කට්ටිය එක එක පාරවල් තෝර ගන්නව. මම කැම්පස් යන කොටසෙ එකෙක්. ඒක ගොඩක් හෙමින් යන ගමනක්. මොකද ආයෝජනයක් වෙයි කියන බලාපොරොත්තුව තියාගෙන අපිට සෑහෙන කාලයක් ඉගෙන ගන්න වෙනව.
නමුත් වෙනත් මාර්ගවල ගිහිපු සමහර කට්ටිය දැන් රස්සා කරනව. ඒ හම්බෙන සල්ලිවලින් විනෝද වෙනව. ගැහැණු ළමයි එක්ක යාළු වෙලා තියෙනව. ඒව ගැන ස්ටේටස් දානව.
අපි පුද්ගලික ව දන්න පිරිස් නැතුව නිකං යූටියුබ්, ටික්ටොක් වගේ දේවල්වල උණත් එක එක පිරිස් සෑහෙන විදියට ජීවිතේ විනෝද වෙන බවක් පේන්න තියෙනව.
ඔයාලටත් අනිත් කට්ටියට සාපේක්ෂ ව තමන් එක තැන වගේ දැනෙන කාල තිබිල ඇති. කොහොමද ඔයාල එතකොට ඒ වගේ කාල පහු කරේ කොහොම ද?
ඉගෙන ගන්න ව කිව්වම ඒක ගිහින් ඉගෙන ගන්නවද කියන එක අදාළ නෑනේ. කිරියෙත් ඇති තමන්ට ආයෝජනයක් වෙයි කියල අන්තර්ජාලයෙන් එක එක දේවල් හදාරන කට්ටිය. සමහරවිට තමන් දැනට කරල හිතෙන්නෙ ඉපයීමට වඩා හැදෑරීම විතරක් වෙන්න ඇති. ඔයාල කොහොමද මේ වගේ අදහස් එක්ක ඉස්සරහට යන්නෙ.

Last edited: