හිතවත් දේශප්‍රේමී මැති-ඇමතිවරුනි,
හැමදාමත් අපි රැවටුණා.... කළ කී දේ ගැන පසුතැවුණා....
වර්තමානයේ අපේ රට පත්වෙලා තිබෙන ආර්ථික පරිහානිය ගැන මා ඔබතුමන්ලා
දැනුවත් කළේ බොහෝ කලක සිටයි.
ජාතික සැලසුම් පද්ධතිය නිසි පරිදි ස්ථාපනය නොකිරීම, අන්ධානුකරණයෙන්
මතවාදවල සිටිමින් ආනයන මත අනවශ්‍ය ලෙස යැපීම, රාජ්‍ය ආයතන ඵලදායී කර
ගැනීමට අවශ්‍ය ව්‍යුහාත්මක රාමු සැකසීමට පැකිළීම, රාජ්‍ය සේවයේ බැඳ දමා
තිබූ අත-පය නිදහස් කර වගවීම ස්ථාපනය කිරීමට අසමත් වීම, පටු දේශපාලන
බලපෑම් මත බලවත්වී සිටි සමහර ආත්මාර්ථකාමී වෘත්තීය සමිතිවලට යට වී ආයතනවල
කළමනාකරණය විනාශයට යාම දිහා ඔහේ බලා සිටීම - දේශීය කර්මාන්තකරුවන්ට අත
දීමට අවශ්‍ය සංවර්ධන මූල්‍යනය මරා දැමීම වැනි අගතිකාරී තත්වයන්ට එරෙහිව
දිගින් දිගටම මා හඬ නැඟු බව ඔබතුමන්ලාට අමතක නැති බවයි මගේ විශ්වාසය ---
එහෙත්, මගේ ඒ කෑ ගැසීම් ගඟට කැපූ ඉණි වගේ වුණා...
විශේධ වශයෙන්, විනිවිද පෙනෙනසුළු තරගකාරී මිල කැඳවුම්වලින් තොරව විදේශ ණය
මත මහා පරිමාණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට යාමේ දී ඒ තුළ ඇති හානිකර
තත්වය ගැන ඔබතුමන්ලාට මා දිගින් දිගටම අනතුරු ඇඟෙව්වා.
උදාහරණයක් වශයෙන්, දුම්රිය ව්‍යාපෘති නිසා පමණක් අපට ඩොලර් මිලියන 300 ක්
වත් ඉතිරි කර ගන්නත් ණය වළක්වන්නත් තිබුණා..
ඒත්, අපව නියෝජනය කළ ඔබතුමන්ලා ඒවා වළක්වාගැනීමට අදාළ විරෝධතා එදා
ප්‍රමාණවත් ව දැක්වූයේ නැති බවයි මගේ මතය...
මා තනතුරු දරද්දීත්. ඉවත්වුණු පසුත් මේ බිහිසුණු අවදානම පුරෝකථනය කළා --
හඬ නඟා කීවා -- රණ්ඩු කළා
රටේ ව්‍යාපෘති හැකි උපරිම අයුරු රට තුළ අපේම ආයතන තුළින් ක්‍රියාත්මක කළ
හැකි අයුරු ක්‍රියාවෙනුත් සැලසුම්වලිනුත් පෙන්වා දුන්නා ....
කිසිවකු ගණන් ගත්තේ නැහැ -- මා කොරහේ කිඹුළන් දකිනවා කියමින් මට හිනා වුණා....
බුලත් කොළ ආණ්ඩුව ව්‍යාපෘතිවලට රට ණය කළා ---
චින්තනය ඒක ලියූ අකුරුටිකට වත් ගරු කළා නම් රට මීට වඩා වෙනස් වෙන්නත්,
සමහර නායකයන්ගේ නම් ඉතිහාසයේ වෙනස් අයුරින් ලියැවෙන්නත් ඉඩ තිබූණා ...
බුලත් කොළේ හිල් වලට කලකිරී ඒ හිල් වැහීමට අරමුණු කරගෙන ගෙනාපු යහපාලන
නාඩගම හිල් වඩාත් ලොකු කර දුන්නා --
කන්න බොන්න පවා රට වඩ වඩාත් ණය කළා -- විදේශ වලින් අතමාරු ගත්තා... ණය
කන්ද අහස උසට නැංගෙව්වා
ඒ ණය ගෙවන්න තව ණය ගත්තා.
සංචිත වැටෙනකොට හම්බන්තොටත් උගස් කළා ... ඒ සල්ලිත් සංචිතවලට දමා කෑවා
විනා ණය ගෙවීමක් වත් කළ බවක් පෙනෙන්නෙ නැහැ --
අන්තිමේදි අපේ රට ලෝකෙ ඉදිරියේ දණ ගැස්සෙව්වා ....
