සම්පත් බැංකු කොටස් + Indra Treaders

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    Indra-web.jpg


    ශ්‍රී ලංකාවේ සිටින ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු හා ආයෝජකයෙකුවන Indra Traders හිමිකරු ඉන්ද්‍රා සිල්වා විසින් 2024/04/10 දිනයේදී සම්පත් බැංකුවේ කොටස් 1.2%ක ප්‍රමාණයක් රුපියල් බිලියන 1.2කට මිලදී ගත් බව වාර්තා වේ.
    2023 දෙසැම්බර් 31 වන විට ඉන්ද්‍රා සිල්වා හට සම්පත් බැංකුවේ සමස්ත කොටස්වලින් 8.2%ක හිමිකාරීත්වයක් තිබිණ. ඊයේ දිනයේ ගනුදෙනුවෙන් පසු ඔහුගේ කොටස් හිමිකාරීත්වය 9.4%ක් දක්වා ඉහළ යනු ඇත.

    1987දී පිහිටුවනු ලැබූ සම්පත් බැංකුවේ මුල්ම ආයෝජකයෙකු ලෙස ඉන්ද්‍රා සිල්වා සැලකේ. තවද ලංකාවේ විශාලතම පෞද්ගලික බැංකුව වන කොමර්ෂල් බැංකුවේ ද දෙවන විශාලතම කොටස් හිමියාවන්නේ ඔහුය.

    විකුණුම්කරු: ඉන්ද්‍රා සිල්වා හට ඊයේ දිනයේදී කොටස් විකුණනු ලැබූයේ Ayenka Holdings Ltd. නම් ආයතනය විසිනි. මෙය Global Rubber ආයතනය හිමිකරු වන, ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ප්‍රභාෂ් සුබසිංහට අයිති, ආයෝජනයන් සිදු කරන ආයතනයකි. Ayenka Holdings හට 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ 9.97ක කොටස් හිමිකාරීත්වයක් තිබුණි.

    ප්‍රභාෂ් සුභසිංහ සම්පත් බැංකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකි. එසේම ඉන්ද්‍රා සිල්වාගේ පුත් රුෂංක සිල්වා සම්පත් බැංකුවේ උප සභාපතිවරයාය.

    ප්‍රධාන කොටස් හිමියන්: 2023 දෙසැම්බර් 31 වන විට සම්පත් බැංකුවේ ප්‍රධාන කොටස් හිමියන් පස් දෙනා වන්නේ: ධම්මික පෙරේරාගේ Vallibel One PLC (14.95%), ‍රෙනෝ සිල්වාගේ Phantom Investments (Pvt) Limited (10%), ප්‍රභාෂ් සුභසිංහගේ Ayenka Holdings Ltd (9.97%), සේවක අර්ථසාධක අරමුදල (9.97%) සහ Indra Traders සභාපති ඉන්ද්‍රා සිල්වා (8.2%).

    Indra Traders: ව්‍යාපාරික පවුලකින් පැවත එන ඉන්ද්‍රා සිල්වා Indra Traders නමින් මෝටර් රථ විකිණීමේ සමාගමක් ආරම්භ කරනු ලබන්නේ 1974දී පමණය. 1978දී සිදු වූ විවෘත ආර්ථික වැඩපිළිවෙලත් සමගම ඔහුගේ මෝටර් රථ විකිණීමේ ව්‍යාපාරය ශීඝ්‍රයෙන් දියුණුවට පත් විය. ශ්‍රී ලංකාවේ මෝටර් රථ ව්‍යාපාරයේ පුරෝගාමියකු ලෙස ද ඉන්ද්‍රා සිල්වා සැලකේ.

    මේ වන විට Indra Traders මෝටර් රථ වෙළෙඳාමට එහා ගිය විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයකි. මූල්‍ය ක්ෂේත්‍රයට අමතරව දේපල හා හෝටල් ක්ෂේත්‍රයේද විශාල ආයෝජනයන් මෙම සමාගම විසින් අද වන විට සිදු කර ඇත.

    Indra Traders හට අයිති යූනියන් පෙදෙස හා බේබෲක් පෙදෙස යාකරන විශාල ඉඩමක තනා ඇති Trizen මහල් නිවාස සංකීරණය John Keells සමාගම හා Indra Traders සමාගම අතර ඒකාබද්ධ ව්‍යාපෘතියකි.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,299
    13,194
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔක්කොම හොරු නේ ඕයි බැංකු වල කොටස් අයිති කාරයො.
    ඔය ඉන්ද්‍රා කරයත් ජපානේ හැපිච්ච වාහන ගෙනල්ලා හදලා මීටර් කරකවලා re-condition කියලා විකුනපු ගල් ආදෙක්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඉන්ද්‍රා ට්‍රේඩර්ස්. වාහන මන්දිර. ඉස්සර ගම් වලට වාහන ට්‍රේඩින් පිස්සුව හදපු තැන් තමයි. 80 ගනන් වල ඉතින් පිස්සුවක් තමයි.
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඔක්කොම හොරු නේ ඕයි බැංකු වල කොටස් අයිති කාරයො.
    ඔය ඉන්ද්‍රා කරයත් ජපානේ හැපිච්ච වාහන ගෙනල්ලා හදලා මීටර් කරකවලා re-condition කියලා විකුනපු ගල් ආදෙක්.
    අපිට කෙලවෙලා තියෙන්නෙ ඇයි දන්නවද. අපේ හිත හොඳ වැඩී. ලංකාවේ ගොඩ ගිය හැම එකෙක්ම මොකක් හරි ගේමක් ගහල ගොඩ ගිය උන් ඉන්නෙ. එහෙම නැති එකෙක් පෙන්නහං මට. මමනම් දන්නෙ නෑ. අම්ම අප්ප හරි විකුනල සල්ලි හොයන්න හිත හදාගත්ත දවසට අපිටත් තැනකට එන්න පුලුවන් වෙයි. හැබැයි ඉතින් එතකං පොඩි ගේකෑල්ලක් හදන් වාහනකට්ටක් අරන් මැරෙනකල්ම එහෙම ඉන්නයි වෙන්නෙ. ඒ මට්ටමෙන් උඩට යන්නනම් ඔය මම කියපු දේවල් කරන්න වෙනවා.
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    කෝටි 120කට එච්චර සෙල්ලමක් දාන්න පුලුවන්ද..

    පොඩි ගේකෑල්ලක් හදන් වාහනකට්ටක් අරන් මැරෙනකල්ම එහෙම ඉන්නයි වෙන්නෙ. ඒ මට්ටමෙන් උඩට යන්නනම් ඔය මම කියපු දේවල් කරන්න වෙනවා.
    අරුන් තරම්ම නැත්ත්, හරි විදිහට හම්බ කරල ඔයා කියන ලෙවල් එකට උඩින් ඉන්න පුලුවන්.. එහෙම මිනිස්සු ඕනෙ තරම් ඉන්නව ත් එක්ක..

    වැඩියෙන්ම කතා වෙන්නෙ උඩම ලෙවල් එකේ සෙට් එක නිසා අර විදිහෙ මිනිස්සු ඉන්නව කියල හුගක් අය හිතන්නෙ නෑ..

    අනිත් එක ඔයා හිතන විදිහටම, හොරාකෑවේ හෝ ජරා වැඩ නොකර තැනකට එන්න බෑ කියල විශ්වාස කරන නිසාම හුගක් මිනිස්සු demotivate වෙනව සහ දියුණු වෙන්න උත්සහ කරන්නෙත් නෑ
    ------ Post added on Apr 13, 2024 at 7:14 PM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    අපිටත් කෝටියක් දීල 0.01%ක් ෂෙයාර්ස් ගන්න පුලුවන් නේ 😁
    මාත් මේ ඒකයි බැලුවෙ.. උන්ට පොක්ට් මනී වෙන්න ඕනෙ ඔය දාන ඒව
     
    • Like
    Reactions: chami2015

    shenat

    Well-known member
  • May 13, 2007
    58,487
    86,769
    113
    ආශ්චර්යමත් රටක
    ඔක්කොම හොරු නේ ඕයි බැංකු වල කොටස් අයිති කාරයො.
    ඔය ඉන්ද්‍රා කරයත් ජපානේ හැපිච්ච වාහන ගෙනල්ලා හදලා මීටර් කරකවලා re-condition කියලා විකුනපු ගල් ආදෙක්.

    #කොළඹවෙනස 😹😹
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,367
    113
    ඔක්කොම හොරු නේ ඕයි බැංකු වල කොටස් අයිති කාරයො.
    ඔය ඉන්ද්‍රා කරයත් ජපානේ හැපිච්ච වාහන ගෙනල්ලා හදලා මීටර් කරකවලා re-condition කියලා විකුනපු ගල් ආදෙක්.

    ඔව් බන් කැරියා මටත් ඕකම කරා
     
    • Like
    Reactions: War Fighter

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,074
    1
    28,564
    113
    ඔක්කොම හොරු නේ ඕයි බැංකු වල කොටස් අයිති කාරයො.
    ඔය ඉන්ද්‍රා කරයත් ජපානේ හැපිච්ච වාහන ගෙනල්ලා හදලා මීටර් කරකවලා re-condition කියලා විකුනපු ගල් ආදෙක්.
    මේ කතාව නම් ඇත්ත.