සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
සමාව ගත යුත්තේ ජනාධිපති -රණවිරුවෝ පවසති

ජෙනරාල් සමාව ගන්න සූදානම් නැහැ: සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි - ජෙනරාල් වෙනුවෙන් රණවිරුවො



2010 ඔක්තෝබර් 03 වෙනි ඉරිදා, 13:23
සමාව ගත යුත්තේ ජෙනරාල් සරත් ෆොනසේකා මහතා නොව ඔහු සිරගත කළ ජනාධිපතිවරයා බව "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධායන පවසයි. එම සංවිධානය විසින් අද පවැත්වූ මාධ්‍ය සාකච්චාවකදී අදහස් දැක්වූ විශ්‍රාමික කපිතාන් ගයාන් විතානගේ පැවසුවේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සමාව ගැනීමට තරම් වරදක් කර නොමැති බවයි.

එහිදී අදහස් දැක්වූ කපිතාන් ගයාන් විතානගේ මෙසේද පැවසීය.

ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයාගෙන් සමාව ගන්න එතුම කළ වරද මොකක්ද? අප දන්නා තරමින් ඔහු සිදු කළේ වසර 30ක කුරිරු යුද්ධය මුලිනුපුටා දැමීම සහ දේශපාලනය සදහා අවතීර්ණ වීම පමණයි. එම නිසා තිස් වසරක යුද්ධය නිමා කළ යුද විරුවාගෙන් පලි ගැනීම සදහා ඔහුව සිරගත කිරීම ගැන සමාව ගත යුත්තේ ජනාධිපතිවරයායි. අපි රණවිරුවන් ලෙස දන්නවා එතුමා කිසි දිනෙක නොකරපු වරදකට සමාව ගන්න සූදානම් නැහැ.

ලෝකයේ ඉන්න හොදම හමුදාපති තමාට විරුද්ධව ඡන්දය ඉලුලපු වරදට සිරගත කරලා. ඡන්දය ඉල්ලීම වරදක් නෙමෙයි. ඒක සියලු දෙනාට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. සරත් ෆොන්සේකා මහතා මැතිවරණයට අවතීර්ණ වූයේ ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට. ඔහු දේශපාලනයට පිවිසියේ දූෂිත පවුල් පාලනයට එරෙහිව, ජනතාව වෙනුවෙන්. ‍එසේ නොමැතිව තමන්ගේ ළමයින්ට හම්බ කරන්නවත්, ඉඩම් ගන්නවත් නොවෙයි. අපි දන්නවා අදටත් එතුමාගේ පවුලේ උදවියට ඉන්න ස්ථීර නිවාසයක් නැහැ. ඔවුන් ඉන්නේ කුලියට ගත් නිවසක.

අද වන විට හංදියක් හංදියක් ගානේ, කඩ පිලක් කඩපිලක් ගානේ කතා කරන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව සිදුකළ මෙම ශාපය ගැන. අපි ආණ්ඩුවට අවධාරණය කරනවා ඊට එරෙහිව පෙළ ගැසෙන ජන බලවේගය නුදුරු දිනයකදී බලා ගන්න පුළුවන් වේවි. විශ්‍රාමික සියලු හමුදා සාමාජිකයන්ගෙන් සහ එම පවුල්වල උදවියගෙන් ඉල්ලා සිටිනවා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නිදහස් කර ගැනීම සදහා අපිත් එක්ක පෙළ ගැසෙන ලෙස. අප සංවිධානය දේශපාලන භේදයකින් තොරව ඒ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා."

මෙම මාධ්‍ය හමුවේදී "ජෙනරාල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානය සහ සම්බන්ධවිය හැකි දුර කථන අංකයක්ද මාධ්‍ය වෙත නිකුත් කළේය. 0113136551 දරණ දුර කථනය ඔස්සේ "ජෙනාරල් වෙනුවෙන් රණවිරුවෝ" සංවිධානයේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් විය හැකිය.
මෙම මාධ්‍ය හමුවේදී මේජර් ලාල් ප්‍රනාන්දු, මේජර් සරත් සිරිවර්ධන, කපිතාන් රාජු විජයමුණි, සැරයන් සුනිල් සෙනවිරත්න යන විශ්‍රාමික රණවිරුවන්ද අදහස් දැක්වූහ.
sfg01.jpg


sfg02.jpg

sfg03.jpg
 

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
ජෙනරාල් අද වැඩ පාටියේ යොදවයි දේශීය 2010 ඔක්තෝබර් 04 වෙනි සදුදා, 11:03
Prisson.jpg
දෙවන යුද අධිකරණය මගින් බරපතල වැඩ සහිතව මාස තිහකට සිරගත කළ හිටපු යුද හමුදාපති, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද දිනයේ බන්ධනාගාරයේ අනෙකුත් සිරකරුවන් සමග වැඩ පාටිය සදහා යොදවන බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

සිර මැදිරියේ පැදුරේ නිදාගන්නා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා දිනපතා උදේ 5.00 ට අවදිවිය යුතුය. ආහාර ගන්නා අවස්ථාවලදී බෙලෙක් පිඟානත් රැගෙන සෙසු සිරකරුවන්ද සමග පොලීමේ යායුතුය. රාත්‍රී 7.00වන විට සිර මැදිරියේ විදුලිය නිවා දමන බැවින් රාත්‍රී 7.00ට ඔහු නින්දට යයි. නෑමට හෝ මුහුණ සෝදා ගැනීමට බාල්දියකින් දිය ඇඳ ගැනීමට ජෙනරාල්වරයාට දෛනිකව සිදුවේ.

කෙසේ වෙතත් මෙම සිර දඩුවම සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර ඇත්තේ ජීවිත කාලයම යුද බිමේ සේවය කළ තමාට සිරගෙදර ජීවිතය එතරම් කටුක නොවන බවයි. එමෙන්ම කිසිදු විශේෂත්වයක් නොදක්වා අනෙකුත් සිරකරුවන් ලෙසටම තමාටත් සලකන ලෙස ඔහු බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී තිබේ.
 

Plain Truth

Member
Aug 13, 2010
531
78
0
බොරු චෝදනා පටලවා අපේ ගමන වළක්වන්න බැහැ - ජෙනරාල්


2010 ඔක්තෝබර් 04 වෙනි සදුදා, 14:09 බොරු චෝදනා පටලවා සිරගත කිරීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය සදහා තමන් ඇරඹූ සටන වැළැක්වීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඔහු අද දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට රැගෙන ආ මොහොතේ පැවැති නීතිඥවරුන්ගේ උද්ඝෝෂණයේදීය. ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීමට එරෙහිව පැවැති මෙම නීතිඥ උද්ඝෝෂණයේදී ෆොන්සේකා මහතා අධිකරණයට රැගෙන ආ රථය අවහිර කරමින් නීතිඥයින් උද්ඝෝෂණයේ නිරත වූ අතර එහිදී සරත් ෆොන්සේකා මහතා මේ බව ප්‍රකාශ කළේය.

Gen_court01.jpg

Gen_court02.jpg

Gen_court03.jpg

Gen_court04.jpg
 
කරුණා ,පිල්ලෙයාන් එළියෙ ඒ මදිවට කරුණට ඇමතිකමකුත් දුන්නා ,LTTE එකේ අන්තිම දවස්වල සිංහලයන්ට බැනපු KP දැන් සුරසැප විදිනවා ... අනේ සුනාමි හොරාට ගිය කළ


තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!
 
  • Like
Reactions: Money Mike

vis2free

Active member
  • Nov 30, 2007
    737
    69
    28
    SwEdEn
    කරුණා ,පිල්ලෙයාන් එළියෙ ඒ මදිවට කරුණට ඇමතිකමකුත් දුන්නා ,LTTE එකේ අන්තිම දවස්වල සිංහලයන්ට බැනපු KP දැන් සුරසැප විදිනවා ... අනේ සුනාමි හොරාට ගිය කළ


    තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!

    eka nam atta katawa machan :oo::oo::oo::oo:
     

    sudeshamal

    Active member
  • Sep 28, 2010
    759
    171
    43
    OKKOMA HORU DEPATHTHAMA THAMUNGE MALLA PUROGANNA DAGALANAWA. AHAKA IDAN MARAGANNA UBALA THAMA MODAYO .HUUUUUUUUUUUUU :lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::P:P:P
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කරුණා ,පිල්ලෙයාන් එළියෙ ඒ මදිවට කරුණට ඇමතිකමකුත් දුන්නා ,LTTE එකේ අන්තිම දවස්වල සිංහලයන්ට බැනපු KP දැන් සුරසැප විදිනවා ... අනේ සුනාමි හොරාට ගිය කළ


    තොපෙ ඇස්ගෙඩි දෙකට හෙන ගැහිලද සිංහලුනේ !!!

    ඇස් ගෙඩි කෙසේ වෙතත් සමහරුන්ගේ ඔලු ගෙඩි වලට හෙන ගහල. :dull::dull::growl::growl::growl: