සබ්මැරීන දඩයම-4
සබ්මැරීන දඬයම ලිපි පෙළේ මුල් කොටස් තුන ඔස්සේ කතා කලේ දැනට ලෝකයේ නාවික හමුදාවන් විසින් භාවිතා කරන සබ්මැරීන සම්බන්ධවයි.එහිදී එම සබ්මැරීනවල හැකියාවන්,දුර්වලතා ගැන සැලකිය යුතු දැනුමක් ඔබට ලැබෙන්නට ඇති.මෙම ලිපිය ඔස්සේ කතා කරන්නේ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ෆ්ලැට්පෝම් සම්බන්ධවයි.සබ්මැරීන දඬයම් කිරීම සඳහා නෞකා,ගුවන් යානා,හෙලිකොප්ටර් සහ වෙනත් සබ්මැරීනද භාවිතා කරයි.
ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය යනු අතිශය සංකීර්ණ/දුෂ්කර කාර්යයක් වන අතර ඒ සඳහා ගොඩබිම්,මුහුදු සහ ගුවන් සහායේ ඒකාබද්ධවීමක් අවශ්‍ය කෙරේ.යම් රටක් එය සතු නෞකා යොදාගෙන සබ්මැරීන දඬයම් කිරීමට තීරණය කලේ නම් සහ ඔවුන් සතුව හොඳ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටරයක් නොමැති නම් සතුරු සබ්මැරීනය අනාවරණය කරගැනීම සහ එය ලුහුබැඳීම දුෂ්කර කාර්යයක් වනු නියතය.
හෙලිකොප්ටර් යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයකදී වඩාත් ප්‍රතිඵලදායි අවියකි.මන්ද ඒවාට සබ්මැරීනවලින් එල්ලවන ටෝර්පිඩෝ සහ මිසයිල ප්‍රහාරවලින් ඈත්ව සිටීමට පුලුවන් නිසාය.සමහර සබ්මැරීන ගුවන් යානා සහ හෙලිකොප්ටර්වලට ප්‍රහාර එල්ල කල හැකි ගුවන් ආරක්ෂණ මිසයිල රැගෙන ගියද එය දුර්ලභය.බොහොමයක් සබ්මැරීන ඒවා රැගෙන නොයයි.සබ්මැරීන දඬයමේ යන නෞකාවක් බොහෝවිට එයත් සමග හෙලිකොප්ටර් යානාවක් හෝ දෙකක් ගෙනයයි.ඒවා සබ්මැරීන දඬයම් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කල ඒවාය.මෙම හෙලිකොප්ටර් යානාවන් ගිල්වන සෝනාර්,ධ්වනිබෝයාව,විශ්ලේෂණ උපාංග සහ ප්‍රධාන අවිය ලෙස සැහැල්ලු ටෝර්පිඩෝද රැගෙන යයි.ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටර් ලෙස සිකෝර්ස්කි එස් එච්-3 සීකිං(Sikorsky SH-3 Seaking),එච්-60 සීහැවොක්(SH-60 Seahawk),කමොව්-27(Kamov Ka-27) ආදිය ලොව පුරා නාවික හමුදාවන් බහුලවම භාවිතා කරයි.
නියමානුකූල ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික මෙහෙයුමකදී නෞකාවක සෝනාර් උපාංග ඔස්සේ සතුරු සබ්මැරීනය අනාවරණය කරගැනේ.ඉන්පසු සතුරු සබ්මැරීනය ලුහුබැඳීමට සහ එහි පිහිටීම ඉතා නිරවද්‍යව හඳුනාගැනීමට එම නෞකාව සතු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටරය පිටත් කර හරියි.සාගරයේ යම් ප්‍රදේශයකදී සබ්මැරීනයක් තිබෙන බව අනාවරණය කරගත් පසු හෙලිකොප්ටරය විසින් ධ්වනිබෝයා-sonobuoy(කුඩා ප්‍රමාණයේ සෝනාර්)එම ප්‍රදේශයට හෙළන ලැබේ.ඒ සබ්මැරීනය තිබෙන ස්ථානය තිතට දැනගැනීමටයි.ඉන්පසු ධ්වනිබෝයාවෙන් ලැබෙන සංඥා අනුව හෙලිකොප්ටරය විසින් සබ්මැරීනය ලුහුබැද යයි.
ධ්වනිබෝයාව සපයන සංඥා අනුව සබ්මැරීනය තිබෙන ස්ථානය නිවැරදිව ගණනය කරගෙන හෙලිකොප්ටරය මගින් ටෝර්පිඩෝවක් මුහුද හෙළයි.ටෝර්පිඩෝව ජලයේ ගැටුණු වහාම ක්‍රියාත්මක වන අතර එහි මෝටරය පණගැන්වී ගමන් කරන්නට පටන් ගනියි.ටෝපිඩෝව සතුවත් සෝනාර් උපාංගයක් තිබේ.එය යොදාගෙන ඉලක්ක කල සබ්මැරීනය සොයාගෙන යා හැකිය.ටෝර්පිඩෝව නිරවද්‍ය ස්ථානයේ,යෝග්‍ය කාලය තුල හෙළන ලද්දේ නම් එය අනිවාර්යෙන්ම සතුරු සබ්මැරීනයට මහත් හානියක් අත්කර දෙනු ඇත.
මෙම හෙලිකොප්ටර්වල තිබෙන වාසිය නම් ඒවාට සිය මවු නෞකාවේ සිට කි.මී.සියගණනක් ඈතින් තිබෙන සතුරු සබ්මැරීන පවා දඩයම් කිරීමේ හැකියාව තිබීම සහ සතුරු සබ්මැරීනයක් නෞකා සමූහයක් වෙතට ලගා වීමට පොරොත්තුව ඒවා ආරක්ෂා කිරීමට හැකිවීමයි.තවද ඒවාට පැය 4කට වැඩි කාලයක් ගුවනේ රැදී සිටිමින් තර්ජනයකට වහාම ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබේ.
අචල පියාපත් සහිත ගුවන් යානා ප්‍රති-සබ්මැරීන සහ ප්‍රති-නෞකා ගුවන් යානා ලෙස දෙවන ලෝක යුද සමයේ පටන් යොදාගත්තේ ටෝර්පිඩෝ හෙළන යානා වශයෙනි.ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හැකියාවන් සහිත නාවික මුරසංචාරක යානා සීතල යුද සමයේදී අතිශය ජනප්‍රිය වූ අතර පුළුල්ව භාවිතා කරන ලදි.මෙම ගුවන් යානා දෙවන ලෝක යුද්ධයේ පටන් ඒවාහි ප්‍රමාණයෙන්,පරාසයෙන්,ගෙන යන අවි ප්‍රමාණයෙන් සහ කාර්යසාධනයෙන් වර්ධනය විය.
මෙම ගුවන් යානා කිසිදු සෝනාර් උපාංගයක් රැගෙන නොයන අතර ඔවුන් ධ්වනිබෝයා,චුම්භක විෂමතා අනාවරකය සහ නෞකාවල සෝනාර්,සතුරු සබ්මැරීන සොයාගැනීමට භාවිතා කරයි.ගුවන් යානා භාවිතයේ තිබෙන වාසිය නම් ඒවාට පැය 8-18 අතර කාලයක් මුර සංචාරයේ යෙදීමට හැකිවීමත් වැඩි වේගයකින් දුරින් පිහිටි සබ්මැරීන හඹා යා හැකිවීමය.තවද ඔවුන්ට හෙලිකොප්ටරයකට වඩා වැඩි වේගයෙන් ඉලක්ක කරන ස්ථාන වෙත ළඟාවීමේ හැකියාව තිබේ.දැනට භාවිත කරන ප්‍රසිද්ධතම ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ගුවන් යානා වන්නේ ලොක්හීඩ් පී-3 ඔරායන්(Lockheed P-3 Orion),ටියුපොලෙව්-142(Tupolev Tu-142),බ්‍රිගෙට් ඇට්ලාන්ටික්( Breguet Atlantic) සහ බොයින් පී-8 පසයිඩන්(Boeing P-8 Poseidon) ආදියයි.
