සම්පත් බැංකුවේ මුල් අයිතිකරු අද පැව්දි උතුමෙක්.....

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    zXbbWPJ.png


    සම්පත් බැංකු නිර්මාතෘවරයා වන්නේ "ඇල්බට් එදිරිසිංහ" මැතිතුමාය. පසුව පැවිදි උතුමෙක් එතුමා වයස අවුරුදු එකසිය හතක අයුෂයක් භුක්තිවිඳිපු අයෙකි. එතුමන් ගිහි කාලයේත් හොඳ බෞද්ධයෙක් වූවාසේම බෞද්ධයන් ගැන හිතපු ඉතාම සාමකාමී මිනිසෙකි. එතුමාගේ වැදගත්කම තමයි මොන තරම් ධනවතෙක් වුණත් අපේ මුදුන් මුල නැත්නම් ජාතියේ පදනම අමතක නොකිරීම.

    එකල පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් රුපියල් පණහක් ඉල්ලගෙන කොළඹ පැමිණ තනිවම දියුණු වූ දැවැන්ත මිනිසෙක්.

    ඒ අභාෂය ලබමින් අද එතුමාගේ දූ පුතුන්ද එවැනිම සත්පුරුෂ බෞද්ධයින්සේ කටයුතු කරමින් සිටිති. ඔහුන් විසින් ලංකාවෙ සියලු දහම් පාසල් හා විහාරස්ථාන සදහා පුණ්‍ය කටයුතු සිදුකරමින් තම පියාණන්ගේ අඩිපාරේ ගමන්කරමින් වැඩදායක දරුවන්සේ වැඩකටයුතු කරමින් සිටිති.

    ඒ 1980 වර්ෂයයි. මේ වනවිට ලංකාවේ රාජ්‍ය බැංකු සහ කොමර්ෂල් ,සෙලාන් වැනි පුද්ගලික බැංකු ක්‍රියාත්මක විය. එම කිසිදු බැංකුවක් පරිඝණක පද්ධතියක් මගින් පාලනය නොවූ අතර, සම්පූර්ණයෙන්ම පාහේ ලෙජර් පොත්වල ගිණුම් සටහන් කිරීම මගින් පවත්වාගෙන යන ලදී. ඒ නිසාම, ගිණුමෙන් මුදල් ලබා ගැනීමට අදාල ශාඛාවට යාම අත්‍යාවශ්‍ය වූ අතර එහිදී පෝලිමේ සිට වව්චරය කවුන්ටරවලට ලබාඋන් පසු ටෝකන් එකක් පළමුව ලබාදේ. සියලු දෑ පරීක්ෂා කොට ගිණුම් සටහන් තබා නැවත ටෝකන් අංකය හඩගා කියනවිට පැය දෙක තුනක් ඉක්ම ගොස් තිබුණි. දිනකට පැය කීපයක් පමණක් විවෘව තිබූ එම බැංකුවල, වර්තමානයේ කියවෙන Customer Service යන වචනය එකල හුදෙක් අරුමයක්ම විය......

    ලංකාවේ මූල්‍ය පාලනය බොහෝදුරට සිංහල බෞද්ධයන් අතින් ගිලිහී තිබුණි. එක්තරා ආගමකට ප්‍රමුඛස්ථානය ලබාදුන් පුද්ගලික බැංකුවක් නිසා සහ රාජ්‍ය බැංකුවල අකාර්යක්ෂමතාවයන් ,අපහසු ණය කොන්දේසි මෙන්ම, හෙට්ටිවීදියේ ගිණි පොලීකාරයන් නිසා සිංහල බෞද්ධ ව්‍යාපාරිකයන්ට ණය මුදල් ලබා ගැනීම සිහිනයක්ම විය.
    මේ අතර...
    ▪

