සයිටම් විරෝධය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    සයිටම් විරෝධය



    සයිටම් විරෝධය මතු කල යුත්තේ සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සඳහා මිස පුද්ගලික විශ්ව විද්‍යාල තහනම් කල යුතුයි කියන ස්ථාවරේ සිට නොවේ. සයිටම් අායතනයේ කොලිටිය වැඩි කිරීම සමගම බොහෝ අඩු ලුහුඞුතා තිබෙන දේශීය වෛද්‍ය ආයතන වලද කොලිටිය උසස් කර ගැනීමට සටන් කල යුතුය​.

    සයිටම් අායතනයෙන් පිටවන දොස්තරලා රෝගීන් මරා දමාවිද යන්න ගැන අනාවැකි කීම නම් තවමත් වේලපහ වැඩිය​. නමුත් පසුගිය දශක තුන ඇතුලත ලංකාවේ රෝහල් වල නොසැලකිල්ල නිසා රෝගීන් ගනනාවක් මිය ගියා පමණක් නොව වරක් රෝගී තරුණියක දූෂණය කොටද මරා දමන ලදි.

    පුද්ගලික විශ්ව විද්‍යාල ලෝකයේ නව ප්‍රවණතාවක් නොවේ. අපගේ සෞඛ්‍ය සේවාවන්ට වඩා පසුපස සිටි බංග්ලාදේශය නේපාලය පවා පුද්ගලික විශ්ව විද්‍යාල මගින් තම රට වලට විදේශ විනිමය අද්දවා ගනිති. ජගත් විශ්ව විද්‍යාල ශ්‍රේනිගත කිරීමේදී පසුපස සිටි මේ බංග්ලාදේශය නේපාල විශ්ව විද්‍යාල දැන් වාර්ශිකවම ඉදිරියට එති. එහෙත් අපි තවම ලෝකයේ මුල් 2000 අතරවත් නැත​.

    පුද්ගලික විශ්ව විද්‍යාල වලට එරෙහිව සටන් වල පසුපස සිටින වාමාංශික නායකයන් ගෙන් බොහෝ දෙනෙකු ඔවුන් ගේ දුවා දරුවන් නම් යවා ඇත්තේ බටහිර රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​.

    එහෙත් මේ සත්‍ය තේරුම් ගැනීමට අප බොහෝ දෙනෙකු අකමැතිය​. හේතුව අපේ මිනිසුන් විරෝධතා වල ජීවත් වීමට කැමතිය​. එහෙත් දෑස් ඇර බලන විට ලෝකය අප පසු කරගෙන ගොස්‍ ය​.
    source http://transyl2014.blogspot.com/2017/01/blog-post_31.html
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,623
    13,313
    113
    මේ ළඟදි ඔය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ රෝගියෙක් මළාය කියනවා නේ.. ඒ තමයි ලංකාවේ රෝහළක මිය ගිය මුල්ම රෝගියා... මාරයි නේ... හැබයි ඒ ලෙඩාට බෙහෙත් කරලා තියෙන්නේ නම් සයිටම් එකේ දොස්තරලා නෙමෙයි හිටන්...