මෙහෙයුමක් අතරතුර මෙම ගුවන් යානාවලට පැවරෙන්නේ දෙනු ලබන මුහුදු ප්‍රදේශයක මුර සංචාරයේ යෙදීමයි.සතුරු සබ්මැරීනයක් ඇතිබවට නෞකාවලින් හෝ ධ්වනිබෝයාවලින් තොරතුරු හෝ සංඥා ලැබේ නම් ගුවන් යානය වහාම එම ප්‍රදේශයට ළඟාවී ධ්වනිබෝයා ගිල්වීමෙන් සහ චුම්භක විෂමතා අනාවරකය යොදාගෙන ප්‍රදේශය පරිලෝකනය කරයි.සතුරු සබ්මැරීනය සොයාගත් වහාම සිය බෝම්බ ගබඩාවේ තිබෙන සැහැල්ලු ටෝර්පිඩෝව මුහුදට හෙළනු ලැබේ.ජලයේ ගැටෙන වේගය බාල කිරීමට ටෝර්පිඩෝවට පැරෂූටයක් සම්බන්ධ කර තිබේ.ටෝර්පිඩෝව ජලයේ ගැටුණු වහාම ක්‍රියාත්මක වූ සතුරා සොයාගෙන ගමන් කිරීම අරඹයි.
සීතල යුද සමයේ සෝවියට් සබ්මැරීන දඬයම් කිරීම සඳහා එක්සත් ජනපදය සතුව පී-3 යානා 300ක් පමණ තිබිණි.සෝවියට් දේශය ආසන්න වශයෙන් ටියුපොලෙව්-142 යානා සියයක් පමණ සේවයේ යොදවා තිබූ බව කියවේ.එක්සත් ජනපදය සිය පී-3 යානා සමූහය ක්‍රමයෙන් විශ්‍රාම යවමින් ඒවා සඳහා පී-8 යානා 100ක් ආදේශ කිරීමෙහි යෙදී සිටියි.
නෞකා යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයේ පාලන මධ්‍යස්ථානයි.ඒවා සතුව තිබෙන්නේ දිගු දුරක් ආවරණය කල හැකි අතිශය බලවත් සෝනාර් උපාංගයි.නෞකාවල තිබෙන බලසම්පන්නකම වනුයේ අනෙකුත් ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ප්ලැට්ෆෝම්වලට වඩා ඒවාට අවි සහ සංවේදක උපාංග වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි වීමයි.නෞකාවල ගෙන යන එකිනෙකට වෙනස් සෝනාර් උපාංග ඔස්සේ ඉදිරිපසින්,දෙපසින්,පිටුපසින් සහ ගැඹුරු මුහුදේදී ඊට බොහෝ ගැඹුරින් ගමන් කරන සබ්මැරීන හඳුනාගැනීමට සහාය වේ.ඔවුන් රැගෙන යන ප්‍රති-සංග්‍රාමික හෙලිකොප්ටර් නිසා සබ්මැරීන වලට ප්‍රහාර එල්ල කරන්නට නව මානයක් එක්වී තිබේ.මුහුදු-ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සබ්මැරීන දඩයම අතිශය ඵලදායි එකක් කරයි.
සීතල යුද සමයේදී සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය උදෙසා විශේෂිත destroyer සහ frigate වර්ගයේ නෞකා විශාල ප්‍රමාණයක් නිපදවන ලදි.ඒවා ටෝර්පිඩෝ,මිසයිල,රොකට් සහ හෙලිකොප්ටර් රැගෙන යන්නේ සතුරු සබ්මැරීනවලට මාරාන්තික අභියෝගයක් එල්ල කරමින්ය.frigate සහ destroyer යනු නාවික හමුදාවක් සතු විශාලතම නෞකා විශේෂ දෙකකි.ඒවා ගැඹුරු මුහුදේ සබ්මැරීන දඩයම් කිරීම සඳහා යොදාගැනේ.නමුත් නොගැඹුරු මුහුදේ මෙහෙයුම් සඳහා වෙරළාශ්‍රිත අධි වේගී යාත්‍රා හෙවත් corvette යොදාගැනේ.මන්ද ඒවා ප්‍රමාණයෙන් කුඩා නොගැඹුරු මුහුදේ කඩිසරව යාත්‍රා කරන පහසුවෙන් හැසිරවිය හැකි වර්ගයේ යාත්‍රා වන නිසාය.නොගැඹුරු මුහුදේ රජ කරන ඩීසල්-විදුලි සබ්මැරීන දඩයම සඳහා වර්ගයේ යාත්‍රා සැහැල්ලු ටෝර්පිඩෝ සහ රොකට් භාවිතා කරයි.
සබ්මැරීනයකට එරෙහිව යොදාගත හැකි හොඳම අවිය තවත් සබ්මැරීනයකි.ඒවා අධිබරැති ටෝර්පිඩෝ යොදාගෙන අනෙක් සබ්මැරීන වලට පහරදෙයි.ඩීසල්-විදුලි සබ්මැරීනවලට සාපේක්ෂව න්‍යෂ්ඨික සබ්මැරීන සතුව විශාල අවි තොගයක්,සංවේදක,අනාවරක වැඩි ප්‍රමාණයක් සහ දෙගුණයක වේගයක් තිබේ.එම නිසා යුද්ධයකදී න්‍යෂ්ඨික සබ්මැරීනයක් දියත් කිරීම යනු සතුරන්ගේ ඩීසල් සබ්මැරීන වරායට සීමා කිරීමක් හා සමානය.නමුත් වෙරළාශ්‍රිත මෙහෙයුම් සඳහා බහුලව යොදාගන්නේ සහ වඩාත්ම යෝග්‍ය වන්නේ ඩීසල්-විදුලි සබ්මැරීනයි.
Source:defencyclopedia.com
-HarshaLulzSec-

ගුවන් යානා ප්‍රවාහන නෞකා යනු සබ්මැරීනවල පහසු ගොදුරකි.ඒවා ආරක්ෂා කිරීමට ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ෆ්ලැට්පෝම් බහුලව භාවිතා කරයි
ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය යනු අතිශය සංකීර්ණ/දුෂ්කර කාර්යයක් වන අතර ඒ සඳහා ගොඩබිම්,මුහුදු සහ ගුවන් සහායේ ඒකාබද්ධවීමක් අවශ්‍ය කෙරේ.යම් රටක් එය සතු නෞකා යොදාගෙන සබ්මැරීන දඬයම් කිරීමට තීරණය කලේ නම් සහ ඔවුන් සතුව හොඳ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටරයක් නොමැති නම් සතුරු සබ්මැරීනය අනාවරණය කරගැනීම සහ එය ලුහුබැඳීම දුෂ්කර කාර්යයක් වනු නියතය.