    1980 නොවැම්බර් මාසයේ තායිලන්තයේ චියැං මායි නගරයේදී ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ක්‍රියාකාරී කමිටුව රැස්වේ.
    රැස්වීමේ මුලසුන හෙබවූයේ ශ්‍රී ලංකාවේ නම්දැරූ ව්‍යාපාරිකයෙකු වූ ඇල්බට් එදිරිසිංහ මහතාය. සාකච්ඡාවේ මාතෘකාව වූයේ කලාපීය බෞද්ධයන්ට ‍ව්‍යාපාරික කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීමට ඇති අපහසුතාවයි.බැංකු ඒ අයට ආධාර කිරීමට මැලිකමක් දක්වන බව කියැවිණි. මීට ඇති එකම පිළියම බෞද්ධ බැංකුවක් පිහිටුවීම යයි දීර්ඝ සාකච්ඡාවකින් පසු කවුරුත් පිළිගත්හ. ලෝක බෞද්ධ මහා සම්මේලනය රජයට අයත් නොවන සංවිධානයක් හෙයින් බැංකුවක් පිහිටුවීමක් අසීරු කරුණක් බව ඒත්තු ගියෙන්, විකල්පයක් වශයෙන් ඒ ඒ සාමාජික රටවල ධනවත් පුද්ගලයින් හවුල් කරවාගෙන වෙන වෙනම බැංකු පිහිටුවාගත යුතු යැයි යෝජනා කෙරුණි.

    මේ සම්බන්ධයෙන් කමිටු යෝජනාවක් අනුව බෞද්ධයන්ගේ දියුණුව සඳහා අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඇති අපහසුතාව හේතුකොටගෙන බෞද්ධ රටක් හෝ රටවල් කීපයක් එකතුව අන්තර්ජාතික බැංකුවක් පිහිටුවීම සඳහා පියවර ගත යුතු යැයි තීරණය විය. බෞද්ධ මූලධර්මයන්ට පටහැනි නොවන අයුරින් අවශ්‍ය මූල්‍ය පහසුකම් සහ විශේෂඥ දැනුම එවන් බැංකුවක් මගින් ලබා ගත යුතු යැයි ද යෝජනාවේ සඳහන් විය.
    මෙම රැස්වීමට සහභාගි වූ ශ්‍රී ලාංකික දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ආගමික සහ සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය ගරු ඊ එල් බී හුරුල්ලේ මහතා විසිනි ශ්‍රී ලංකාව ද යෝජනාව අනුමත කළේය.

    හුරුල්ලේ අමාත්‍යවරයා මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජයේ සහය පැතූ අවස්ථාවේදී ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතා කියා සිටියේ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ නියෝජිතයින් මෙන්ම ලෝකයේ බෞද්ධ නායකයින් විද්වතුන් උගත් භික්ෂූන් වහන්සේලා සහ වෙනත් ප්‍රභූන් කැඳවා බෞද්ධයින්ගේ අවශ්‍යතා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවයි. ඒ අනුව රටවල් 17කින් නියෝජිතයින් 160 දෙනෙකුගේ සහභාගීත්වයෙන් 1982 ජූනි 1දා සිට 5 දා දක්වා කොළඹ දී පවත්වන ලද සාකච්ඡා වලදී බුද්ධාගමේ පැවැත්මට හා ඉදිරි ගමනට අදාළ යෝජනා 24ක් සම්මත කර ගන්නා ලදී. එහි 14 වැනි යෝජනාව වශයෙන් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ කමිටු විසින් සම්මත කරගන්නා ලද යෝජනාව ද විය.

    බැංකුවක් පිහිටුවීමේ අදහස ශ්‍රී ලංකාවෙන් ඉදිරිපත් වීම නිසා එය පිහිටුවීම සඳහා අවශ්‍ය පියවර ගැනීම ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ සභාපති ඇල්බට් එදිරිසිංහ මහතාට භාර කෙරුණි. කෙසේ වුවද, ආගමික සංවිධානයක් හෙයින් මුදල් කටයුතු වල දී ශ්‍රී ලංකා මධ්‍යස්ථානය මුහුණ පෑ හැකි විවිධ ගැටලු පිළිබඳ අවධානය යොමු කෙරුණි.
    මෙම සම්මේලනයේ ලේකම් ආචාර්ය ආනන්ද ගුරුගේ සහ ලෝක බෞද්ධ මහා සම්මේලනයේ ශ්‍රී ලංකා මධ්‍යස්ථානයේ ලේකම් මහාචාර්ය යූ ඩී ජයසේකර ගේ උපදෙස් මත ලෝක බෞද්ධ මහා සම්මේලනයේ සාමාජීය හා ආර්ථික ස්ථාවර කමිටුවක් පත් කර ගනු ලැබීය. කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිව සිටි, N U ජයවර්ධන මහතාට කෙරුණු ආරාධනය ඒ මහතා විසින් පිළිගන්නා ලදී. මහජන බැංකුවේ ආර්ථික පර්යේෂකයෙකු වූ පාලිත කන්නන්ගර මහතා එහි ලේකම් වශයෙන් පත් කර ගනු ලැබීය.
    මෙම යෝජනාව සඳහා නිල මට්ටමින් ලෝක බෞද්ධ මහා සම්මේලනයේ අනුමැතිය ලබාගත යුතු වූ හෙයින් එය 1984 අගෝස්තු 2 සිට 4 දක්වා කොළඹදී පැවති සම්මේලනයේ 14 වන සම්මේලන වාරයට ඉදිරිපත් කෙරුණි.

    බොහෝ දෙනෙක් යෝජනාවට කැමැත්ත පළ කරනු ලැබූවද සම්මේලනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, සුනායෝ මියාබරි චො මහතා ඊට එකඟ නොවීය. ඇමෙරිකාවේ හවායි හි liberty බැංකුවේ උප සභාපති ද වූ හෙතෙම කියා සිටියේ ලෝක බෞද්ධ මහා සම්මේලනය රාජ්‍ය නොවන සංවිධානයක් වූයෙන් බැංකුවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය දැනුම හෝ විශේෂඥ ඥානය නැති බවයි.
    එදින සිදුවූ දේ මතකයට නගන ඇල්බට් එදිරිසිංහ මහතා මෙසේ කියයි... "සභාවේ බැංකු පිළිබඳ වැඩි අවබෝදයක් නොමැති උදවිය වූයෙන් කතාවට කන් දුන් ඔවුන් පසුවූයේ දෙගිඩියාවෙන්, යෝජනාව ඉවත ලන ලකුණු පහළවිය. එකෙනෙහිම දැඩි ස්වරයෙන් කෙනෙක් හඬ නගනු ඇසුණි. "සභාපතිතුමනි කරුණාකර යෝජනාව ගැන ඡන්දයක් විමසන්න. බැංකුවක් පවත්වාගෙන යන්නට නොදන්නා අයට අපි ඒ ගැන උගන්වන්නම්." ඒ හඬ වෙන කිසිවකුගේ නොව එන් යූ ජයවර්ධන මහතාගේය.යෝජනාව ගැන ඡන්දය විමසනු ලැබීය එය ඒකමතිකව සම්මත වූයේ ජය ඝෝෂා මධ්‍යයේය.

    ලෝක බෞද්ධ මහා සම්මේලනයේ අනුමැතිය ලැබූ විගස සිය කාර්යභාරය ඉටු කිරීමට යුහුසුළු වූ N U, අනු කමිටු තුනක් පත්කොට විවිධ කාර්යයන් ඒවාට පැවරීය. බැංකු ක්ෂෙත්‍රයේ මනා පළපුරුද්දක් ලත් ජානක ද සිල්වා මහතා සහ අර්නස්ට් ගුණසේකර මහතා පරිපාලන් සහ කාර්ය මණ්ඩල අනු කමිටුවේ ප්‍රධානී ලෙස ද, නීතිඥ වෝල්ටර් විමලචන්ද්‍ර මහතා සහ Julius and Creasy සමාගම නීතිමය කටයුතු භාරව ද පත් කරනු ලැබූ අතර අරමුදල් එකතු කිරීම ඇල්බට් එදිරිසිංහ මහතාට පැවරුණි.

    බැංකුව පිහිටුවීම පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ සාකච්ඡා පැවැත්වූ අතර මුලින් රුපියල් දෙකෝටි පනස් ලක්ෂයක් ගෙවා නිමි ප්‍රාග්ධනයක් ඇත්නම් බැංකුව ආරම්භ කිරීම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීමට අධිපති ආචාර්ය වර්ණසේන රාසපුත්‍ර එකඟ විය. ඔහු එසේ එකඟ වූයේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනය වසරක් ඇතුළතදී රුපියල් 50,000,000 දක්වා වැඩි කළ යුතු යැයි කියන කොන්දේසියක් මත ය. එම අවධියේදී රුපියල් හාර කෝටියක හිමි ප්‍රාග්ධනයක් අවශ්‍ය වුවත්, එතරම් මුදල් ප්‍රමාණයක් ලබා ගැනීමට නොහැකිවීමත්, බැංකුව පිහිටු වීමේ කාර්යය දිගින් දිගටම ප්‍රමාද වන බවත් සැලකිල්ලට ගෙන මහ බැංකු අධිපති විසින් විශේෂ සහනයක් ලෙස අඩු ප්‍රාග්ධන ප්‍රමාණයකට එකඟ විය.

    පුද්ගලයින් බොහෝ දෙනෙක් බැංකුව සඳහා මුදල් යෙදවීමට කැමැත්ත පළ කළහ. ඒ සියලු දෙනා කොළඹ කොටුවේ Grand Oriental හෝටලයට දිවා භෝජන සංග්‍රහයකට කැඳවනු ලැබූහ. එහිදී ඔවුහු මුදල් භාර දුන් අතර ගෙවීම සඳහා රිසිට් පත් ලෝක බෞද්ධ මහා සම්මේලනය සමාජ-ආර්ථික කමිටුවේ සාමාජිකයින් වූ මහාචාර්ය එන් ඒ ජයවික්‍රම සහ පාලිත කන්නන්ගර යන දෙපළගේ අත්සනින් නිකුත් කෙරුනේ නව බැංකුව පිහිටුවන තුරු මුදල් කොමර්ෂල් බැංකුවේ තැන්පත් කෙරුණි.
    මහ බැංකුවෙන් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කිරීමට අවශ්‍ය මුදල් ප්‍රමාණය එදින එකතු විය.

    බැංකුව 1986 මාර්තු 10 වන දා Investment and Credit Bank Limited යන නමින් 1982 අංක 17 දරණ සමාගම් පනත යටතේ සංස්ථාපිත කරන ලදී 1986 ඔක්තෝබර් 30 වැනිදා මහ බැංකුවේ අනුමැතිය ලැබුණි 1987 මාර්තු 3 වැනිදා සිට 1961 අංක 65 දරන මුදල් පනතේ 22 a(i) වන ඡේදය යටතේ බැංකුව අනුමත කරන ලද බැංකුවක් ලෙස ද, 1953 අංක 24 දරණ විනිමය පාලන පනතේ 4 වන ඡේදය යටතේ අනුමත කරන ලද වෙළෙන්දකු වශයෙන් ද ප්‍රකාශයට පත් කෙරුණි.

    බැංකුවේ නම Invesment & Credit Bank Limited යන නමින් බැංකුව ලියාපදිංචි කරනු ලැබූ අතර සිංහලෙන් එය හැඳින්වූයේ සම්පත් බැංකුව නමිනි .
    බැංකුවේ මූලික කටයුතු ඇරැඹුණු කාලයේ සිටම සම්බන්ධව සිටි පාලිත කන්නන්ගර මහතාට මතක ඇති පරිදි, සම්පත් යන්න විවිධ අය යෝජනා කළ නම් හතකින් එකකි.
    "මම මහාචාර්යවරුන් තිදෙනෙක් සමග ඒ නම් ගැන සාකච්ඡා කළා. එම් බී ආරියපාල හේමපාල විජේවර්ධන සහ ජී බී දිසානායක ඒ මහාචාර්යවරුන් තිදෙනාය. සම්පත් යන අර්ථය ගෙන දෙන "සම්පත්ති" නම් සංස්කෘත වචනයෙන් එය බිඳී සිංහලට ලැබී ඇතැයි ඒ තිදෙනාම කීවා.

    ඊට පස්සේ නමේ ඝන බැලීමට මම අරිසෙන් අහුබුදු ශූරීන් හමුවුණා.. යැයි ඔහු නම ලැබුණු සැටි පැහැදිලි කළේය. ඉක්මනින්ම හැමදෙනාම බැංකුව, "සම්පත්" යන නමින් හැඳින්වීමට පටන් ගත්හ. වෙනකක් තබා බැංකුව නිල වශයෙන් විවෘත කිරීමට කලින් 1987 මාර්තු 25 වැනිදා කටයුතු ආරම්භ කිරීමට පැමිණි මහ බැංකුවේ අධිපති ආචාර්ය රාසපුත්‍ර පවා බැංකුව හදුන්වාදුන්නේ සම්පත් බැංකුව යනුවෙනි.

    ලියාපදිංචියක් කළ නිල නාමය පරිවර්තනයක් වෙනුවට සිංහලෙන් වෙනත් නමක් භාවිතා කිරීම ගැන මහ බැංකුව විරුද්ධත්වය පළ කළ බවින් 1987 සැප්තැම්බර් එකොළොස් වැනි දා රැස් වූ අධ්‍යක්ෂක මණ්ඩලය බැංකුවේ නම සීමාසහිත සම්පත් බැංකුව ලෙස වෙනස් කිරීමට තීරණය කළහ.
    නමට ගැළපෙන ලාංඡනයක් ලෙස පුන්කළස යොදා ගැනුණි.

    මෙම ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු වූ පාලිත කන්නන්ගර මහතා සිය නිවසේ ගරාජය තාවකාලික කාර්යාලයක් ලෙස පවත්වාගෙන යමින් විශ්ව විද්‍යාලිය සිසුන් කීප දෙනෙකුගේ ද සහයෝගය ලබා ගනිමින් ලියුම යැවීම සහ වෙනත් කාර්යයන් සංවිධානය කළේය. "අපට Typewriter එකක්වත් තිබුණේ නෑ... මෙට්‍රොපොලිටන් සමාගම Brother Typewriter ක් ලබා දුන්නා. එය අදත් සම්පත් කාර්යාලයේ තිබෙනවා.." යයි යටගියාව මතක් කළේය.

     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    අපට තිබුණු විශාල ම කාර්යය වූයේ මුදල් සොයා ගැනීම. "මගේ අත්සන යොදා ලියුම් හැත්තෑ දහසක් රට පුරා යැව්වාය කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ?" ඔහු ඇසීය.
    "මුදල් එකතු කිරීමේ කාර්යය සඳහා රටේ විවිධ ප්‍රදේශ වලින් නියෝජිතයින් පත් කළා.. අපට එකතු වූ ලංකා බැංකුවේ මහජන සම්බන්ධතා කළමනාකරුව සිටි ප්‍රේමසර ඈපාසිංහ සමග මම රට පුරා ගොස් ඔවුන් උනන්දු කරවමින් කටයුතු කළා.." යැයි වැඩිදුරටත් ඔහු පැවසීය.

    බැංකුව ආරම්භ කර, තුන් මාසයක් ඇතුලත ජනතාවට හඳුන්වා දුන් කොටස් නිකුතු දෙකකදී කොටස් මිල දී ගත් සෑම තරාතිරමකම 17,000 කට ආසන්න පිරිසක් බැංකුවේ හවුල්කරුවන් වූ අතර, ඔවුන් අතුරින් වැඩි දෙනෙක් අදටත් කොටස්කරුවන්ය. බොහෝ දෙනෙකුට ඇත්තේ කොටස් පන්සියයකට අඩු ප්‍රමාණයකි

    සම්පත් බැංකුවේ ප්‍රථම සභාපතිවරයා වූ N U ජයවර්ධන මහතාගේ සංකල්පය අනුව, බැංකුව ආරම්භ වූයේ සම්පූර්ණයෙන්ම ජාලගත කරන ලද පරිඝණක සහ වායුසමනය කළ ශාඛා සහිතවය. මුදල් ලබා ගැනීමට කිසිදු Token පතක් අවශ්‍ය නොවුනි. ඉක්මන් සුහදාශීලී සේවාවක් සහිතව බැංකුව හවස 3.00 දක්වා විවෘත කර තැබිණි. එමෙන්ම 1988 ජුනි මාසයේ සිට දකුණු ආසියාවේම ප්‍රථම වරට රහස් අංකයක් සළකුණු කොට මුදල් ගතහැකි "Automated Sampath Teller Machine " හෙවත් SET යන්ත්‍ර මෙරටට පළමුවෙන්ම හදුන්වාදෙනු ලැබීය. එකල අනෙකුත් බැංකු සිටි තත්ත්වය සැලකූවිට සම්පත් බැංකුවේ ආගමනය මෙරට බැංකු ක්ෂෙත්‍රය උඩු යටිකුරු කිරීමට සමත් විය.

    මොන තරම් නවීන තාක්ෂණය භාවිතා කරන්නේද යන්න පහතින් බලා ගග හැකිය.
    ▪️

    1988 දකුණු ආසියාවේම ප්‍රථම වරට ලංකාවට ATM යන්ත්‍ර හදුන්වාදීම.
    ▪️

    1989 ශ්‍රී ලංකාවේ පළමු වරට ශාඛා අතර Uni Banking System එක හදුන්වා දීම.
    Mastercard ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    ▪️

    1996 සම්පූර්ණයෙන්ම පරිඝණක පද්ධතියක් මගින් පාලනය වන Telebanking මෙරටට හදුන්වාදීම.
    ▪️

    1999 බැංකු අතර සිදුවන ATM ගනුදෙනු වලදී ලංකාවෙන් පිටරටට ඇදී ගිය විශාල මුදලක් ඉතිරි කරමින් නව ජාතික ATM Switch එකක් හදුන්වාදීම.
    ▪️

    2000 වසරේදී නව සහස්‍රයකට මං විවර කරමින් online banking සේවාව හදුන්වා දීම.
    ▪️

    2003 වසරේදී එක් දිනකින් චෙක්පත් නිෂ්කාශනය (one day cheque clearing )කිරීම පළමු වරට ශ්‍රී ලංකාවට හදුන්වාදීම.
    ▪️

    2004 ශ්‍රී ලංකාවේ පළමු CIT (Cheque Image & Truncation) site එක ආරම්භ කිරීම. මෙමගින් චෙක්පත් නිෂ්කාශනය තවත් වේගවත් සහ පහසු විය.
    ▪️

    2013 විදේශ මුදල් මාරු කළහැකි ATM යන්ත්‍ර සහ කාඩ්පතක් නොමැතිව ATM යන්ත්‍රයෙන් මුදල් ලබා ගැනීම (CARSLESS CASH) මෙරටට පළමුවෙන්ම හදුන්වාදීම.
    ▪️

    2016 MISSEDCALL BANKING හෙවත් Miss Call එකකින් balance එක බලාගැනීමේ සේවාව ශ්‍රී ලංකාවේ පළමු වරට ක්‍රියාත්මක කිරීම.
    ගිණුම් ශේෂය - 0112 303080
    Credit Card ශේෂය - 0112 303090
    ▪️

    2017 කෘතීම බුද්ධිය (AI) මගින් බලගැන්වෙන ශ්‍රී ලංකාවේ පළමු බැංකු රොබෝ යන්ත්‍රය ස්ථාපනය කිරීම.
    ▪️

    2018 පරිසර හිතකාමී පියවරක් ලෙස කඩදාසි භාවිතය අවම කරමින් ශ්‍රී ලංකාවේ පළමු වරට වව්චර රහිත බැංකු ගනුදෙනු (SLIP LESS BANKING ) හදුන්වාදීම.


    වර්තමානය

    මේ ආකාරයෙන් එදා සිටම සම්පත් බැංකුව නවීන තාක්ෂණය යොදා ගැනීම දැනට දකුණු ආසියාවේ අනෙක් රටවල් සැලකීමේදී ශ්‍රි ලංකාවට ඉදිරියෙන් සිටීමට විශාල රුකුලක් වී ඇත. එමෙන්ම, අදාටද බැංකු ක්ෂේත්‍රයේ දියුණුම තාක්ෂණය සහ ආරක්ෂිතම පරිඝණක පද්ධතිය සම්පත් බැංකුව සතුවේ. බැංකු ක්ෂෙත්‍රයේ අය පවා සම්පත් බැංකුව " IT බැංකුව "ලෙස හදුන්වනේ මේ නිසාය.
    බැංකු කටයුතු පමණක් නොව සාමාජීය වගකීම්ද එකලෙස ක්‍රියාත්මක කරමින් නටබුන් වී ඇති වැව් ප්‍රතිසංස්කරණය ඇතුළුව ශ්‍රී ලංකාවේ අනාගත පරපුර වෙනුවෙන් සහ සමස්ත සමාජය වෙනුවෙන්ම මහත්වූ වැඩ කොටසක් මෙන්ම, ශ්‍රී සම්බුද්ධ සාසනයේ චිරස්ථිතික උදෙසාද වාර්ශිකව මිලියන ගණනක් මෙම ශ්‍රී ලාංකික බැංකුව වෙන් කරයි. ඔවුන් එම සාමාජීය වගකීම් වැඩි ප්‍රසිද්ධියකින් තොරව සිදු කිරීම කරනුයේ බෞද්ධ ආභාසය නිසාම විය යුතුය .
    වර්තමානයේ සම්පත් බැංකුව කිසිදු ජාතියකට ආගමකට අගතියක් නොවන පරිදි ශ්‍රී ලංකාවේ සෑම තැනකම විහිදුනු ශාඛා ජාලයකින් යුක්තව සියලු ශ්‍රී ලාංකිකයන්‍ට එක ලෙස සේවය කරනු ලබයි. 4000 කට ආසන්න සේවක මණ්ඩලයේ සියළුම ජාති ආගම් වලට අයත් සේවකයන් නොබෙදි එකම පවුලක් සේ ශ්‍රී ලාංකික අනන්‍යතාව රැක ගනිමින් කටයුතු කරයි.

    කිසිදු පුද්ගලයෙකුට නොව, සම්පත් බැංකුවේ කොටස්වල ආයෝජනය කර ඇති සියලුම ජාති ආගම් වලට අයත් ශ්‍රී ලාංකික ජනතාවගේ දේශීය බැංකුවක් වන සම්පත් බැංකුවට සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ අනාගතය එළිය කිරීමට හැකියාව ලැබේවායි අවසානවශයෙන් ප්‍රාර්ථනා කරමු .



    අන්තර්ජාලය ඇසුරිනි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,637
    100,892
    113
    තාම මට නන් සර්විස් හොදයි. යූස් කරපු ඊබැන්කින් වලින් හොදටම තියෙන එක.

    ඒත් පෝස්ට් වැටෙනව සමහර අයගෙ නන් සර්විස් අවුල් කියල.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,759
    87,168
    113
    ආශ්චර්යමත් රටක
    සම්පත් බැංකුව පට්ටනේ එහෙම බැලුවම. මමත් සම්පත් බැංකුවෙ ලංකාවෙ අකවුන්ට් තියන් ඉන්නෙ.

    කොමර්ෂල් බැංකුව, hnb එකට කරගන්න බැරිවෙලානෙ එක වැදගත් වැඩක් වත් මුලින්ම.
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    HNB, NSB, Commercial, Sampath, BOC බැංකු වල එකවුන්ට් තිබුනා.

    ඒවායින් නං සම්පත් එක එදිනෙදා ගනුදෙනු වලට හොදයි. බිස්නස් වැඩ වලට චෙක් එකක් පාවිච්චි කරද්දී ඒක නං ගත්තේ BOC එකෙන්. ඒක හොදයි එතනදී. මගේ ඉස්කෝලේ යාලුවෙක්ගේ අම්මා බ්‍රාන්ච් මැනේජර් ඉන්නේ.

    NSB නං මෙලෝම වැඩක් නැහැ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    හොඳ බැංකුවක්, ස්ටාෆ් එකට හොඳට සලකන..මට මතකයි induction එකේදි කිව්ව පලවෙනි ATM එක ගැන, මතක විදියට කොල්ලුපිටියෙලු මුලින්ම install කරේ මිනිස්සු මුලින්ම හිතල තියෙනව කියන්නෙ ඒක ඇතුලෙ කෙනෙක් ඉඳන් සල්ලි ගැනල දෙනව කියලලු :rofl:

    Cash department එකට ගිහින් තියෙනව හෙඩ් ඔෆිස් එකේ basement එකක තියෙන්නෙ, ලංකාවේ හැම බ්‍රාන්ච් එකකම සල්ලි එන්නෙ එතනට, ඒ සල්ලි ගනන් කරන්න ඉන්නෙ විශේශ අවශ්‍යතා තියෙන අය ඒක සිරාම වැඩක්.. එතන daily වැක් කරල ක්ලීන් කරනව, මිනිස්සු මාස්ක් දාගෙන වැඩ කරන්නෙ, උදේ ක්ලීන් පිට තියෙන මේස පුටු ඔක්කොම දූවිලි තට්ටු වලින් වැහෙන්න යන්නෙ පැය කීපයයි :yes:

    ඒ ඔක්කොම දූවිලි එන්නෙ නෝට්ස් වලින්, ඉතිං හිතාගනින් කොච්චර සල්ලියක්ද කියල :yes:
    සම්පත් පලවෙනි බ්‍රාන්ච් එක තමයි කොටුව ස්ටේශන් එක ලඟ තියෙන බ්‍රාන්ච් එක.
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    Last edited: