භික්ෂුවකගේ හෝ ගිහියෙකුගේ නිර්වාණාවබෝධය පිළිබඳව පෘථඃජන මිනිසුන් ලෙස නොයෙකුත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීම දෙළොවට ම යහපත්ය. මන්දයත් චීවරයක් ධරා සිටින හෝ නොසිටින එවන් පුද්ගලයන්ගේ මග ඵල ලාභීත්වය පිළිබඳව ප්‍රශ්ණ කළ හැක්කේ එම තත්ත්වයේම සිටින්නකු විසින් මිසක සෝවාන් මාර්ගයට පවා බෙහෙවින් දුරින් සිටින පෘථඃජන අප විසින් නොව. එවන් අය පිළිබඳව අප දක්වන අදහස් මේ සසර තුල දී නිර්වාණාවබෝධයෙන් අපව බෙහෙවින් දුරස් කොට තැබීමට හේතු පාදක වේ.
බුදුවරයෙකු හැර නිර්වාණාවබෝධය කරගත් අන් කිසිවෙකු තමන් පිළිබඳව තම මට්ටමේ අය අතර විනා සාමාන්‍ය ජනයා අතර තම ආධ්‍යාත්මික තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා නොකරන හෙයින්, යමෙක් ප්රකටව තම මග ඵල ලාභී තත්වයන් පිළිබඳව ප්‍රකාශයන් කරන්නේ නම් එවන් අයගේ ක්‍රියාකලාපයන් උපේක්ශා සහගතව නිරීක්ශණය කොට හිතින් හෝ වචනයෙන් හෝ අදහස් ගොඩ නොනගා නොසලකා හැරීම වඩා යෝග්‍ය වේ. චීවරයක් දරා සිටින්නෙකු නම් ඒ චීවරයට කරන ගෞරවයක් ලෙස, ද්වේශ සහගත දෑ ප්‍රකාශ නොකොට සිටීම මැනවි.
යමෙකු මාර්ග ඵල පිළිබඳව වංචා සහගතව ප්‍රකාශ සිදු කරන්නේ නම්, එය විහිළුවකට ගන්නේ නම්, එය ලාභ සත්කාර උදෙසා භාවිතා කරන්නේ නම්, එය ම ඔවුන් නිවන් මාර්ගයෙන් දුරස් කර තැබීමට හේතු පාදක වේ. එබැවින් ඔවුනගේ කර්මයන් වලට හිතෙන් හෝ වචනයෙන් හෝ සහභාගී නොවී අපගේ සසර ගමන දිගු කර ගැනීමේ වරදින් වැළකී සිටීම වැදගත් වේ.
100% agreed

