සනත් ගුණතිලක පැවිදි වෙයි

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    සනත් ගුණතිලක පැවිදි වෙයි

    සනත් ගුණතිලක පැවිදි වෙයි
    Sanath Gunathilaka enters priesthood
    ප්‍රවීණ සිනමා නළු සනත් ගුණතිලක මහතා පසුගිය බ්‍රහස්පතින්දා (22දා) හඟුරන්කෙත විමලරතන යන නමින් බෙන්තර සපුගොඩ ශ්‍රී මහා විහාරයේදී පැවිදි දිවියට ඇතුළත් ව ඇත. අගෝස්තු 22 වැනිදා පෙරවරු 7.22 ට යෙදුණු සුභ මොහොතින් පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමියන්ගේ උපාධ්‍යායවරුන් ලෙස කටයුතු කර ඇත්තේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ වැඩබලන මහා නායක හා දක්ෂිණ පාර්ශ්වයේ උප සභාපති ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමි ප්‍රමුඛ එම සංඝ සභාවේ බෙන්තර විහාර පාර්ශ්වයේ ප්‍රධාන සංඝනායක හා විනිශ්චය කාරක සභාවේ ‍ලේකම් ශාස්ත්‍රපති දෙදදියවල තිලකසිරි හා එම සංඝ සභාවේම කාරක සභාවේම කාරක සභික නුගේගොඩ නාලන්දාරාමාධිපති තීනියාවල පාලිත හිමිවරුන්ය.
    මෙසේ පැවිදි දිවියට ඇතුළත් වූ විමලරතන හිමිපාණෝ සියලු වත් පිළිවෙත් පුරමින් සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.
    පැවිදි දිවියට ඇතුළත් වීමට පෙරාතුව සනත් ගුණතිලක මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා සඳහන් කළේ වත් පිළිවෙත් පුරන සැබෑ පැවිදි දිවියක වටිනාකම අවබෝධකර ගැනීම උදෙසාත් ඉදිරියේදී රූපගත කිරීමට නියමිත චිත්‍රපටයක පැවිදි චරිතයක යථා ස්වභාවය පිළිබඳව පූර්ව අත්දැකීම් ලබා ගැනීම උදෙසාත් මෙසේ පැවිදි දිවියට ඇතුළත් වන බවය.


    sanath%20gunathilaka%206.jpg


    sanath%20gunathilaka%202.jpg


    sanath%20gunathilaka%205.jpg
     
    Last edited:

    suuraya

    Member
    Apr 27, 2013
    1,036
    64
    0
    සතියක කාලයක් තාවකාලික පැවිදි දිවියක් ගත කිරීමෙන් අනතුරුව අගෝස්තු 29දා බ්‍රහස්පතින්ද ධර්මානුකූලවම එම පැවිදි කාලය අවසන් කිරීමට නියමිතව සිටිති.

    apoo....
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    අනේ මංදා මෙහෙමත් මිනිස්සු. :( හැමදේම සැහැල්ලුවට අරන්. මුන් දැන් වාරික ක්‍රමයට මහණ වෙන්නෙ. බුද්ධ ශාසන අමාත්‍යංශයක් කියලා එකෙක් තියෙනවා. මෙලෝ රහක් නෑ.
     

    randy6667

    Well-known member
  • Mar 9, 2011
    8,709
    973
    113
    daoriot
    News baluwanam therei oke hari waradda. thaaawakalika pawadi weema aniwarya karanam ape ratet minissu meetawada hadenna tibba.