සද නිවාඩු ගිහින්
සද නිවාඩු ගිහින්
Posted on 06 May 2012.
Rating: 0.0/7 (0 votes cast)
රජය විසින් උගත් පාඩම් වාර්ථාව සම්බන්ධයෙන් ඉදිරි සතිදෙක තුලදී ක්‍රියාකාරී සැලැස්මක් ඉදිරිපත් කරන බවට මේ වන විටත් පවසා ඇත. රජයේ පාර්ශවික පක්ෂයක් වන ජාතික හෙළ උරුමයේ මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පසුගිය දිනෙක පැවසුවේ ඔවුන් විසින් උගත් පාඩම් හා ප්‍රතිසංධාන වාර්ථාවේ ඇති නිර්දේශ සම්බන්ධයෙන් සිය මතය ඉදිරිපත් කිරීම වෙසක් උත්සවය නිසා ප්‍රමාද කරන්නට තීරණය කර ඇති බවයි.
රජයේ වගකිව යුතු පක්ෂයක් වශයෙන් ජාතික හෙළ උරුමයට දෙමළ ජාතික අරගලය සහමුලින්ම මර්ධනය කර දමන්නට තිබූ උවමනාව ජාතික ගැටලුවට විසදුමක් යෝජනා කිරීමේ දී නොමැති වීම කදිමය. යුද්ධයට හුරේ දැමූ ජාතික හෙළ උරුමය යුද්ධයේ දී මිනිසුන් මරන්නට හා මරවන්නට සිය සහය දැක්වීමේ දී වෙසක් උත්සවය නිසා එය ප්‍රමාද නොකරන්නට තීරණය කළද ප්‍රතිසංධාන වාර්ථාවේ නිර්දේශ ක්‍රිියාත්මක කරන්නට වෙසක් උත්සවයට නිවාඩූ ගෑනීම ප්‍රමාද කිරීම අප අවබෝධ කර ගත යුත්තේ කෙලෙසද?
ලංකාවේ බොහෝ දේශපාලනය කරන උදවිය නිවාඩුවක් ලද සැනින් ගමේ යන්නට පුරුදුව සිටින නිසා අලුත් අවුරුද්ද, වෙසක් උත්සවය, පොසොන් උත්සවය, ඇසල උත්සවය යැයි කියමින් දේශපාලනය කිරීම වරින් වන ඛණ්ඩනයට ලක් කරමින් සිය ජාතිවාදී මතවාදය මේ රටේ වපුරමින් සිටියි. මේ ගමේ යන එන දේශපාලනය කරන උදවියට දේශපාලනය යනු සිය පැවැත්ම පවත්වාගෙන යාම සදහා අවශ්‍ය කරණ මෙවලමකි. මේ බොහෝ උදවියට දකූණේ අරගලයේ දී හැට දහසකට ආසන්න මිනිසුන් ප්‍රමාණයක් මරා දෑමීම හා උතුරේ අරගලයේ දී මිනිසුන් හතලිස් දහසක් මරා දැමීම අවිඥාණිකය.
ජන වාර්ගික ගැටලුවට විසදුමක් ලබා දීමට උතුරේ මිනිසුන් දහස් ගණනින් මරා දැමීම අනුමත කරන පිරිත් නූල් බදින සිංහල බෞද්ධයන් පවසන්නේ මේ රටේ සිංහලයාට නැති දෙමලාට දෙමල වීම නිසාම ඇති සුවිශේෂි ප්‍රශ්ණය කුමක් ද යන්නයි. උදය ගම්මන් පිල වැනි අය වෙසක් නිවාඩුවෙන් පසුව ජාතික ගැටලුව ගැන කතා කරන්නට කල්පනා කරන්නේ ඔවුනට දන්සල් වලින් බුරියානී කන්නටත් කස කසා දැමූ සරුවත් බීමත් මහා වෙසක් තොරන් නිදහසේ නැරඔීම තරම්වත් දෙමල ජාතික ප්‍රශ්ණය වැදගත් නොවන බැවිනි.
මේ ගමේ ගිය උදවිය සරුවත් බී යළි පැමිණෙන තුරු දෙමල වැසියන්ට කරන්නට සිදුව ඇත්තේ වසර තිහකට වඩා වැඩි කාලයක් ඉවසූ ආකාරයෙන්ම තවදුරටත් ඉවසීමය. දේශපාලනය කිරීමේ දී නිවාඩු ගන්නට අර අදින උදවියට නොතේරෙන්නේ තමන්ගේ වෙසක් නිවාඩුවට වඩා මේ රටේ වෙනත් ජන වර්ගයක ආත්මීය ප්‍රශ්ණය බැරෑරුම් නොවන බවයි. දේශපාලනයේ දී මහා විශාල තොරන් ගසා බුද්ධිමත් ජනතාව යැයි තමන්ම විස්වාස කරන සාමාන්‍ය ජනතාව ඉදිරියේ ගිරිය පුප්පන් කෑ ගැසීමෙන් මේ රටේ පවතින නරුමවාදී ධනවාදී දේශපාලන භාවිතාව වෙනස් කරන්නට නොහැකි බවයි. සංවිධිත මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත නිවරදි නායකත්වයක් යටතේ න්‍යාය සහ භාවිතය තුලින් සමාජය සංවිධානය කරනවාට වඩා දේශපාලනය කරන රැඩිකල් අය ආශක්ත වන්නේ ගල් ගහන අරාබි මොඩලයේ මෝඩ විප්ලව වලටය.
ජාතිය සහ ආගම දේශපාලනයේ දී වැඩිම වටිනාකමක් සහිත හුවමාරු භාණ්ඩයක් පමණක් බවට පත්ව තිබෙන බව සාමාන්‍ය බුද්ධිමත් ජනතාව අවබෝධකර නොගන්නා තුරු ගම්මන්පිලලාට මෙසේ නිවාඩු ගනිමින් තමන්ගේ වැඩක් කරන ගමන්ම දේශපාලනය කරන්නට ද පුලුවන. නමුත් මේ මොහොතේ දී ඇත්තටම කළ යුතු වන්නේ පවතින සමාජ ක්‍රමය විග්‍රහ කරමින් එය වෙනස් කල හැකි ආකාරයේ නව දේශපාලන භාවිතාවකට දෙරගුලු විවර කිරීමයි.
http://www.3mana.com/