සරලව HTML මව් භාශාවෙන්ම..

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    සරලව HTML මව් භාශාවෙන්ම..

    මුලින්ම කියන්න ඕන HTML කියන්නෙ "Hyper Text Mark-up Language" කියන එක..

    ඒක programming language එකක් නෙවෙයි.. markup language එකක්..:yes:

    WWW කියන්නේ ගෙයක් නම් ඒක නිම කරන්න ඕනෑ මූලිකම දෙයක් තමයි මේ HTML කියන්නේ.

    යමෙකුට වෙබ් පිටුවක HTML කෝඩ් බලාගන්න ඕනෑනම් මෙහෙම පුලුවන්.
    Internet Explorer- View > Source
    google chrome waladi Tools> view source
    ඔය වගේ.

    මූලිකවම නෝට්පෑඩ් එක උපයෝගී කරගෙන අපිට HTML පේජ් එකක් ලියාගන්න පුළුවන්.
    සේව් කරද්දි එක්ස්ටෙන්ශන් එක .html නැත්නම් .htm කියල දෙන්න..

    තව දෙයක් කියන්න තියනවා..
    මේකට අපිට ඕනෑ වෙනවා ටැග් කියලා ජාතියක් ඒකියන්නේ Angle brackets ව්ලින් සමන්විත මෙන්නෙ මේ වගේ එකක්..

    <මේක ටැබ් එකක් ඇරපු වෙලාව>

    ඒක වහන්නත් මතක තියාගන්න මෙන්න මේ වගේ..
    </ඇරියනම් වහන්නත් ඕනෑ>;)

    හොඳයි අපි දැන් අපේ පළමු වැනි වෙබ් පේජ් එක නිර්මාණය කරමු.:rolleyes:
    ප්‍රධාන වශයෙන් මේකට මේ ටැබ් දෙක ඕනෑ වෙනවා..

    <head> එකේ තමයි title එක search engine එකකට අවශ‍ය වන Keywords වගේ දේවල් ඇතුලත් කරන්නේ..

    ඊට පස්සේ body sectionඑක.
    <body>
    එකේදි තමයි අපි වෙබ් පේජ් එක කෝඩ්න් කරන්න ඕනෑ..
    මෙන්න පළමු වැනි ප්‍රෝග්‍රම් එක..:confused:

    NotePad එකක type කරලා .html විදියට save කරලා double ක්ලික් කරලා open කරලා බලන්නකෝ..:rolleyes:

    <html>
    <head>
    <title>My Own Home Page </title>
    </head>
    <body>
    <H1> I am Nalin and this is my web Page! </H1>
    </body>
    </html>


    කියන්න දෙයක් තියනවා මේවගේ සරල දෙයක් දැම්මේ අපේ එලකිරියේ comments දාද්දී ත්‍රෙඩ් එකකට reply කරද්දී ,අළුත් ත්‍රෙඩ් එකක් දමද්දී අපේ යාළුවන්ට ඕනෑ වෙන නිසා..

    තව ගොඩක් දේවල් තියනවා කියලා දෙන්න ...

    මම කියන දේවල් වල වැරදි තියනවනම් පෙන්නලා දෙන්න...:rolleyes:
    තව ගොඩක් දේවල් තියනවා මේ ත්‍රෙඩ් එකේ කියලා දෙන්න ඒවා මම දෙන්නේ ඔයගොල්ලන්ගේ ප්‍රතිචාර අනුව තමා හොඳේ..:yes:
     
    Last edited:

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    හොඳයි ...:cool:

    මුලදි මට එක දෙයක් කියන්න බැරිවුනා..;)

    මෙතන h1 කියන්නෙ html හෙඩින් එකක්..
    h1 ඉදලා h6 වෙනකන් තියනවා..:yes::yes:

    දෙයක් මතක තියා ගන්න ඕනෑ..
    h1ට ඇතුලෙ දක්වන හෙඩින් එක විශාලවත් (ෆොන්ට් සයිස්),h6 හි දක්වන හෙඩින් කුඩාවටත් තමයි පෙනෙන්නේ..:cool:

    දෙයක් කියන්න ඕන html ටැග්ස් සරලව යුගල වශයෙන් තමා තියන්නේ..

    opening ටැග් එකට starting ටැග් කියලත්end tag එකට closing කියලත් කියනවා.

    html documents, html ටැග් සහ plain text වලින් සමන්විත වෙනවා..
    html documents වලට තමයි අපි වෙබ් පේජ් කියලා කියන්නේ...:cool::cool:

    plain text editor එකක් ඒ කියන්නේ Notepad එක තමයි රෙකමන්ඩ් කරලා තියන්නේ html ඉගෙන ගන්න..
    තව දෙයක් html documnts අර්ථ දක්වලා තියන්නේ html elementsකියන ඒවා වලින්.:rolleyes:

    <p> this is a html element</p>

    මෙහිදී this is a html element කියන එක තමයි html element එක...
    html ටැග්ස් case sensitive නැහැ..
    <body>,<BODY> දෙකම එකයි...

    ඒ වුනාට රෙකමන්ඩ් කරලා තියන්නේ ටැග් සදහා සිම්ප්ල් තමයි..

    හරි දැන් තමයි අද පාඩම පටන් ගන්නේ...

    ළමයි ලෑස්තිද? ශිෂය්‍යත්ව විභාගයට?:rolleyes:

    අපි වෙබ් අඩවියක් නිර්මාණය කරද්දී ඒ සඳහා විවිධ වර්ණ භාවිතා කරන්න වෙනවා..
    text color background color වගේ තැන් වලදී..

    මුලින් background color එකක් ඇඩ් කරගන්න විදිහ..
    මෙහෙම,..

    <body bgcolor = "blue">

    නැත්නම්....:confused:

    <body bgcolor = "#0000FF"> කියලා..

    :confused::confused:
    කලබල වෙන්න එපා..

    #0000F කියන්නේHexadecimal colour"මේකෙන් අපිට පුලුවන් complex වර්ණ ඇඩ් කරගන්න...

    වැඩි විස්තර ඕනෑ නම් මෙන්න..
    මෙතනට අනින්න
    මෙන්න අද උදාහරණය..

    <html>
    <head>
    <title>My Own Home Page </title>
    </head>
    <body>
    <body bgcolor= "blue">
    <H1> <color="yellow">I am Your-Name and this is my web Page!</color></H1>
    </body>


    text color එකක් දාද්දී මේ විදිහට ඇඩ් කරන්න ඕනෑ ...
    [colour="blue"] text here[/colour]

    මෙතනදි colour වෙනුවට color යොදාගන්න අමතක කරන්න එපා..
    ඇමෙරිකන් English වලින්....;)

    ඉතිරි ටික හවස..:rolleyes:
     
    Last edited: