සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?
සද්ධර්මාලංකාරය සාහිත්‍ය කෘතියක් පමණයිද?
Fb එකේ 'Path to Nirvana - නිවන් මාර්ගය' පේජ් එකේ සද්ධර්මාලංකාරයෙන් උපුටා දක්වන දේවල් වල සත්‍යතාවය තහවුරු කර ගන්න බෑ මට නං ගොඩක් වෙලාවට.
ඉතිහාසයේ එන සත්‍ය සිදුවීම් වලට අදාළව ඒකට හේතු වුන පූර්ව කර්මය රචකයා එයාට හිතෙන හිතෙන විදියට ලියලා කියලා හිතෙනවා.
මේ දේවල් මේක ලියපු හාමුදුරුවරු කොහොමද දැන ගත්තේ කියන එක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ වගේ තියෙන්නේ බොරු නං මිනිස්සු බුද්ද ධර්මයෙන් ඈත් වෙන්නත් පුළුවන් කියලා හිතෙනවා.
Path to Nirvana - නිවන් මාර්ගය
මේ තෙරුන් වහන්සේ කැළණි වෙහෙරෙ හි විසූ අතර මෙකල කැළණිතිස්ස රජු ගේ බිසව හා උත්තිය නම් යුවරජ අතර නො මනා සම්බන්ධයක් තිබුණි. මෙය දැනගත් රජු ඔහු මරන්න සොයද්දී පැනගොස් සැඟවී සිට තරුණයෙකු ද හිතවත් කරගෙන, ඔහුට සිවුරු පොරවා රජ දේවියට හසුන් පතක් දෙන්න යැ යි දී එවන ලදි. මේ හොර පැවිද්දා කැළණි තෙරුන් වඩිද්දී පසුපස ගොස් දන් වළඳා එන ගමන් දේවියට ගන්න පෙනෙන සේ ඒ හසුන්පත හෙළී ය. එවිට එය දුටු රජු එය ගෙන කියවා කිපී, මෙය කැළණිතෙරුන් ලියා පොඩිනම අත බිසවට දෙන ලද්දක් යැ යි සිතා, තෙරුන් තෙල් කටාරමෙ හි ලා ගිනි ගසා මරවන්න නියෝග කළෙ ය. තෙරුන් වහන්සේ රහත් බැවින් එහි බද්ධ පරියංකයෙන් සිට මෙසේ වීමට හේතු වූ අකුසලය බැලූ සේක. තෙරුන් එක ආත්මයක ගොපළු දරුවෙකුව සිටිය දී කිරි උණු කරන විට මැස්සෙකු අල්ලා දමා කකාරා මැරූ අකුසලය බව දැක, මෙය නැවැත්විය නො හැකි කර්මයකැ යි දැන එහි ම පිරිනිවුණ සේක. මෙයින් දෙවියන් කිපීමෙන් මුහුද ගොඩ ගලන ලදි. පසුව රජු විසින් තම දුව ද මුහුදට බිළි දුනි. නමුදු ඇය විහාරමහා දේවිය නමින් රුහුණට ගොඩ බැස්සා ය. පින්වතුනි මැස්සෙකු මැරූ කර්මය මෙතරම් බරපතල නම් වෙන සතෙකු මැරුවහොත් කෙසේ විපාක දේ දැ යි සිතිය යුතු ය.
(සද්ධර්මාලංකාරය - 446 පිට)
Path to Nirvana - නිවන් මාර්ගය -fb

(තෙල් රත් වෙන්නත් එපයි)
අනිත් එක පරන දෙයක් ගැන බලද්දි ටිකක සිහි නුවනින් බාන එක හොදයි මොකද ඕනෙම දෙයක් ඒ කාලෙ ලියද්දි ටිකක් අතිශොක්තියෙන් ලියලා තියෙනවා වගෙ පේනවා ටිකක බුද්දිය පාවිච්චිකරලා ගතයුත්ත ගැන පමනක් හිතන එක හොදයි 