වත්මන් රජය පසුගිය වසර දෙක තුලම ගොවි ජනතාවට නොමිලයේ පොහොර ලබාදුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
නව වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භයේදී එහි රාජාසන කතාව සිදුකරමින් අද ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
රජයෙන් රුපියල් 50ක සහතික මිලක් වී සඳහා ලබාදුන් විට පෞද්ගලික අංශය ඊටත් වඩා ඉහළ මිලක් ගොවීන්ට ලබාදුන් බවයි ජනාධිපතිවරයා පවසන්නේ.
ඇතැම්විට රුපියල් 60-70ක් වැනි මිලකට වී අලෙවි කිරීමට හැකි වූයේ ඒ හේතුවෙන් නිසා බවත් ඇතැම් ගොවීන්ට එය අමතක වී තිබීම කණගාටුවට කරුණක් බවත් ජනාධිපතිවරයා පවසනවා.
ධාන්‍ය වර්ග ගණනාවක් පිටරටින් ආනයනය කිරීම තමා නතර කල බවත් ගොවි ජනතාව එහි ප්‍රතිඵල අද භුක්ති විඳින බවත් මේ වන විට රට කහ වලින් ස්වයංපෝෂිත බවත් ගම්මිරිස් කුරුඳු වැනි භෝග සඳහාත් හොඳ මිලක් ලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
අපි කරපුවා අමතක වෙලා