සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    සබරගමුව සරසවියේ සිසුන් සහ එස් බී දිසානාය&#3482

    source :divaina lankadeepa

    සබරගමුව සරසවියේ සිසුන් පිරිසක් පඔහින්න හන්දියේදී උසස් අධ්‍යාපන ඇමැති එස් බී දිසානායක හා නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායකට මග හරස් කළැයි පොලීසියෙන් අද (06) ජල ප්‍රහාරයක් එල්ල විය.
    සරසවියේ උත්සව කිහිපයකට පැමිණ සිටි ඔවුනට පඹහින්නේදී බාධා ඇති වුයේ එහි උද්ඝෝෂණයක නිරත වී සිටින සරසවි සිසුන්ගෙනි. සිසුන් පවසනුයේ පොලිසිය කඳුළු ගෑස් ද ගැසු බවයි. නමුත් පොලීසිය එය ප්‍රතික්ෂේප කරයි.
    ඇමැති සරසවි ගොඩනැගිල්ලට මුල්ගල් තබා වලව කාන්තා නේවාසිකාගාරය ද විවෘත කළේය.

    සබරගමුව සරසවි සිසුන් පිරිසක්‌ පඹහින්න හන්දියේදී උසස්‌ අධ්‍යාපන ඇමැති එස්‌. බී. දිසානායක මහතා ඇතුළු පිරිසක්‌ ගමන් කළ රථවලට මඟ අවහිර කර උද්ඝෝෂණය කිරීම නිසා ජල ප්‍රහාරයක්‌ එල්ල කර සිසුන් විසුරුවා හැරීමට ඊයේ (05 වැනිදා) පෙරවරුවේ බලංගොඩ පොලිසියට සිදුවිය.

    ඇමැතිවරයා සහ නියෝජ්‍ය ඇමැති නන්දිමිත්‍ර ඒකනායක මහතා ඇතුළු පිරිස නේවාසිකාගාරයේ ගොඩනැඟිල්ලකට මුල්ගල තැබීම සහ වලව කාන්තා නේවාසිකාගාරය විවෘත කිරීමට එහි ගොස්‌ තිබේ.

    එහිදී පැවැති සිසු උද්ඝෝෂණය සඳහා සිසුන් පන්සීයක පමණ පිරිසක්‌ සහභාගි වී ඇති අතර ඔවුන්ට ජල ප්‍රහාර එල්ල කර විසුරුවා හැරීමට පියවර ගෙන ඇත. මෙහිදී සිසුන්ට හෝ පොලිස්‌ නිලධාරීන්ට කිසිදු තුවාලයක්‌ සිදු වී නැත. මෙහිදී පොලිසිය තමන්ට කඳුළු ගෑස්‌ ප්‍රහාරයක්‌ එල්ල කළ බව සිසුන් පවසන අතර පොලිසිය එය ප්‍රතික්‍ෂේප කරයි.

    මේ උද්ඝෝෂණයට සහභාගි වූ සබරගමු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය එකමුතුවේ කැඳවුම්කරු රසිඳු ජයසිංහ පැවසුවේ මෙම කාන්තා ශිෂ්‍ය නේවාසිකාගාරයට රුපියල් කෝටි හතළිහක්‌ පමණ වැය කළත් එය නිසි ප්‍රමිතියකට ඉදිකර නොතිබීම නිසා ශිෂ්‍යාවන් එහි රඳවා තැබීම අනතුරුදායක බවයි. එසේම මුල්ගල තබන ලද පිරිමි ශිෂ්‍ය නේවාසිකාගාරය ඉදිවන ස්‌ථානයට නුදුරුව යුද හමුදා කඳවුරක්‌ තිබෙන හෙයින් එය කිසිසේත් සුදුසු නොවන බව ද අවධාරණය කළේය.

    මෙම සිද්ධියෙන් පසුව ඇමැතිවරයා ශිෂ්‍ය නේවාසිකාගාරය විවෘත කළේය.

    අනතුරුව ඔහු මෙසේ පැවසීය.

    "විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ මෙහි අට්‌ටාල ගසාගෙන විරෝධතා දක්‌වනවා. ඒවා ඉවත් කරන එක සුළු දෙයක්‌. ඡන්දෙ තියන නිසා ඒවා කරන්නේ නැහැ. මෙම ගොඩනැඟිල්ල හැදුවේ අපේම විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබාගත්තු ඉංජිනේරුවන්ය. රුපියල් කෝටි හතළිහෙන් මුදල් ගසාකාලා කියා සිසුන් කියනවා ඇසුණා. වැහිපීලි දාලා නැහැ කියලත් බැන්නා. වැහිපීලි දැම්මෙ නැත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ගොඩක්‌ ඉඩකඩ එයින් ලැබෙන නිසයි. ඒ නිසා වැහිපීලි දාන්න එපා. විශ්වවිද්‍යාලයේ සිසුන්ට කැට හොල්ලන්න පාරට යවන පිරිසක්‌ ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කණ්‌ඩායම්වලට අපි කූඩැල්ලෙකුට තරම්වත් බය නැහැ".

    මේ ඇති වූ සිද්ධිය නිසා සබරගමු විශ්වවිද්‍යාලය දින නියමයකින් තොරව වසා දමා ඇත.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    යුද්දයක් වගේ. එකෙක් දෙන්නෙක් මැරෙනකන් තමයි සමහරු බලන් ඉන්නේ
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    munta pissuda manda?

    sb kochchara pissu keliyath mama hithenne methanadi sb hari kiyala.

    Last edited:

    [email protected]

    Well-known member
  • Jan 11, 2008
    1,339
    105
    63
    42
    වැහිපීලි දැම්මෙ නැත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ගොඩක්‌ ඉඩකඩ එයින් ලැබෙන නිසයි. ඒ නිසා වැහිපීලි දාන්න එපා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    වැහිපීලි දැම්මෙ නැත්තේ ඩෙංගු මදුරුවන් බෝවීමට ගොඩක්‌ ඉඩකඩ එයින් ලැබෙන නිසයි. ඒ නිසා වැහිපීලි දාන්න එපා.

    වැහිපීලි නොදැමීම නේවාසිකාගාරයට නොගිහින් ඉන්න හේතුවක් කියල මම නම් හිතන්නේ නැහැ. ඔයිට වඩා දහසක් ප්‍රශ්න මිනිස්සුට තියෙනවා. ඔතන තියෙන්නේ දේශපාලන උවමනාවක්. එක පොඩි ළමයෙකුට උනත් තේරෙනවා.

    එස් බී හැමවිට හරි කියල මම කියන්නේ නැහැ. මේකෙන් වෙන පාඩුව කාටද? අමතිතුමටද? නැහැ මේ ඉගනගන්න ළමයින්ට.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    මචන් කවුද හරි වැරදි කියන්න තරම් මේකේ ඇත්ත තත්වේ මං දන්නේ නෑ.
    මටනම් එස්බීයත් එක්ක මලපැන්නේ මේක දැකලා.

    විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක්‌ මෙහි අට්‌ටාල ගසාගෙන විරෝධතා දක්‌වනවා. ඒවා ඉවත් කරන එක සුළු දෙයක්‌. ඡන්දෙ තියන නිසා ඒවා කරන්නේ නැහැ.

    මු ලැජ්ජා බය නැතුව ඕක මාධ්‍යට කියන හැටි බලපන්කො.. ඡන්දෙ හින්දා ඉවත් කරන්නේ නෑලු. ජනතාව මෝඩයෝ කියලා හිතාගෙනද දන්නේ නෑ එහෙම කියන්නේ. :angry:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    මචන් කවුද හරි වැරදි කියන්න තරම් මේකේ ඇත්ත තත්වේ මං දන්නේ නෑ.
    මටනම් එස්බීයත් එක්ක මලපැන්නේ මේක දැකලා.