හෙලිකොප්ටර් යානා
හෙලිකොප්ටර් යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයකදී වඩාත් ප්‍රතිඵලදායි අවියකි.මන්ද ඒවාට සබ්මැරීනවලින් එල්ලවන ටෝර්පිඩෝ සහ මිසයිල ප්‍රහාරවලින් ඈත්ව සිටීමට පුලුවන් නිසාය.සමහර සබ්මැරීන ගුවන් යානා සහ හෙලිකොප්ටර්වලට ප්‍රහාර එල්ල කල හැකි ගුවන් ආරක්ෂණ මිසයිල රැගෙන ගියද එය දුර්ලභය.බොහොමයක් සබ්මැරීන ඒවා රැගෙන නොයයි.සබ්මැරීන දඬයමේ යන නෞකාවක් බොහෝවිට එයත් සමග හෙලිකොප්ටර් යානාවක් හෝ දෙකක් ගෙනයයි.ඒවා සබ්මැරීන දඬයම් කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කල ඒවාය.මෙම හෙලිකොප්ටර් යානාවන් ගිල්වන සෝනාර්,ධ්වනිබෝයාව,විශ්ලේෂණ උපාංග සහ ප්‍රධාන අවිය ලෙස සැහැල්ලු ටෝර්පිඩෝද රැගෙන යයි.ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටර් ලෙස සිකෝර්ස්කි එස් එච්-3 සීකිං(Sikorsky SH-3 Seaking),එච්-60 සීහැවොක්(SH-60 Seahawk),කමොව්-27(Kamov Ka-27) ආදිය ලොව පුරා නාවික හමුදාවන් බහුලවම භාවිතා කරයි.
රුසියාවේ Kamov Ka-27 හෙලිකොප්ටරයක්
නියමානුකූල ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික මෙහෙයුමකදී නෞකාවක සෝනාර් උපාංග ඔස්සේ සතුරු සබ්මැරීනය අනාවරණය කරගැනේ.ඉන්පසු සතුරු සබ්මැරීනය ලුහුබැඳීමට සහ එහි පිහිටීම ඉතා නිරවද්‍යව හඳුනාගැනීමට එම නෞකාව සතු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හෙලිකොප්ටරය පිටත් කර හරියි.සාගරයේ යම් ප්‍රදේශයකදී සබ්මැරීනයක් තිබෙන බව අනාවරණය කරගත් පසු හෙලිකොප්ටරය විසින් ධ්වනිබෝයා-sonobuoy(කුඩා ප්‍රමාණයේ සෝනාර්)එම ප්‍රදේශයට හෙළන ලැබේ.ඒ සබ්මැරීනය තිබෙන ස්ථානය තිතට දැනගැනීමටයි.ඉන්පසු ධ්වනිබෝයාවෙන් ලැබෙන සංඥා අනුව හෙලිකොප්ටරය විසින් සබ්මැරීනය ලුහුබැද යයි.
ඇමෙරිකානු SH-60 Seahawk හෙලිකොප්ටරයක් මගින් සෝනාර් උපාංගයක් ජලයේ ගිල්වන අයුරු
ධ්වනිබෝයාව සපයන සංඥා අනුව සබ්මැරීනය තිබෙන ස්ථානය නිවැරදිව ගණනය කරගෙන හෙලිකොප්ටරය මගින් ටෝර්පිඩෝවක් මුහුද හෙළයි.ටෝර්පිඩෝව ජලයේ ගැටුණු වහාම ක්‍රියාත්මක වන අතර එහි මෝටරය පණගැන්වී ගමන් කරන්නට පටන් ගනියි.ටෝපිඩෝව සතුවත් සෝනාර් උපාංගයක් තිබේ.එය යොදාගෙන ඉලක්ක කල සබ්මැරීනය සොයාගෙන යා හැකිය.ටෝර්පිඩෝව නිරවද්‍ය ස්ථානයේ,යෝග්‍ය කාලය තුල හෙළන ලද්දේ නම් එය අනිවාර්යෙන්ම සතුරු සබ්මැරීනයට මහත් හානියක් අත්කර දෙනු ඇත.
ඇමෙරිකානු Sikorsky SH-3 Seaking හෙලිකොප්ටරයක් මගින් චුම්භක විෂමතා අනාවරකයක් මුහුදට හෙළන අයුරු
සැහැල්ලු ටෝර්පිඩෝවක් රැගෙන යන NH90 හෙලිකොප්ටරයක්
මෙම හෙලිකොප්ටර්වල තිබෙන වාසිය නම් ඒවාට සිය මවු නෞකාවේ සිට කි.මී.සියගණනක් ඈතින් තිබෙන සතුරු සබ්මැරීන පවා දඩයම් කිරීමේ හැකියාව තිබීම සහ සතුරු සබ්මැරීනයක් නෞකා සමූහයක් වෙතට ලගා වීමට පොරොත්තුව ඒවා ආරක්ෂා කිරීමට හැකිවීමයි.තවද ඒවාට පැය 4කට වැඩි කාලයක් ගුවනේ රැදී සිටිමින් තර්ජනයකට වහාම ප්‍රතිචාර දැක්වීමට හැකියාව තිබේ.
Seahawk හෙලිකොප්ටරයකින් Mk46 ටෝර්පිඩෝවක් මුදාහරින අයුරු
අචල පියාපත් සහිත ගුවන් යානා
අචල පියාපත් සහිත ගුවන් යානා ප්‍රති-සබ්මැරීන සහ ප්‍රති-නෞකා ගුවන් යානා ලෙස දෙවන ලෝක යුද සමයේ පටන් යොදාගත්තේ ටෝර්පිඩෝ හෙළන යානා වශයෙනි.ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික හැකියාවන් සහිත නාවික මුරසංචාරක යානා සීතල යුද සමයේදී අතිශය ජනප්‍රිය වූ අතර පුළුල්ව භාවිතා කරන ලදි.මෙම ගුවන් යානා දෙවන ලෝක යුද්ධයේ පටන් ඒවාහි ප්‍රමාණයෙන්,පරාසයෙන්,ගෙන යන අවි ප්‍රමාණයෙන් සහ කාර්යසාධනයෙන් වර්ධනය විය.
රුසියානු Tu-142 යානයක් සහ ඇමෙරිකානු P-3 Orion යානයක් එකිනෙකට ආසන්නයෙන් මුර සංචාරයේ යෙදෙන දුර්වල අවස්ථාවක්
මෙම ගුවන් යානා කිසිදු සෝනාර් උපාංගයක් රැගෙන නොයන අතර ඔවුන් ධ්වනිබෝයා,චුම්භක විෂමතා අනාවරකය සහ නෞකාවල සෝනාර්,සතුරු සබ්මැරීන සොයාගැනීමට භාවිතා කරයි.ගුවන් යානා භාවිතයේ තිබෙන වාසිය නම් ඒවාට පැය 8-18 අතර කාලයක් මුර සංචාරයේ යෙදීමට හැකිවීමත් වැඩි වේගයකින් දුරින් පිහිටි සබ්මැරීන හඹා යා හැකිවීමය.තවද ඔවුන්ට හෙලිකොප්ටරයකට වඩා වැඩි වේගයෙන් ඉලක්ක කරන ස්ථාන වෙත ළඟාවීමේ හැකියාව තිබේ.දැනට භාවිත කරන ප්‍රසිද්ධතම ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ගුවන් යානා වන්නේ ලොක්හීඩ් පී-3 ඔරායන්(Lockheed P-3 Orion),ටියුපොලෙව්-142(Tupolev Tu-142),බ්‍රිගෙට් ඇට්ලාන්ටික්( Breguet Atlantic) සහ බොයින් පී-8 පසයිඩන්(Boeing P-8 Poseidon) ආදියයි.
Breguet Atlantic යානයක්-එහි දිගු වල්ගයේ චුම්භක විෂමතා අනාවරකය අඩංගුය
මෙහෙයුමක් අතරතුර මෙම ගුවන් යානාවලට පැවරෙන්නේ දෙනු ලබන මුහුදු ප්‍රදේශයක මුර සංචාරයේ යෙදීමයි.සතුරු සබ්මැරීනයක් ඇතිබවට නෞකාවලින් හෝ ධ්වනිබෝයාවලින් තොරතුරු හෝ සංඥා ලැබේ නම් ගුවන් යානය වහාම එම ප්‍රදේශයට ළඟාවී ධ්වනිබෝයා ගිල්වීමෙන් සහ චුම්භක විෂමතා අනාවරකය යොදාගෙන ප්‍රදේශය පරිලෝකනය කරයි.සතුරු සබ්මැරීනය සොයාගත් වහාම සිය බෝම්බ ගබඩාවේ තිබෙන සැහැල්ලු ටෝර්පිඩෝව මුහුදට හෙළනු ලැබේ.ජලයේ ගැටෙන වේගය බාල කිරීමට ටෝර්පිඩෝවට පැරෂූටයක් සම්බන්ධ කර තිබේ.ටෝර්පිඩෝව ජලයේ ගැටුණු වහාම ක්‍රියාත්මක වූ සතුරා සොයාගෙන ගමන් කිරීම අරඹයි.
ධ්වනි බෝයා P-3 යානයකට ඇතුල් කරන අයුරු සහ පැරෂූට් ආධාරයෙන් මුහුදට හෙළන අයුරු
සීතල යුද සමයේ සෝවියට් සබ්මැරීන දඬයම් කිරීම සඳහා එක්සත් ජනපදය සතුව පී-3 යානා 300ක් පමණ තිබිණි.සෝවියට් දේශය ආසන්න වශයෙන් ටියුපොලෙව්-142 යානා සියයක් පමණ සේවයේ යොදවා තිබූ බව කියවේ.එක්සත් ජනපදය සිය පී-3 යානා සමූහය ක්‍රමයෙන් විශ්‍රාම යවමින් ඒවා සඳහා පී-8 යානා 100ක් ආදේශ කිරීමෙහි යෙදී සිටියි.
ඇමෙරිකානු නාවික හමුදාවේ P-8A යානයකින් Mk54 ටෝර්පිඩෝවක් හෙළන අයුරු
නෞකා
නෞකා යනු ප්‍රති-සබ්මැරීන සංග්‍රාමයේ පාලන මධ්‍යස්ථානයි.ඒවා සතුව තිබෙන්නේ දිගු දුරක් ආවරණය කල හැකි අතිශය බලවත් සෝනාර් උපාංගයි.නෞකාවල තිබෙන බලසම්පන්නකම වනුයේ අනෙකුත් ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික ප්ලැට්ෆෝම්වලට වඩා ඒවාට අවි සහ සංවේදක උපාංග වැඩි ප්‍රමාණයක් රැගෙන යා හැකි වීමයි.නෞකාවල ගෙන යන එකිනෙකට වෙනස් සෝනාර් උපාංග ඔස්සේ ඉදිරිපසින්,දෙපසින්,පිටුපසින් සහ ගැඹුරු මුහුදේදී ඊට බොහෝ ගැඹුරින් ගමන් කරන සබ්මැරීන හඳුනාගැනීමට සහාය වේ.ඔවුන් රැගෙන යන ප්‍රති-සංග්‍රාමික හෙලිකොප්ටර් නිසා සබ්මැරීන වලට ප්‍රහාර එල්ල කරන්නට නව මානයක් එක්වී තිබේ.මුහුදු-ගුවන් ඒකාබද්ධ මෙහෙයුම් සබ්මැරීන දඩයම අතිශය ඵලදායි එකක් කරයි.
