සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානායක
source :divaina lankadeepa
සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් පඔහින්න හන්දියේදී උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායකට මග හරස් කළැයි පොලීසියෙන් අද (06) ජල ප්‍රහාරයක් එල්ල විය.
සරසවියේ උත්සව කිහිපයකට පැමිණ සිටි ඔවුනට පඹහින්නේදී බාධා ඇති වුයේ එහි උද්ඝෝෂණයක නිරත වී සිටින සරසවි සිසුන්ගෙනි. සිසුන් පවසනුයේ පොලිසිය කඳුළු ගෑස් ද ගැසු බවයි. නමුත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
ඇමැති සරසවි ගොඩනැගිල්ලට මුල්ගල් තබා වලව කාන්තා නේවාසිකාගාරය ද විවෘත කළේය.
සබරගමුව සරසවි සිසුන් පිරිසක් පඹහින්න හන්දියේදී උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා ඇතුළු පිරිසක් ගමන් කළ රථවලට මඟ අවහිර කර උද්ඝෝෂණය කිරීම නිසා ජල ප්‍රහාරයක් එල්ල කර සිසුන් විසුරුවා හැරීමට ඊයේ (05 වැනිදා) පෙරවරුවේ බලංගොඩ පොලිසියට සිදුවිය.
ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතා ඇතුළු පිරිස නේවාසිකාගාරයේ ගොඩනැඟිල්ලකට මුල්ගල තැබීම සහ වලව කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට එහි ගොස් තිබේ.
එහිදී පැවැති සිසු උද්ඝෝෂණය සඳහා සිසුන් පන්සීයක පමණ පිරිසක් සහභාගි වී ඇති අතර ඔවුන්ට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පියවර ගෙන ඇත. මෙහිදී සිසුන්ට හෝ පොලිස් නිලධාරීන්ට කිසිදු තුවාලයක් සිදු වී නැත. මෙහිදී පොලිසිය තමන්ට කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බව සිසුන් පවසන අතර පොලිසිය එය ප්‍රතික්ෂේප කරයි.
මේ උද්ඝෝෂණයට සහභාගි වූ සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ මෙම කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරයට රුපියල් කෝටි හතළිහක් පමණ වැය කළත් එය නිසි ප්‍රමිතියකට ඉදිකර නොතිබීම නිසා ශිෂ්‍යාවන් එහි රඳවා තැබීම අනතුරුදායක බවයි. එසේම මුල්ගල තබන ලද පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිවන ස්ථානයට නුදුරුව යුද හමුදා කඳවුරක් තිබෙන හෙයින් එය කිසිසේත් සුදුසු නොවන බව ද අවධාරණය කළේය.
මෙම සිද්ධියෙන් පසුව ඇමැතිවරයා ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කළේය.
අනතුරුව ඔහු මෙසේ පැවසීය.
"විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් මෙහි අට්ටාල ගසාගෙන විරෝධතා දක්වනවා. ඒවා ඉවත් කරන එක සුළු දෙයක්. ඡන්දෙ තියන නිසා ඒවා කරන්නේ නැහැ. මෙම ගොඩනැඟිල්ල හැදුවේ අපේම විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත්තු ඉංජිනේරුවන්ය. රුපියල් කෝටි හතළිහෙන් මුදල් ගසාකාලා කියා සිසුන් කියනවා ඇසුණා. වැහිපීලි දාලා නැහැ කියලත් බැන්නා. වැහිපීලි දැම්මෙ නැත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ගොඩක් ඉඩකඩ එයින් ලැබෙන නිසයි. ඒ නිසා වැහිපීලි දාන්න එපා. විශ්වවිද්‍යාලයේ සිසුන්ට කැට හොල්ලන්න පාරට යවන පිරිසක් ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කණ්ඩායම්වලට අපි කූඩැල්ලෙකුට තරම්වත් බය නැහැ".
මේ ඇති වූ සිද්ධිය නිසා සබරගමු විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා ඇත.