රට යළි නැගිටවීමට කියලා උගසට එරෙහි - ණයට එරෙහි - රටට හිතැති යැයි අප
සිතූ ආණ්ඩුවක් හදා ගත්තා --
ඒක තුළ ඔබතුමාලගෙන් ලොකු මැදිහත් වීමක් අපේක්ෂා කළා--
එම් සී සී අවදානම ඉස්මතු කරලා පෙන්නුවා ---
අවශ්‍ය ව්‍යාපෘති අපටම කළ හැකි බවත් ව්‍යාපෘති වලට අනවශ්‍ය ලෙස විදේශ ණය
ගැනීම නුසුදුසු බවත් පෙන්වා දුන්නා --
ජාතික ප්‍රවාහන පිළිවෙතක් කෙටුම්පත් කළා --- ඒකට වෙච්ච දෙයක් අද වෙනතුරු
දැනගන්නට නැහැ ---
අවි ගැටුම් සමයේ නැගෙනහිර පළාතේ සමාජ අසාධාරණයන් පිළිබඳ සෙවීමේ කමිටුවේ
වෙහෙස වී වැඩ කළා --
ඒ එකකටවත් මා සතයක් වත් පොදු මහජන මුදලින් දීමනා ලබා ගත්තේ නැහැ--
අපි එහෙම කළාට ඔබතුමාලා 20 පාස් කළා -- ඒ පාවාදීම් ව්‍යවස්ථා සංශෝධනයට අත ඉස්සුවා
ඍජු බදු අඩු කළා - මා ඊට එරෙහිව මත ඉදිරිපත් කරද්දි ඔබතුමාලා නිහඩව ඔහේ
බලාගෙන හිටියා --
නැගෙනහිර පර්යන්තය දෙන්න ගියාම අපි ඒකට විරුද්ධ වුණාට ඔබතුමාලා බටහිර
පර්යන්තය දුන්නා
යුගදනවි දුන්නෙ මහ රෑ මැදියමේ ---
චීනවරායෙ තෙල් ටැංකි විදේශිකයන්ට බදු දීම වැරදි බව කියා බලයට ආ ඔබතුමාලා
මේ අවුරුද්දෙ අවසන් වීමට තිබූ ඒ බදු කාලය තවත් දිගු කර දුන්නා -- ඒ කළේ
දේශප්‍රේමී යැයි කියන ඇමතිවරයෙක් --
අනවශ්‍ය ලෙස කොරෝනා පාලනයට ආර්ථිකයේ බෙල්ල හිර කළා - මා ඊට විරුද්ධ වුණාට
ඔබතුමාලා නිහඬව හිටියා---
ඔබතුමාලා මල් පොහොට්ටුවෙ ඇතුළෙ හිරකාරයො වුණා -- අපි ඉතා කණගාටුවෙන් ඒ
දිහා බලා හිටියෙ....
අරගලය කවුරුන් විසින් සැලසුම් කර දියත් කළත් ඊට පසුබිම සැකසුවේ
ඔබතුමන්ලාගෙම ආණ්ඩුව විසිනුයි --
අඬන්න හිටපු අයට ඇහැට ඇඟිල්ලෙන් ඇනලම දුන්නා --
කාබනික පෝර නාට්‍යයට උඩගෙඩි දුන් සමහර හාමුදුරුවරුන් පවා පසුව අරගලයේ
නියමුවන් වුණා --
අරගලය වෙලාවෙත් ඔබතුමාලට ගත හැකිව තුබූ අවස්ථා මගහැරගත්තා කියලයි මට හිතෙන්නෙ ---
අන්තිමේ රට ණය කළ උන්ව යළි තනතුරුවලට දැම්මෙ ඒවාට විරුද්ධව ජනතාව දුන්
වරමින් බලයට ගිය ඔබතුමාලාමයි....
අතීත ගෝඨාභය තම සොයුරු සිරිසඟබෝ ගෙ හිස උදුරාගත්තා..
වර්තමාන ගෝඨාභය තමන් සිරිසඟබෝ වෙලා හිස දන් දුන්නා -- එසේ දන් දුන්නෙ
එයාගෙ හිස විතරක් නෙවි, අපේ ඔලුත් එක්ක ... රටේ ඔලුවත් එක්ක ....!
දැන් මා වැනි අයට ඉතුරු වී තියෙන්නෙ හුස්මටික යනකල් මගේ රටේ ඉතිරි සම්පත්
ටික විකුණනවා දකින්න නොලැබේවා කියා පතන එක විතරයි--- !!!
ඒත් ඒක සිහිනයක් පමණයි වගේ --
දුටුවම කෙරුම ඡන්දෙ ගත් උන් මගේ --
මාළු නටනවා පුරාම මගෙ ඇඟේ
ඇස් දෙකේම කඳුළු බිඳු බිදු නැඟේ
සදහටම රට පරාදයි - ඉවරයි - වගේ ---
කරමුද කුමක්, නොදැනෙයි මගෙ සගේ --
ගියොත් යෙහෙකි අද හෙට පණ මගේ ......!!!