ඔව් බන් මටත්
‘රෑ කිසිම ශබ්දයක් ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.
දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක් පියනක පමණක් ග්රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්රධාන දොරේ යතුර නැතිවූ අවස්ථාවක නිවසට ඇතුළු වීමට එම ග්රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස් පරීක්ෂණ වලදී අනාවරණයවී ඇත.
එසේම සේයා රාත්රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.

