සතුරා ලවා සතුරාගෙම යානා පැහැර ගැනිම

Dr.Rosheen

Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    සතුරා ලවා සතුරාගෙම යානා පැහැර ගැනිම

    ඔයාගේ සතුරාටම කියලා සතුරා ලග තියන දෙයක් පැහැර ගන්න පුලුවන්ද?
    නමුත් ලෝක ඉතිහාසයේ එවැනි දේවලුත් වෙලා තියනවා.
    මේ කියන්න යන්නේ එවැනි පැහැර ගැනිමක් ගැන.
    ලේසි පහසු දේකුත් නෙවෙයි, ගුවන් යානාවක් තමයි පැහැර ගැනෙන්නේ.​

    ඊයේ මොසාඩ් වැරදුනු කුරුමානම ගැන ලිව්වා.මේ ලියන්න යන්නේ තවත් මොසාඩ් ගේමක් ගැනයි.

    pCritaG.jpg


    1950 දශකයේ අගභාගයේදි සෝවියට් රුසියාව විසින් එලිදක්වන MiG-21 ප්‍රහාරක ගුවන්යානා ගැන මිතුරන් අහලා ඇතිනේ. එවකට තිබ්බ වඩාත් බලසම්මපන්න ගුවන්යානාව වූ එය ලොව සාර්ථකම ප්‍රහාර ගුවන්යානාවක් යන්න අවිවාදයෙන් පිලිගත යුතුයි. මේ වගේ දැවැන්ත නිර්මාණයක් එලියට දැම්මාම රැසියාවේ ප්‍රතිවාදියා වෙච්ච ඇමරිකාවටත් ඔච්චමක් නේ. මේ ගුවන්යානාව පැහැරගන්න මොසාඩ් එක තුල සැලසුම් සකස් වෙන්නේ හදුන්වාදුන් මුල් කාලයේදිමයි.

    රැසියාව විසින් MiG-21 ගුවන්යානා සැලකිය යුතු සංඛ්‍යාවක් ඊජිප්තුවට,සිරියාවට හා ඉරාකයට ලබාදෙනවා. ඊජිප්තුවදි MiG-21 ගුවන්යානාවක් අත්පත් කරගන්න ගිහින් මොසාඩ් ඒජන්තවරුන්ට මරණයෙන් වන්දි ගෙවන්න වෙනවා.

    මුල් උත්සහයන් අසාර්ථක වුවද, MiG-21 යානාව ලබා ගත හැකි තවත් අවස්ථාවක් ගැන ඉගියක් මොසාඩ් සංවිධානයට ලැබෙන්නේ ඉරාකයේ සිටි ඔත්තුකරුවකු මගිනි.

    WMdeSxN.jpg


    එවකට ඉරාක ගුවන් හමුදාවේ සේවය කල ‘‘මුනිර් රෙද්ෆා‘‘ ක්‍රිස්තියානි ලබ්දිකයෙකි. ක්‍රිස්තියානු ආගමිකයෙකු විම නිසා උසස් වීම් අහිමි විම ගැන සෝ තැවුලෙන් ඔහු පසුවිය. එමෙන්ම ඔහුගේ ගුවන්යානාවට ලබා දෙන්නේද අඩු තෙල් ප්‍රමාණයකි. ඔහු කුර්දි සටන්කාමින්ට විරුද්දව ඉරාකය සිදුකරන ප්‍රහාර හෙලා දැක ඇත.

    වහා ක්‍රියාත්මක වූ මොසාඩ් සංවිධානය, රෙද්ෆා හා මිතුරු වීමට මොසාඩ් ඒජන්තවරියක් එවීය. දක්ෂ ලෙස රෙද්ෆා සමග කුලුපග වූ ඇය, රෙද්ෆා යුරෝපය වෙත ගෙන යාමට නතුකරගෙන ඇත. ඒ අනුව යුරෝපයට යන රෙද්ෆා හා මොසාඩ් ඉහල නියෝජිතයින් අතර සාකච්ඡා සිදුව ඇත.

    මෙහෙයුම සමග සම්බන්ද වීමට නම්, මුදලින් ඩොලර් මිලියනක්, ඊශ්‍රායලයේ පුරවැසිකම හා රැකියාවක් මෙන්ම ඉරාකයේ සිටින තම පවුල ඉවත්කරගත යුතු බවට කොන්දේසි පනවා ඇත.

    කොන්දේසි පිලිබද සමතයකට පැමිණි පසු ඊශ්‍රායලය වෙත යන ඔහු, තමා ගොඩබැසිමට සුදානම් වන ගුවන් පථය නිරික්ෂණය කර ඇති අතර ඊශ්‍රායල් ගුවන්හමුදාපති සමග සාකච්ඡාවක්ද සිදුකර ඇත.

    නැවත ඉරාකය කරා පැමිණි රෙද්ෆා, අවස්ථාව ලද සැනින් 1966 අගොස්තු මස දිනකදි MiG-21 ගුවන් යානාව රැගෙන ගුවන්ගතව ඇත. ජෝර්දාන ගුවන් ගුවන් සිමාව හරහා ඊශ්‍රායලයේ තම ගමනාන්තය දක්වා ඔහු පියාසර කරවා ඇත.

    මේ අතරතුර ඉරාකයේ සිටි මොසාඩ් නියෝජිතයින් හා කුර්දි සටන්කාමින් එක්ව රෙද්ෆාගේ පවුලේ සාමාජිකයින් ඉරාකයෙන් ඉවත්කරගෙන ඇත.

    පැහැරගත් MiG-21 යානාව ඊශ්‍රායල් පරික්ෂකයින් විසින් පරික්ෂණ වලට භාජනය කල අතර පසුව යානාව ඇමරිකාව වෙත ලබාදෙන ලදි.

    මෙම මෙහෙයුම Operation Diamond ලෙස හැදින්වෙන අතර, මොසාඩ් සංවිධානයෙන් සිදුකල සාර්ථකම මෙහෙයුමක් ලෙස හැදින්වේ.

    -රොෂීන් ප්‍රනාන්දු


    ජනේලය බ්ලොග් අඩවිය

    ඔබේ කෙටි ප්‍රතිචාරයද මහත් කොට සලකමි
    ස්තුතියි
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    අපිට නෑනේ මේ වගේ සංවිධානයක් බුද්ධි අංශ තිබුණත් මේ වගේ පුළුල් පරාසයක විහිදුණු සංවිධානයක අඩුව තදින්ම තියෙනවා එකයි එක එක ඇවිත් ඕන ඕන විදියට මෙහෙ නටන්න‍ෙ
     

    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    අපිට නෑනේ මේ වගේ සංවිධානයක් බුද්ධි අංශ තිබුණත් මේ වගේ පුළුල් පරාසයක විහිදුණු සංවිධානයක අඩුව තදින්ම තියෙනවා එකයි එක එක ඇවිත් ඕන ඕන විදියට මෙහෙ නටන්න‍ෙ

    KP ලංකාවට අල්ලං ආපු එක අපේ බුද්ධි අංශ කරපු දක්ෂ මෙහෙයුමක්.
    නමුත් කනින් කොනින් කියවෙනවා, බුද්ධි අංශ පමණක් නෙවෙයි තවත් බිම්මට්ටමේ කන්ඩායම් මේකට දායක උනා කියලා
     

    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,815
    774
    113
    ela machan. repdenna behene "
    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to Dr.Rosheen again.'
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි. ඉතුරු ටිකත් දාමු. MIG 25 එකක් ඉස්සුව එක එහෙම. :yes: