සමලිංගිකත්වය ගැන හමුදුරුවන්ගෙන් දේශනයක&#

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    සමලිංගිකත්වය ගැන හමුදුරුවන්ගෙන් දේශනයක&#

    බෞද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් සමරිසියන් ගැන වදාරති.සමරිසිභාවය දැන් දැන් සමාජයේ කතාකරන මාතෘකාවක් බවට පත්වී ඇත. සමරිසි අයිතිවාසිකම් පිළිබඳ සාකච්ඡා ආරම්භ වූ මුල්කාලයේදී අයිතිවාසිකම් ගැන කතා කිරීම තබා සමලිංගිකත්වය යන වචනය භාවිතා කිරීම පවා සමාජ තහංචියක්ව පැවතුණි. එහෙත් සමරිසි ප්රජාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, ප්රවර්ධනය කිරීම යනාදිය වෙනුවෙන් මානව හිමිකම් ක්රියාධරයින් හා සමරිසි ප්රජාව විසින් සිදුකරන ලද සමාජ දැනුවත් කිරීම්, මාධ්ය දැනුවත් කිරීම්වලින් පසුව දැන් දැන් ශ්රී ලංකා රජය මෙන්ම සාමාන්ය ජනතාව තුළද සමරිසිභාවය ගැන යම් ආකාරයක සාකච්ඡාවක් ඇතිවී තිබේ. සමරිසිභාවය පිළිබඳ සමාජ කතිකාවන් ඇතිවූ මුල්කාලයේදී සමරිසිභාවය යනුආගමට පටහැණි දෙයක්ය යන අදහස ආගමික නායකයින් විසින් ප්රචාරය කරන ලදී. සමරිසියන් යනු ගල් ගසා මරාදැමිය යුතු පිරිසක්ය යන අදහසත්, සමරිසියන් යනු සාතන් සමග එකතුවීමට නියමිත අයවන බවත්. බුදු දහමට අනුව අපාගතවන පාපයක්ය යන අදහසත් සාකච්ඡාවට භාජනය වෙමින් තිබුණි. විශේෂයෙන් බුදුදහමෙහි සමරිසිභාවය පාපයක් හෝඅපරාධයක් ලෙස සෘජුව දක්වා නොමැති වුවද, උපසම්පදා භික්ෂූන් වහන්සේලා සම්බන්ධ විනය රීතිවලදී සියලුම ආකාරයේ ලිංගික හැසිරීම්වලින් වැළකීම නිර්දේශ කර තිබුණි. එහෙත් සමරිසි හැසිරීම් යනු බෞද්ධ දර්ශනයේ පංචශීලයෙහි දැක්වෙන කාමය වරදවා හැසිරීම යැයි අර්ථකථනය කිරීමට බොහෝ බෞද්ධයින් හා ධර්ම දේශකයන් වහන්සේලා විසින් උත්සාහ කරනු පෙනුණි. බෞද්ධ දර්ශනය සමරිසිභාවය පිළිබඳ කුමන ආකල්පයක් දරන්නේද යන්න පැහැදිලි නොමැති තත්ත්වයක් පවතිද්දී ලංකාවේ වියතුන් වශයෙන් මෙන්ම විචිත්ර ධර්ම කථිකයින් ලෙසද සුප්රසිද්ධ භික්ෂූන් වහන්සේලා දෙනමක් සම්බන්ධ කරගනිමින් පසුගිය පොහෝ දිනයේදී ප්රසිද්ධ රූපවාහිනි නාලිකාවක් විසින් සිදුකළ කාලීන සාකච්ඡාවක් පසුගිය දිනවලදී අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී හමුවිය. සමරිසියන් සම්බන්ධයෙන් බුද්ධ පුත්රයන් වහන්සේලා විසින් මෑතකාලයේදී සිදුකළ ධනාත්මක මෙන්ම, මානව හිතවාදී අදහස් දැක්වීමක් ලෙස එම දේශනය සඳහන් කළ හැකිය. එම දේශනය පහත පරිදි වේ.


    “තමන්ගේම සමාන ලිංගිකයෙකුට ආකර්ශනයක් ඇතිවීමේ අවස්ථාවන් ඕන තරම් තියෙනවා. එහෙම අවස්ථාවන් ලෝකයේ ප්රංශය වගේ රටවල අපි දැකලා තියෙනවා. අතීතයේ සමලිංගික පැවතුම් තිබිච්ච අයට ඒ ගොල්ලෝ විශාල වශයෙන් කරදර කරලා තියෙනවා. ගිණි තියල තියෙනවා. මරලා තියෙනවා.ඔවුන්ට මේ සමාජය ඇතුළේ ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕන.ඔවුන්ට හිංසා කරන්න, ඔවුන්ට සමාජය ඇතුළේ උසුළු විසුළු කරන්න එහෙම තත්ත්වයකට නොයා යුතුයි. බුදුරජාණන් වහන්නේ වැඩහිටිය කාලේ හිටිය සෝරෙයිය කියලා සිටුවරයෙක්. මේ සිටුවරයා දවසක් මහා කාශ්යප හාමුදුරුවෝ ඇඟපත හෝදලා සිවුරු මාරුකරනවා දැක්කා අදනය පිටින්. මහාකාශ්යප හාමුදුරුවෝ උන්වහන්සේ උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වගේම ශරීරයක් නෙ තියෙන්නෙ. ඉතින් උන්වහන්සේගෙ මේ ශරීරය දැක්කට පස්සෙ මේ සෝරෙයිය සිටුතුමාට හිතෙනව එක්කෝ මේ හාමුදුරුවන්ගේ වගේ ශරීරයක් මගේ බිරිඳට ලැබෙන්න ඕන. නැත්නම් මට මේ හාමුදුරුවන්ව බිරිඳ විදියට ලැබුණොත් කොච්චර හොඳයිද කියල. මේ සිතුවිල්ල කොච්චර ප්රබලද කියනවා නම් සෝරෙයිය සිටුවරයා ස්ත්රී ලිංගයකට මාරුවෙනව.ඔහු දැන් ස්ත්රියක්. ඊට පස්සෙ ඔහු මොකද කරන්නෙ ඉන්න පිරිස අතරින් පැනලා යනවා.ගිහිල්ලා හැංගිලා ගිහිල්ල වෙනත් නගරෙක සිටුතුමෙක් එක්ක විවාහ වෙලා දරුවොත් ලබනව.කලින් විවාහයේ දරුවොත් ඉන්නව. ඉතින් ඒ වගේ සමරිසි අවස්ථාවන් ගැන අපි දැකලා තියෙනවා. ඒ වගේම සත්තු අතරත්, අලි ගැන කතා කරද්දී වැඩිපුරම වනාන්තරයේ ඉන්න හස්තීන් ඔය සමලිංගික සේවනයට සම්බන්ධ සත්තු වැඩිපුර ඉන්නවා. ඉතින් ඒකෙන් කියන්නෙ ඒක හුදෙක් ජානමය ස්වභාවයක් මිසක් මනුෂ්යයෝ හදාගන්න එකක් නෙවෙයිනෙ.මිනිස්සු හදාගත්ත සමහර ඒවා තියෙනවා. කුඩු ගහනවා කියන එක සත්තු ගහන්නෙ නෑනෙ.ඒක හදාගත්ත එකක් ”.නිවේදකයා මෙලෙස ප්රශ්න කරයි.සමරිසි විවාහකයින් දෙන්නෙක් අතරේ ඔවුන්ගෙ ජීවිතය, ඔවුන් විවාහය කියන දේ මූලික අවස්ථාවන් හැටියට පවුලක් වශයෙන් ඔවුන් එකට කනවා බොනවා. උයනවා. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමියෙක් විදියට හැසිරෙනවා. එමෙන්ම ගැහැණුන් දෙදෙනෙක් මේ වගේ කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලදී බුදුදහම ඔවුන්ට සෙවන දෙන්නෙ නැද්ද. බුදු දහම ඔවුන් නිවන පිළිබඳ අරමුණකින් ඔවුන් පන්සල් ආවොත් ඔවුන්ට පිරිත් නූල් ගැටගහන්නෙ නැද්ද?