ජනාධිපති රටේ නැති අවස්ථාවකදී ජෙනරාල් ෆොන්සේකා හමුදා අත් අඩංගුවට
(ලංකා ඊ නිව්ස් 2010.පෙබ.08.සවස 10.00* ශ්රී ලංකා ජනාධිපතිවරණයේ විපක්ෂයේ පොදු අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද රාත්රී තවත් දේශපාලන පක්ෂ නායකයන් සමග සාකච්ඡුාවක සිටියදී හමුදා අත් අඩංගුවට ගැණින. හමුදාව හා හමුදා පොලීසිය පැමිණ මෙම අත් අඩංගුවට ගැනීම සිදු කෙරිණ.
ජෙනරාල් වරයා හමුදා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී මනෝ ගනේෂන්, සහ රාවුෆ් හකීම් යන මහත්වරු සමග සාකච්ඡුාවක යෙදී සිට ඇත.
ජෙනරාල් වරයා අත් අඩංගුවට ගැනීමට පැමිණි හමුදා කණ්ඩායමට අණ දී ඇත්තේ බි්රගේඩියර් මානවඩු නම් නිලධාරියෙකු බව කියැවේ. ජනාධිපතිවරණයේ ප්රතිඵල ප්රකාශයට පත්වන දා ජෙනරාල්වරයා නැවතී සිටි හෝටලය වටලා සිටි හමුදා කණ්ඩායමට අණදුන්නේද මෙම බි්රගේඩියර්වරයාම බවද වාර්තා වේ.
මෙම අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් රජය පවසන්නේ ෆොන්සේකා මහතා හිටපු හමුදාපතිවරයා ලෙස ආරක්ෂක මණ්ඩල රැුස්වීම් වලට සහභාගී වෙමින් එහිදී රාජ්ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් තීරණ මහජනතාව අතරට විවෘත ලෙස ගෙන යාම මෙසේ අත් අඩංගුවට ගැනීමට හේතු වූ බවයි.
විශ්රාම ලත් හමුදා නිලධාරියකු හමුදාව විසින් හමුදා නීතිය අනුව අත් අඩංගුවට ගැනීම පවතින නීතිය අනුව වරදක් නොවේදැයි ලංකා ඊ නිව්ස් නව හමුදා ප්රකාශක ප්රසාද් සමරසිංහ මහතාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ එය හෙට අධිකරණය විසින් විසඳනු ඇති බවයි.
දෙමළ ඊලාම් ත්රස්තවාදය හා විවෘතව සටන් කර එය ජයගත් හිටපු හමුදාපතිවරයා ජාතික විරයෙකු ලෙස සලකා සිටියදී පැමිණි ජනාධිපතිවරණයේදී රාජ්ය නායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව ඡුන්ද සටනට පැමිණීම හේතුවෙන් පවතින රජයේ වෛරයට ඔහු පාත්ර විය.
හිටපු හමුදා වීරයා අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාවේ සංචාරයක යෙදී සිටින අතර මානව හිමිකම් පිළිබඳ ඇමැති මහින්ද සමරසිංහ මහතා හෙට ජිනීවාහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්රී ලංකාව සම්බන්ධයෙන් දේශනයක් කිරීමට නියමිතව සිටීමද විශේෂත්වයකි.