සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    සනාගෙයි, මැතිව්ස්ගෙයි කෙරුවාව!

    අයිසීසී ‘මැච් ෆික්සිං’ නම් ලැයිස්තුවේ සනත් ජයසූරිය ඉදිරියෙන්

    collage.png


    ලෝකයේ ක්‍රිකට් වංචා සම්බන්ධයෙන් දූෂිතම රට හැටියට ශ්‍රී ලංකාවේ නම පසුගියදා වාර්තාවීම ගැන කිසියම් අවිනිශ්චිතභාවයක් මෙරට ක්‍රිකට් ලෝලීන්ට පැනනැගිණි. එයට හේතුවූයේ මාධ්‍ය වාර්තා තුළ අන් රටවලට සාපේකෂව ඔය කියන තරම් දූෂණ සනාථවූ බවට ආරංචි නොලැබීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ (ICC Anti-Corruption Unit ) සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් ඇතුළු කණ්ඩායම පසුගියදා මෙරට ජනාධිපති අගමැති දෙදෙනාට ලබාදුන් වාර්තාව අනුව අදහාගන්නට අපහසු අයගේ නම්ගම්ද හෙළිව තිබේ.

    හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, සචිත්‍ර සේනානායක, වනිඳු හසරංග, චතුරංග ද සිල්වා, ධනුෂ්ක ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල යන ක්‍රීඩකයන් බුකී කරුවන් සමග ‘මැච් ෆික්සිං’ සඳහා කරන ලද සාකච්ඡා සහිත පටිගත කිරීම් සහ පසු ක්‍රීඩා කිරීම් අනුව ඔවුන් වැරදි කරුවන් බවත්,
    ජෙෆ්රි දබරේරා ‘පිච් ෆික්සිං’ සඳහා සම්බන්ධ බවටත් එම වාර්තාවල සඳහන් වන අතර සුපිරි ක්‍රිකට් ක්‍රීඩක හිටපු තේරීම් කමිටු ප්‍රධානී සනත් ජයසූරිය ‘මැච් ෆික්සිං’ ‘පිච් ෆික්සිං’ දෙකම සඳහා සම්බන්ධ පුද්ගලයා ලෙසද නම් කර තිබෙන බව වාර්තා වෙයි.

    ICC ය මේ විමර්ශනය සිදු කළේ පසුගියදා අල් ජසීරා නාලිකාව විසින් හෙළිකරන ලද ලංකාවේ ක්‍රිකට් දූෂණ පිළිබඳ දිර්ඝ වාර්තා වැඩ සටහන මගින් හෙළිවූ කරුණු වලින් පසුවයි.

    මෙම වාර්තාව ලබා දීමෙන් පසු ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටතේ ඇති දූෂණ මර්දන ඒකකයේ ශාඛා කාර්යාලයක් ශ‍්‍රී ලංකාව තුල ස්ථාපිත කිරීමට යෝජනා කර තිබෙන අතර සිදු කළ දූෂණ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වනු ඇත.​
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    :shocked:

    ගොසිප් ලන්කා කාරයෝ සාපේක්ශව බොරු දානවා අඩුයි නේද?

    Mona Pistuda? Un eka deka karala kiyanne. samahara welawata anith peththa gahanawa. Mama oka denagaththe un bandaragama ginithiyan meruna roopalawanya shilpiniya gena giya eken. Un dala thibbe wenasma kathawak,
     

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    Mona Pistuda? Un eka deka karala kiyanne. samahara welawata anith peththa gahanawa. Mama oka denagaththe un bandaragama ginithiyan meruna roopalawanya shilpiniya gena giya eken. Un dala thibbe wenasma kathawak,

    මොනව උනත් උන් දාලා තියෙන්නේ විශ්වාශ කරන්ඩ පුලුවන් නම් ටිකක්. ගිය අවුරුද්ද අග වගේ මැතිව්ස් ලොකු වලව්වක් ගත්තා කියලා කතාවක් ගියා ෆික්සින් සල්ලි වලින්, මම ඇහැගහගෙනම ඉන්න බෝයි තමා දනුස්කයා :D

    මිනිහා වොට්ච් එකක් බදිනවා මන් හිතන්නේ ලක්ශ40න් එහා, සල්ලි තමා එත් මූ අයිපීල් ගහලා ඈ, තාම ඔහොම රගන්ඩ සල්ලියක් සාදාරනව හම්බ කලා කියන්ඩ අමාරුයි
     

    AHTNIHCA

    Junior member
  • Jan 21, 2017
    173
    10
    18
    Kandy
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...
     

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අනිත් උන්ගෙ නම් කෙසෙ වෙතත්, බඩෙ බත් ටික වගේ Dhanushka, Mathews, Dickwalla මුන් 3න් දෙනා නම් sure.. නොදකින් පර හැත්ත...

    :yes::yes::yes: