සතෙක් මරනවා දැක්කොත්....
අපි පාරෙ යනකොට අපි දකිනවා කවුරු හරි සතෙකුව මරනවා. නැත්නම් වෙරළට ගිය වෙලාවක දකිනවා මසුන් මරන්නන් පණ ගැහෙන මාලුන්ව ගොඩට අදිනවා. හුඟක් වෙලාවට අපිට ඒ සතා වෙනුවෙන් කරන්න දෙයක් නැහැ. ඒ ගැන කතා කරන්න ගියොත් රණ්ඩු සරුවල් ඇති වෙනවා; අපට බැනුම් අහන්න ගුටි කන්න වෙනවා. ජාති භේද ගිනි ඇවිලෙන්නත් බැරි නැහැ.
බුදු රජාණන් වහන්සෙ අපට කියලා දුන්නෙ මේ මොහොතවල් අප්‍රමාදී වෙන්න යොදා ගන්න කියලයි. සංසාර ගමනෙදි අපි කී වරක් මෙහෙම ඉස් ගැසුම් කාලා ඇද්ද? මව් සතෙක් වෙලා ඉද්දි, පැටවාගෙන් වෙන් වෙන්න ඇද්ද? තමන්ගෙ පැටියා මරනව බලන් ඉන්න වෙන්න ඇද්ද?
සසර ගමන දික් වෙන විදිහෙ කර්ම වලින් වැළකී, කුසල් වඩන්න මේ දේවල් නිමිත්ත කර ගන්න ඕනෙ. මට අනන්ත වරක් මෙහෙම වෙන්න ඇති. තවත් මෙහෙම නොවෙන්නනම් මම හැකි පමණින් ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ගමන් කරන්න ඕනෙ.
ඔබ මොකද හිතන්නෙ?