සමනළයා මල හා ළමයා සේ....

Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    සමනළයා මල හා ළමයා සේ....

    සමනළයා මල හා ළමයා සේ.....

    ගීතය අසන්නෙකුට මනසේ මැවෙන්නේ කෙළිදෙලෙන් කල් ගෙවන ළමයෙකුගේ චිත්ත රූපයක්. බහුතර රසික පිරිසකට එය එසේ වුවත් මේ ගීතයේද විශාල වටිනාකමකින් යුතු අරුතක් ගැබ්
    වෙලා තිබෙනවා...

    සමනළයා මල හා ළමයා සේ
    බාල ළමා වයසේ
    පෙර තිදෙනා සිටියේ එක යායේ
    ජීවිතයේ අරුමේ..


    සමනලයා, මල , ළමයා යන පද ත්‍රිත්වයේ භාවිතාව ගීතය පුරාවටම යෙදෙන නිසා ඒ පිළිබඳව ප්‍රථමයෙන් විමසා බැලීමක් සිදු කිරීම වඩාත් යෝග්‍ය වේ.. ළමයාට මලකින් ඇති ප්‍රයෝජනය කුමක්ද..? සමනලයාට ඇති ප්‍රයෝජනය..? සමනලයා මලෙන් රොන් උරා බී මල තනි කොට තවත් මලකට ඉගිල යයි. නමුත් ළමයා මලෙන් කිසිවක් බලාපොරොත්තු නොවී මලට සිය අසීමිත ආදරය දැක්වීමයි..


    සරලවම ගීතයෙන් කියවෙන්නේ චරිත ත්‍රිත්වයක් ගැනයි. මලකට සමාන කොට තිබෙන්නේ රුවැති, ප්‍රේමයට අත්පොත් තැබීමට සැරසෙන යව්වනියක්. මැයට ඉමහත් ලෙස ආදරය කරන තරුණයෙක් මෙහි දෙවැනි චරිතය වෙනවා. ළමයාට සමාන කරන්නේ එකී තරුනයාවයි.. එනමුත් තරුණියගේ සිතේ මේ තරුණයා කෙරෙහි ආදරයෙන් බැඳීමට තරම් කැමැත්තක් තිබුනේ නෑ. ඇගේ සිතගොස් තිබුණු තවත් තරුණයෙක් ගීතයේ තෙවැනි චරිතය වනවා..ඔහුව රචකයා සමාන කරන්නේ සමනලයාට.. සමනලයා මල කෙරෙහි ආදරයක් නොතිබුන අතර එකම අරමුණ වුනේ පෙර කී පරිදිම මලෙන් රොන් බී මල තනි කර යෑමයි...

    සමනලයා, මල හා ළමයා ජීවිතය ගැන හරි හැටි අවබෝධ නොගත් කාලයේ එක්ව කාලය ගත කරා.. පුදුමාකාර ජීවිතය තුල මේ චරිත තුන තව දුරටත් එක්ව හිඳින්නේ නෑ..


    මලට වසා පැණි බී රිසි සේමා
    සමනළයා පියැඹූ දවසේ
    ඒ මල ගාවා ඒ පොඩි ළමයා
    දෑස වසා සිටියා.....




    තරුණියට ආදරය නොදක්වන, එහෙත් තරුණියගේ ආදරය දිනා ගත ව්‍යාජ පෙම්වතා හෙවත් සමනලයා සිය අරමුණ ඉටු කර ගත පසු මල තනි කර යන්නට යනවා.. එය එසේ සිදු වුනත් තරුණිය තනි නොකරන, ඇයට සැබෑ ලෙසම ආදරය කරන තරුණයා කිසිවක් නොදුටු ලෙස සිටින්නේ ඇයට තියන අසීමිත ආදරය නිසාම විය යුතුය..


    මලට නොවේ දැණුනේ දුක කාගේ
    පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ
    ඒ මල නොදනී ඒ මල පරවී
    සමනළයා කොතැනේ....


    තරුණිය කෙරෙහි සැබෑ ලෙසම ආදරය කරන තරුණයා ගැන පෙර සිටම ඇය දැන සිටියත්, ඇය නිසා ඔහුට දුකක් උරුම වන බව ඇය දැන සිටියත් ඒ කිසිවකින් ඇයට පලක් වුනේ නෑ. ඇගෙන් සිය අරමුණු ඉටු කර ගත් ව්‍යාජ ආදරවන්තයා ඇය තනි කර ඉගිලී යනවිටත් ඇයට නොදැනීම ඇය බොහෝ ප්‍රමාද වී හමාරයි.. තවමත් ඇගේ දුක දැනෙන සැබෑ පෙම්වතා ඈ වෙනුවෙන් හඬත්දී ගීත රචකයා පැනයක් ලෙස “පොඩි ළමයෝ මොටදෝ හැඬුවේ” යන යෙදුම භාවිතා කරන්නේ නැවත වරක් ඇයට සැබෑ ලෙසම ආදරය කරන පෙම්වතාගේ ආදරයේ තරම රසිකයාට පසක් කරවීමට මෙනි...
    ගීතයට භාවිතා වන්නේ ඉතාමත් සරල පද පමණකි. නමුත් ගම්‍ය වන අරුත ඔබ, මා සැබෑ ලෙස දකින ජීවිතයේ තවත් එක් යතාර්තවාදී පැතිකඩකි. පුදුම වීමට කරුණක් නොමැත. මේ ගීතයේද රචකයා වන්නේ ඔහුමයි.ඔහු නමින් ප්‍රේමකීර්ති ද අල්විස් .!!


    ගායනය - එඩ්වඩ් ජයකොඩි
    සංගීතය - සරත් ද අල්විස්
    ගී පද - ප්‍රේමකීර්ති ද අල්විස්




    source : facebook



    තව කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න... (රෙප් + දුන්නත් කමක්නැ ඕන් ..)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,490
    273
    83
    Kingdom of Solitude..!!
    පද මාලාව ගොඩක් සරල එකක් උනත් එකේ තේරුම නම් සුපිරි. අද කාලේ ගොඩක් common scene එකක්.. tfs මචං.. රේප් ++
     

    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    මාත් ඔය සින්දුවේ තේරුම දවසක් කලපනා කළා එත් මට ඔහොම දෙයක් නම් හිතුනෙ නැ. කොහොමටත් ඇත්ත ලෝකේ වැඩිපුර ඉන්නේ ඔය කියන සමනලය මල හා ළමය තමයි. :)
     

    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මාත් ඔය සින්දුවේ තේරුම දවසක් කලපනා කළා එත් මට ඔහොම දෙයක් නම් හිතුනෙ නැ. කොහොමටත් ඇත්ත ලෝකේ වැඩිපුර ඉන්නේ ඔය කියන සමනලය මල හා ළමය තමයි. :)

    :):):):):):):)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    සමනළයා මල හා ළමයා සේ.....
    11.gif

    මාත් ඔය සින්දුවේ තේරුම දවසක් කලපනා කළා එත් මට ඔහොම දෙයක් නම් හිතුනෙ නැ. කොහොමටත් ඇත්ත ලෝකේ වැඩිපුර ඉන්නේ ඔය කියන සමනලය මල හා ළමය තමයි. :)

    එකම දේ ගැන එක එක විදියට හිතන්න පුලුවන් බං:)