සම්බුද්ධ_රජ_මාලීගාව

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    සම්බුද්ධ_රජ_මාලීගාව

    සම්බුද්ධ රජ මාලීගාව
    සියලු සත්වයෝ සැප කැමැත්තෝ වෙත්වා

    .
    1.jpg

    .
    2.jpg

    .
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    hmmm budu hamuduruwanta rathu paata mal kalmbawal pooja kale kawadda? wine glasses wala pen pooja karala... phew.. kiribathgodaya hemin hemin denawa neda wede.. anith eka thama mokakda me "Sambuddha raja maligaya" kiyana eka. budu hamuduruwo gihi geya (raja sepa) atherala giye, thawath raja maligawaka inna newe..
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේවත් බුදු පිලිමද?

    ගැහැණු රූප ලෙස බුදුපිළිම අබා දෙතිස් මහා පුරුෂලක්ෂණ තිබෙන මහා පුරුෂයාණන් වහහන්සේ පිලිබදව ස්රධව වලලා දැමීමේ ක්‍රියාපිළිවෙත සම්බුද්ධ රජ මාලිගාවෙන් දැකගනු ...! බුදුපිළිම සම්ප්‍රධාය අතුරුදහන් කෙරීම නරබනු ..


    558041_112916152188505_507310042_n.jpg



    -------------------------------------------------------------
    බුද්ධ ප්රඳතිමා වහන්සේලා පිළිබඳ කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් දරන්නේ මෙබඳු අදහසකි.

    “බුදු පිළිම කැඩුවාට බුදුරජාණන් වහන්සේට හානියක් නෑ...
    අපි ධර්මය දකින තාක් කල් හන්දියක් හන්දියක් ගානේ බුදු පිළිම තිබුණත්, උන්වහන්සේට පහර වදිනවා...
    ගල් ගෙඩි අස්සෙන් බුදුරජාණන් වහන්සේව දකින්න යාමේ මෝඩකම නිසා ඔල මොට්ටල බුද්ධාගම්කාරයෝ ඇති වුණා...
    පුංචි ළමයින්ට ශ්රාද්ධාව ඇතිකරවන්න බුදු පිළිම ඕනෑ නෑ...”

    යනුවෙන් මෙවැනි කෙටි මාතෘකා රැසක් කිරිබත්ගොඩ ඤණානන්ද හිමියන් විසින් රචිත “බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” යන ග්රදන්ථයේ පිටකවරයේ පසුපිටේ සඳහන්ව ඇත. එහි එන තවත් කාරණා කිහිපයක් පහත දැක්වේ.
    “පිළිම තුළින් බුදු රජාණන් වහන්සේව දකින්න බැහැ.
    නමුත්, අද අපේ රටේ බෞද්ධයින් ඒ දේ කරනවාද...? මැටිවලින් හදපු බුදුරජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා කොටසක්. ලී වලින් හදාපු බුදු රජාණන් වහන්සේව බලන්න ලෑස්තිවෙලා ඉන්නවා තවත් කොටසක්. ගල්වලින් හදාපු බුදු රජාණන් වහන්සේව දකින්න ලෑස්ති වෙලා ඉන්නවා තවත් කොටසක්. බුදු රජාණන් වහන්සේව දකින්න පුළුවන් වේවිද ඒ විදිහට....? කවදාවත් බෑ. ඒක අපට සිද්ධ වුණු ලොකු වැරැද්දක්. (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - දෙවැනි ඡේදය)”


    ------------------------------------------------------------
    යමෙක් ධර්මය දකින්නේ ද හෙතෙම මා දකින්නේ ය; යමෙක් මා දකින්නේ ද හෙතෙම ධර්මය දකින්නේ ය යනුවෙන් පටිච්ඡ සමුප්පාද විවරණයෙහි දක්වා ඇති සංකල්පය වරදවා අර්ථ විවරණය කරමින් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් මීළඟට සිංහල බෞද්ධ ජන විඤ්ඤාණය දූෂ්යො කරන ආකාරය කටයුතු කරන්න.
    “පිළිම තුළින් බුදුරජාණන් වහන්සේව දකින්න උත්සාහ කළ වැරැද්ද අද අත්විඳිනවා...
    අපට අතීතයේ සිද්ධ වුණු වැරැද්ද නිසා, අපෙන් වෙන් වුණු වැරදි නිසා, බුදුරජාණන් වහන්සේව ධර්මය තුළින් දකින්න පුළුවන්කම තියෙද්දී, ඒක දකින්නේ නැතිව, විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙලන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිද්ධ වෙලා. දැන් ඔන්න ඇෆ්ගනිස්ථානෙ ඒ ප්රටශ්නේ මතුවෙනවා. තලේබාන් බුදු පිළිම ගැන අප තදින් කථා කරනවා. ඒත් අප ඉගෙන ගන්නවාද....? ධර්මය දකින්න කියලා අපට කිව්වහම, ඒ ධර්මය දකින්නේ නැතුව, අපේ පැරණි අය විසින් බුදුරජාණන් වහන්සේව පිළිමවලින් දකින්න ගල්වල කෙටූ නිසා අද අප ඒ වැරැද්ද අත්විඳිනවා...”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 1 වැනි පිටුව - 4 වැනි ඡේදය)


    -----------------------------------------------------------------

    “ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම කැඩුණේ අපට සිදු වුණු ඓතිහාසික වැරදීම නිසයි.
    අපට සිදු වුණු ඓතිහාසික වැරැද්ද තමයි මේ බුදු පිළිම හැදිල්ල. දැන් බලන්න කුරාන් ආගමේ තහනම් දෙයක්, ප්රබතිමා සෑදීම. ඒ නිසයි බුදු පිළිම කඩා දැමුවේ. නමුත්, ඔය ගෙවල්වල ධම්මපදය කොටලා තිබුණා නම් කඩන්නේ නෑ. ඒක ඒ අයට තහනම් දෙයක් නොවන නිසයි. එහෙම වුණා නම් පුරාවිද්යාදඥයෝ ගිහිං ඒවා කියවාවි. විනාශයට පත්වන්නේ නෑ...”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 15 වැනි පිටුව - දෙවැනි ඡේදය)
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පවසන අන්දමට ඇෆ්ගනිස්ථානයේ බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනු ලැබුවේ පැරැන්නන් විසින් විශාල ගල්වල බුද්ධ ප්ර්තිමා නෙලා තිබූ නිසාය. බුද්ධිමත් ඕනෑම අයෙකුට පොළොන්නරුව ගල් විහාරය, අවුකන ආදී පැරැන්නන් විසින් වසර ගණනක් වෙහෙස මහන්සි වී ඉතා ශ්රාද්ධාවෙන් යුතුව විශ්මයජනක ලෙස නෙළා ඇති බුද්ධ ප්රෙතිමා වහන්සේලා දකින විට ශ්රනද්ධාවක් මෙන්ම ඉතිහාසයේ සිටි බෞද්ධ ජනතාව පිළිබඳ අභිමානයක් ඇතිවේ...
    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස විශාල ගල්වල බුද්ධ ප්රිතිමා නෙළීම සාපයක් බවයි. ඒ බව “විශාල ගල්වල බුදුරජාණන් වහන්සේව නෙළන්න ලෑස්ති වෙලා අත්විඳින සාපයට අද මුහුණ දෙන්න සිදු වෙලා....” යන ප්ර්කාශයෙන් මනාව උධෘත වේ.
    සිවුරැ පොරොවා ගත් බෞද්ධ භික්ෂුවක් තබා බෞද්ධ නාමයෙන් පෙනී සිටින ශිෂ්ට සම්පන්න කිසිඳු ගිහියෙකුවත් නොකරන මෙවැනි ප්රාකාශයන් කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් පොත්පත්වල ලියා පළ කොට ඇත්තේ උන්වහන්සේ උපතින්ම බෞද්ධයෙකු නොවන නිසා විය හැකිද...?
    නොයෙක් නාමයන්ගෙන් පෙනී සිටින අන්යැ ආගමික මූලධර්මවාදී සංවිධාන විසින් බුදු සසුන වැනසීමේ කුමන්ත්රැණකාරී වැඩ පිළිවෙලක් රට තුළ ක්රිනයාත්මක කරයි. තිසරණය හඳුනා නොගත් බෞද්ධයන්ව තෑගි බෝග දී රවටා ගන්නා එම මිනිසුන් ලවා බුදු පිළිම විනාශ කරවති; බුදු පිළිම පොළොවේ ගස්වති. ඕනෑම අයෙක් බුදු පිළිම වහන්සේ නමක් කඩා බිඳ දමන්නේ හා ඒ සඳහා අනුබල දෙන්නේ බුදු දහම කෙරෙහි වෛරයකින් හා ද්වේශයකින් පසුවන නිසා නොවේද....?
    නමුත්, කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ගේ අදහස;
    “බුදු පිළිම කැඩුවාට හානියක් වෙනවාද...?
    බුදු පිළිම ටික කඩලා බිම දැම්මා කියමු. නමුත්, බුදු රජාණන් වහන්සේට වැදුනද...? වැදුනේ නෑ.... උන්වහන්සේ අසමසමයි.”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 17 වැනි පිටුව)

    කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් මෙවැනි අදහස් පොත්පත්වල ලියා ජනතාව අතර පතුරැවා තිබීම බුදු සසුන වනසන අන්යද ආගමික කුමන්ත්රනණකාරීන්ට මෙන්ම බුදු පිළිම වහන්සේලා කඩා බිඳ දමනා නිධන් හොරැන්ට දොරගුළු විවර කරදීමක් බඳුය.


    ---------------------------------------------------------

    කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ආශ්චර්යවත් ශ්රීි සද්ධර්මය නමින් පරිවර්තනය කොට ඇති මජ්ඣිම නිකාය පළමු ග්රශන්ථයේ පෙරවදන තුළ දී පරිපාලන ක්රොමයක් ලෙස වර්තමානයේ භක්ෂූන් වහන්සේලා යොදාගෙන තිබෙන “නිකාය” යන වචනය දැඩි ද්වේශයෙන් ගර්හාවට ලක්කර ඇත.
    “පුද්ගල කණ්ඩායම් වලටත් ‘%නිකාය’ යන වචනය යොදනවාද...?
    පසුකාලයකදී පුද්ගල කණ්ඩායම් සඳහාත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ලංකාවේ පවා සියම් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය ආදී වශයෙන් පුද්ගල කණ්ඩායම්වලටත් %නිකාය’ යන වචනය යොදා තිබෙනවා. ඒ භික්ෂූන්ට තමන්ගේ අර්ථ ශූන්ය , අධාර්මික, අශාසනික කණ්ඩායම් වාදයට ඉතා පහසුවෙන්ම %සභාව’ යන වචනය යොදන්නට තිබුණා. කොහොම වුණත් ථෙරවාදී සම්ප්රගදාය තුළ කණ්ඩායම යන අර්ථය පිණිස, ශ්රීඅ සද්ධර්මය කොටස උදෙසා ගෞරවයෙන් භාවිත කළ %නිකාය’ යන වචනය යොදා ගැනීම අතිශය බරතල ඓතිහාසික වරදක්. දැන්වත් ඔවුන් ඒ වරදින් නිදහස් විය යුතුයි.” යනුවෙන් දක්වා තිබේ.
    මෙරට නිකාය භේදයක් පවතින බව සැබවි. සීහළ සංඝ සමාජය යළිත් ප්රටතිසංවිධානය කල යුතුය. ඒ ධර්ම විනයෙහි ශාස්තෘත්වය ආරක්ෂා වන පරිදිය. එහෙත් මෙතෙක් පැවැති නිකාය සම්ප්ර දාය නිසා නිර්මල ථෙරවාදී බුදු දහම හෝ බුදු සසුනට කිසිඳු හානියක් සිද්ධ නොවුණේය. සරලව කියන්නේ නම් නිකාය බෙදී යම නිසා කිසිඳු ආකාරයක ධර්ම පරිහානිකර තත්ත්වයක් උද්ගත නොවුණේය. ත්රෛයනිකායක මහා සංඝරත්නයම සෑම අවස්ථාවකදීම නිර්මල ථෙරවාදය වෙනුවෙන් දිවිහිමියෙන් පෙළ ගැසුණෝ ය. මෙවන් වාතාවරණයක් යටතේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් %නිකාය භේදයක්’ යන්න හුවා දක්වමින් සැරසෙන්නේ කුමකටදැයි අප විමසිය යුතුය.
    -----------------------------------------------------------
    “බුදු රජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම හා දහම තුළින් දැකීම” යන ග්රෙන්ථයේ 16 වැනි පිටුවේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් දක්වනුයේ මෙබඳු අදහසකි.

