ඕකට තියන ප්‍රධාන භාදකය දුම්රිය මාර්ගය අවට අනවසර පදිංචිකරුවන්. පවුල් 2000ක් විතර ඉන්නවා කැලණිවැලි දුම්රිය මාර්ගය දෙපස.


ඔතන ලොකුම ප්‍රශ්නේ එන්නේ මහරගමයි, නුගේගොඩයි, බේස්ලයින් .. රේල් පාර වැහුවම විනාඩි 5ක් විතර ඉන්න ඕනේ.. රේල් පාරක් හදන්නත් ඉඩ ප්‍රශ්නේ තමා තියෙන්නේ.. රටේ ප්‍රදාන ආර්ථික නගර හරහා වැටිලා තියෙන නිසා ගොඩනැගිලි ඉවත් කරන්නත් බෑ. ඒ උනාට අනවසර ඉදිකිරීම් ඉවත් කලාම තවත් රේල් පාරකට ඉඩ එනවා.. එහෙම තමයි සුද්දා ඉඩ වෙන් කරලා තියෙන්නෙත් රේල්වේ එකට.. වංගු කේස් එකනම් ටිකක් හැදුව කලින් ආණ්ඩුව කාලේ අලුත් කොච්චි දැම්මම.. ඉතුරු වංගු කේස් එකත් හදන්න පුළුවන් හරි ව්‍යාපෘතියක් විදියට පටන් අරගෙන ද්විත්ව මාර්ගය ඉදි කලානම්.. හැබැයි ඕකට විරුද්ද අනවසරෙන් ඉන්න උනුයි, බස් කාරයොයි.. බලපන් ඕක හැදුවොත් බාගෙට බාගයක් හයිලෙවෙල් පාරේ ට්‍රැෆික් අඩු වෙනවා.. ඊට පස්සේ රත්නපුරේ වෙනකම් හැදුවනම් රේල් පාර වන්දනා ගමන්, විනෝද ගමන් යන අයත් කෝච්චියේ රත්නපුරේ යනවා.. එකෙනුත් ලාබෙ රේල්වේ එකට..


අද රටේ ජනාකීර්ණම ප්‍රදේශ බවට පත්වී තිබෙන්නේ මහරගම, කොට්ටාව, හෝමාගම, පන්නිපිටිය ප්රදේශයි. විශේෂයෙන් හයිලෙවල් මාර්ගයේ එම තත්ත්වය වඩාත් උග්‍රයි. ඒ නිසා පිටත වටරවුම් මාර්ගය සකස් කරගෙන යනවිට කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්න ප්‍රදේශය නව නගරයක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගනු ලබනවා. ජයිකා ආයතනය අපේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙනයාමටත් මෙම මාර්ගය සංවර්ධන කිරීමටත් ලක්ෂ 3600කට වැඩි ප්‍රමාණයක් වැය කරනු ලබනවා.
හයිලෙවල් මාර්ගයේ තිබෙන මාර්ග තදබදය මඟහරවා ගැනීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයෙත්, ආසියානු සංවර්ධන බැංකුවේත් ආධාරයෙන් දෙපැත්තටම එකවර දුම්රිය දෙකක් ගමන් කළ හැකි අයුරින් ද්විත්ව දුම්රිය මාර්ගයක් බවට කැලණිවැලි දුම්රිය මාර්ගය පත් කිරීමට පියවර ගන්නවා. නමුත් මේ වැඩපිළිවෙළට ප්‍රධාන බාධාවක් පවතී. එනම් ඒ අවට පදිංචිව සිටින දෙදහසකට අධික අනවසර පදිංචිකරුවන්ය. ඒ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවක් සමඟ විධිමත් වැඩසටහනක් ආරම්භ කරනු ලබනවා.
ඒ හා සමානව නාවින්න, මහරගම, කොට්ටාව දුම්රිය ස්ථාන විධිමත් සංවර්ධනයකට ලක් කිරීමට සැලසුම් කරනු ලබයි.
- චම්පික රණවක


මෙච්චර දෙයක් දැනන් හිටියේ නෑ .... හීනෙන් වගේ මතකයි පොඩි කාලෙ පුංචි කෝච්චිය දැකලා තියෙනවා කියලා.. මේ රේල් පාර ආපහු වැටෙනවනම් හොදයි...

