සමාජ ජාලාවල බොරු කියන අයට වැඩ වරදී 🚫

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,271
    8,409
    113
    ඇමති ආනන්ද විජේපාල ගැන ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධව විමර්ශනයක්


    පුද්ගල ආරක්ෂාවට තර්ජනයක් වන අන්තර්ජාල අපරාධ වර්ධනය වීම වැළැක්වීමට අන්තර්ජාල ආරක්ෂණ පනත දැඩිව ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.

    අමාත්‍යවරයා සඳහන් කළේ, සමාජ මාධ්‍ය හරහා විවිධ පුද්ගලයන්, විශේෂයෙන්ම තරුණ පරපුර, අන්තරායකර තත්ත්වයන්ට පත්වීම වැළැක්වීම මෙහි අරමුණ බවයි.

    තම ඡායාරූපයක්ද කෘත්‍රිම බුද්ධිය යොදාගෙන විකෘති කර සමාජ මාධ්‍යට මුදාහැර ඇති බවත් ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විවිධ නීති විරෝධී ක්‍රියාකාරකම්, ප්‍රචණ්ඩත්වය සහ සමාජ අසහනය වැඩි කිරීමට හේතු වී ඇති බවද ආනන්ද විජේපාල මහතා පෙන්වාදෙනවා.

    අන්තර්ජාල අපරාධවලට කප්පම් ගැනීම්, අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම, කාන්තාවන්ගේ ඡායාරූප කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගෙන විකෘති කිරීම, සහ පාසල් දරුවන්ට අසභ්‍ය දර්ශන ඇතුළු හානිකර වීඩියෝ පට බෙදාහැරීම වැනි ක්‍රියාකාරකම් මෙම ක්‍රියාකාරකම් අතරට ඇතුළත් වනවා.

    කෙසේවෙතත් මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් අවධාරණය කළා.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,904
    1
    58,193
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය ගොන් නීති හදන කාලේ අපි විරුද්ධ වුනාම ගුපියො හිනා වුනා

    දැන් උන්ටම ඒ නීති පරා වළල්ලක් වෙලා

    sri lanka lk GIF by Viber
     
    • Like
    Reactions: pramodh87