එයට පිළිතුරු දෙන බුද්ධ පුත්රයන් වහන්සේ මෙලෙස අදහස් දක්වයි. “ඇයි බැරි. පුළුවන්. ඒ දෙන්නගේ ජීවිතේ ඒ දෙන්නා තෝරගත්තාවේ. තමන්ගේවිමුක්තිය තමන් ළඟ. දැන් ඒ දෙන්නාව අපි සමාජයෙන් කොන් කරනවා නම් එතකොට බුදුදහමේ උගන්වන අම්බපාලි?. අම්බපාලි ගණිකාවක්. එතැනටත් ගිහිල්ලා වැළදුවා නම් බුදුහාමුදුරුවෝ, හාමුදුරු ගොල්ලො නෙවෙයිනෙ. අම්බපාලි උයපු එකත් පිළිගත්ත නම් එතකොට එදා නගර ශෝභනියො හිටපු යුගේ. දැන් බිමිබිසාර රජ්ජුරුවන්ට ඒ නගරවලත්, සමහර රජවරු පවා අසවල් ගණිකාවො ගෙන්නගන්න ඕන කියන මට්ටමේ අය හිටියා. එතකොට ඒ වගේ කෙනෙක් ඔහොම ඉන්නවා කියලඅපි දැනගත්තාට පස්සේ අපේ හාමුදුරුවෝ මුලින් කිවුවා වගේ ඔවුන්ට උසුළු විසිළු කරන එක වැරදියි. එහෙනම් මේ පදනම මොකක්ද? සබ්බේ සත්ථා. බඩේ ඉන්න සතාටත් අපි මෛත්රී කරනවා නම්මෙහෙම ඉන්න කෙනෙකුට මෛත්රී කරන එකනෙ බුදුදහම. දැන් මගේ මතය නම් අභයතිස්ස හාමුදුරුවෝ මට වඩා හොඳට දන්නවා ඇති බුද්ධ කාලය වෙනකොට ඕක තිබිලා තියෙනවා. ඕක මේ අලුත් දෙයක් කියන්න බෑ. ඇයි දන්නවාද?. සීමාවට අපිව ගෙනිච්චාම මහනායක හාමුදුරුවරු ඔක්කොම අපෙන්අහනවා උඹ නපුංසකයෙක්ද කියල.මේකෙදි අපි සමරිසි අයට අපි කවදාවත් අවමන් කරන්නෙ නෑ. ඔවුන් සමරිසි උදවිය හැටියට මේ සමාජයේ තමන්ගේ භූමිකාව ඇතුළේ ජීවත්වෙනවා වෙන්න පුළුවන්. එල්.ජී.බී.ටී කියන්නෙ ලෙස්බියන්, ගේ, ට්රාන්ස් ජෙන්ඩර්, බයි ට්රයල්,මේ මේ බයිසෙක්ෂුවල්. ඔවුන් ආරක්ෂා කරන්න, ඔවුන්ට සමාජයේ ගෞරවයක් ලබාදෙන්න, ඒවගේම ඔවුන්ට සමාජයේ අර තියෙන විදියේ අඩත්තේට්ටම් නැතිකරන්න අපි කටයුතු කළ යුතුයි. මොකද ඔවුනුත් මිනිස්සු.”අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්ස! සමරිසියන්ය යනු මිනිසුන්ය, උන්ගේ ශරීරයේ දුවන්නේද මනුෂ්ය ලේය යන්න තේරුම්ගෙන නිර්භයව එය සමාජයට ප්රකාශ කළ ඔබ වහන්සේලා දෙදෙනාට නිවන් පුරයේ දොර ඇරෙන්නට ඒ පිනම ප්රමාණවත් වනු ඇත. සමරිසි සම්බන්ධතා යනු ඇබ්බැහිවීමක් නොව, බලෙන් ඇබ්බැහි කරවීමක් නොව සාමාන්ය මනුෂ්ය ස්වභාවයක් ලෙස තේරුම් කිරීමට ඔබ වහන්සේලා මහත් උත්සාහයක් ගෙන තිබුණි. විශාඛා මහා උපාසිකාවට පමණක් නොව අම්බපාලිට, සුන්දරී පරිබ්රාජිකාවට, මාගන්ධියා බැමිණියට පවා මෛත්රී කළ බුද්ධ ශාසනයක සමරිසි අයිතිවාසිකම් පිළිබඳ අදහසක් දැක්වීමට ඉදිරිපත්වීමම ඔබ වහන්සේලාට අභියෝගයක් වන්නට ඇත. සමරිසියන් දෙදෙනකුගේ ජීවිතය තේරුම්ගැනීමට, තීරණය කිරීමට අයිතිය පවතින්නේ ඔවුන් දෙදෙනා අත බව පැවසීමම ලක්ෂ සංඛ්යාත සමරිසි පුද්ගලයින්ගේ දෙමව්පියන්ගේ ඇස් ඇරීමට හේතුවන්නට ඇත. එහෙත් තරහ අවසර ස්වාමීන් වහන්ස ඔබවහන්සේලාට පැවසිය යුතුම කරුණු දෙකක් තිබේ.පළමුවැන්න සෝරෙයිය සිටුවරයාගේ කතාවෙන් පවසනආකාරයට ලිංගිකත්වය මාරුවීමක් සිදුවූවානම් එය ලිංගික සංක්රාන්තියකි. සාමාන්ය ජීව විද්යාව තුළ ලිංගික අවයව,ගර්භාෂ යනාදිය සංක්රාන්තියට පත්නොවන අතර සංක්රාන්ති ක්රියාවලිය යනු පුද්ගලයෙකුට තමන්ට ජීව විද්යාත්මකව ලැබුණු ලිංගිකත්වයට අනුව නොව ප්රතිවිරුද්ධ ආකාරයට මනස ක්රියාත්මකවීම නිසා විරුද්ධ ලිංගිකයෙකු ලෙස හැසිරීමට හා සමාජයේ පෙනී සිටීමට මනසින් ඇතිකරවන පෙළඹවීමයි. කථාකරුවා සමහරවිට අතිශයෝක්තියෙන් සෝරෙයිය සිටුවරයාගේ කතාව ලියන්නට ඇත. එමෙන්ම මා දන්නා පරිදි සෝරෙයිය සිටුවරයා රාගී සිතුවිලි පහළ කරගත්තේ මහා කච්චායන තෙරුන්වහන්සේ පිළිබඳව විනා මහා කාශ්යප මහරහතන් වහන්සේ පිළිබඳව නොවේ. ධම්මපදඅටුවාව 43 වන ගාථාවේ දැක්වෙන්නේ එසේය. කුමන හෝ ප්රාතිහාර්යයක් වී එය එලෙසම සිදුවූවා යැයි විශ්වාස කළද සෝරෙයිය සිටුවරයා සංක්රාන්ති ලිංගිකයෙකු වනවා විනා සමරිසියෙකු වන්නේ නැත. සමරිසියා සමාජයට අවුල් නම් එම අවුල ඇත්තේ ඔහු හෝ ඇය සමාන ලිංගිකයෙකුට ආකර්ශනය වීමේ මිසක ලිංගික අවයවවල නොවේ. සෝරෙයිය සිටුවරයා සමරිසියෙකු හෝ සංක්රාන්ති ලිංගිකයෙකු වුවද අවසානයේ බෞද්ධ ශාසනයේ මහණවී රහතන් වහන්සේ නමක් වීමම සුළුතර ලිංගිකයෙකුට විමුක්තිය බාධාවක් නොවේය යන්නට උදාහරණයක් වන නිසා එම උදාහරණය ගෙනහැර දැක්වීමම ඉතාමත් උචිතය. දෙවන කාරණය නපුංසක යන පදය වර්තමානයේදී සුළුතර ලිංගිකයන්ගෙන් කොටසක් වන අන්තර් ලිංගික නැතහොත් ලිංගික අවයව මනාව පිහිටා නැති පිරිසහැඳින්වීමට යොදාගන්නකි. නපුංසක යනු සමරිසි පුද්ගලයින් නොවේ. විනය පිටකයට අනුව මහණ නොකළ යුතු පිරිසක් ලෙස හඳුන්වා ඇත්තේ පණ්ඩකයන් මිස සමරිසියන් නොවේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ආ ටූපැක් අදත් මේකෙ උන්ව මඩෝනව වගේ :P අනේ උඹේ සමලිංගිකත්වෙ :lol: තෝ මෙලහටත් කෙල්ලො කීයක් එක්ක යාලුවෙලා ඉන්නවද දන්නෑ :lol:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    Pessimist:23033153 said:
    ආ ටූපැක් අදත් මේකෙ උන්ව මඩෝනව වගේ :P අනේ උඹේ සමලිංගිකත්වෙ :lol: තෝ මෙලහටත් කෙල්ලො කීයක් එක්ක යාලුවෙලා ඉන්නවද දන්නෑ :lol:

    අනේ පලයන් බන් යන්න
     

    hansanax

    Well-known member
  • Dec 7, 2007
    485
    537
    93
    උඹ බය වෙන්නෙ නැතුව හිටපන් තව රිකක් කල් යද්දී සමන්තබද්ධ ඔය
    issue එක අතට ගන්නවා...