සමනල කන්ද ඇත්තටම පේනවද?

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    14,540
    25,762
    113

    ඊයේ පාතාලේ ඉරට්ටාගෙ ත්‍රෙඩ් එක නිසා කොටන්න හිතුනෙ, ඇත්තටම සමනල කන්ද රට වටේට පේනවද? ඔව්. ඕක වෙන්නෙ ලොකු වැසි වලින් පස්සෙ අහසේ රැඳිලා තියෙන අධික දූවිල්ල සහ ජලවාෂ්ප ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉවත්ව යන නිසා අහසේ දෘෂ්‍ය පරාසය වැඩිවෙනවා. තව උදේට ඉබේම පින්න වශයෙන් වායුගෝලීය තෙතමනය අඩු වෙන නිසාත් මේ දේ වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදි තමා සමනල කන්ද අපිට දකින්න පුලුවන්. :love:

    පලි: මම මේ පහලින් දාන කිසිම එකක් මම ගත්ත ඒවා හෝ එඩිට් කරපුවා නෙමෙයි, FB එකෙන් එහෙම ගත්ත ඒවා.

    සමනල කන්දට කොළඹ කොන්ක්‍රීට් වනන්තරේ පේන විදිහ.


    442503738-3744545162458105-4871589689170731363-n.jpg


    441406474-3744544952458126-1594267115390203906-n.jpg



    මේ තියෙන්නෙ lotus tower එකට සමනල කන්ද පේන විදිහ.


    429649964-3691219584457330-9025334228714932787-n.jpg



    ගාල්ලට පේන සමනල කන්ද

    261690269-3093195054259789-3691062821419081221-n.jpg


    ඒ දවස්වල ගාල්ල වරායට ලොකු තැනක් වගේම, ගාල්ල නගරෙත් ආසියාවේ තිබ්බ පිරිසිදුම නගරෙ විදිහට සලකලා තියෙනවලු, 1860 ජපානයේ හිටිය අධිරාජ්‍යයෙක් ගාල්ලෙ ඔය කියන පිලිවෙල බලලා ජපානේ දියුනු කරන්න විස්තර හොයන්න දූත පිරිසක් එවලා තියෙනවලු. හිනා ගියාද, නෑ එහෙව් රටක් මේක. මේවා මේ නිකන් කියන කතා නෙමෙයි විස්තර ඕනිනම් තව හොයලා බලපල්ලා. අන්න ඒ වගේ එන මිනිස්සු ගාල්ල හොයාගත්තා කියන්නෙ සමනල කන්ද මංසලකුනක් විදිහට සලකලලු.

    මේ තියෙන්නෙ නැවක යද්දි සමනල කන්ද පේන විදිහ.


    126779799-2819006211678676-6897377969839920210-n.jpg


    සමනල කන්දට දකුණු පලාත් පේන විදිහ.

    261258138-3093194304259864-3768170765410433129-n.jpg


    ඇත්තටම කියනවා නම් ලංකාවේ ගොඩක් පැති වලට සමනල කන්ද පේනවා, අපේ ගෙවල් වල ඉඳලා කිලෝමීටරයක් දුරින් තියෙන වෙලකටත් සමනල කන්දේ ලයිට් දැම්මාම හොඳට පේනවා.

    Google map එක ඕපන් කරලා සමනල කන්ද උඩ right click කරලා , Measure distance දීලා අදාල පැති වලට තියෙන දුර බලන්න, අන්න එතකොට තේරෙයි හරියටම. මේ කියන දේ වෙන්න පුලුවන්ද බැරිද කියන එක.

    Capture.jpg


    තව මේ ගෲප් එකට ජොයින් වෙලා බලන්න. හරි ලස්සන කතා තියෙනවා. තව අර සොබාදාරා කරපු මනුස්සයගෙ videos එහෙමත් බලන්න, හරි සුන්දර මිනිස්සු, සුන්දර කතා ඒවගෙ තියෙන්නෙ, ගොඩක් වෙලාවට ඒ videos වලත් සමනල කන්ද පේන තැන් පෙන්නනවා. මේ තියෙන්නෙ ඒ චැනල් එක.

    https://www.youtube.com/@secretsofnatureSL/playlists

    ගොඩක් උන්ට ඕක පෙනුනත් පේන්නෙ නෑ ,බක පණ්ඩිත ටෝක්ස්. එක්කො නිරා, එක්කො වෙනත් ආගම් වාදියෙක්, එහෙම වෙන්න එපා. දකිද්දි කටු ඇනෙනවා වගේමනම් නිකන් කන්දක්, හරි සුන්දර ස්වාභාවික පිහිටීමක් කියලා හිතලා හරි බලපන්කො.
    ඔය දේවල් ගැන හොයලා බලන්න පුරුදු වෙන්න. හරි දේ හරියට දකින්න. මේ රටේ තියෙන දේවල් උබලා හරියට දන්නවා නම් මේ රටට මෙහෙම කලක් අද යන්නෙ නෑ.

    තව පේන තැන් දැක්කොත් මම දාන්නම් මේකෙ. ජය!!!
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,251
    113
    97
    හෝමාගම
    වහින්නෙ නැති ඕනම දවස් වලට, ලස්සනට පෙනව හයිවෙ එකට පෑලියගොඩ හරියෙදි.


    අර නවත්තල පොටො ගගහ ඉන්න බැරි නිසා ඕහෙ යනව ඉතින්
     

    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    395
    829
    93
    ඉස්සර මම ගිය ඉස්කෝලේ Building එකක් තියෙනවා හුඟාක් උස.. එකේ උඩම තට්ටුවට නැග්ගම සමනල කන්ද පේනවා !! මම හැම උදේම ඇවිල්ලා බලනවා.. තාම මතකයි
     

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,457
    3,659
    113
    Speed force
    මට මතකයි Sinbad ගේ කතා වල ලංකාවට එනකොට (Serendib) මුලින්ම පෙන්න ගත්ත කියන්නේ ශ්‍රී පාදය. රටට ඉසෙල්ල කන්ද පෙන්න ගන්නවා කියලා කියන්නේ. මං ඕක පොඩි කාලේ කියවද්දී අතිශෝක්තියක් කියලා හිතන් හිටියෙ folks tales වගේ ඒව නිසා. පොඩි හරි ඇත්තක් තියෙන්න ඇති.