සතුරුව පෙරමුණට එතොත්?
►►ඔබත් පූජාභූමි කප්පාදුවට එරෙහිද?◄◄
සතුරුව පෙරමුණට එතොත්
අර මහමෙර සමඟ වුවත්
සතුරු වෙයන් පුතේ නුඹත්
ඒකයි හරි වීරකමත්
මිතුරුකමින් පෙරට එතොත්
දූවිල්ලක් එක්ක වුවත්
මිතුරු වෙයන් පුතේ නුඹත්
එයයි ලොවේ ගුණය මහත්
ජාතික දෙව් ගී ගයමූ
මුළු ලෝකෙ මත් කරමූ
නිදහස් දෙව් දූට හමූ
වෙන්ට අපිත් පෙරට යමූ
මේ පිලිබඳ අදහස් දක්වන ඉනාමලුවේ ශ්‍රී සුමංගල මහ නාහිමියන් .
•දැන් මේ ඇතිවෙලා තියෙන ගැටලුව මොකද්ද?
"දැන් රජය කියනවා දඹුල්ල පුජා භුමි සැලසුම් ක්‍රමය කන්දලම හන්දියෙන් නවත්වන්න කියල. මේක පුජා භුමි කප්පාදුවක්".
•අපේ රටේ නායකතුමා බෞද්ධ නායකයෙක්. එතුමාට මේ පිළිබඳව දන්වුවේ නැද්ද ඔබ වහන්සේ.?
"ජනාධිපතුතුමා බෞද්ධ නායකයෙක් කියල වැඩි දෙනෙකුගෙ පිළිගැනීමක් තියනවා. ඉතින් බෞද්ධ නායකයෙක් නම් බෞද්ධ නායකයෙකුට උචිත පරිදි කටයුතු කරන්න ඕනෑ. අපි ජනාධිපති තුආටත් ඒ ගැන දන්වලා තියෙනවා.
මේ ගම් වැසියෝ 1000 කට වැඩි ප්‍රමාණයක් ඊට මාස 06 කට විතර කලින් අත්සන් කරලා පෙත්සමක් ඉදිරිපත් කලා එතුමාට ඒ පූජා භූමි ව්‍යාපෘතිය ඉක්මනින් ඉවර කරන්න කියලා. ඒත් අඩුතරමින් පිළිතුරක්වත් නෑ. ඒකෙන් පැහැදිලි වෙනවා බෞද්ධයන්ගේ ඉල්ලීම් වලට එතුමා ඇහුම්කන් දීල නෑ කියලා.
අපේ රටේ මහානායක හාමුදුරුවරු, අස්ගිරි, මල්වතු ඇතුළු අහානායක වරු රජයෙන් ඉල්ලපු ඉල්ලීම් රාශියක් තියෙනවා. ඒවා එකක්වත් කෙරුනෙ නෑ කියන එක තමයි මා නම් දන්නෙ. ඒ වගේම මල්වතු නාහිමියන් කියල තිබුනා උන්වහන්සේ කියන කිසි දෙයක් ආණ්ඩුව කරන්නෙ නෑ කියලා.
නමුත් පසුගිය දවස් වල ළමා නිවාසයක් සම්බන්ධ කළ අපචාරයක් පිළිබඳ මාධ්‍යය වලින් ප්‍රචාරය වුන හැටියේ අගරදගුරු ප්‍රකාශයක් කරල තිබුනා. ඒක නිවැරදි කලේ නැත්නම් රාජ්‍යය නත්තල් උත්සව වර්ජනය කරනව කියලා. මොකක්ද ප්‍රතිඵලය? ඒ නඩුව නීතිපතිතුමා ඉවත් කර ගත්තා. ඇත්තටම එදා ඉදලා කලේ මේ බොරුව. මා අහන්නෙ ඇයි මෙහෙම කරන්නෙ? කවදාද ඒව නවත්තන්නෙ? හැමදාම මෙහෙම බොරු කිය කියා බෞද්ධ ජනතාව රවට්ටන්න පුළුවන් ද?"
•මේ සම්බන්ධයෙන් සමස්ත බෞද්ධයන්ට ඔබ දෙන පණිවිඩය කුමක්ද?
"මෙලෙස විවිධ ක්‍රියා මඟින් අන්‍යාගමිකයින් බෞද්ධ පූජාභූමි විනාශ කරනවා. ඒවා ආක්‍රමණය කරනවා. මේවාට එරෙහිව නැගී සිටින්න ඕනෙ. මේවා අපේ පුද්ගලික දේපල නෙවෙයි. විහාරය සතු ඉඩම් උනත් මේවා සඟසතු දේපල.
මේවා ගැන කිහිපදෙනෙක් කතා කරල තියෙනවා. ඒ කතා කරන ස්වාමීන්වහන්සේලාට මරණ තර්ජන එල්ල වෙලා තියෙනවා. උන්වහන්සේලා කතා කරන්නෙ තමන්ගේ පුද්ගලික දේපලක් ආරක්ෂා කරගන්න නෙවෙයි. බෞද්ධ උරුමය ආරක්ෂා කරගන්නයි. ඒ නිසා බෞද්ධ ජනයා සියල්ල බේද නොසලකා එකතු වෙන්න ඕන රට පුරා වෙන මේ බෞද්ධ උරුමය විනාශ කරන දේවල් වලට."
පූජාභූමි කප්පාදුවට එරෙහිව උද්ඝෝෂණ ව්‍යාපාර ඉතා සාමකාමීව ආරම්භ කරන බවත් සිදුවන සෑම සිදුවීමකටම රජය සහ ප්‍රදේශයේ දේශපාලකයින් වගකිව යුතු බවත් උන් වහන්සේ පවසා තිබෙනවා.
මේවා ආරක්ෂා කිරීම බෞද්ධයන්ගේ පරම යුතුකම!.