මම කන්න කැමති බත් සමග පරිප්පු වූ පමණින්ම ඔබත් බත් සමග පරිප්පුම කන්න ඕනෑ නැත ,
හැම් බේකන් සහ සොසේජස් කෑමටද ඕනෑ නම් මුකුත්ම නොකා බඩ ගින්නේ සිටීමටද ඔබට අයිතියක් ඇත ...
ජීවිතේ ;
විඳින මිනිසුන් , විඳවන මිනිසුන් සහ මේ දෙක අතර හිරවී අනුන්ගේ ජීවිත දැක හූල්ලන මිනිසුන් යනුවෙන් කොටස් තුනකි .....
සමහරු බාටා දෙකක් දාගෙන විඳින සතුට තවත් කෙනෙක් විඳින්නේ nike සපත්තු දෙකකින් විය හැකි අතර තවත් කෙනෙක් මුකුත් නැතුව හිස් දෙපා තුලින් ජීවිතය විඳිනවා විය හැකිය .
නමුත් බාටා කෑලි දෙකක් දාගෙන නිදහසේ ඇවිදීමට වුවමනා විටදීත් ලෝකෙට පේන්න ඔබ සපත්තුවක හිර වී ඇත්නම් එතන ඇත්තේ ගැටළුවකි ...
කරන්නට දෙයක් නැත ..එවිට ඔබද අයිති විඳවන්නන්ගේ කොටසටය .
සමාජය යනු භයානක උගුළකි ,
එය තිබෙන්නේ කොහේද කියා කිසිවෙකු මේ වෙනතෙක් සොයාගෙන නැත ....
මට හමු උනේද නැත ..ඒ නිසා සමාජයට ඔබේ ජීවිතයේ සතුට පාලනය කිරීමට ඉඩ හැරීම විහිළුවකි .
ඔබේ කතාව ඔබේ රටාවට අනුව ලියන්න ..අවශ්‍ය අය කියවාවි ..අනිත් අය විඳවාවි..
හැබැයි ජීවිතේ විඳින මිනිස්සු දැකල පපුව අල්ලන් හූල්ලන්න නම් එපා ...


