සයින් කොස් ටෑන්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Podi Silva - පොඩි සිල්වා;22325194 said:
    මට කතා කරා ද යාලෝස් :P :P
    කැරියා බක්තිය දීලා කතා කරපන් :angry::angry:

    උඹත් ආසද කෙල්ලන්ගෙ සපත්තු වලට :confused: මං කිව්වෙ දාගෙන ඉන්නකොට බලන්ඩ එහෙම..
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මමනං ඕකට මෝඩය කියන්නෙ නෑ
    මූ තමා මේකෙ ඉන්න ලොකුම මොළ කාරය :cool:

    උඹ මිනිස්සුන්ව මුරුංග අත්තෙ තියල වැඩ ගන්න මාර දස්සය නේ ? :angry:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,191
    31,923
    113
    Podi Silva - පොඩි සිල්වා;22325194 said:
    මට කතා කරා ද යාලෝස් :P :P
    කැරියා බක්තිය දීලා කතා කරපන් :angry::angry:

    කුණු බක්කිය ද? :P
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උඹ මිනිස්සුන්ව මුරුංග අත්තෙ තියල වැඩ ගන්න මාර දස්සය නේ ? :angry:

    අවුලක් නෑනෙ :P
    දෙන්නටම වාසියි.

    මම උඹව ප්‍රමෝට් කරනව. උඹ මට ගණන් කියල දෙනව ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    එතකොට බං අනන්ත එකයි අනන්ත දෙකයි අනන්න තුනයි කියල දිගටම යනවද :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එතකොට බං අනන්ත එකයි අනන්ත දෙකයි අනන්න තුනයි කියල දිගටම යනවද :confused:

    ඔව්. w*w යනකංම යනව. ඒක w^2 (ඔමෙග වර්ගය)
    ඊට පස්සෙ w^3
    w^4
    w^5
    .
    .
    .
    w^w

    වැඩේ කියන්නෙ මේ කොච්චර ගානක් ආවත් w කාමර ගානක් තියෙන හෝටලේට ඔය ඔක්කොමලව පිරෙව්වෑකි :yes: ඉඩ මදි වෙන්නෑ.
    එහෙම පුරවන්න බැරිගානක් එනව. ආන්න ඒක තමා දෙවනි අනන්තය :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඔව්. w*w යනකංම යනව. ඒක w^2 (ඔමෙග වර්ගය)
    ඊට පස්සෙ w^3
    w^4
    w^5
    .
    .
    .
    w^w

    වැඩේ කියන්නෙ මේ කොච්චර ගානක් ආවත් w කාමර ගානක් තියෙන හෝටලේට ඔය ඔක්කොමලව පිරෙව්වෑකි :yes: ඉඩ මදි වෙන්නෑ.
    එහෙම පුරවන්න බැරිගානක් එනව. ආන්න ඒක තමා දෙවනි අනන්තය :yes:

    දෙවෙනි අනන්තය ලියල පෙන්නපංකො :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දෙවෙනි අනන්තය ලියල පෙන්නපංකො :P

    78c211ce8badf4ffbf9417ecceb0ef7ab0a8caed

    ඔය තියෙන්නෙ දෙවනි එක. ඇලෆ් වන් කියල උච්ඡාරණය කරන්නෙ. ඔය ගානක් ආවොත් මොන විදිහට එහා මෙහා කරලවත් w කාමර ගානකට පුරවන්න බෑ :no:

    ඇලෆ් දාල අංකනය කරන එක පස්සෙ ආවෙ අනන්ත තොගයක් එන හින්ද පිලිවෙලකට ලියන්න ලේසි වෙන්නෙ. ඔය අංකනය අනුව w කියන්නෙ ඇලෆ් නල්
    721cd7f8c15a2e72ad162bdfa5baea8eef98aab1
    මේක :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    Kiyaweema minisa sampurna karai kiwwe kata kahanawata neweine:cool:

    ඕක පොත් කියෝනව ඇති..
    නෙට් එකේ තියෙන ඒවත් කියෝනව ඇති..
    මුගෙ ඒලෙවල් රිසල්ස් එක කොහොමද දන්නෙ නෑ.. :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඕක පොත් කියෝනව ඇති..
    නෙට් එකේ තියෙන ඒවත් කියෝනව ඇති..
    මුගෙ ඒලෙවල් රිසල්ස් එක කොහොමද දන්නෙ නෑ.. :P

    Ugathkama saha buddimathkama atara loku wenasak tyenawa
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕක පොත් කියෝනව ඇති..
    නෙට් එකේ තියෙන ඒවත් කියෝනව ඇති..
    මුගෙ ඒලෙවල් රිසල්ස් එක කොහොමද දන්නෙ නෑ.. :P

    AL වැඩක් නෑ මනුස්සයො. ඒකෙ උගන්නන්නෙ ඒගොල්ලන්ට ඕනෙ විදිහට උත්තරේ ගන්න කටපාඩම් කරවන එක විතරයි. AL ගනං ගැන තොට තියෙන ප්‍රශ්න වලිං කාලක්වත් AL කරන උන්ට නෑ :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    AL වැඩක් නෑ මනුස්සයො. ඒකෙ උගන්නන්නෙ ඒගොල්ලන්ට ඕනෙ විදිහට උත්තරේ ගන්න කටපාඩම් කරවන එක විතරයි. AL ගනං ගැන තොට තියෙන ප්‍රශ්න වලිං කාලක්වත් AL කරන උන්ට නෑ :sorry:

    Ehema kiyanna epa ban.
    Aththama katawa prasna ona taram thibbata ahanna forum ekak adyapana kramaya thula nati eka. Ehemath guruwarayek thama system eken eliyata awith uganwanne.
    Practical life kiyanne tyena system eka success karagena system eken eliyata yannath path eka hadaganna eka.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ehema kiyanna epa ban.
    Aththama katawa prasna ona taram thibbata ahanna forum ekak adyapana kramaya thula nati eka. Ehemath guruwarayek thama system eken eliyata awith uganwanne.
    Practical life kiyanne tyena system eka success karagena system eken eliyata yannath path eka hadaganna eka.

    එක අතකිං බැලුවාම ඒකත් ඇත්ත තමා :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    හිල්බට්ගෙ හෝටලේ ගනිංකො :baffled: හිල්බට් කියන්නෙ ගණිතඥයෙක්. ඌ උගන්නද්දි අනන්තෙ ගැන පැහැදිලි කරන්න ගත්තෙ හෝටලේක උදාහරණයක්. මේකෙ කාමර තියෙනව. කාමර අනන්තයක් තියෙනව කියල ගමු. ඕකෙ ඔක්කොම කාමර පිරිල මිනිස්සු ඉන්නව. ඒ ඉන්න අතරෙ තව මිනිස්සු අනන්තයක් එනව. එතකොට ඒ මිනිස්සු අනන්තෙ කාමර වලට දාන්නෙ කොහොමද ? :D
    කරන්න තියෙන්නෙ හෝටලේ දැන් ඉන්න මිනිස්සු අනන්තෙ ඔත්තෙ සංඛ්‍යා වලිං නම් කල්ල තියෙන කාමර ටිකට දාල අලුතෙන් එන අනන්තෙ ඉරට්ටෙ සංඛ්‍යා වලිං තියෙන කාමර අනන්තෙට දාන එක :D

    කාමර අනන්තයම මිනිස්සු අරං නං තව එකෙක්ටවත් ඉඩ නෑනෙ :confused:
    (මගේ මෝඩ ප්‍රශ්න)
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කාමර අනන්තයම මිනිස්සු අරං නං තව එකෙක්ටවත් ඉඩ නෑනෙ :confused:
    (මගේ මෝඩ ප්‍රශ්න)

    පරිමිත සංඛ්‍යා වලට දාන ලොජික් අනන්තෙදි හරියන්නෑ :no:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    පරිමිත සංඛ්‍යා වලට දාන ලොජික් අනන්තෙදි හරියන්නෑ :no:

    එහෙම හරියන්නෙ නෑ කියල හරියන්නෙ නෑ
    පැහැදිලි කරල දියං.
    අනික අනන්ත එක දෙක තුන කියල ගත්තම, අනන්තය කියන වචනෙට තියෙන තැනත් නැතුව යනවනෙ..
    අපි අනන්තය කියන්නෙ සේරම කවර් වෙලා ඉවරයි. ආයෙ එතනින් එයාට දෙයක් කියන්ඩ බෑ :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම හරියන්නෙ නෑ කියල හරියන්නෙ නෑ
    පැහැදිලි කරල දියං.
    අනික අනන්ත එක දෙක තුන කියල ගත්තම, අනන්තය කියන වචනෙට තියෙන තැනත් නැතුව යනවනෙ..
    අපි අනන්තය කියන්නෙ සේරම ඉවරයි. ආයෙ එතනින් එයාට දෙයක් කියන්ඩ බෑ :angry:

    අනන්තයෙදි තව දාන්න පුලුවන්ද බැයිද කියල බලන්නෙ cardinality එකෙං :yes:
    නිකං ඉලක්කං ටික ගනිංකො
    1 2 3 4 5 6 7 8 9 . . . .
    ඊට පස්සෙ ඉරට්ටෙ ටික විතරකි ගනිංකො
    2 4 6 8 10 12 . . . .
    නිකං බැලූ බැල්මට පේන්නෙ ඉරට්ටේ සංඛ්‍යා තියෙන්නෙ ස්වභාවික සංඛ්‍යා වලිං භාගයයි කියල.
    ඒත් 1 2 3 ... කියන හැම ඉලක්කමකටම එක ගානෙ ඉරට්ටෙ සංඛ්‍යා දුන්නෑකි
    1 2 3 4 . . .
    2 4 6 8 . . .
    එතකොට කියනව දෙකටම එකම කාඩිනැලිටි එක තියෙන්නෙ කියල. හරියට ස්වභාවික සංඛ්‍යා ගාණයි ඉරට්ටේ සංඛ්‍යා ගානයි සමානයි වගේ

    ප්‍රථමක සංඛ්‍යා වලටත් ඒ කාඩිනැලිටි එකමයි.
    1 වෙනුවට පලවෙනි ප්‍රථමක සංඛ්‍යාව
    2 වෙනුවට දෙවනි ඔහොම ස්වභාවික සංඛ්‍යා වල එක සංඛ්‍යාවට එක ගානෙ සෙට් කරන්න පුලුවන්.

    ඉතිං ඒ විදිහටම w ගත්තත් w2 ගත්තත් w3 ගත්තත්ත එකකට එක ගානෙ හරි ඊට අඩුවෙන් හරි එන විදිහට සෙට් කරන්න පුලුවන් :yes:
    උඹ ක්‍රමයක් කල්පනා කරපං w කාමර පිරිල ඉන්න අතරෙ තව w2 ක් සෙනඟ ආවොත් උන් ඔක්කොම කාමර වලට දාන්න විදිහක් :D
    ඊට පස්සෙ w^2 ආවොත් දැම්මෑකිද ? w^3 ආවොත් ? :)