රුසියානු නාවික හමුදාවට අයත් Udaloy පන්තියේ destroyer වර්ගයේ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික නෞකාව
Visby පන්තියේ නෞකා නොගැඹුරු මුහුදේ සබ්මැරීන දඩයම් කිරීමට සුදුසුය
සීතල යුද සමයේදී සෝවියට් දේශය සහ ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රති-සබ්මැරීන සංග්‍රාමය උදෙසා විශේෂිත destroyer සහ frigate වර්ගයේ නෞකා විශාල ප්‍රමාණයක් නිපදවන ලදි.ඒවා ටෝර්පිඩෝ,මිසයිල,රොකට් සහ හෙලිකොප්ටර් රැගෙන යන්නේ සතුරු සබ්මැරීනවලට මාරාන්තික අභියෝගයක් එල්ල කරමින්ය.frigate සහ destroyer යනු නාවික හමුදාවක් සතු විශාලතම නෞකා විශේෂ දෙකකි.ඒවා ගැඹුරු මුහුදේ සබ්මැරීන දඩයම් කිරීම සඳහා යොදාගැනේ.නමුත් නොගැඹුරු මුහුදේ මෙහෙයුම් සඳහා වෙරළාශ්‍රිත අධි වේගී යාත්‍රා හෙවත් corvette යොදාගැනේ.මන්ද ඒවා ප්‍රමාණයෙන් කුඩා නොගැඹුරු මුහුදේ කඩිසරව යාත්‍රා කරන පහසුවෙන් හැසිරවිය හැකි වර්ගයේ යාත්‍රා වන නිසාය.නොගැඹුරු මුහුදේ රජ කරන ඩීසල්-විදුලි සබ්මැරීන දඩයම සඳහා වර්ගයේ යාත්‍රා සැහැල්ලු ටෝර්පිඩෝ සහ රොකට් භාවිතා කරයි.
එක්සත් ජනපද නාවික හමුදාවේ Burke පන්තියේ වර්ගයේ නෞකාවක දැවැන්ත ඉදිරිපස සෝනාර් ශිඛරය
ඉන්දියානු නාවික හමුදාව සතු Kamorta පන්තියේ corvette වර්ගයේ ප්‍රති-සබ්මැරීන සංග්‍රාමික නෞකාවක්
සබ්මැරීන
සබ්මැරීනයකට එරෙහිව යොදාගත හැකි හොඳම අවිය තවත් සබ්මැරීනයකි.ඒවා අධිබරැති ටෝර්පිඩෝ යොදාගෙන අනෙක් සබ්මැරීන වලට පහරදෙයි.ඩීසල්-විදුලි සබ්මැරීනවලට සාපේක්ෂව න්‍යෂ්ඨික සබ්මැරීන සතුව විශාල අවි තොගයක්,සංවේදක,අනාවරක වැඩි ප්‍රමාණයක් සහ දෙගුණයක වේගයක් තිබේ.එම නිසා යුද්ධයකදී න්‍යෂ්ඨික සබ්මැරීනයක් දියත් කිරීම යනු සතුරන්ගේ ඩීසල් සබ්මැරීන වරායට සීමා කිරීමක් හා සමානය.නමුත් වෙරළාශ්‍රිත මෙහෙයුම් සඳහා බහුලව යොදාගන්නේ සහ වඩාත්ම යෝග්‍ය වන්නේ ඩීසල්-විදුලි සබ්මැරීනයි.
සීවුල්ෆ් පන්තියේ ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීන ලොව තිබෙන වඩාත් නිහඬතම සබ්මැරීන වේ
රුසියාවේ "කිලෝ" පන්තියේ සබ්මැරීනයක්
නව ප්‍රවණතා
21 සියවස යනු ඩ්‍රෝන් තාක්ෂණයේ ආධිපත්‍යට නතුවූ සමයකි.සබ්මැරීන දඩයමටද මිනිසුන් රහිත නෞකා මෙන්ම සබ්මැරීනද ඉදිරි කාලයේදී යෙදෙවනු ඇත.ඇමෙරිකාවේ DARPA ආයතනය ඩ්‍රෝන් නෞකාවක් යොදාගෙන සබ්මැරීන දඩයමට සැරසෙමින් සිටියි.දැනට අත්හදා බැලීම් අදියරයේ තිබෙන මෙම ව්‍යාපෘතිය ASW Continuous Trail Unmanned Vessel (ACTUV) නමින් හඳුන්වයි.එය ප්‍රති-සබ්මැරීන ඩ්‍රෝන් යාත්‍රාවකි.
ASW Continuous Trail Unmanned Vessel (ACTUV)
Source:defencyclopedia.com
-HarshaLulzSec-
Last edited: