සමනල රෑන

6ix9ine

Well-known member
  • Sep 28, 2018
    721
    255
    63
    Kiribathgoda

    collage.png




    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ‘ජනමහිමය’ රැළියේදී ‘සමනල රැන‘ යනුවෙන් ප්‍රකාශ කිරීම. හේතුවෙන්
    සමරිසි ප්‍රජාවට හානියක් සිදු වූ බවත්, ජනාධිපතිවරයා එම ප්‍රජාවගෙන් සමාව ඉල්ලා සිටිය යුතු බවත් කොළඹදී ඊයේ (07දා) සවස පැවැති මාධ්‍ය හමුවකදි සමරිසි ක්‍රියාකාරිකයන් පිරිසක් සඳහන් කළහ.


    බොරැල්ල සරසවි පටුමගේ පිහිටි ‘කාන්තාව සහ සාමුහිකය’ මධ්‍යස්ථානයේදී පැවැත්වූ මාධ්‍ය හමුවදී ඔවුහු මේ බව සඳහන් කළහ.

    සමරිසි හැසිරීම අපරාධයක් නොව අයිතිවාසිකමක් බවත්, ජනාධිපතිවරයා සමරිසි ප්‍රජාවගේ සිත් රිදවා තිබෙන අතර, පුද්ගලික ලිංගික ජීවිත හාරා අවුස්සමින් ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශය හේතුවෙන් සමරිසි ප්‍රජාව භීතියට පත්ව සිටින බවත් ඔවුහු කියා සිටියහ.

    එහිදී අදහස් දැක් වූ ‘සයපෙති කුසුම’ චිත්‍රපටිය නිර්මාණය කළ විසාකේස චන්ද්‍රසේකරන් මහතා සඳහන් කළේ ලෝකයේ අනෙකුත් රටවල සේම ශ්‍රී ලංකාවේද සමරිසි ප්‍රජාව පීඩාවට ලක්වී තිබෙන බවත් , යහපාලන රජය හෝ ලංකාවේ පැවැති කිසිදු රජයක් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිට නැති බවත්ය.

    සමරිසි ප්‍රජාවට දේශපාලනය කිරීමට ඇති අයිතිය වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත්, එම ප්‍රජාවට ගරු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
     
    • Like
    Reactions: priyade

    Similar threads