අනවසර මතක් කරන්න එපා ඕකුන්
හදිස්සියේ හරි පුට් බෝර්ඩ් එකේ ගියොත් ඔලුව අතේ කඳ පාරේ
අනවසර එවුන්ට නං යන්නම කියන්න ඕන වෙන කොහෙන් හරි ගෙවල් හදල දීල
බස් කාරයොත් අදාලම නැ කිව්වනම් හරි
කවුද ඉතින් එහෙම කොන්ඩ පන ඇතුව තීරණ ගන්නේ දැනට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න![]()

වටින නූලක් මචං..රෙප්+ 8
bump... rep
Repped back. +++++අපේ රට දියුණු කරන්න නම් හොද ප්‍රවාහන පද්දතියක් අවශයෙන්ම තිබිය යුතුයි එය නාවික මාර්ග මුල් කරගත් ගුවන්, දුම්රිය හා මහා මාර්ග සියල්ල ඒකට බැදුන ප්‍රවාහන පද්දතියක් විය යුත්තේය.
නමුත් එවන් දැක්මකින් යුතු නායකයින් අපට නැත තවද පාරවල් හදල කන්නද කියල අහන මිනිස්සු ඉන්න රටක එහෙම මාස්ටර් ප්ලෑන් පල රහිත වීම අරුමයක් නොවේ.
කෙසේ උවත් ලංකාවට උචිත වන්නේත් දැනට පවතින මාර්ග තදබදයට පිළියම් වන්නේත් දුම්රිය මාර්ග වැඩි දියුණු කිරීමයි. මම මගේ දැක්මට අනුව මෙරට කෙසේ දියුණු කල යුතුදැයි ලියපු නුලකත් මේ දුම්රිය මාර්ග පද්දතිය ගැන ලිව්වා.
අවිස්සාවේල්ල දක්වා (අඩුම තරමේ) දිත්ව මාර්ග විය යුතුමයි, ඒවා විදුලි දුම්රියට ගැලපෙන ලෙස දියුණු වෙනවා නම් අගනේය ඒ වගේම සියලු ස්ටේෂන් underground ha roof parking වලින් සමන්විත හෝ අනාගතයේ එසේ කිරීමට ඉඩ සලසා ලීම මහගු ප්‍රයෝජනයක් වනු ඇත.
මිගමු මාර්ගය හලාවත දක්වාත් ප්‍රදාන මාර්ගය කුරුණෑගල දක්වාත් දිත්ව මාර්ග විය යුතුමයි.
මෙසේ දුම්රිය මාර්ග පද්දතිය දියුණු කිරීම රටට ඉතා වැඩදායක වනු ඇත.
අපේ ප්‍රදාන වරායන් දුම්රිය මගින් සම්බන්ද කිරීමත් නගරබද හා තදාසන්න ප්‍රදේශ විදුලි දුම්රියන් මගින් සම්බන්ද කර ගන්න පුළුවන් උනොත් රටේ දියුණුවට මහගු අඩිතාලමක් වෙනු ඇත.



අනවසර මතක් කරන්න එපා ඕකුන්
හදිස්සියේ හරි පුට් බෝර්ඩ් එකේ ගියොත් ඔලුව අතේ කඳ පාරේ
අනවසර එවුන්ට නං යන්නම කියන්න ඕන වෙන කොහෙන් හරි ගෙවල් හදල දීල
බස් කාරයොත් අදාලම නැ කිව්වනම් හරි
කවුද ඉතින් එහෙම කොන්ඩ පන ඇතුව තීරණ ගන්නේ දැනට අපේ පාර්ලිමේන්තුවේ ඉන්න![]()