    “අමරපුර නිකායේ බුදු හාමුදුරැවෝ හා සියම් නිකායේ බුදු හාමුදුරැවෝ...
    අපි දන්නවා වැව්රැකන්නල විශාල බුද්ධ ප්ර තිමාවක් තියෙනවා. ඒකේ බුද්ධ පින්තූරේ දෙවුර වහලා නිර්මාණය කරලා තියෙන්නේ. ඒක අමරපුර නිකායෙන් හදපු පන්සලක් නිසා ඒකේ වැඩ ඉන්නේ අමරපුර නිකායේ බුදු හාමුදුරැවොයි...
    ඊළඟ පන්සලෙන් මොකද කළේ...? ඒ පන්සලෙත් පටන් ගත්තා, අපටත් සියම් නිකායෙන් එක්කෙනෙක් ඕන කියලා. තනි පැත්ත වහපු බුදු පිළිමයක් හැදුවා. වෙරෙහේන පන්සලේ වැඩ ඉන්නේ සියම් නිකායේ බුදු හාමුදුරැවෝයි....”

    ------------------------------------------------------------------
    මෑත යුගයේ ලක්දිව සිටි සියලු දෙනාගේ ගෞරවාදරයට පාත්ර වූ ධර්ම විනයධර මහතෙරැන් වහන්සේ නමක් වන අතිපූජනීය රේරැකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ බුදු පිළිම වහන්සේලා හට වන්දනා මාන කිරීම පිළිබඳව “ධර්ම විනිශ්චය” නම් ග්ර න්ථයේ 27 වැනි පිටුවේ දක්වා ඇත්තේ මෙවන් අදහසකි.
    “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්රිතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්රුතිමාවක් හෝ චිත්රවයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රවතිමාව ඒ චිත්රිය ඒ පුද්ගලයාගේ ප්රාතිමාව ලෙසත්, චිත්රයය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්රමතිමාවක් හෝ චිත්රයයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රපතිමාව , ඒ චිත්රවය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්රචතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්රනතිමාවක්ම බුද්ධ ප්රැතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්රේතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්රිතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”

    නුවණැති බෞද්ධයෝ පිළිගනුයේ රේරැකානේ මහ නාහිමිගේ අර්ථ දැක්වීමද...? නැතහොත් කිසියම් පෞද්ගලික හේතුවක් වසා ගැනීමේ අරමුණ මත මත ශාසන සම්ප්ර්දායට ගරහමින් දෙවරක් උපසම්පදා වූ භික්ෂුවක් කරන අර්ථ දැක්වීමද....?
    -------------------------------------------------------------
    වර්තමානයෙහි ධර්මය විකෘති කරමින් මිනිසුන් මුළා කරනා කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් හට බුදු පිළිම වහන්සේලා දැකීම තුළ තම සිතේ ඇතිවන අදහස උන්වහන්සේ මෙසේ ලියා පළ කොට ඇත.
    “ප්රදතිමා වහන්සේ නමක් දැක්කහම පැහැදෙනවාය කීම බොරැවක්...
    කෙනෙකු කියනවා නම් බුද්ධ ප්රේතිමා වහන්සේ නමක් දැක්කහම ශ්රාද්ධාවක් ඇති වෙනවාය, ඒ වගේ පැහැදීමක් මුල් කරගෙන නොතේරෙන ළමයෙකුට වුණත් ශ්රවද්ධාවක් ඇතිකරවන්න පුළුවන්ය..... කියලා ඒක තනිකරම අප විසින් හදා ගත්තු කතාවක් විතරයි. ඒක සත්ය්යක් නොවෙයි.”
    (“බුදුරජාණන් වහන්සේව පිළිම තුළින් දැකීම සහ ධර්මය තුළින් දැකීම” 2 වැනි පිටුව)


    Source: FB
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහමෙව්නා අසසුවේ බෝධිඥාණ සභාවේ ව්‍යවස්ථාව


    මහමෙව්නා අසපුවේ බෝධිඥාණ සභාවේ ව්‍යවස්ථාව පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් අන්තර්ජාලයට එක්කර ඇත. මහමෙව්නාවෙන් පිළිගන්නා ධර්ම කොටස් මොනවාද නොපිළිගන්නා ධර්ම කොටස් මොනවාද යන්න යම් කෙනෙකුට සැකයක් ඇත්නම් මෙහි 95 වන පිටුව බැලීමෙන් ඒ සැකය නිරාකරණය කර ගත හැක්කේය.


    මහමෙව්නා අසපුවේ බෝධිඥාණ සභාවේ ව්‍යවස්ථාව - මෙතැනින් බලන්න



    මෙහි ඉතා පැහැදිලිවම ඛුද්දක නිකායේ කොටසක්, සම්පූර්ණ අභිධර්ම පිටකයම සහ අටුවාද ප්‍රතික්ෂේප කර ඇත. එනයින් මහමෙව්නාව ථෙරවාදී නොවන බවත් වෙනත් බෞද්ධ ගුරුකුලයක් බවත් අප දැරූ මතය තහවුරු වෙයි.


    එපමණක් නොව මෙහි උපදින දරුවා සංඝයා වහන්සේට 'බෞතිස්ම' කිරීමේ සිට මරණය දක්වා වෙනමම චාරිත්‍ර පද්ධතියක්ම හදුන්වා දී තිබේ. අපූරුයි. මේ ගුරුකුලය හැදින්විය යුත්තේ 'බෝධියාන' (බෝධිඥාණ) ගුරුකුලය ලෙසයි. ථෙරවාද, මහායාන, බෝධියාන. ගැලපෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: cool-sasika

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මහමෙව්නා අසපුව ථෙරවාදී නොවේ


    මහාමෙව්නා අසපුව 'සෞත්‍රාන්තික' ගුරුකුලයකි. සෞත්‍රාන්තික යන්නෙහි තේරුම 'සූත්‍ර වලින් අවසන් වන' යන්නයි. සූත්‍ර මතම පදනම් වි බුදු දහම විග්‍රහ කිරීම මේ ගුරුකුලයේ ප්‍රධාන ලක්ෂණයයි. එහිදී ථෙරවාද අභිධර්මය මෙන්ම මහායානික සූත්‍රද ප්‍රතික්ෂේප කෙරේ. සෞත්‍රාන්තිකවාදයද, ථෙරවාදය සහ මහායානය තරම්ම පැරණිය. පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමි අන් අයගේද උපකාර ඇතුව ලංකාවේ සෞත්‍රාන්තික ගුරුකුලයක් පිහිටුවා ඇත.



    ඒ ගැන කිසිදු ප්‍රශ්නයක් නැත්තේ එහි දායකයන් මේ කරුණ දැනගෙනම දායකයන් බවට පත් වන්නේනම්ය. නමුත් අපේ අත්දැකීම් අනුව මහමෙව්නා දායකයන් බහුතරයකට මේ ගැන පැහැදිලි අදහසක් නැත. ඔවුහු බොහෝ දෙනා සම්ප්‍රඅදායික ථෙරවාද බෞද්ධ පවුල්වලට අයත්වූවෝ වෙති. මහමෙව්නා වාසී හාමුදුරුවන්ද තමන් ථෙරවාද නොවන බවත් සෞත්‍රාන්තිකයන් බවත් සෘජුව නොපවසති. යම් හෙයකින් මේ බව පැහැදිලිව ප්‍රකාශ කරන්නේ නම් දැනට එහි දායකයන් වන බොහෝ දෙනෙක් ඒ ගැන නැවත සිතා බලනු ඇත. මන්ද යත් ථෙරවාද බුදුදහම රැකගැනිම සිංහල බෞද්ධයන්ගේ ‍ඓතිහාසික වගකීමක් බවට මහාවංශයෙන් පත්කර ඇති නිසාය. බොහෝ සිංහල බෞද්ධයන් මහායානයට දැඩි ‍විරෝධයක් දන්වන්නේ මේ නිසාය. එහෙත් මහාමෙව්නා සෞත්‍රාන්තිකයන් තමන් ථෙරවාද නොවන බව නොපැවසීමත්, ථෙරවාදීන් මෙන් පෙනී සිටීමත් නිසා බොහෝ සිංහල බෞද්ධයන් රැවටීමකට ලක්ව ඇති බවක් අපට සිතෙයි.


    මේ රැවටීමේ කූටප්‍රාප්තියක් අපට පසුගිය දිනක දැන ගැනීමට හැකි විය. මහමෙව්නා අසපුවේ ප්‍රධාන මූලස්ථානයට මෑතකදී නම් තබා ඇත්තේ 'මහා විහාරය' නමිනි. මහා විහාරය යනු අනුරාධපුර යුගයේ ලෝකයේම ථෙරවාද මුලස්ථානය වූ විහාරයට කියන නමය. ඒ නම තම සෞත්‍රාන්තික ගුරුකුලයේ මුලස්ථානයට යොදා ගැනීම සදාචාර විරෝධී සටකපට ක්‍රියාවක් නොවේද? මහා විහාරය සතුරු ආක්‍රමණ වලින් විනාශ වූ පසුත් ලෝකයේ අන් කිසිදු ථෙරවාදී විහාරස්ථානයක් ඒ නම තම විහාරස්ථානවලට භාවිතා නොකළේ මහා විහාරය ථෙරවාදීන්ට ඒ තරම්ම සුවිශේෂි, අසමසම විහාරස්ථානයක් (සේම ලොව පළමු විශ්ව විද්‍යාලයද) වූ හෙයිනි. ඒ ඊට කරන ගෞරවයක් වශයෙනි.


    අනෙක් අතට අනුබුදු මිහිදු හිමියන් ලංකාවට වැඩියේ තුන්වැනි ධර්ම සංගායනාවේ සංගායනා වූ ත්‍රිපිටකය සමගය (එනයින් මිහිදු මාහිමියන් ඉතා පැහැදිලිව ථෙරවාදී රහතන් වහන්සේ නමකි). අභිධර්මය තුන්වන ධර්ම සංගායනාවට ඇතුළත්ය. එය ප්‍රතික්ෂේප කරමින් මිහිදු හිමියන් දහම් දෙසූ 'මහමෙව්නා උයනේ' නම තම සෞත්‍රාන්තික ගුරුකුලය හැදින්වීමට යොදාගැනීම කොතරම් සදාචාර සම්පන්නද? මෙමගින් 'ඇන්දීමට' ලක්වන්නේ අසරණ ථෙරවාද බෞද්ධයන්ය. මෙය හරියට මිනිහෙක් නොදැනුවත්ව ඇත්ත iPod එකක් බව සිතා චීනයේ හදපු ඩුප්ලිකේට් iPod එකක් ගන්නවා වැනි වැඩකි. මහමෙව්නා සෞත්‍රාන්තිකයන්ට අබමල් රේණුවක අවංක කමක් ඇතිනම් ඔවුන් දැන්වත් තමන් ථෙරවාද නොවන බව සෘජුව ප්‍රකාශ කළ යුතුය. එසේ නොකරන්නේ නම් ඒ වෙන හේතුවක් නිසා නොව තව තවත් ථෙරවාද බෞද්ධයන් තම ගොඩට දාගැනීමේ කූට උපක්‍රමයක් නිසා බව සිතීමට සිදුවේ. එසේ ප්‍රකාශ කළ පසුත් ථෙරවාද බෞද්ධයන් මහාමෙව්නාවේ දායකයන් බවට පත්වන්නේ නම් එය අපට ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ‍එසේ නොවන බව අපි දනිමු.


    ථෙරවාද මහා විහාරයට අතීතයේ අභයගිරිය සහ ජේතවනාරාමය හරහා මහායානයෙන් දැඩි අභියෝගයක් එල්ල විය. එහෙත් ක්‍රි.ව. 5 වන සියවසේදී පමණ ඒ අභියෝගය ලංකාවේදී පරාජය කිරීමට මහා විහාරික භික්ෂූහු සමත් වූහ. ඒ හුදෙක් මතවාදී ශක්තිමත් බව නිසාම නොව මහා විහාරයට එකල තිබු සංස්කෘතික බලයද නිසාය. ථෙරවාදයේ පදනම ශක්තිමත්ය. ඉන්දියාවෙන් මහායානය අතුගෑවී යද්දීත්, ද. කොරියාව ජපානය වැනි මහායාන රටවල් ක්‍රිස්තියානිකරණය වද්දීත් ථෙරවාදී රටවල් අල්ලාගෙන හිටියේ ඒ නිසාය. එදා මතවාදීව ඉතා ශක්තිමත්ව සිටි ‍මහායානය සමග හැප්පුන ථෙරවාදයට සෞත්‍රාන්තිකයන්ට මුහුණ දීම මහ කජ්ජක් විය නොහැකිය. සෞත්‍රාන්තිකවාදය ලෝකයේ කිසිදු රටක මුල් බැස නොගත්තේ එහි පදනම දුර්වල නිසාය. එසේ තිබියදීත් සෞත්‍රාන්තිකවාදීන්ට ලංකාවේ තැනක් ලැබී ඇත්තේ ඇයි? අප මුලින් සදහන් කළ රැවටීම ඊට එක් හේතුවකි. අනෙක් හේතු නම් ථෙරවාද භික්ෂු අධ්‍යාපනය බිදු වැටීමත්, ථෙරවාද භික්ෂු විනය පිරිහීමත්ය. මේ නිසා ථෙරවාදයට විකල්පයක් ලෙස මිනිස්සු (නොදැනුවත්ව හෝ) සෞත්‍රාන්තිකයන් වෙත යොමු වීම ස්වභාවිකය. ථෙරවාද බුදු සසුනේ පිරිහීමට හේතු බොහොමයක් ඇති නමුත් මේ ඒ ගැන කතා කිරීමට අවස්ථාව නොවේ. කෙසේ වෙතත් ඒ කිසිවකින් ථෙරවාදයේ දාර්ශනික පදනම බිද හෙළිය නොහැකිය.


    සූත්‍රවලින් පමණක් බුදු දහම විග්‍රහ කළ නොහැකිද? රේරුකානේ චන්දවිමල හිමියන් සිය 'අභිධර්මයේ මූලික කරුණු' පොතේ පෙන්වා දෙන ආකාරයට බුදු රජාණන් වහන්සේ වදාළ සූත්‍රවලින් සැලකිය යුතු කොටසක් ඒ ඒ අවස්ථාවට සහ ඒ ඒ ප්‍රශ්නය ඇසු පුද්ලයාට උචිත ආකාරයට කළ දෙසුම්ය. එය බුදුරජාණන් වහන්සේගේ එක්කරා ගුණයකි. උන්වහන්සේ 'තියරි' දේශනා නොකළහ. නුවරට යාමට අවශ්‍ය පුද්ගලයා ඊට දකුණු පැත්තේ සිටීනම් ඔහුට කිව යුත්තේ වමට යන්න කියාය. වම් පැත්තේ සිටීනම් ඔහුට කිව යුත්තෙ දකුණට යන්න කියාය. රේරුකානේ හිමියන්ගේම උපමාවකට අනුව සුත්‍ර යනු වෛද්‍යවරයකු හමුවීමට පැමි‍ණෙන රෝගීන්ට ලියා දෙන බෙහෙත් තුණ්ඩු වැනිය. එය රෝගියාගේ ආබාධය සහ ඔහුගේ ශරීර සුවතාවය අනුව වෙනස්වෙයි. අභිධර්මය යනු ඒ වෛද්‍යතුමා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. මේ කාරණය නිසා සූත්‍රවල එකම කාරණය විවිධ ආකාරයට පැහැදිලි කළ අවස්ථා මෙන්ම පරස්පරද දක්නට හැකිය. අභිධර්මයේ කර ඇත්තේ සූත වල ඇති මේ සංයුක්ත දැනුම මත පදනම් වී වියුක්ත දැනුම් පද්ධතියක් ගොඩ නැගීමය. ඒ සදහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළෝ ධම්ම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේය. අභිධර්මයෙන් තොරව සූත්‍ර මත පමණක් පදනම් වී බුදු දහමේ සංකල්පීය සහ දාර්ශනික අරුත් පැහැදිලි කළ නොහැකිය (මහායානිකයෝ ප්‍රඥා පාරමිතාව සහ බෝධිසත්ව සංකල්පය මත පදනම්ව වෙනමම මාර්ගයක් ගෙන එය කිරීමට උත්සාහ ගත්හ). එයින් වන්නේ පඹ ගාලක පැටලීම පමණි. සෞත්‍රාන්තිකයන් හිතාමතාම ථෙරවාදීන් සමග වාදයට නොඑන්නේත්, තම අනුගාමිකයන්ගේ අදහස් දැඩිව පාලනය කරන්නේත් මෙකී දුර්වලතා දන්නා නිසාද?


    මතවාදී දූර්වලතා නොව ප්‍රායෝගික දුර්වලතා සහ රැවටීම් නිසා සෞත්‍රාන්තිකයන්ට ථෙරවාදය ලංකාවේ පරාජය වුවහොත් එය ලෝකයේම ථෙරවාදයේ අවසානය වෙයි. අදටත් ලෝකයේ ථෙරවාද මූලස්ථානය ලංකාවය. සෞත්‍රාන්තිකයන් ථෙරවාදය පැරදුවත් ඔවුන්ගේ මතවාදී දුර්වල බවත් හුදෙක් භක්තිවාදයට නැඹුරුවීමත් නිසා ඔවුනටද ක්‍රිස්තියානිකරණයට මුහුණ දිය නොහැකිය. ප්‍රතිඵලය වන්නේ ලංකාවෙන් බුදු සසුන අතුගෑවී යාමය. බටහිර ආක්‍රමණවලින් සහ ඉන් පසුව ථෙරවාදය දුර්වල වූයේ භික්ෂු අධ්‍යාපනය බිද වැටීමෙනි. මීට පිළිතුරක් පෙනෙන තෙක් මානයක නැත. මහජනතාවට කුඩු විකුණන, ආසනික් අඩංගු කෘමිනාශක විකුණන දේශපාලන නායකත්වයෙන් සංගායනා ඉල්ලා සිටීම ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලීමකි. ඒ වෙනුවට ඉතිරිව සිටින ථෙරවාදී භික්ෂූන් වහන්සේලා සමගිවී ත්‍රිපිටකධාරීව, භාවනායෝගීව පිළිවෙත් පුරන සග පරපුරක් වේනම් ‍මෙයට වඩා විශාල අභියෝගවලට වුවද මුහුණ දිය හැකිය. එබදු භික්ෂූන් වහන්සේලා වහ වහා ඊට නායකත්වය ගනු ඇතැයි යන්න අපේ පැතුමයි. ඉංගිරිසීන් සිංහල ථෙරවාද බුදු සසුනට ඇටවු ' (මහා) නායක පට්ටම්' උගුල හෝ 'අධිකරණ හෝ වෙනත් සංඝ නායක' පට්ටම් ඊට බාධාවක් විය යුතු නොවේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,549
    22,235
    113
    Gotland
    යකුනේ මේකේ බුද්ධ ප්‍රතිමා හදල තියෙන්නේ ගැහැණු වගේ නේ..

    මේක හදපු පොන්නයෝ හිතන ඉන්නේ බුදුහාමුදුරුවෝ ගෑනියෙක් කියලද ?


    :angry::angry::angry:
     
    • Like
    Reactions: cool-sasika

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මේ සටහන බෞද්ධ වේශයෙන් සිටිමින් සිංහලයන් බෞද්ධයන් බෙලහීන කරන ප‍්‍රබල කුමන්ත‍්‍රණයක් සම්බන්ධවයි. බුදුන් දවස දෙව්දත් තෙරුණ් වහන්සේ සංඝ සංස්ථාවේ සම්ප‍්‍රදායන්ට පටහැනි අයුරින් වෙනමම සම්ප‍්‍රදායක් පවත්වාගෙන යමින් සංඝ භේදය ඇති කිරීමට කටයුතු කරන ලදි. මෙම හෙළිදරව්වෙන් නිරාවරණය කරන කාරණය දෙව්දත් තෙරුන්ට සාපේක්‍ෂව කෙතරම් දුරකට සමාන කළ හැකිද නොහැකිද යන්න තීරණය කිරීම විමර්ශනශීලි පාඨයන් සතු කාර්යකි.


    රම්‍ය, සුරම්‍ය, සුභ ආදී මාළිගාවන් තබා සක්විති රජකම පවා ඉවතලා සම්බුද්ධත්වයට පත් අප ගෞතම බුදුරජාණන් වහන්සේ නැවත වරක් සිරිසම්බුද්ධ රාජ මාලිගාවකට වැඩම්මවා ඇත. සංස්කෘතිකමය වශයෙන් දළදාවහන්සේට මාලිගාවක් හිමිව තිබු බව සැබෑය. නමුත් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මාලිගා හදන සම්ප‍්‍රදායක් අපතුළ නොවීය. රත‍්‍රන් වත්කරමින් මුතු, මැණික්, සුදුහඳුන් ආදි මිලඅධික වස්තූන් අමුද්‍රව්‍යවයන් සේ භාවිතා කොට නිර්මිත මේ මාලිගාව පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන්ගේ නිමැවුමකි. අන්‍යාගම්කරණය නිහ`ඩවත් සීඝ‍්‍රවත් කි‍්‍රයාත්මක වෙමින් ඇත. බෞද්ධයන් දිනෙන් දින ආර්ථිකමය වශයෙන් බෙලහීන වෙමින් ප‍්‍රපාතයට ගමන් කරමින් ඇත. නැතිබැරිකම බෞද්ධයන් බෞද්ධකම අතහැරීමට මුඛ්‍ය කාරණයක් විය. පිළිසරණයක් නැති දුප්පත් පන්සල් ප‍්‍රමාණය ඉතා අධිකය. තත්ත්වය එසේ වෙද්දී මෙසේ මිල කළ නොහැකි තරම් කෝටි ප‍්‍රකෝටි ගණන් ධනය වැය කරමින් වස්තු සම්පත් ගොඩ ගසමින් සම්බුද්ධ රාජමාලිගා තැනීම කෙතරම් දුරට සාධාරණද? ඇමරිකාව විසින් රටට දැඩි ලෙස අහිතකර බලපෑම් එල්ල කරමින් සිටින අවස්ථාවක සම්බුද්ධ රාජ මාලිගාව සමග ලංකාවේ ඇ.එ.ජ තානාපතිනිය වන බියුටිනීස් මහත්මිය සම්බන්ධ වන්නේ කෙසේද? මහමෙව්නාව විසින් විදේශයන්හි පිහිටුවා ඇති නියෝජිත අසපු වල රට සහ ජාතිය යන සාධකයන් පිළිබඳව කතා කිරීම පවා තහනම් කර ඇත්තේ ඇයි? ඇමරිකාව විසින් කොරියාවේ බුදුදහම විනාශ මුඛයට ඇදදැමීමට ද භාවිතා කළේ මෙවැනිම ක‍්‍රමවේදයකි. ඒ අන් කිසිවක් නොව සම්ප‍්‍රදායික බුදුදහමට අභියෝගයක් වන අයුරින් විකල්ප සම්ප‍්‍රදායක් පතුරමින් කටයුතු කරන භික්‍ෂු කණ්ඩයක් කොරියාව තුළ ඇති කිරීමයි. බෞද්ධ රාජ්‍යයක් සේ හැඳින්වු කොරියාවට අද සිදුව ඇත්තේ කුමක්ද?



    කිරිබත්ගොඩ හිමියන් විසින් දේශනා කරන ධර්මයට අනුව ශාසනය පවත්වාගෙන යාමට අත්‍යවශ්‍ය සාධක හතරෙන් දෙකක් ප‍්‍රතික්‍ෂේප වෙයි. ‘‘අප ඉපිද සිටින්නේ ගෞතම බුදුන්ගේ ශාසනයත් ධර්මයත් පවතින කාලවකවානුවකය. එබැවින් අද අදම නිවන් දැකීමට කටයුතු කළ යුතුයි’’ යන්න කිරිබත්ගොඩ හිමියන්ගේ ඉගැන්වීමයි. එසේ ගත්කළ උපාසක උපාසිකාවන් ලෙස කිරිබත්ගොඩ හිමියන්ගේ ශාසනය තුළ ජිවත්වීමට අවංක ලෙසම උරුමකම් නැත. මහමෙව්නාවේ බණ අසන්නට ගොස් පවුල් ජිවිත අසාර්ථක කරගත්තවුන් විශාල පිරිසකට මහමෙව්නාව වගකිව යුතුය. කිරිබත්ගොඩ හිමි බුදුපිළිම ස්ථාපනය පවා නොකළ යුත්තක් ලෙස හඳුන්වයි. ඊට උදාහරණ ලෙස උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ කුරානයේ පිළිම වන්දනාව පිළිබඳව ඇති සංකල්පයයි. මෙය පැහැදිලිවම ථෙරවාදී සිංහල බෞද්ධ සම්ප‍්‍රදාය, සංස්කෘතිය හා සභ්‍යත්වය විනාශ කිරීමට ගෙනඑන තර්කයකි.



    එසේ ගත්කළ ඉතා සුක්‍ෂමව සාම්ප‍්‍රදායික ථෙරවාදී බුදුදහම උඩුයටිකුරු කිරීමට කිරිබත්ගොඩ හිමියන් වෙරදරන්නේ අභිධර්මය පවා ප‍්‍රතික්‍ෂේප කරමිනි. ඒ අභිධර්මය අබුද්ධ භාෂිතයක් ලෙස හඳුන්වා දෙමිනි.



    කිරිබත්ගොඩ හිමියන්ගේ ධර්මයට අනුව සිංහල ජාතියෙන් බුදුදහම බැහැර වුයේ නම් අද ඒ හිමියන්ටද සිවුරු පොරවා ගැනීමට ධර්මයක් සහ ශාසනයක් ඉතිරි නොවනු ඇත. මහමෙව්නාවේ භික්‍ෂූන් වහන්සේලා පමණක් නොව භික්‍ෂූනීන් වහන්සේලාද වැඩවෙසෙන අතර හිසමුඩු කොට සුදු හැදගත් පිරිසක් ද වැඩවෙසෙයි. අවසානයේ මෙය භික්‍ෂූන්වහන්සේලාත්, භික්‍ෂූනීන් වහන්සේලාත්, සුදු හැඳගත් අයවලූන්ගෙ නව නිකායක් පිහිටුවා ගැනීමකින් අවසන් විය හැකි බව අවධාරණය කළ යුතුය. ඇතැම් විට එය විකල්ප ශාසනයක් ලෙස හොවා දැක්වීමට ඉඩ ඇත.



    සිරි සම්බුද්ධ රාජ මාලිගාව විවෘත කිරිමේ උත්සවයට ඇමරිකානු තානාපතිනිය වන පැටි‍්‍රෂීයා බියුටිනිස් මැතිනිය සහ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජේදාස රාජපක්‍ෂට උළෙලේ සුවිශේෂි ස්ථානයක් හිමිව තිබිනි. ඒ අන් කිසිවක් නිසා නොව යටත්විජිත සමයේ පවා අධිරාජ්‍යවාදින්ට ඉටු කර ගැනීමට නොහැකි වු සමස්ථ පෘථිවියේම බුදුදහමේ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකය වන ලංකාව නැමැති බෞද්ධ රාජ්‍යයන් බුදුදහම තුරන්කර දැමීමේ ඇමරිකානු මෙහෙයුමේ එක් කූඨප‍්‍රාප්තියක් නිසාවෙනි. විජයදාස රාජපක්‍ෂ වනාහි චන්‍ද්‍රිකා සමයේ රටේ ස්වෛරීත්වය පාවාදීමට ෆෙඩරල් විසඳුම් ගෙනඒම, ඒකාබද්ධ යාන්ත‍්‍රණ, සුනාමි සහන මණ්ඩල යෝජනාවලිය ගෙනඒම ඇතුලූ ඇමරිකා හිතැති අධිරාජ්‍යවාදී කුමන්ත‍්‍රණවල කොන්ත‍්‍රාත්කරුවෙකි. මහින්ද රාජපක්‍ෂ සමයේ දී නැගෙනහිර මුදා ගැනීමේ මානුෂීය මෙහෙයුම දියත් වත්ම එය අඩාල කිරීමට ඇමරිකානු තානාපති කාර්යාලය ගෙනගිය කුමන්ත‍්‍රණයට හවුල් වී 2007 අයවැය ඡුන්දයෙන් රජය පරදා හමුදා මෙහෙයුම අඩාල කිරිමට ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයට පැතිමාරු කළ විජයදාස රාජපක්‍ෂ සමග ඇමරිකාවේ ඇති ගණුදෙනුව අමුතුවෙන් පැහැදිලි කළ යුතු නැත. ඇමරිකානු තානාපතිවරුන් එදා මෙදා තුර කි‍්‍රයාත්මක වූ ආකාරයද අමුතුවෙන් මතක් කර දිය යුතු නැත.



    බෞද්ධ රාජ්‍යය විනාශ කරමින් ලංකාව තුළ දේවරාජ්‍යයක් ගොඩනැගීමට එදා මෙදා තුර නිබඳවම ඇපකැප වී කටයුතු කළ ඇමරිකාව ‘‘ගෞතම බුද්ධ රාජ්‍ය’’ මෙහෙයුම කිරිබත්ගොඩ හිමියන් මගින් ඉතාමත් සාර්ථකව ඉටුකරගෙන යයි. ඒ මෙහෙයුමේ තවත් එක් අදියරක් ලෙස භික්‍ෂූන්ට දේශපාලනය තහනම් කිරීමට අදාළ පනත් කෙටුම්පත කරලියට පැමිණ ඇත. සියලූ පක්‍ෂවල නායකයින් විජේදාසගේ පනතට විරුද්ධවත්ම විජේදාසගේ සහයට පැමිණියේ ඥාණානන්ද හිමියන්ය. ඒ විජේදාසට රාජමාලිගාව විවෘත කරන අවස්ථාවේ කතාවක් පිරිනමමිනි. එපමණක් නොව ඕමල්පේ සෝභිත නාහිමියන් සමග පැවැත්වු සංවාදයට අදාල අටුවා ටීකා කියා දුන්නේද අභිධර්මය ප‍්‍රතික්‍ෂේප කරන ඥාණානන්ද හිමියන් බව පැහැදිලිය. එසේ නම් ජාතියේ මුරදේවතාවුන්ට විලංගු ලෑමට ගෙනආ පනත පිටුපස සිටින්නේ මහා උපාසක විජේදාසයන්ද? සිංහලයන් විනාශ කර දැමීමට පැවිදි වේශයෙන් කටයුතු කරන කිරිබත්ගොඩ ඥානානන්ද හිමියන්ද? එසේත් නැතිනම් ලංකාව දේවරාජ්‍යයක් කිරීමට කටයුතු කරන ඇමරිකාවද?



    මාධ්‍ය මගින් කරුණු හෙළිදරව් නොවුනද මහානායක හිමිවරුන් පවා බුදුසසුන වනසන මෙම මෙහෙයුමට එරෙහිව ජනාධිපතිතුමන් වෙත ලිඛිතව පැමිණිලි කර ඇති බව දැනගන්නට ඇත. දැනටමත් මහා ව්‍යසනයක් බවට පත්ව ඇති මේ මංමුලා කරවීම පිළිබඳව සියලූ සිංහලයින් බෞද්ධයින් අවධියෙන් කටයුතු නොකළහොත් අනාගතයේ දී නිර්මල බුදුදහම සමස්ථ ලෝකයෙන්ම තුරන්වනු ඇත.


    බෞද්ධ ආරක්‍ෂක බුද්ධි කවය.
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    “දැනට ලෝකයෙහි නොයෙක් ශිල්පීන් විසින් තනා ඇති ප්රිතිමාවලින් එකක්වත් ඒ ඒ පුද්ගලයා හා සර්වාකාරයෙන් සමවේ යැයි නොසිතිය හැකිය. එහෙත්, යම් ප්රුතිමාවක් හෝ චිත්රවයක් දකිනා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රවතිමාව ඒ චිත්රිය ඒ පුද්ගලයාගේ ප්රාතිමාව ලෙසත්, චිත්රයය ලෙසත් පිළිගනු ලැබේ. යම් ප්රමතිමාවක් හෝ චිත්රයයක් දක්නා කල්හි යමෙක් සිහි වේ නම් ඒ ඒ ප්රපතිමාව , ඒ චිත්රවය බුද්ධ රෑපයක් යැයි සලකනු ලැබේ. පිළිගනු ලැබේ. දැනට තනා ඇති කවර බුද්ධ ප්රචතිමාවක් වුවද දක්නා කල්හී එයින් ඇතිවන්නේ බුදුන් වහන්සේ පිළිබඳ හැඟීමකි. එබැවින් දැනට ඇති සෑම බුද්ධ ප්රනතිමාවක්ම බුද්ධ ප්රැතිමාවක් හැටියටම පිළිගත යුතුය. බුද්ධ ප්රේතිමා වන බැවින් ඒවාට ගරැ කළ යුතුය. බුද්ධ ප්රිතිමාවක් ලෙස පිළිගන්නා රෑපයට ගරැ කිරීම තථාගතයන් වහන්සේට ගරැ කිරීමකි. ඒවාට අගෞරව කිරීම තථාගතයන් වහන්සෙට අගෞරව කිරීමකි. ”
    :yes:


    'බුදු රජාණන් වහන්සේ වදාළ සූත්‍රවලින් සැලකිය යුතු කොටසක් ඒ ඒ අවස්ථාවට සහ ඒ ඒ ප්‍රශ්නය ඇසු පුද්ලයාට උචිත ආකාරයට කළ දෙසුම්ය. එය බුදුරජාණන් වහන්සේගේ එක්කරා ගුණයකි. උන්වහන්සේ 'තියරි' දේශනා නොකළහ. නුවරට යාමට අවශ්‍ය පුද්ගලයා ඊට දකුණු පැත්තේ සිටීනම් ඔහුට කිව යුත්තේ වමට යන්න කියාය. වම් පැත්තේ සිටීනම් ඔහුට කිව යුත්තෙ දකුණට යන්න කියාය. රේරුකානේ හිමියන්ගේම උපමාවකට අනුව සුත්‍ර යනු වෛද්‍යවරයකු හමුවීමට පැමි‍ණෙන රෝගීන්ට ලියා දෙන බෙහෙත් තුණ්ඩු වැනිය. එය රෝගියාගේ ආබාධය සහ ඔහුගේ ශරීර සුවතාවය අනුව වෙනස්වෙයි. අභිධර්මය යනු ඒ වෛද්‍යතුමා දැන සිටින වෛද්‍ය ශාස්ත්‍රය වැනිය. මේ කාරණය නිසා සූත්‍රවල එකම කාරණය විවිධ ආකාරයට පැහැදිලි කළ අවස්ථා මෙන්ම පරස්පරද දක්නට හැකිය. අභිධර්මයේ කර ඇත්තේ සූත වල ඇති මේ සංයුක්ත දැනුම මත පදනම් වී වියුක්ත දැනුම් පද්ධතියක් ගොඩ නැගීමය. ඒ සදහා කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළෝ ධම්ම සේනාපති සැරියුත් මහරහතන් වහන්සේය. අභිධර්මයෙන් තොරව සූත්‍ර මත පමණක් පදනම් වී බුදු දහමේ සංකල්පීය සහ දාර්ශනික අරුත් පැහැදිලි කළ නොහැකිය'
    :yes::yes::yes:



    09115e597def.gif
    විශේෂ ඉස්තුතිය පොරිසාදය සහෝදරයට.