සම වියලි ද ?

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
සම වියලි නම් මේ ප්‍රතිකාර අත්හදා බලන්න

attachment.php

ඔබේ සම වියලි නම් ඒ ගැන එතරම් කනස්සලු වෙන්න එපා. රූපලාවන්‍යාගාර වෙනුවෙන් යන්න අපිට කාලය….සල්ලි කෝ කියමින් පසුතැවිලි වෙන්න අවශ්‍ය නැහැ. ඊට හේතුව තමයි වියලි සමක් ඉතාම පහසුවෙන් දීප්තිමත් සමක් බවට පත් කර ගැනීමේ රුව රකින රහස් අපි අතේම තිබෙනවා. අතීතයේ පටන් දකුණු ආසියාතික කාන්තාවන් තමන්ගේ රුව ලස්සන කර ගැනීමට මේ ස්වභාවික ප්‍රතිකාර භාවිතා කලා. ඉතින් අදටත් ඒවායින් අපේ රුව ලස්සන ( Beauty ) රැක ගැනීමට කිසිම අපහසුවක් නැහැ.



රුව ලස්සන රැක ගැනීමට සුදු සඳුන්


අපේ පැරණි සාහිත්‍යයේ පවා කාන්තාවන් රුව රැකගැනීමට සුදු සඳුන් ආලේප කළ බවට සාක්ෂිි තිඛෙනවා. මේවා තම්බා ගත් වතුරත් පානය කළ බව සඳහන් වෙනවා. සුදු සඳුන් කැබැල්ලක් ඇල් වතුරෙන් ගලගා මුහුනේ ආලේප කරන්න. හැබැයි සෙම, පපුවේ හතිය තියෙන අයට නම් සඳුන් එතරම් ගුණ නැහැ. ඒ නිසා ඔවුන් ඒ ගැනත් හිතනන්. සම වියලි නම් බාර්ලි ඇට වතුරෙන් අඹරාගෙන ආලේප කිරීම හොඳයි. සඳුන් වියලි සමට ගැලපෙන්නේ නැහැ.


attachment.php

රුව ලස්සන රැක ගැනීමට කෝමාරිකා

අපේ ගෙවත්තේ පෝච්චියක වුනත් හදා ගන්න පුවන් මේ පුංචි පැලෑටිය ලස්සන වෙන්න වගේම ඖෂධයක් විදිහටත් මහත් වූ මෙහෙයක් ඉටු කරනවා. වෙන දෙයක් තබා කිලෝ පහක හාල් ඇසුරුමක වුනත් මේ පැලය සිටුවා ගන්න පුවනි. අලංකාර ශාඛයක් විදිහටත් ගෙවත්තට ලස්සනයි. කෝමාරිකා මදය සූරා ගෙන එය මුහුනේ තවරා විනාඩි 10 ක් පමණ වේලා තියල සෝදා හරින්න. වියලි සමට තෙතමනය ලබා දෙනවා. ගැස්ට්‍රයිටිස් තිඛෙනවා නම් මේ මදය සූරා කිරි හොද්දට දමා ගෙන ආහාරයට ගන්න පුවනි. පිලිස්සුම් වුනාමත් ඇති වෙන දැවිල්ලට කෝමාරිකා සුඹුල් ආලේප කරනවා.



attachment.php

රුව ලස්සන රැක ගැනීමට ජලය

වතුර තරම් සමට ප්‍රතිකාරයක් තවත් නැහැ. අපි රුව ලස්සන ගැන හිතුවට ඉතා පහසුවෙන් ලැඛෙන මේ වටිනා දේවල් ගැන කිසිම තැකීමක් නැහැ. විවිධ පැණි බීම, සහ කෝලා බීම වෙනුවට හැකි තරම් පිරිසිදු ජලය පානය කරනන්. සමේ වියලි බව ඔබට නොදැනීම නැති වේවි.


රුව ලස්සන රැක ගැනීමට එළවළු සහ පළතුරු

අපි බත් ආහාරයට ගත්තාටම පෝෂණය සමතුලිත විදිහට ලැඛෙන්නේ නැහැ. සමබල ආහාරයක් වෙනුවෙන් එළව ̈, පළතුරු සහ පලා වර්ග වැදගත්. ඒත් ඉතින් අපේ බත් පතේ නැත්තේම මේවා නේද..? බත් විතරක් කෑවාට මදි. මේ බත් වේලක එළවළු පලතුරු පංගු වගේම පලා වරග්ත් අනිවාර්යෙන්ම ඇතුලත් වීම අවශ්‍යයි. නැත්නම් අපිට අවශ්‍ය පෝෂණය ලැඛෙන්නේ නැහැ. සමට අවශ්‍ය පෝෂණ පදාර්ථ රැසක් මේ ආහාර වර්ගවල අඩංගු වෙනවා.

හිරු එලිය

ඉස්සර නම් අපි විටමින් ” ඩි ” උපයා ගත්තේ උදෑසන හිරු එලියෙන්. ඒත් පරිසරයට සිදුව තිඛෙන හානිකර තත්වයන් නිසා අද මේ දේශනාව එතරම් ගැලපෙන්නේ නැහැ. ඒ නිසා හිරුඑලියට නිරාවරනය වෙනවා නම්ව” Sun Cream ” වර්ගයක් ආලේප කිරීම ඉතාම වැදගත්. එහෙම නොවුනොත් ඔබේ සම පිලිස්සී්ී යෑමත් සමග වියලි බවක් ඇති වේවි.


attachment.php


ව්‍යායාම


ගෙදර තියෙන වැඩ කන්දරාවත් එකක් මොන ව්‍යායාමද…? ඔබ මේ විදිහට කිව්වත් ව්‍යායාම නිසා සමට ලැබෙන ආරක්ෂාව ඉතාම වැදගත්. ව්‍යායම කරන විට දහඩිය දාන බව ඉතින් අමුතුවෙන් කියනන් අවශ්‍ය නැහැනේ. මේ දහඩිය නිසා රෝම කූප විවර වෙනවා. එවිට සමේ තිඛෙන විෂ ද්‍රව්‍ය සිරුරෙන් බැහැර වෙනවා.සමේ නිරෝගිබවට එය ඉතාම හොඳ ප්‍රතිකාරයක්.

දැන් ඔබට මොකද හිතෙන්නේ….මේ හැම දෙයක්ම අපිට නිවසේදීම කර ගන්න පුවන් නේද…ඒ සිතුවිල්ල සිතට නැගුනා නම් ඔබ නිවරැදියි. තවත් වාසියක් තිඛෙනවා..අමතක කරන්න එපා.



ඔබේ මුදල් පසුම්බියෙන් සැලෝන් වැය ඉතිරියි. ඒත් සමගම රසදිය ගැන ඇහෙන විවිධ කතා බහ සමග අපි මේ අනුගමනය කරන ස්වභාවික ප්‍රතිකාරවලට නම් කවදාවත්ම චෝදනා කරන්න බැහැ.ඉතින් පමාවට කරුණු ආයේ ́න වෙන්නේ නැහැ. අද පටන්ම ඔබේ සමේ පැහැපත්බව සහ වියලි බවට එරෙහිව ඉහත ප්‍රතිකාර අනුගමනය කරන්න පුළුවන්.





source http://thewoman.lk/beauty-skin/
 

Attachments

  • Beauty tthewoman.lk 5.jpg
    Beauty tthewoman.lk 5.jpg
    11.2 KB · Views: 140
  • beauty thewoman.lk 2.jpg
    beauty thewoman.lk 2.jpg
    29.8 KB · Views: 129
  • beauty thewoman.lk 1.jpg
    beauty thewoman.lk 1.jpg
    41.9 KB · Views: 134
  • beauty thewoman.lk.jpg
    beauty thewoman.lk.jpg
    76.7 KB · Views: 132

csaranga46

Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    rep denna bahalu ne akkata :(
    You must spread some Reputation around before giving it to nishi_gurl again.​