එක් වැද්දෙක් සතුන් මරාගෙන කමින් ජීවත් වුණා. දිනක් ඔහු තිත් මුවෙකුගේ මස් අනුභව කිරීමට සූදානම් වන විට අත්ථදස්සී බුදු රජාණන් වහන්සේ එතැනට පිඬු සිඟා වැඩියා. ඒ උතුම් මධුර මාංශයේ අග්‍ර කොටස බුදු රජාණන් වහන්සේට පූජා කර පින් අනුමෝදනාවෙන් සිත ප්‍රීතියට පත් කර ගෙන කඳු මුදුනට ගිය වැද්දා මිය ගියා.
මස් දානයේ විපාකය හා සිතේ ප්‍රාර්ථනාවන් නිසා කල්ප එක්දහස් පන්සියයක් දෙව් ලොව ම වාසය කළා. මිනිස් ලොව සක්විති රජ පදවි දැරුවා. අප බුදු රජාණන් වහන්සේගේ සසුනේ සියලු කෙලෙසුන් නසා සසර ගමන කෙළවර කළා.
------ Post added on Jul 10, 2023 at 10:16 AM