මගෙත් යාලුවෙක් ඉන්නවා පට්ට කලෑවට ගිය ඉඩම් තොගයක් තියෙන්නෙ උන්ට. එකක් තියනවා ටවුන් එකක් ලග පාර අයිනෙම. අක්කර කාලක් විතර එතන තියනවා.කිසිම අමාරුවක් නැතුව කෝටි 5කට එහා ඒක දෙන්න පුලුවන්. ගන්නත් ඕන තරං උන් අහනවත්ලු. ඒක දීලත් තව ඉන්න ගේට අමතරව තැන් තැන් වල කැලෑවට ගිය ඉඩම් 4ක් විතර උන්ට තියනවත් එක්ක. ඒත් උන්ගෙ තාත්තා අතේ සතේ නැති උනත් ඒවා එකක්වත් විකුණන්න කැමති නෑ. උන් ඉන්නෙත් ගරා වැටීගෙන එන මහගෙදර. මගෙ යාලුවාට දැන් 29ක්. ඌ ඩිග්රී එක කරලා accounting ෆීල්ඩ් එකේ ජොබක් නැහිලා නැහිලා කරලත් 90ක් වගේ ගන්නෙ මාසෙටම. ගෙදර තියන පරණ townace වෑන් එකයි ඌ ගත්ත ඩියෝ එකයි විතරයි වාහනේකට තියෙන්නෙත්. ඌට ගෙයක් හදාගන්න, වාහනයක් ගන්න, වෙඩිමක් ගන්න ලොවෙත් උගෙ ජොබ් එකයි සැලරියයි එක්ක බැරි හින්දා පට්ට ස්ට්රෙස් එකේ ඉන්නෙ ඌ. යාලුවෙලා ඉන්න කෙල්ලගෙ ගෙදරිනුත් පට්ට කේස් ඌට බදින එක කල් දානවා කෙල්ලගෙ වයස යනවා කියලා. මිනිහා ස්ටුඩන්ට් දාලා රට යන්නත් හැදුවා කාලයක් සල්ලි කේස් හින්දා ඒකත් කෙල උනා. දැන් ඌ පට්ට ගිණි ගොඩක ඉන්නෙ තියන ප්රශ්ණ එක්ක. හැබැයි උගෙ තාත්තා කැමති නැල්ලු කන්න නැතුව මැරුනත් ඉඩම් එකක්වත් විකුණන්න. ඒවා මම හම්බුකරපුවා නෙවෙයි මගෙ පරම්පරාවෙ අත්තලා මුත්තලා අමාරුවෙන් හම්බකරගත්තුවා. ඒවා මේ ලගදි සල්ලි හොයාගත්ත එකේකාට විකුණලා දැම්මොත් ඒ අත්තලා මුත්තලා මිනී වලේ ඉදන් ඌට සාප කරයි කියලා මුන්ට කියලාලු තියෙන්නෙ උන්ගෙ තාත්තා ජීවත්වෙලා ඉන්නකම් කිසිම ඉඩමක් විකුණන්නෙ නෑ කියල. තාත්තා නැති උන කාලෙක ඕන දෙයක් කරගත්තට අවුලක් නෑ කියලා. දැන් ඒ අංකලයටත් පට්ට ලෙඩ ගොඩක් තියෙන්නෙ. ඒවට බෙහෙත් කරන්නෙත් මගෙ යාලුවා ප්රයිවට් කම්පැනියකට සතියෙ දවස් 6ක්ම කඹුරලා ගන්න 90 ක විතර සැලරියෙන්. පරණ නාකි සෙට් එක හදන්න බෑ බං. නිධානයක් අතේ තියාගෙන දුක් විදිනවා. අනිත් ඔක්කොම ඉඩම් තියාගෙන අර පාර අයිනෙ කැලෑ වැදිලා තියන අක්කර කාලෙ කෑල්ල විතරක් වික්කත් අරූට හොද ගෙයක් අරං, වාහනයක් අරං, ගොද වෙඩිමක් අරං, ඉතුරු සල්ලි වලින් බාගයක් පැසිව් ඉන්කම් එකක් එන බිස්නස් එකකයි අනිත් බාගෙ FD එකකුයි දාලා මූ ගන්න පඩිය වගේ 3/4 ගුණයක් විතර නිකං ඉදලා කිසිම රිස්ක් එකක් නැතුව හොයාගෙන සැපේ ඉන්නත් පුලුවන්. කරුමෙ තමා ඉතිං