    මු ලැජ්ජා බය නැතුව ඕක මාධ්‍යට කියන හැටි බලපන්කො.. ඡන්දෙ හින්දා ඉවත් කරන්නේ නෑලු. ජනතාව මෝඩයෝ කියලා හිතාගෙනද දන්නේ නෑ එහෙම කියන්නේ. :angry:

    එස්බී හරි කියල මම කියන්නේ නැහැ. ඔහු උසස් අද්‍යාපනය ඇමැතිකමට සුදුසු නැහැ කියන එක මගේ අදහස.

    එතකොට විශ්වවිද්‍යාල ශිෂයෝ හරිද?

    ඒ ගොල්ලෝ එස්බී එන හැම වෙලාවේම හු තියනවා, පාරවල් අවහිර කරනවා. ආණ්ඩුවේ අමතිවරයෙක්ට විශ්වවිද්යලෙකට එන්න බැරිද? ඕක එස්බී ට විතරක් පොදු දෙයක් නෙවි. unp ආණ්ඩුවේ ඇමතිවරු අවත් හු තියෙනවා. හුගක් unp ඇමතිවරු විශ්වවිද්‍යාලෙට එන්න දුන්නේ නැහැ.

    විශ්වවිද්‍යාල කියන්නේ අමුතු තැනක්ද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියල මුළු රටම දන්නවා.

    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    uba kanne bath da naththam sb ge guu da ? poddak oya hostel eke thathwaya hoyala balala kathakarapan
    උඹ සබරගමුවෙද? මොනාද ඕකෙ තියන අවුල්? මාධ්‍යවල යන විදියට නම් රටේ මිනිස්සුන්ට හිතෙන්නෙ වැහිපීලි නෑ වගේ සුලු කේස් අල්ලගෙන මුං ප්‍රශ්න ඇති කරනවා කියලා. ඇත්ත මොකක්ද? :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,179
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    "විශ්වවිද්‍යාලයේ සිසුන්ට කැට හොල්ලන්න පාරට යවන පිරිසක්‌ ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කණ්‌ඩායම්වලට අපි කූඩැල්ලෙකුට තරම්වත් බය නැහැ"

    නිකන් ලැබෙනකොට අගයක් නෑ ඉන්න කාලෙ හරියට ඉගෙනගෙන එලියට යන අදහසක් නෑ

    කාට හරි ඩෙංගු හැදුනොත් ප්‍රමිතියෙන් තොර පීලි දැම්ම කියල මරාගන්න හදයි හැම මගුලෙම ඇතුලෙන් තියෙන්නෙ දේශපාලන අවශ්‍යාතාවයන් තමා :rolleyes:
     
    • Like
    Reactions: BINGU_PUTHA
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    314180_285185108253396_1815749329_n.jpg

    551928_285184924920081_864136766_n.jpg

    කාටද මූංව මතක? මොනවා හරි වෙලා අන්තිමට නැති වුනේ මුංගෙ අම්මලටයි තාත්තටලයි උං දුක් මහන්සියෙන් හදපු දරුවො විතරයි. මොරාල් අප් කරපු එවුන්, ඒවට හුරේ දීපු එව්ං කවුරුත් නෑ දැං. කවුරු මොරාල් අප් කලත් කවුරු කවුරුත් ඔලුව පාවි්ච්චි කරලා වැඩ කරන්න ඕනෙ :yes:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    "විශ්වවිද්‍යාලයේ සිසුන්ට කැට හොල්ලන්න පාරට යවන පිරිසක්‌ ඉන්නවා. ඉංග්‍රීසි කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කණ්‌ඩායම්වලට අපි කූඩැල්ලෙකුට තරම්වත් බය නැහැ"

    නිකන් ලැබෙනකොට අගයක් නෑ ඉන්න කාලෙ හරියට ඉගෙනගෙන එලියට යන අදහසක් නෑ

    කාට හරි ඩෙංගු හැදුනොත් ප්‍රමිතියෙන් තොර පීලි දැම්ම කියල මරාගන්න හදයි හැම මගුලෙම ඇතුලෙන් තියෙන්නෙ දේශපාලන අවශ්‍යාතාවයන් තමා :rolleyes:

    පැටියා;17221045 said:
    කාටද මූංව මතක? මොනවා හරි වෙලා අන්තිමට නැති වුනේ මුංගෙ අම්මලටයි තාත්තටලයි උං දුක් මහන්සියෙන් හදපු දරුවො විතරයි. මොරාල් අප් කරපු එවුන්, ඒවට හුරේ දීපු එව්ං කවුරුත් නෑ දැං. කවුරු මොරාල් අප් කලත් කවුරු කවුරුත් ඔලුව පාවි්ච්චි කරලා වැඩ කරන්න ඕනෙ :yes:

    සහතික ඇත්ත. අන්තිමට පාඩුව මේ ගොල්ලන්ටම තමයි. එලියට ගිහිල්ල රස්සාව කරනකොට අනිත් අය ජීවිතේ ගවු ගානක් අතට ගිහිල්ල. ඕක ත්රෙන්නේ එලියට ගිහාම තමයි. ඇතුලේ ඉන්නකොට උද්ගෝෂණ කියන්නේ මාරු ආතල්.
    sb ට පඩි හම්බවෙනවා. ආචාර්යවරුන්ට, අනිත් වැඩකරන අයට වෙලාවට පඩි හම්බවෙනවා.
     
    • Like
    Reactions: පැටියා

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    ඇයි ඕයි අනිත් පැත්තෙන් ඇවිල්ල ජල වාහනේ ගිනි තිබ්බ නම් හරිනෙ
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    එස්බී හරි කියල මම කියන්නේ නැහැ. ඔහු උසස් අද්‍යාපනය ඇමැතිකමට සුදුසු නැහැ කියන එක මගේ අදහස.

    එතකොට විශ්වවිද්‍යාල ශිෂයෝ හරිද?

    ඒ ගොල්ලෝ එස්බී එන හැම වෙලාවේම හු තියනවා, පාරවල් අවහිර කරනවා. ආණ්ඩුවේ අමතිවරයෙක්ට විශ්වවිද්යලෙකට එන්න බැරිද? ඕක එස්බී ට විතරක් පොදු දෙයක් නෙවි. unp ආණ්ඩුවේ ඇමතිවරු අවත් හු තියෙනවා. හුගක් unp ඇමතිවරු විශ්වවිද්‍යාලෙට එන්න දුන්නේ නැහැ.

    විශ්වවිද්‍යාල කියන්නේ අමුතු තැනක්ද? මේවා පිටිපස්සේ ඉන්නේ කවුද කියල මුළු රටම දන්නවා.

    කැම්පස් වල ඉන්න අහිසකයෝ පාරවල් වලට දාගෙන නටන්නෙ වෙන කවුරුත් නෙවෙ බං පාහර ජෙප්පෝ . ඔය කේස් එක ඇදිලා තියෙන්නෙ අලුතෙන් හදපු හොස්ටල් එකට තාප්පයක් නෑ කියලා. යකෝ ඕවා ප්‍ර්ශ්නද. මුං ප්‍ර්ශ්න මවනවා ඉස්සර වෙලා කියනවා හොස්ටල් නෑ කියලා හදලා දුන්නම තාප්ප නෑ කියනවා. මුන් තාප්ප වලින්ද ඉගනගන්නෙ. මුං එකෙක් දෙන්නෙක් ගහලා මරන්න ඕන. එතකොටවත් අහිංසක ලමයින්ට ඉගනගන්න පුලුවන්
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,142
    5,951
    113
    canada
    කැම්පස් වල ඉන්න අහිසකයෝ පාරවල් වලට දාගෙන නටන්නෙ වෙන කවුරුත් නෙවෙ බං පාහර ජෙප්පෝ . ඔය කේස් එක ඇදිලා තියෙන්නෙ අලුතෙන් හදපු හොස්ටල් එකට තාප්පයක් නෑ කියලා. යකෝ ඕවා ප්‍ර්ශ්නද. මුං ප්‍ර්ශ්න මවනවා ඉස්සර වෙලා කියනවා හොස්ටල් නෑ කියලා හදලා දුන්නම තාප්ප නෑ කියනවා. මුන් තාප්ප වලින්ද ඉගනගන්නෙ. මුං එකෙක් දෙන්නෙක් ගහලා මරන්න ඕන. එතකොටවත් අහිංසක ලමයින්ට ඉගනගන්න පුලුවන්

    :yes::yes:තාප්ප හැදුවම කියාවි ගේට්ටු නැහැ කියල

    ඔය එකෙක් දෙන්නෙක් මැරෙනකම් තමයි සමහර දේශපාලන පක්ෂ බලාගෙන ඉන්නේ. ඒ මළකුණු ටික විකුණලා චන්දෙ ගන්න පුළුවන්. ඉතිහාසයේ ගොඩක් අවස්ථාවල ඕක වෙලා තියෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    හැමදේම නිකන් දෙන නිසා මුන්ට ඕවල අගයක් නෑ ... ඉගෙන ගන්න ගියා නම් ඉගෙන ගන්න ඕනෙ, බලපන්, ප්‍රයිවට් කැම්පස් වල ඔය මුකුත් තියෙනවද කියල, මම නම් කියන්නේ අවුරුද්දකට රුපියල් 6000 ක් වගේ ගන්න ඕනෙ රජයෙන් එක ළමයෙක් ගෙන්, එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයි, කොච්චර අමාරුකම් තියෙන ළමයෙක් ආවත් දවසට පැයක් ගානෙ කැම්පස් එක ළඟ වැඩකලත් රුපි:20000 අවුරුද්දට හොයන්න පුළුවන්, එහෙම හොයන්න බෑ කියල කියනවනම් කව්රුහරි, කිසිම පදනමක් නැති හිස්ඔලුවක්, ඉතින් රුපියල් 6000 ක් ගානෙ හරි ගත්තොත් මුන්ට තෙල බහිනව, තමන්ගෙ පොකට් එකෙන් සතයක් හරි යනකොට තමයි මුන්ට තේරෙන්නෙ මුන් වෙනුවෙන් රජය සහ බදු ගෙවන අහිංසක මිනිස්සු කොච්චර වියදම් කරනවද කියල .... එතකොට තමයි මුන්ට හිතෙන්නෙ, අපි ඉගෙන ගන්න ආවනම් රට පෙරලන්නෙ නැතුව ඉගෙන ගෙන එලියට යන්න ඕනෙ කියන එක ... දැන් සමහරක් ට රිදිල එයි දුවගෙන ...
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,879
    6,175
    113
    පැටියා;17221045 said:
    කාටද මූංව මතක? මොනවා හරි වෙලා අන්තිමට නැති වුනේ මුංගෙ අම්මලටයි තාත්තටලයි උං දුක් මහන්සියෙන් හදපු දරුවො විතරයි. මොරාල් අප් කරපු එවුන්, ඒවට හුරේ දීපු එව්ං කවුරුත් නෑ දැං. කවුරු මොරාල් අප් කලත් කවුරු කවුරුත් ඔලුව පාවි්ච්චි කරලා වැඩ කරන්න ඕනෙ :yes:

    :yes::yes:
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,981
    113
    සිරිකොත
    hari waradi nam dan ne.sb kiyanne gon harakek kiyala nam dannawa.
    othana hitapu kollo tikata oka monawa hari karanawa aniwa ban.

    kollo kohomath oya wage case walata poddak bara wadi.
    api kauruth danna Deshapala case 1th othana nathuwama newai.