LEN
ගම්පහ කොටදෙණියාව ප්‍රදේශයේ නිවසේ නිදා සිටියදී සෙනසුරාදා (12) අතුරුදන්ව පසුදා (13) අසල ඇලක් අයිනේ මරා දමා සිටි සේයා සඳෙව්මි නමැති අවුරුදු හතර හමාරක් වයසැති දැරියගේ මරණ පරීක්ෂණ වාර්තාව අද නිකුත් වූ අතර දැරිය කෘෘර ලෙස දූෂණය කිරීමකින් පසු ගෙල සිර කර මරා දමා ඇතැයි එහිදී හෙලි විය. ඉදිරිපසින් සහ පසුපසින් දැරිය දූෂණය කර ඇති අතර දැරිය දැඩි ලේ වහනයකට මුහුණ දී ඇත. දූෂකයාගේ ශුක්‍රාණු සහ රෝම සිරුරේ තිබී හමුවී තිබේ. දූෂණයෙන් පසුව ගෙල සිර කර මරා දමා ඇත්තේ දැරිය හැඳ සිටි ටී ෂර්ට් එකෙන්මය. දැරියගේ සිරුරේ නියපොතු වලින් වූ සීරීම් තුවාල දක්නට ඇත. දැරිය අතුරුදහන් වූ රාත්‍රියේම මරා දමා නැතැයි ද සිරුර හමුවූ දිනයට පෙරදා රාත්‍රියේ මරා දමන්නට ඇතැයිද පරීක්ෂකයෝ කියති.
මචන්, නිව්ස් දාන එකෙත් පොඩි හරි සදාචාරාත්මක කමක් තියෙන්න ඕනේ කියලයි මම හිතන්නේ..මුන් නිව්ස් දාන හැටි බලපන්..කියවන්න පුලුවන්ද? මේවා ලියන උනුත් හෙන අසහනෙන් ඉන්නවා වගේ පෙන්නේ..ඒ ළමය ඒ කරදරයට පත් වෙලා මිය ගියා...ඒක මේ රටේ හැමෝම දැන් දන්නවා...අවශ්‍ය වෙන්නේ ඒ දූෂණය සිද්ධ වුනු අකාරය ඔහොම අමු කැත විදිහට තව තව දේවල් දාල දාන එක නෙමෙයිනේ...මේක ඒ ළමයට කොචචර නම් අපහාසයක්ද?

හෙන ගහන්න ඕනේ මේ රටේ මාධ්‍ය බල්ලොන්ට..මුන් තමයි මේ සේරටම මුල...






