් ලබන්න ප්‍රාර්ථනා කරන ගැහැණියක සතු ගතිගුණ දැකපු පරමාදර්ශී චරිතය ඇයයි...


ඕක තමයි මගෙ හිතට ඇල්මක් ඇති උන හේතුව....... එදා ඉඳන් අවුරුදු හතරක්....මං ඕලෙවල් කරනකංම ඒ ළමය විතරයි මගෙ හිතේ බලාපොරොත්තුව..........ඉස්කෝලෙ එන්නේ ඒ දසුන දකින බලාපොරොත්තුවෙන්...ඉඩක් ලැබුනොත් කතා කරන හිතින්......එච්චරයි....


ඔය අවුරුදු හතරම එයා බස් එකට නැගල බස් එක අද්දනකං ළඟට වෙලා බලන් ඉඳල ඇවිත් ඇති....දවස් කීපයක් ඒ බස් එකේ මග දුරක් ගිහින් බැහැල ඇවිත් තිබුනත් මතකයි.....අන්තිමට එයා දවස් හතරක් එක දිගට ඉස්කෝලෙ නාපු නිසා ගෙදර ඇඩ්‍රස් එක හොයාන ගෙදර ගිහින් හොයල බලන්න තරමට මට ඒ ළමයව හිතට වැදිල තිබුන...


ආදරේ ගැන මෙලෝ හසරක් නොදන්න කාලෙක, මූණට මූණ දැක්කම ඇස් කොණින් හිනා උනාට, දවස් කීපයක් කතා බහ කරල තිබ්බට, ඔය අවුරුදු හතරම ඉවර වෙනකං එයා එක වචනෙකිං කැමත්ත නම් දුන්නෙ නෑ.....මට ඒ අයිතිය අරගන්න උවමනාවක් තිබ්බෙත් නෑ...හැමදාම ඇස් මානෙ දකින ඒ රූපෙ, කලාතුරකින් ඇහෙන කටහඬ, ඇහුනම දැක්කම මට හොඳටම ඇති.......:love:



කොහොම හරි මං ඕලෙවල් කරල ඒලෙවල් පන්තියට ආව...එයා එතකොට ඕලෙවල් කරනව...... හැමදේම වෙනස් උනෙ එතනින්...එයා ඕලෙවල් කරල ඒ ලෙවල් වලට වෙන ඉස්කෝලෙකට ගියා...මං හිටපු ඉස්කෝලෙමයි තවමත්......

ඇත්තටම ඒ වෙනකොට ඔය ආදරේ පොඩ්ඩක් දියාරු මට්ටමට ඇවිල්ලයි තිබුණෙ...හේතුව අවුරුදු හතරක්ම ඉක්මවල තිබුණත් ඒ පැත්තෙන් කෙලින් වචනයක් නැති කම.....මං එතනින් එහාට එයා ගැන වැඩිය උනන්දු උනේ නෑ....කොටින්ම අපේ ඉස්කෝලෙන් අස්වෙලා ගියේ මොන ඉස්කෝලෙටද කියලවත් මං හෙව්වෙ බැළුවෙ නෑ.....:no:



ඒත් එක දවසක්......මං ගෙදර ගාව හන්දියෙන් බස් එකට නගින්න ඉන්නකොට උදේ ඉස්කෝලෙ යන්න......අපේ හන්දියෙ තියන ඉස්කෝලෙ (මේක ටිකක් ප්‍රසිද්ධ පාසලක් අපේ පැත්තේ) නිළ ඇඳුමෙන් එයා හදිසියේ ඇස් ඉස්සරහ මතු උනා......ඔව් ..එයා අපේ ඉස්කෝලෙන් අස් වෙලා ඒ ලෙවල් කරන්න අපේ ගෙවල් ගාව තියන ඉස්කෝලෙට යනවා......:)

ඉතින් හැමදාම උදේට එයා බස් එකෙන් ඇවිත් බහිනකං බලා ඉඳල, එයා ගියාට පස්සෙ තමයි මං බස් එකට නගින්නෙ ඉස්කෝලෙ යන්න......හැබැයි ඉතින් මට ආයිත් කතා කරන්න නම් උවමනාවක් තිබ්බෙ නෑ ..... ඒ අවුරුදු දෙකත් ඔහොම ගෙවිල ගියා....එයා ඒ ලෙවල් කලාට පස්සෙ මං ආයෙ දැක්කෙම නෑ.....එකම එක දවසක් ටවුන් එකේදි ඈතට දැක්ක...අවුරුදු දෙකකින් විතර දැකල නොතිබ්බත්, කොච්චර දුරින් දැක්කත් මට එයාව අඳුරගන්න පුළුවන්කම තිබ්බ.......




අද වෙනතුරු ආයෙ කිසිම දවසක මං ඒ මූණ දැක්කෙම නෑ:no::no:..කවදාවත්.......
ඒත් අද...... 2017 ජනවාරි 01.....නිකමට හිතිල මූණුපොතේ එයාගෙ නම සර්ච් කලා...ඇයි කියන්න නම් දන්නෙ නෑ...ඒත් ඒක ඉබේම හිතුන:dull:.....ඉස්සර එයා මූණුපොතේ හිටියෙ නෑ......


සර්ච් එකෙන් පස්සෙ ලැබුණ ප්‍රොෆයිල් කිහිපය අතරෙ එයාගෙ ප්‍රොෆයිල් එකත් මට දකින්න ලැබුන......මං ආස කල මූණෙ ඇඳුන හිනාව තවමත් එහෙමමයි:love:.....පුංචි වෙනසක් තියනවා........ ඇයට දැන් පෙම්වතෙක් ඉන්නවා...
දෙන්නගෙම පින්තූරෙ ප්‍රොෆයිල් පික්චර් එකේ ලස්සනට තියනවා:yes::yes:......


අද වෙනකොට මාත් විවාහකයි....අනික මට අද වෙනකොට ඈ ගැන කිසිම බලාපොරොත්තුවක් නෑ.....අංශු මාත්‍ර ප්‍රමාණෙකවත් තරහක්, වෛරයක් මගෙ හිතේ නෑ...

ඒත්...බොහොම පුංචියට ලෝබ කමක් මගෙ හිතේ පූදිනව මට දැනෙනව.....ඒ ඇයව මගහැරගැනීම නිසා.....

ඇය සතුටින් ඉන්නව දැකීමම මට සතුටක්..... නුදුරේදීම ඇගේ විවාහ ඡායාරූපත් මට දකින්න ලැබේවි.....නමුත් ඒ ගැන ඉරිසියාවක් හෝ වෛරයක් මට නැහැ.....තිබෙන්නේ එදා ඇයව මගහැරගැනීම ගැන පුංචි දුකක් විතරයි......

අතරමග සුනු විසුණු පැතුමක
මතක මිහිරියි තාම හිත යට
පරවුනත් මල් අතීතේ
සුවඳ හදවත සමීපේ





ආදරේ, ප්‍රේමය, ආලය විවිධ ආකාරයට විඳින්න දකින්න පුළුවන්...මේ මං ඒ හැඟීම දකින එක විදියක්




 
Last edited:

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඩුක හිතුන :( , කෙනෙක්ව මතක් උනා :dull:

    කවදාවත් අමතක කරන්න බැරි ඒ බැල්ම, ඒ අහිංසක කම ඒ හිනාව , ඒ ගතිගුණ :dull:
    ලගදීම මටත් විවාහ ඡායාරූපත් දකින්න පුළුවන් වේවි ඇගේ :dull:
     

    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    ඩුක හිතුන :( , කෙනෙක්ව මතක් උනා :dull:

    කවදාවත් අමතක කරන්න බැරි ඒ බැල්ම, ඒ අහිංසක කම ඒ හිනාව , ඒ ගතිගුණ :dull:
    ලගදීම මටත් විවාහ ඡායාරූපත් දකින්න පුළුවන් වේවි ඇගේ :dull:


    නොලැබීයාමෙන් පස්සෙ ගෑණුලමයගෙ චරිතෙ විනාස කරල , අපහාස කරල, මඩ ගහල නැත්නම් ඒ ආදරේ තාමත් වටිනාකමක් සහිත එකක් මචං :yes:
     

    BOTHALE

    Banned
    Sep 23, 2016
    53
    11
    0
    machan oya song eke theruma ketiyen kiyapankoo ?



    කෙටියෙන් නම් කියන්න අමාරුයි මචන්.....එතකොට ඒකෙ හොඳම හරිය මගහැරෙනව...

    උපරිම කෙටියෙන් කියනව නම් අද මමත් විවාහ වෙලා....ඇයත් වෙනකෙකු සමග විවාහ වෙලා.... මට මෙන්ම ඇයටද අද දරු සම්පත් ලැබිලා....ඇය ආදරණීය අම්මා කෙනෙක්, බිරිඳක් කුල ගෙදරක......නමුත් අපි ඉස්සර පෙම්වතුන්...අද දෙතනක හිටියට......

    ඒ නිසා කාලයට ඉඩ දීල අපේ සබඳකම් අපි හිත් වලම සඟවගෙන ඉමු..... මගේ දරුවන් සහ බිරිඳගේත්, ඇගේ සැමියා සහ දරුවන්ගේත් ජීවිත , පවුල් අවුල් කරනොගෙන.....නමුත් මගෙ හිත මොහොතකට ඇගෙන් අහනවා... ඔයා ඉස්සර හිටියාටත් වඩා සතුටින් නේද දැන් ඉන්නෙ කියල.....

    ඔය මගේ දැනීමේ හැටියට පුළුවන් කෙටිම විදියට කිව්වෙ බං සිංදුවෙ තේරුම
     

    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    මට මතක් ඇති කාලේ 9 වසර ඉඳල ට්‍රයි කරල 10 දි කැමති උන කෙල්ලක් හිටිය.... 10 අග වෙද්දි මට පොල්ල තිබ්බ .... ඒ කාලෙ දැන් වගේ මෝරල නෑ බන්... මාර විදියට දුක් වුනා... මේ ලඟදි HNB එකේදී දැක්ක මම කාඩ් එක කලෙක්ට් කරන් එද්දි ඒකි පැනල ගිහිල්ල ... මටනම් ගානක් නෑ ඒත් ඒකිට මට මූණ දෙන්න අමාරුවක් ඇති...


    ඕව ඔහොම තමයි... කොල්ලන්ට කලින් කෙල්ලොන්ට මෝල් වෙනව.... :yes::yes: