සමාජවාදයත්_රතු_පාටත්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
සමාජවාදයත්_රතු_පාටත්

කිසිදු අන්තවාදියෙකුට, ජාතිවාදියෙකුට මහජන ආරක්ෂාව සහතික කළ ‌නොහැකියි..! 'අපේක්ෂාවේ අපේක්ෂකයා' ‌ලෙස අනුර සමාජවාදයත් රතු පාටත් අත හරිමින් කළ සම්පූර්ණ කතාව (Video)



Anura-1st-Speech.jpg


කිසිදු අන්තවාදියෙකුට, ජාතිවාදියෙකුට මහජන ආරක්ෂාව සහතික කළ ‌නොහැකි බවත්, ඔවුන්ට කළ හැක්කේ පාසැල් ඉදිරියේ සහ ගම්මාන ‌බෙදා ‌‌වෙන් කරන මුර කපොලු දැමීම පමණක් බවත්, මහජන ආරක්ෂාව සහතික කළ හැක්කේ සියළු ජාතීන් ‌ගේ අනන්‍යතාවයට සංස්කෘතීන්ට භාෂාවන්ට ගරු කරන ජාතික සමගිය පිලිගන්නා අයට පමණක් බවත්, ඒ ජාතික සමගිය අදට පමණක් නොව දරු පරම්පරාවන්‌ගේ යුගය දක්වා සහතික කරන බවත්, ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ‌ලෙස නම් කිරීමෙන් පසු ජවිපෙ නායක, හිටපු අමාත්‍ය අනුර දිසානායක මහතා 'අපේක්ෂාවේ අපේක්ෂකයා' ‌ලෙස අද ගාලු මුවදොරට පැමිණ සිටි ලක්ෂ සංඛ්‍යාත ජනකාය ඉදිරියේ ශපථ කළේය.


අනුර දිසානායක‌ගේ කතාවේ ‌වෙනදා ‌නොතිබුනු විශේෂත්වයක් වූයේ අන් ‌දේශපාලන ක්‍රියාවන්ට අවලාද විවේචන නැගී‌මේ සුපුරුදු පිළිවෙතින් බැහැරව තම ප්‍රතිපත්ති විනාඩි 20 ක පමණ ‌කෙටි ‌වේලාවකින් අහවර කිරීමත්, කතාවේ කිසිදු තැනෙක 'සමාජවාදය' යන වචනය ප්‍රකාශ ‌නොකිරීමත් ය. ඔහු ඒ ‌වෙනුවට භාවිතා කළ වචනය වූයේ ‌'සෞභාග්‍යය' යන වචනයයි. ඔහු සුපුරුදු රතු කමිසය ද අත හැරදා තිබිණ. අනුර දිසානායකගේ සම්පූර්ණ කතාවේ වීඩියෝවක් පහතින්



 
Last edited: