සතුට මිල කරන භූතානය

NRTG

Well-known member
  • Oct 19, 2019
    38,747
    192,939
    113
    Colombo, Sri Lanka
    TFS. කවදාහරි යනවා tour එකක්
    අන්න සුපිරිම වැඩක් මචන් මම බැලුවා යු ටියුබ් වීඩියෝ එකක්. එක දැක්කම යන්න හරි ආසාවක් ඇතිවෙනවා. ආහාර රටාවත් හරිම වෙනස්. ඔය යැ ක් [yack] ගවයාගේ මස්, buckwheat ගොඩක් භාවිතා කරනවා

    5I6kYiO.jpg
    9axNlV5.jpg


    TOq3BEl.jpg
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,038
    5,207
    113
    පරිභෝජනයේ දී පිටකෙරෙන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් ස්වභාවික පරිසර පද්ධතිය අවශෝෂණය කරගනියි.

    :love:
     
    • Love
    Reactions: NRTG

    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    514
    891
    93
    කිසියම් රටක සංවර්ධනය එහි භෞතික සම්පත් වැඩි වීම නිසා පමණක් ම දැකගත නොහැකි ය. ආර්ථික හෝ යුදමය අතින් බලවත්වීම ද, දැවැන්ත ඉදිකිරීම් සහ අසීමාන්තික පරිභෝජන හැකියාව තිබීම ද සංවර්ධනයේ යථාර්ථය නොවේ. භූතානය ලෝකයේ සෙසු රාජ්‍යයන්ට සාපේක්ෂ ව ඔවුන්ගේ සියලු සංවර්ධන මූලෝපාය, ආර්ථික හා සමාජීය ආකල්ප වෙනස් මිනුම් දඬු මත සකස් කරගෙන ස්වකීය ඉහළ අපේක්ෂා කරා ඇදෙන රටකි.

    OD9XU8r.png
    zEvpTho.png


    මුළුමනින් ම ගොඩබිමින් වට වූ, දකුණු දෙසින් චීනයට ද, නැගෙනහිර දිසාවෙන් දැවැන්ත හිමාල කඳු ශිඛරයන්ට සහ ටිබැට් දේශයට ද, අනෙක් දිසාවලින් සීකිම්, බටහිර බෙංගාලය, ඇසෑම් සහ අරුනාචල් ප්‍රදේශ ඇතුළු ඉන්දියාවට ද, බංගලා දේශයට සහ නේපාලයට ද භූතානය මායිම් වේ. එය භූමි ප්‍රමාණයෙන් සාපේක්ෂව ස්විට්සර්ලන්තයට වඩා කුඩා වන අතර වර්ග කිලෝමීටර් තිස්අටදහස් එකසිය දහහතක (38,117 වර්ග කිලෝ මීටර්) පමණ භූමියක් ඇතුළත් වේ.

    i1WCN4k.jpg


    J0hGsfw.jpg


    සාරවත් නිම්න සහ තෙත් බිම්වලින් පිරි භූතානය මනරම් සුන්දර ස්වභාව සෞන්දර්යයෙන් යුක්ත ය. එක්සත් ජාතීන්ගේ ලෝකමාපක විස්තාරණ දත්තවලට අනුව භූතානයේ ජනගහනය 2021 දෙසැම්බර් වන විට 784,137 (හත් ලක්ෂ අසූ හතර දහස් එකසිය තිස්හතකි). භූතානයේ ජනගහනය මුළු ලෝක ජනගහනයෙන් 0.01% ට සමාන වන බව එක්සත් ජාතීන්ගේ එම දත්ත විස්තරවල සඳහන් වේ. රටේ අගනගරය තිම්පු වන අතර නිල භාෂාව ඩ්සොංකා වේ. ටිබැට් භාෂාවට සමාන වූ භාෂාවක් ලිඛිත භාෂාමය අක්ෂර කටයුතු සඳහා යොදා ගනියි.

    SKM6Xus.jpg
    EEeOO12.jpg


    භූටියා (Ngalop ලෙසද හඳුන්වන) ටිබැට් සම්භවයක් සහිත ජන කණ්ඩායම භූතානයේ සමස්ථ ජනගහනයෙන් හරි අඩක් නියෝජනය කෙරෙන අතර එය විශාල ම ජන කොටස යි. ඊට අමතර ව නේපාල සම්භවය සහිත ජන කණ්ඩායමක් ද, ෂාචොප් නමින් හැඳින්වෙන ජන කණ්ඩායමක් ද සමස්ත භූතාන ජන සමාජය නියෝජනය කරයි.

    t8sagyU.jpg
    kYlDSRG.jpg


    දළ ජාතික සතුට (Gross National Happiness) යනු භූතානය ම පනවා ගත්,තිරසාර සංවර්ධනය සහ දේශීය වර්ධනය පිළිබඳ ව වූ සුවිශේෂී මිනුම් ඒකකයකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසාර සංවර්ධනය සඳහා වූ සන්නිවේදන ප්‍රකාශනයෙහි සඳහන් වන්නේ දළ ජාතික සතුට නම් වූ මිනුම් සංකල්පය 70 දශකයේදී භූතානයේ ජිග්මේ සිංගේ වංචුක් හතරවැනි රජු විසින් ඉදිරිපත් කරන ලද්දක් බව යි. එම මිනුම් ඒකකයට අනුව භූතානය රටක සංවර්ධනයේ දර්ශකය ලෙස හෙවත් මිනුම ලෙස දළ දේශීය නිෂ්පාදනය නොපිළිගනි යි.

    i9gyIix.jpg



    iH1Teh4.jpg



    ඒ වෙනුවට මෙම දළ ජාතික සතුට නම් ශක්තිමත් මිනුම් ඒකකය යොදා ගනි යි. එම ඒකකය තුළ ආර්ථිකය පමණක් සැලකිල්ලට නො ගන්නා අතර යහපාලනය, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය පිළිබඳව ද තිරසාර වටිනාකම් සහ සංවර්ධනය පිලිබඳව ද සලකා බැලේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිල ප්‍රකාශනයෙහි සඳහන් කරන පරිදි, ඉහත සඳහන් යහපාලනය, තිරසාර සමාජ ආර්ථික සංවර්ධනය, සංස්කෘතික සංරක්ෂණය සහ පාරිසරික සංරක්ෂණය නම් සාධක හතර ද තවත් උපකුලක නවයකට බෙදා ඇත.

    1.මනෝවිද්‍යාත්මක යහපැවැත්ම 2.සෞඛ්‍යය 3.අධ්‍යාපනය 4.කාලය භාවිත කිරීම 5.සංස්කෘතික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව 6.යහපාලනය 7.ප්‍රජා ජීව ශක්තිය 8.පාරිසරික විවිධත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව 9.ජීවන තත්ත්වය ඒවා ය.

    wRt5BTm.jpg
    AE5urqd.jpg


    අගුපිල් වල ජීවත්වන නිවාස අහිමි කිසිවෙක් භූතානයේ නැති තරම් ය. සෞඛ්‍ය සම්පන්න ජනතාවකට ඉඩ සලසමින් සෑම පුරවැසියකුටම නොමිලේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට භූතාන රජය ඉඩ සලසා ඇත. භෞතික සංවර්ධනයට සහ මානව සම්පත සුරක්ෂිත කිරීමට රජය මූලික පියවර රාශියක් ස්ථාපිත කර ඇත. පුද්ගල අධ්‍යාත්මික සංවර්ධනය සඳහා බුදුසමයට සහ එකී ආයතනවලට රජය සමාජය තුළ ඉහළ වටිනාකමක් දී ඇත. ජනසමාජයේ එකිනෙකාට දක්වන ආදරය දයාව සහ උපේක්ෂාව වැනි සාධනීය ආකල්ප නිසා භූතානයේ අපරාධ අනුපාතය ඉතාම පහළ අගයක් ගන්නා අතර ප්‍රචණ්ඩ අපරාධ වාර්තා වන්නේ කලාතුරකිනි.

    q22GCrE.jpg
    AmReNSM.jpg


    භූතානයේ ජනගහනයෙන් 75% ක් පමණ බෞද්ධ ජනතාව වන අතර ඉතිරිය 25% හින්දූ සහ සෙසු ආගම් අදහන ජනතාව ය. මහායාන බුදුසමය භූතානයේ රාජ්‍ය ආගම වශයෙන් පිළිගැනෙන අතර ඔවුන්ගේ භෞතික ආර්ථික සංවර්ධන මූලෝපායයන් සඳහා ද, සාමකාමී සහජීවන රටාව සඳහා ද එරට ජනතාව අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා බුදුසමය තුළින් විශාල හික්මීමක් ලබති. එයට හොඳම උදාහරණය වන්නේ භූතානය තුළ සත්ත්ව ඝාතනයට අවසර නැති වීම ය. එය ඔවුන් පිළිගන්නා බුදුසමයේ අහිංසා සංකල්පය නිසා ලද පරිචයකි.

    rKMfbsM.jpg
    xIJvJPV.jpg


    VFhO6Q6.jpg
    17czl4E.jpg


    ඔවුන් නිර්මාංශ ජනතාවක්ද නොවේ. පරිභෝජනය සඳහා අවශ්‍ය මස් මාංශ විදෙස් රටවලින් ආනයනය කොට මිනිස් අවශ්‍යතාවනට ඉඩ සලසයි. පරිසර පද්ධතියේ වටිනාකම එය සංරක්ෂණය කරමින් එලෙස ම පවත්වා ගැනීම කෙරෙහි භූතානය නිරන්තර අවධානයෙන් පසුවේ. ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, කසළ කළමණාකරණය, පුළුල් ජනතා සහභාගිත්වයෙන් සිදු කෙරේ.


    DT6O3ga.jpg



    3pD0TF0.jpg


    භූතානය ස්වභාවික පරිසරය තුළ කාබන් විමෝචනය අඩු ම රට වශයෙන් සැලකේ. ස්වභාවික වන සම්පත දැඩි සේ ආරක්ෂා කෙරෙන ප්‍රතිපත්තිය නිසා පරිභෝජනයේ දී පිටකෙරෙන කාබන් ප්‍රමාණයට වඩා වැඩි කාබන් ප්‍රමාණයක් ස්වභාවික පරිසර පද්ධතිය අවශෝෂණය කරගනියි.

    71HoQCW.jpg


    සංඛ්‍යාත්මක වශයෙන් ලෝක ජනගහනයෙන් පහෙන් එකකට ජලය සපයන භූගෝලීය කලාපයක භූතානය පිහිටා තිබේ. භූතාන ආන්ඩුක්‍රම ව්‍යාවස්ථාවෙහිම සඳහන් පරිදි රටේ භූමි ප්‍රමාණයෙන් සියයට හැටක ප්‍රතිශතයක් ස්වභාවික වනන්තර සංරක්ෂණය සඳහා වෙන් කර ඇත. මෙය ඕනෑම ආසියාතික රටක ඒ පිලිබඳ ව ඇති ඉහළ ම ප්‍රතිශතය සහිත වටිනාකම යි.

    P9We30D.jpg
    WOiJcOD.jpg


    zJe3Uyx.jpg
    N2GVrdn.jpg


    මෙම වනගහනය සහිත දැඩි ආරක්ෂණ ප්‍රතිපත්තිය නිසා වඳ වී යාමට මුහුණ දෙමින් සිටින දුර්ලභ කොටියන්, හිම දිවියන්, අලි ඇතුන් ඇතුළු ආවේණික වනජීවී සියල්ලෝ ම භූතානයේ දැඩි රක්ෂිත වන ගහනය තුළ ජීවත්වෙති. එම නිසා ම පාරිසරික වනජීවී සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළ මට්ටමේ කර්මාන්තයක් ලෙස එරට ක්‍රියාත්මක ය. භූතානය ලෝකයේ තිබෙන වඩාත් ම ජෛව විවිධත්වය සහිත වන කලාප දහයට ඇතුළත් ව සිටීමට ඒ හේතුව නිසා ම සමත් ව සිටියි.

    36Ijzli.jpg



    Hy6dNS4.jpg



    අල්පේච්ඡ බව බුදුසමය උගන්වයි. අධිපරිභෝජන රටාව හෙවත් බහුභාණ්ඩිකත්වයට නැඹුරු වූ සංකීර්ණ සමාජ රටාවක මිනිසා වෙතින් සතුට සහ සැනසීම පලා යයි. ඒ වෙනුවට අති සූක්ෂ්ම දියුණු තාක්ෂණික උපකරණ සහිත ලෝකයක මිනිසා අතරමං වෙයි. අඩු අදායාම්ලාභී රටකට භූතානය වෙතින් ලබාගත හැකි ආදර්ශ සහ පූර්වකථන බොහොමයකි.

    sJxNNQP.jpg


    සෑම මිනිසකු ම සොයන්නේ සතුට, සාමය සහ සැනසීම යි. එය ලබාගත හැක්කේ කෙසේ ද යන්න තීරණය කිරීම මත ජනසමාජයේ මිනිසුන් අපේක්ෂිත සතුට සාමය සැනසිල්ල ලබා ගනියි. භූතානය එයට හොඳ ම උදාහරණය යි.


    මූලාශ්‍ර:
    responsibleadventures.com
    Roarmedia - Jayantha Colombage

    www.worldometers.info
    sustainabledevelopment.un.org
    www.worldbank.org
    www.worldometers.info
    www.worldwildlife.org
    www.holidify.com
    Photos from Internet
    TFS :love2:
     

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    889
    2,101
    93
    Ceylon
    TFS Bro!

    උඩ Replies වල දාලා තියන Visa කතන්දරේ ඇත්ත. 2018 දි වගේ දවසකට $100 වෙන Package එකක් තිබුණා Guide included, එයාලා දෙන Travel itinerary එකට යන්න ඕන. දැන් නම් ඊටත් වැඩි ඇති. සාක් රටවලට Visa වෙනසක් කරන කතාවක් තිබුණා ඒ දවස්වල, කොහොමද දන්නෙ නෑ දැන්. ඉන්දියාවේ අයට නම් ඒ දවස්වලත් Visa ප්‍රශ්නයක් තිබුණේ නෑ.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    3,967
    5,091
    113
    good post 👍
    දකුණු අසියාවේ ඉහලම ඒකපුද්ගල ආදායම තියන රටක් USD 3400ක් විතර. විශාල ලෙස ඛණිජ සම්පත් අපනයනය කරනවා ඒ වගේම සෑහෙන ජලවිදුලි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,376
    3
    117,405
    113
    Gampaha
    නියම නූලක්...👍👍

    මම අහල තියෙනව භූතානය ගස් දැව විදිහට අපනයනය කරනව කියල... ඒ කියන්නෙ කැලෑ කපල නෙමෙයි. අපනයනය කරන්නම ගස් වවනව කියල...