‘රෑ කිසිම ශබ්දයක් ඇසුණේ නැහැ. ගෙදර බල්ලා පාරේ කවුරුහරි ගියත් බුරනවා. බල්ලා බිරුවෙත් නැහැ. අපි ඇතුළු දරුවන් නිදාගන්නා කාමරේ ජනේලයක් තියෙනවා. ඒ ජනේලයේ පියන් තුනෙන් එක පියනකට ග්‍රිල් නැහැ. ඒ ජනේලයෙන් මගේ දුවව හොරු අරන් යන්න ඇති. ලබන අවුරුද්දේ පාසල් යන්න ඉන්න මගේ දුවගේ උපන් දිනය ලබන 16 වැනිදා. උපන් දිනය වෙනුවට අපිට සමරන්න වෙලා තියෙන්නේ සහගහන අපරාධයක සිද්ධියක්.‘‘ එලෙස පවසන්නේ සදෙව්මිගේ මවයි.
දැරිය නිදා සිටි කාමරයේ ජනේලයේ එක් පියනක පමණක් ග්‍රිල් එක නැතිවීමට හේතු වී ඇත්තේ නිවසේ ප්‍රධාන දොරේ යතුර නැතිවූ අවස්‌ථාවක නිවසට ඇතුළු වීමට එම ග්‍රිල් එක ඉවත් කිරීම නිසායෑයි පොලිස් පරීක්‍ෂණ වලදී අනාවරණයවී ඇත.
එසේම සේයා රාත්‍රියේ ඇඳසිටි කලිසමද ඇඳ උඩ තිබී ඇත. දැරිය සෙවීම සඳහා පොලිස් සුනඛයන් රැගෙන ආ අතර එම සුනඛයා නිවසේ සිට මීටර් 100ක් ඉදිරියටත් නැවත පසුපසටත් ගොස් ඇත. මෙම සිද්ධියේ ඝාතකයා කවුරුන්ද යනවග තවමත් අභිරහසකි. නමුත් ඔහුව නුදුරේදීම කොටුකර ගැනීමට හැකිවෙනු ඇති බවයි පොලිසිය පවසන්නේ.![]()
මචන්ලා,මට නම් මේ සිද්දිය ගැන ගෙදර අයම තමයි සැක .
සාමාන්යෙන් මේ වගේ අවුරුදු 4ක පොඩි ළමයෙක්ව නිකන් පහරගන්නේ නෑ .එක්කෝ කප්පම් ගන්න,එක්කෝ ලිංගික අපයෝජනයට.මෙතන ඒ දෙකම නෑ මම දැනුවත්ව.ඒ කියන්නේ වෙන දෙයක්.මට නිකමට හිතෙනවා මේ සිද්දියට අම්ම සමබන්දයි කියල.සමහර විට ළමයාගේ තාත්තත් ගෙදර නැතිනිසා, අම්ම ගැන දකින්න ඕන නැති දෙයක් දරුවා දැක්ක නිසා අම්මත් දැනුවත්ව මේ දේ වෙන්නත් පුළුවන්.නැත්නම් ඇදේ නිදාගෙන ඉන්න දරුවෙක්ම අම්මට ඇහැරෙන්නේ නැතිව,කලිසමත් නැතිව අරන්යන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තියෙනවා.මේක නිකම් විතරයි.අපි බලමු කියල.

හුරතල් වයසේ මේ වගේ ලමයෙකුට අපරාදයක් කරේ මොන හිතක් පපුවක් නැති අමනයෙක්ද දන්නෙ නෑ. මෙහෙම පරාධ කරන එව්න්ට නම් ආයි මනුස්ස ජීවිතයක් ලැබෙන එකක් නෑ. අනිත් එක මේ ලෝකේ කොච්චර මිනිස්සු ලමයි නැතුව දුක් විදිනවද. 

