--- සමෝසා වෙළෙන්දා -------

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    --- සමෝසා වෙළෙන්දා -------

    --- සමෝසා වෙළෙන්දා -------
    එක්තරා නගරයක සමෝසා වෙළෙන්දෙක් සිටියේය. ඔහුගේ වෙළෙඳසල පිහිටුවා තිබුණේ විශාල වෙළෙඳ සමාගමක් ඉදිරිපිටය. එහි විකිණූ සමෝසා ඉතා රසවත් වූ අතර පෙර කී සමාගමේ උදවිය දිවා ආහාර විවේකයේ දී පැමිණ සමෝසා මිල දී ගැනීම සාමාන්‍ය සිද්ධියක් විය.
    දිනක් එහි කළමනාකරුවෙක් වෙළෙඳසලට පැමිණියේය. සමෝසාවක රස බලන අතරේ මුදලාලි හා කතා-බහ කරන්නට ඔහුට සිතිණි.
    “ඔබතුමා ඉතාමත් හොඳට මේ කඩේ පවත්වාගෙන යනවා. කළමනාකරණය ගැන ගොඩක් හොඳ කුසලතාවක් තියෙන බවත් පේනවා. ඔබට හිතෙන්නේ නැද්ද මේ සමෝසා විකුණ විකුණා ඉඳලා නිකරුණේ ඔබේ හැකියාවන් අපතේ යනවා කියලා?
    නිකමට හිතලා බලන්න, මං වගේ ලොකු කොම්පැනියක වැඩ කළා නම් ඔබ මෙලාහකට මං වගේ ම කළමනාකරුවෙක් වෙලා තියෙන්න ඉඩ තිබ්බා. නැද්ද මං අහන්නේ?”යි ඇසූ ඔහු තවත් සමෝසා කැබැල්ලක් මුවට ගෙන සපන්නට වීය.
    සරල සිනාවකින් යුතුව ඔහු දෙස බැලූ සමෝසා වෙළෙන්දාගේ මුවින් මඳ වේලාවකින් අමිල වූ වදන් පෙළක් නික්මෙන්නට විය.
    “සර්, මට හිතෙන්නේ මගේ වැඩේ ඔබේ වැඩේට වඩා දහස් ගුණයකින් හොඳයි කියලයි. මොකද දන්නවද ඒ?
    අවුරුදු 10කට ඉස්සෙල්ලා මං සමෝසා වික්කේ දැල් කූඩේක දාගෙන. මං හිතන්නේ ඔබතුමා මේ රස්සාවට එන්න ඇත්තේ ඔය කිට්ටුව වෙන්න ඕනැ. ඒ කාලේ මගේ මාසික ආදායම රුපියල් 1,000යි. ඒත් ඔබ රුපියල් 10,000කට ආසන්න පඩියක් ගන්න ඇති.
    ගතවුණු අවුරුදු 10ක කාලය තුල අපි දෙන්නා ම සැළකිය යුතු දියුණුවක් ලබලා තියෙනවා කියලා අපි දෙන්නා ම දන්නවානේ.
    දැන් මට මේ කඩේ තියෙනවා. ඒ වගේ ම මං පළාතේ ම ප්‍රසිද්ධ, හොඳම ‘සමෝසා කාරයා’ වෙලා ඉන්නවා. ඒ වගේ ම ඔබතුමා කළමනාකරුවෙක් වෙලා ඉන්නවා. දැන් ඔබට පඩිය රුපියල් ලක්ෂයක් විතර ඇති මයේ හිතේ. මාත් ඒ මුදල හොයනවා. සමහරවිට ඊටත් වඩා.
    මට තවදුරටත් විශ්වාසෙන් ම කියන්න පුළුවන් ඔබේ රස්සාවට වඩා මගේ රස්සාව හොඳයි කියලා. ඒ මගේ දරුවන්ගේ අනාගතය ගැන හිතද්දි.
    ඇයි පුදුම වෙලා…, මට විස්තර කරන්න ඉඩ දෙන්නකෝ. හොඳට අහගන්න මං මේ කියන දේ.
    මං මේක පටන් ගත්තේ අන්තිම අඩියෙන්. හැබැයි මගේ පුතාට ඒ තත්ත්වෙට පත්වෙන්න සිදුවන්නේ නැහැ. ඉස්සරහ දවසකදි මගේ පුතාට මේ බිස්නස් එක අයිති වෙනවා. එයාට බිංදුවෙන් පටන්ගන්න දෙයක් නැහැ. එයාට කවදාහරි අයිතිවන්නේ සම්පූර්ණයෙන්, ඉතාමත් හොඳින් ගොඩනගපු ව්‍යාපාරයක්. නමුත් ඔබේ පැත්තෙන් බැලුවහම ඒ අවස්ථාව හිමිවන්නේ ඔබේ බොස්ගේ දරුවන්ට. ඔබේ දරුවන්ට නෙමෙයි.
    ඔබට කවදාවත් ඔබේ තනතුර දුවකටවත් පුතෙකුටවත් දෙන්න බැහැ.
    එයාලා බිංදුවේ ඉඳන් පටන් ගන්න ඕනැ. සමහරවිට ඔබ අවුරුදු 10කට පෙර හිටපු තත්ත්වයෙන් ම ඔබේ දරුවන්ටත් පටන් ගන්න සිද්ධ වෙයි. එතකොට ඔබ විඳි දේ ම ඒ අයටත් උරුම වෙනවා.
    මගේ පුතාට මං දැනටමත් දැනුම ලබා දෙමින් ඉන්නේ. ඔහු යම් දවසක මං නවතන තැනින් පටන් ගනියි. ඔබේ දරුවන් යම් දවසක කළමනාකරුවන් වත්දී මගේ පුතා තව තවත් බොහෝ දුර ගිහින් ඉඳිවි.
    දැන් මහත්තයෝ මට කියන්න, අපි දෙන්නාගෙන් කවුද හැකියාවත් කාලයත් නාස්ති කරමින් ඉන්නේ?”
    කළමනාකරුවා සමෝසා දෙකක මිල වූ රුපියල් 50ක මුදල වෙළෙන්දා අත තබා නිහඬ වතින් යුතුව පිටව ගියේය.
    (අන්තර්ජාලය ඇසුරෙනි)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    මම දන්න සමෝසා හදන පොරක් ඉන්නවා, පොරගෙ තියෙන්නෙ සමෝසා + ෆෘට් ජූස්.

    උගේ අපි මුලින්ම සමෝසා කනකොට අපි කොට කලිසම් ගහන් ඉස්කෝලෙ යන කාලෙ. ඒ කාලෙ තිබ්බ කඩේ සයිස් එකමයි අදටත් කරන්නෙ, ඒ කාලෙ තිබ්බ ෆ්‍රිජ් බ්ලෙන්ඩර් වෙනුවට දැන් අලුත් අලුත් ඒවා තිබ්බට ඒ කාලෙ රස තාමත් ඒ විදියමයි.
    පොරගෙ ජූස් එක ගනන් වැඩ්යි, ඒත් කවදාවත් වතුර රහක් එන්නෙ නැ. අපි ඉස්සරම ෆ්‍රිජ් එක උඩ තියලා තමයි ජූස් එකට පලතුරු බ්ලෙන්ඩර් කරන්නෙ,ඒ නිසා පිරිසිදු කම ගැන සැකයක් නැ.
    පොර අවුරුදු 30 ක් ඒ බිස්නස් එක කරනවලු, ඒත් තාම කඩේ තියෙන්නෙ පුටු 6 යි.
    පොරගෙ මකටින් කියන්නෙ ඒ කාලෙ අපිට ඉස්කෝලෙ යන කාලෙ තුන් හතර දෙනා එක ජූස් එකක් බොන්න යන්නෙ ඔක්කොමලා සල්ලි දාලා, ඒත් අපි ඔක්කොටම ඇති වෙන්න හදලා දෙනවා එක ජූස් එකක ගානට,, පොරට ඒ කාලෙ අපෙන් ලොකු පාඩුවක් වෙන්න ඇති.

    ඒත්...

    අද උගේන් ජූස් බීපු කොල්ලො කුරුට්ටො. හොටු පෙරාගගත්ත කෙල්ලො ටික තමයි ටවුන් එක රන් කරන්නෙ, එදා රුපියල රුපියල එකතු කරපු උන් අද 500 දීලා ඉතුරු තියාගන්න කියලා යනවා.
    ඒ කාලෙ එක සමෝසා එක හතරට පහට බෙදන් කාපු උන්, දැන් උන්ගෙ ඔෆිස් වල, කඩ වල ස්ටාෆ් එකට හැම දාම කැලි 40 50 ගෙන්න ගන්නවා.
    ටවුන් ආවම ෆැමිලි එකම පිටින් ජූස් 5 ක් 6 ක් ගහලා යනවා.

    එක දවසක් මට හෙම්බිරිස්සවක් හැදිලා ජූස් එකක් බොන්නම විදියක් නැ, ඒත් කඩේ ලගින් යද්දි අන්කල් කතා කරා එන්න පුතා කියලා. මම කිව්වම අංකල් හෙම්බිරිස්සව කියලා පොර උනු වතුරෙන් දොඩම් වලට ගම්මිරිස් දාලා ජූස් එකක් හදලා දුන්නා, හෙම්බිරිස්සාව හොද උනා ඒකට.

    පස්සෙ දවසක මම අහුවා අංකල් පුතාලා ඉන්නවා නේද, එයාල එන්නෙ නැද්ද කඩේ පැත්තෙ කියලා.
    අ‍ංකල් කියනවා.
    පුතේ උන් ගියේ ඉන්ටර්නැශනල්, කතා කරන්නෙ ඉන්ග්‍රිසි. ඉතින් මෙතන ඇවිත් වැඩ කරන්නෙ නැනෙ. ඒත් මම කැමති උන් ඔක්කොම බිස්නස් කරනවට. ඒ නිසා මම උන්ට බිස්නස් පැත්තෙන් ඩිග්‍රි කරන්නම වියදම් කරා. දැන් උන් හොද හොද තැන් වල ජොබ් එක කරන ගමන් වැඩ ඉගෙන ගන්නවා.

    උන්ට බ්ස්නස් කරන්න හිතුනම ඒකට කැපිටල් එක හොයාගන්න මම මහන්සි වෙලා ගෙවල් 9 ක් අරන් දැම්මා,
    මුලින් අමාරුවෙන් එකතු කරපු සල්ලි වලින් දෙකක් අරගෙන, ඒවාඅ ර්එන්ට් කරලා, එවගෙන් එන සල්ලි වලින් තව ගෙවල් ගත්තා ලීස් කරලා.
    මගෙ ලොකුම ගෙදර මාසෙක කුලිය 60 ක්. අනිත් ගෙවල් ඔක්කොම අපි දැන් පදින්චි වෙලා ඉන්න ගෙට වඩා ලොකුයි, ඒ 60 න් මට බැරි කාලෙක මමයි අපේ නෝනයි ජිවත් වෙනන් හිතන් ඉන්නෙ.

    අනිත් ගෙවල් ටික ලමයි 2 නට බෙදලා දෙනවා, ඒවාගෙන් දැනට ලක්ශෙ ලක්ශෙ විතර් දෙන්නට හම්බ වෙනවා, ඒක ඇති ඒ ලමයිගෙ වියදමට. කවදා හරි ඕන උනොත් එයාලා ඒවා ව්කුනලා බිස්නස් පටන් ගනියි, නැත්නම් මෙවා වෙනම ඉන්කම් විදියට තියගනියි.

    මම මහත්තයි උදේ නැගිටින්නෙ 4 ට නෝනයි මමයි උදේට සමොසා ටික හදන්නෙ අපේම අත් දෙකෙන්, මේ අවුරුදු 30 ම එයා මට දවල් කැම එක අරන් එනවා, දැන් නම් අලුත් වාහන ගන්න කියලා බැන්කු වලින් කරදර කරනවා, මොකද හැම මැනේජ මහත්තයෙක්ම මගෙන් තමයි ජූස් බොන්නෙ, ඒ හැමොම දන්නවා මම දවසේ ගාන කොහොම හරි හොයනවා කියලා , ඒත් ඒ කලෙ නෝනා බස් එකෙ නැතුව පයින් එනවා සල්ලි ඉතුරු කරගන්න.

    මට පුලුවන් දේ මම කරා මහත්තයො. දැන් නම් ඉතින් මහන්ස්යි, ඒත් ගෙදරට වෙලා ඉන්න බැ කම්මැලියි. නෝනටත් එහෙමයි, එයා කොහොමත් පුරුද්දට 4 ට නැගිටිනවා. සල්ලිම නෙමෙයි මහත්තයො මට පුලුවන් තරම මේ කඩෙ කරන් යනවා, මොකද මේ ටවුවෙ වෙන කවුරුවත් මිනිස්සුන්ට හොද දේවල් දෙන්නෙ නැ,

    දවසම කැරකෙන පුටුවක ඉදලා ඇවිත් ජූස් එක් බිව්වට, දවසම
    දුවිලි කාගෙන හිටපු ඒ මනුස්සය ගැන ඉරිසියාවකුත් ඇති නොවුනා නෙමෙයි.
     
    Last edited:

    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    ඊට පස්සෙ ජෝන් (ඒ කියන්නෙ අර හොරා) කාර් එකකින් වේගෙන් ගියාලු. එතකොට එතන හිටපු සූටිං කිව්වලු "අනේ මාටියො කල්පනා කරලා මොනවා හරි කරන්නකො" කියලා. එතකොට මාටිං කිව්වලු "හිස් බඩ මගෙ ඔලුවට කිසි අදහසක් එන්නෙ නෑනෙ, ඔයාම හිතන්නකො" කියලා. එතකොටම සූටිං "පත්තු වුණා" කියලා සමෝසා එකක් අරන් මාටිංගෙ කටට දැම්මලු. :eek:
    ඊට පස්සෙ කළමණාකාරතුමා කිව්වලු "මදැයි කොළා" කියලා. එතනට ඉන්ස්පෙක්ටර් ලකී ආවලු............

    ඇයි බං කඩල වෙළෙන්දෙක් දාන්නැතුව සමෝසා වෙළෙන්දෙක්ම දැම්මෙ?
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,761

    :love::love: