සයිටම් ගැන නොදන්නා අයට

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    සයිටම් ගැන නොදන්නා අයට

    SAITM ගැන කතාකරන නොමේරු ලදරුවන් ගේ හිත සුව පිනිස.

    මම දැනට දැකපු හොඳම විස්තර කිරීම by සසර සැරිසරන පාදඩයා:

    සයිටම් හුටපටය ගැන මම දන්නා සියළු දේ සැකෙවින්:

    SLMC (Sri Lanka Medical Council) - ශ්‍රී ලංකා වෛද්‍යය සභාව​
    ලංකාවේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය​. ලංකාවේ වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. මෙහි ප්‍රධානියා මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මහතායි

    GMOA (Government Medical Officers Association) - රජයේ වෛද්‍ය නිලධාරී සංගමය​
    රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ගේ වෘත්තිය සමිතිය. මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත​. මෙහි ප්‍රධානියා වෛද්‍ය පාදෙණිය මහතායි.

    SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
    FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
    විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලැබීම සහ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත​. විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් දීම එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමකි. නමුත් කෙනෙක් වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය යුතුය​.
    මෙය වෛද්‍ය සේවයට පමණක් අදාල තත්වයක් නොවේ. විවිධ මට්ටම් වලින් වෙනත් සේවාවන් හිදී ද මෙය ක්‍රියාත්මක වේ. උදාහරණයකට නිවෙසක සැලසුමක් අනුමත කිරීමට සිවිල් ඉංජිනේරු උපාධියක් තිබීම ප්‍රමානවත් නොවේ. ඒ සඳහා වරලත් සිවිල් ඉංජිනේරුවෙක් විය යුතුය​. වරලත් ඉංජිනේරු තත්වය පිරිනමන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුරූප ඉංජිනේරු අංශයේ ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institute of Engineers Sri Lanka) හෙවත් IESL ආයතනයෙනි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත​.

    1. පොදු බහුවරණ පරීක්‍ෂනය (Common MCQ)
    මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.

    2. ERPM (Act 16)
    මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.
    මෙම පරීක්‍ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත​.
    රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.

    සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
    විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

    මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය​.
    උදාහරණයකට පොදු බහුවරණ පරික්‍ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.
    මීට හේතුව වන්නේ ERPM පරීක්‍ෂනය මදක් ලිහිල් වීමයි.
    කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්‍රතිශතයකි.

    අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක​.
    2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්‍ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර​, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි.

    සයිටම් (SAITM) දකුණු ආසියා තාක්‍ෂනික සහ වෛද්‍ය අධ්‍යාපන ආයතනය (South Asia Institute of Technology and Medicine)
    ලංකාවේ ඇති පුද්ගලික විශ්ව විද්‍යාලයක්. මෙමගින් වෛද්‍ය උපාධියක් ලබා දේ.
    සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්‍ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්‍යාලයක් නොවන නිසාය​. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්‍ෂනයටද සහභාගී නොවේ.

    එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්‍යය නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්‍ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්‍රමානවත් බවයි.
    නමුත් මෙහිදී මතුවන ගැටළුව නම් එවිට සයිටම් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇගයීමකට ලක් නොවීමයි. මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්‍ෂනය නියාමනය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආරාධනා කලහ​. නමුත් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් නොවේ.

    එමනිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කළ අතර​, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී.
     
    Last edited:

    UnderWear

    Banned
    Jan 12, 2017
    70
    6
    0
    බත් කන හරක්ද බන් මුන් කිසිම recognition එකක් නැති university එකකට ලක්ෂ එකසිය විස්සක් දීල ඉගෙනගන්න යන්නේ? ඒකෙන්ම පේනව මුන්ගේ මොලේ තරම
     
    Last edited:
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    11.gif
    11.gif
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    පෞද්ගලික අධ්‍යාපනයෙන් එහාට ගිය කූඨ ව්‍යාපාරිකයෙකුගේ නෝට්ටුවල ප්‍රතිඵලය - SAITM:dull:
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මාත් මේ දන්ෙන නැති හන්ද අහන්නෙ, දැන් එංග ලන්තෙ, රුසියාවෙ වගේ රටවල්වල වෙද්‍ය උපාදිය ගත්තත් මේ විබාගෙ ලියන්ට ඕනද
     

    waligamaya

    Well-known member
  • අතටම ඔතන්තින්නේ සල්ලි හොයන කුට වෙළදාමක්. අපේ කට්ටියත් ඩොකල එක්ක තියෙන මලට හොර වෙලෙන්දෙක්ට හුරේ දානවා. තාව් දෙයක් කියන්න ඕන. අපේ උන් අද්ද්යපනය විකුණනවට හුරේ දැමට. ලෙකේ හොදම ජිවන තත්හ්යන් තියෙනේ රටවල අද්ද්යනය බොහෝවිට free. ස්කෑනඩිනෙවියන් හා බොහෝ යුරෝපිය රටවල පාසල් හා උසස් අද්ද්යපනය නොමිලේ දෙන්නේ. සමහර රටවල පස්ච්ත් උපදියත් නොමිලේ. අනිල ලෝකේ තියෙන මුදල් අයකරන විශ්වවිද්ද්යල ලබා උපයන ආයතන නෙවෙයි ඒවගේ ලැබෙන අදායම අයකරන්නේ නඩත්තුව සහ සේවක පඩිනඩි ගෙවන්න. (ඉන්දියාවේ, නම් ලාබ හොයන අද්ද්යාපන ආයතන ඕනෑතරම් තියනවා.)
    තව අවුරුදු 10-15 මැරෙන නාකි කපටි වෙලෙන්දෙක්ගේ උවමනාවට, බලලොබි දෙෂ්පලුවොයි, නිලදරිනුයි නිසා ලංකාවේ යමතරමින් රැකිලා තියෙන දේත් විනාශවෙලා යන්න යන්නේ.
     
    • Like
    Reactions: mr.sgthilina

    waligamaya

    Well-known member
  • මාත් මේ දන්ෙන නැති හන්ද අහන්නෙ, දැන් එංග ලන්තෙ, රුසියාවෙ වගේ රටවල්වල වෙද්‍ය උපාදිය ගත්තත් මේ විබාගෙ ලියන්ට ඕනද


    ඕව එත ලැබෙන්නේ SLMC එක පිළිගත් විශ්ව විද්ද්යල පමණයි.
    උදාහරණයක් විදියට ලංකාවේ IESL වගේ ලෝකේ රටවල ඒවගේ ආයතන එකතුවෙලා හදාගත් ආයතනක් තියනවා Engineering වලට (washington accord) ව්ගොල්ලෝ ඒගොල්ලෝ අනුමත කරපු engineering faculty සැම වසර 4 කට සැරයක් පරික්ෂ්කර්ණව ඒවා ඔවුන්ගේ තත්වයක් පවත්වාගෙන යනවද කියල. එකේදී සම දෙයක්ම පරික්ස්කර්ණවා, විබහග, පර්යේෂණ ගර, ගුරුවරු, සේවකයන්, ළමයි, ලංකාවේ මේක තියෙන්නේ මොරටුව, රුහුණ, සහ පෙරා වලට විතරයි. මේක තියන උපදී ලබින්ට ඒ ඒ රටවල ඉන්ගිනේරු සංගම් වල පිළිගනිම ලබෙඅව එරටේ ඉන්ගිනේරුවෝ විදියට නිල වශයෙන් වැඩකරන්න් පුලුවන්. එහෙම නැති කට්ටිය ඒ ඒ රටවල ඉන්ගිනේරු ආයතනවලතියෙන පරීක්ෂණ වලට හො වෙනැත evaluation ක්‍රම වලට පෙනී ඉදලා තමන්ගේ වුර්තිය පිළිගනිම ලබා ගන්න ඕන.
     

    mr.sgthilina

    Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    අතටම ඔතන්තින්නේ සල්ලි හොයන කුට වෙළදාමක්. අපේ කට්ටියත් ඩොකල එක්ක තියෙන මලට හොර වෙලෙන්දෙක්ට හුරේ දානවා. තාව් දෙයක් කියන්න ඕන. අපේ උන් අද්ද්යපනය විකුණනවට හුරේ දැමට. ලෙකේ හොදම ජිවන තත්හ්යන් තියෙනේ රටවල අද්ද්යනය බොහෝවිට free. ස්කෑනඩිනෙවියන් හා බොහෝ යුරෝපිය රටවල පාසල් හා උසස් අද්ද්යපනය නොමිලේ දෙන්නේ. සමහර රටවල පස්ච්ත් උපදියත් නොමිලේ. අනිල ලෝකේ තියෙන මුදල් අයකරන විශ්වවිද්ද්යල ලබා උපයන ආයතන නෙවෙයි ඒවගේ ලැබෙන අදායම අයකරන්නේ නඩත්තුව සහ සේවක පඩිනඩි ගෙවන්න. (ඉන්දියාවේ, නම් ලාබ හොයන අද්ද්යාපන ආයතන ඕනෑතරම් තියනවා.)
    තව අවුරුදු 10-15 මැරෙන නාකි කපටි වෙලෙන්දෙක්ගේ උවමනාවට, බලලොබි දෙෂ්පලුවොයි, නිලදරිනුයි නිසා ලංකාවේ යමතරමින් රැකිලා තියෙන දේත් විනාශවෙලා යන්න යන්නේ.

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: nirmalawaththuhewa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    ඕව එත ලැබෙන්නේ SLMC එක පිළිගත් විශ්ව විද්ද්යල පමණයි.
    උදාහරණයක් විදියට ලංකාවේ IESL වගේ ලෝකේ රටවල ඒවගේ ආයතන එකතුවෙලා හදාගත් ආයතනක් තියනවා Engineering වලට (washington accord) ව්ගොල්ලෝ ඒගොල්ලෝ අනුමත කරපු engineering faculty සැම වසර 4 කට සැරයක් පරික්ෂ්කර්ණව ඒවා ඔවුන්ගේ තත්වයක් පවත්වාගෙන යනවද කියල. එකේදී සම දෙයක්ම පරික්ස්කර්ණවා, විබහග, පර්යේෂණ ගර, ගුරුවරු, සේවකයන්, ළමයි, ලංකාවේ මේක තියෙන්නේ මොරටුව, රුහුණ, සහ පෙරා වලට විතරයි. මේක තියන උපදී ලබින්ට ඒ ඒ රටවල ඉන්ගිනේරු සංගම් වල පිළිගනිම ලබෙඅව එරටේ ඉන්ගිනේරුවෝ විදියට නිල වශයෙන් වැඩකරන්න් පුලුවන්. එහෙම නැති කට්ටිය ඒ ඒ රටවල ඉන්ගිනේරු ආයතනවලතියෙන පරීක්ෂණ වලට හො වෙනැත evaluation ක්‍රම වලට පෙනී ඉදලා තමන්ගේ වුර්තිය පිළිගනිම ලබා ගන්න ඕන.

    නෑ බන් මන් අැහුවෙ ලන්කවෙ එකෙක් අැමරිකාවෙ හොද පිලිගත්ත යුනිවසිටි එකකින් උපාධිය අන් ලන්කාවට අාවොත් ඌත් ලියන්ට ඕනද ඕක