<<<< සරසවි කුරුටු ගී >>>>

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    <<<< සරසවි කුරුටු ගී >>>>

    xUPVOXg0.gif


    කැළණිය සරසවිය...


    පෙර කලේ කරපු අකුසල් වල අපල
    මෙම කලේ විඳිමු කැම්පස් එකට වෙලා
    මට බාලේ පටන් පුරුදුයි බොරු කරලා
    එමු රාලේ ගොසින් පේපර් එක ලියලා
    :eek:



    ලෙක්චර්ස් යනවා හොස්ටල් යනවා
    බෙල් එක වැදුනම නිදි මත යනවා
    පහලට එනවා
    බතා තලනවා
    බතාගේ පරිප්පුව කව්පිය වෙනවා
    කව්පි ජලාශේ අපි පීනනවා
    වේළුණු පානා දියේ ගිලෙනවා
    බතා උඹත් මතු නිවන් දකිනවා :rolleyes:




    භීෂණය ලගම ඇත
    දේශනය ඉවර නැත
    භාෂණය කවර සෙත
    සාසනය සාසනය




    අනේ සුසානෝ ඉස්සර වාසිටියේ
    මේසෙට කෑම ඇරලලු දීලා හිටියේ
    අළුතින් හිලක් ඉනවට පටියේ
    ඉඩ තද කර ගනින් හොඳ හැටි කිටි කිටියේ




    පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා
    ලුණුයි පානුයි සැරියුත් මුගලන් වේවා
    මලකඩ වතුර නේරංජා ගඟ වේවා
    බෝංචි මුදලාලි අජරාමර වේවා
    :lol:



    දේශන මොටද මතකයෙ රඳවන්න බැරි
    සටහන් මොටද කියවා නිමවන්න බැරි
    බුද්ධිය මොටද සිතනා දේ කරනු බැරි
    ඩිග්රිය මොටද රැකියාවක් ගන්න බැරි :baffled:



    kurutugee.blogspot
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කොළඹ සරසවිය

    AlckaLEG.JPG


    කොළඹ සරසවිය...


    ගමේ හොල්මන්
    නුදුටු මේ මං
    මෙහේ හෝල්මං
    දැකල හොල්මං
    :D



    මා වැනි ප්රෙෂාලා
    තෙල දී ලගට කැන්දා
    මුරැංගා අත්තේ තියා
    කඩේ යැව් උන් දැන් කොයින්දා
    :rofl:



    සරා සඳ සොඳුරු රුව පැටළුනු රීඩ් මාව‍තේ
    ගියා දිනක් මට මතකයි ඈත අතීතේ
    කරත්තයක් දක්කාගෙන පොරක් දුර එතේ
    ගැල්කරුගේ පනාව දැක මට මට හිනා යතේ




    එස් එස් සී විනාෂය
    සම්මානෝ අති දුර්ලභා
    රැකියා විරහිතං දුක්ඛං
    බී ඒ ඩිග්රි මහා භයං
    :shocked:



    කුසගින්න කුසගින්න
    කාට කියන්නද
    එවූ මුදල ඉවරයි
    අම්මේ අම්මේ
    :dull:



    ශිල්ප කබලෙන් ලිපට වැටුණි
    ඇය මගෙන් වෙන්වූ දිනේ




    ගණදුර කැටිවුන හදවත් කුටියේ
    බලා හිඳින්නෙමි තනිය දරා
    ගණදුර දුරලන සඳරැල්ලක් වී
    මගේ ලොවට ඔබ වඩින තුරා
    :love:



    සරසවි බිමේ සත් වසරක් ගත කෙරුව
    මගෙ ලොකු දුවේ ඇයි අද මට බැරුව
    කුමරෙක් සොයා දෙන්නට මා නිදි මැරැව
    අත් දෙක වන වනා ආවේ කිම දරුව
    :(



    සඳුන් ගැටක් මා අතනම් නෑ රුඳුනේ
    පියුම් හතක් පා යට නම් නෑ පිපුනේ
    මුඩුක්කුවේ සල් ගස නම් නෑ වැඩුනේ
    සිද්ධාර්ථ නම පමණයි මට තිබුනේ




    ප්රේමය සාගරයක් වගෙයි
    ගැඹුරුයි රුදුරුයි
    චංචලයි පියකරැයි
    විඩාවට ප්රෝයජන නැත
    ලුණු රස වැඩියි
    :P



    අයියෝ සරසවියේ අයියෝ සරසවියේ
    කියන දෙයක් ඔළුවට ගන්නට බැරිය
    තාත්තා ලෙඩ ඇ‍ඳේ මහපොළ තව නැතිය
    අයියෝ අම්මේ අයියෝ අනෙ මට බැරිය
    :no:



    කඳුලැල් සලා
    මමත් වැලපෙමි
    ආදරය නිසා
    ඔබ දන්නේ නෑ
    සෙනෙහස කඳුලක
    වේදනා පවා




    නිමාවිය වසන්තය සරසවියේ සැරි සරා
    ගම රටට යා යුතුය දැන් ඉතින් පිය ගසා
    කාටවත් නොඇසෙන්න සිතින් ඉකි ගස ගසා
    නුඹෙන් සමු ගනිමි මම සමු නොගෙන බැරි නිසා
    :nerd:



    බඩගිනි වෙලා මා ගිය කල ජිම් එකට
    ගල් වුන වඩේ විතරක් තිබුණි කෑමට
    කූල් ප්ලෙන්ටිය උගුරෙන් යන කලට
    තූ නොදකින් සිතුනි විඳිනා දුකට
    :lol:



    ආලය සිඟමනකි නොසිඟන අය හිඟන
    ආලය ගිනිගොඩකි නොදැවෙන අය දැවෙන
    ආලය මරණයකි නොමැරෙන අය මැරෙන
    කාලය ගෙවනු මැන සොයුරනි හිතට ගෙන
    :yes::yes::yes:


    http://kurutugee.blogspot.ca
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ජ'පුර සරසවිය.

    JVOQPTaL.jpg


    ජ'පුර සරසවිය...



    --පැනය
    වසර හතරක්
    නොයෙක් දුක් විඳ
    ඇතැත් කාලය නිම වෙලා
    ගමට යන්නට හිතක් නෑ මට
    තට්ටය ද හොඳටම පෑදිලා


    --පිළිතුර
    තට්ට හිස ගැන
    කුමට කම්පා
    පිරුණු මොලයක් තිබේනම්
    මොලය යොදවා
    සිතා සැනසෙනු
    ගමට ගොස් සතුටින් ලොලේ




    --පැනය
    මල් මල් කීවාට හැම මල් සුවඳ නැත
    සමන් පිච්ච මල මුදුනේ රේණු නැත
    පිටතට තිබෙන හිතවත් කම් ඇතුලෙ නැත
    ආදිම මිනිසාවත් මෙතරම් දරැණු නැත


    --පිළිතුර
    එසේ වුවත් සුවැඳැති මල් එමට ඇත
    රේණු නැතත් මල පුරාම සුවඳ ඇත
    ඇතුලේ තිබෙන දෙය පිටතට පෙනෙනු නැත
    එදා තරම් අද මිනිසා දරුණු නැත




    සරසවියේ අසරණ වී සිටින විට
    ඔබ හමුවූයේ දිය බිඳුවක් විලස මට
    පැමිණිය නමුදු සිව් වසරක් කෙළවරට
    යම්දෝ කෙසේ ඔබ හැරදා මම ගමට
    :confused:



    සිව් විසි පැයෙහිම සිහිවෙනවා ඔබගෙ වත
    කය මෙහි උනත් ඇත ඔබෙ ලඟ මගේ හිත
    දෛවය මඟින් ගිලිහුනොතින් ඔබේ වත
    එදිනට මගේ අවසන් ගඳ දැනෙනු ඇත




    සිප් සතර දැන උගෙන
    මගේ ලොවට ඔබ රැගෙන
    හදවතේ ගිනි නිවන
    ඒ සොඳුරු දින කොතැන
    :love:



    ඇලක දොලක ගංගාවක ගැඹුරු දියේ
    යම් දිනයක මා සතු සිරුර තියේ
    ඒ රුදු ජල තරලයට මා නොවෙයි බියේ
    ඒ රුදු ගැහැණියට සැඟ ව සිටිමි බියේ
    :sorry:



    ක්රෑම දාන විට බොග සෙට්වෙන්න එපා
    අතේ සතේ නැති විට බඩගිනි වෙන්න එපා
    මෙදා පොටේ එග්සෑමය ඇනෙනු එපා
    යළිත් මේ බිමට එන්නට සිදුවන්න එපා
    :oo:



    නංගී මිය ගියා එය දුක් ගොඩක් උනා
    සරසවි බිමේ නුඹ මට නංගියෙක් උනා
    අපේ ඇසුර දැන නොයෙකුත් පද බැඳුනා
    නුඹේ හොඳට මම මෙහි හුදකලා උනා
    :shocked:



    ගන්නා මුත් පෑන අත දැඩි කර චිත්තයේ
    කුරුටු ගෑමට සිතා නිසදැසක් බිත්තියේ
    නැත කිසිම අදහසක් ඇතිවන්නේ චිත්තයේ
    පෑන විසිකර තලමි මදුරුවන් බිත්තියේ




    මින් මතු අප හමුවේද ආයේ
    කස ගස් සෙවනෙද් ආදරයෙන්
    හීන් සැරේ ඔබ සිතටම එනවා
    දයාඹරයි මා එදා වගේ
    :love:



    ටයරය ගිනි දළුව යෞවන සිරුර මැඩ
    දුටුවෙමු දකින්නට බුරමින් නැගෙන හඩ
    අවනීතියට එරෙහිව උන් නඟන හඩ
    යලි යලි ඇසෙයි ලිනි දළුවල සිරස මැඩ
    :angry:



    කලිසම ගියා මාතර බෙල්ට් එක අනුරපුරේ
    කමිසය ගියා කලුතර සපත්තු රත්නපුරේ
    ඔරලෝසුව ගියා නුවර බෑගය අම්පාරේ
    මේවා එකට කවදා හමුවේද ජ'පුරේ
    :D :yes:



    මම වගෙ ඔහුත් මේ කාමරෙ ඉන්න ඇති
    නිදි කිර කිරා රෑ කෑමත් දමන්නැති
    කෑමට කියා ඔහු අඩුවක් ගහන්නැති
    වැඩක් නැතුව ඔහු තාමත් ගෙදර ඇති
    :rofl:



    සටහන් මිටිය සමනළ කඳු වැටිය වැනි
    නිදිමත දැනේ නෙත් දෙක කඳු මුදුන් වැනි
    දාඩිය මුඟුරැ සාගරයේ ජලය වැනි
    ඇනුනොත් විභාගය අපි බලු පැටැව් වැනි
    ;)




    දහවල් කලට ඇඳිරිඳු වාසනාවන්
    සැන්දෑ කලට කෙල්ලන්ගේ පනාවන්
    රෑ තුන්යම මඳුරුගේ ගායනාවන්
    එලිවන පැයට නිදි දෙව්දුව වාසනාවන්
    :eek:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    වයඹ සරසවිය.

    52294547.jpg


    වයඹ සරසවිය...



    අහෝ කොස්ස
    අතුගා දමනු
    ඔය කතුර
    පිරිසිඳු කරව
    ඔය සිත


    ::කොස්ස - පෙම්වතා::කතුර-පෙම්වතිය::




    මල ගෙදර ආවේ නුඹව ගොඩ දා ගන්න
    හරකෙක් වගේ වැඩ කෙරුවේ ලකුණු ගන්නට
    කොහේ වත් හිටි එකෙක් නුඹව ගොඩ දැම්මට
    ගෙවන්න වෙයි කුලියක් මම කල වැඩ වලට
    :rolleyes:




    කමිසය මගේ කලිසම වෙන කාගේය
    බැනියම මගේ යට ඇඳුමත් ගමනේය
    පසුදා හිඟයි ධනපති මහපොළ දාය
    කෙල්ලෙක් නෑනේ මම තාමත් තනිකඩය
    :rofl:




    පියමන් කෙරුවෙමු පොල් වතු මැද්දෙන්
    පෙම් බස් දෙඩුවෙමු කැන්ටිම මුල්ලේ
    පිකටින් කෙරුවෙමු ගුටි කෙල ගත්තෙමු
    දෙපා වාරු නැත ඩිග්රිය ගන්නට
    :P




    දහසක් බුදුන් බුදුවන මල් පිපි යාමේ
    යනවද මචං පීනස් තෙල් වෙළදාමේ
    අද බැරි වුනත් හෙට ලැබ ගමි නුඹ ප්‍රේමේ
    එක් දිනයකින් ගොඩ නැගුවේ නැත රෝමේ
    :rofl:




    ලෙක්චර්ස් ආවේ මම අරගන්නට දැනුම
    කෙලෙසද තබා ගන්නේ එක තැන මනස
    උස් අඩි සපත්තුත් පලඳාගෙන සොඳින
    මිස්ගේ රැවට බිඳවයි මගෙ හද දැහැන
    :love::love::love:
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මොරටුව සරසවිය.

    University_of_Moratuwa.jpg


    මොරටුව සරසවිය...



    නොගෙන යමි කිසිවක් ඔබෙන්
    සරසවි මෑණියනි
    ලබාගත් සියලු දෑ වසර හතරක් මුලුල්ලේ
    ලියා කොල වල ජිම් එකේ
    ආවේ ද හිස් අතිනි
    යන්නේ ද හිස් අතිනි ...
    :rolleyes:




    රුහුණෙ එවුන් හොඳ හොඳ ආතල් ගත්තා
    කොළඹ එවුන් පොෂ් බඩු දා ගත්තා
    පේරෙ එවුන් ලව් එක ගැන සිත බැන්දා
    මොරටුවෙ අපි කලේ මොන කරුමෙද මන්දා
    :lol::lol::lol:
     
    • Like
    Reactions: sasithawathmal

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    පේරාදෙණිය සරසවිය.

    z_page-07-Rise-and.jpg



    පේරාදෙණිය සරසවිය...



    වැදුනත් හිසට හෙන
    දත්ටික ඇතොත් නිසි තැන
    නොතකා හෙනය ගැන
    සිනා සෙන් උඩ පැන පැන




    සුදෝ සුදු ඔබේ කළුවන් කොන්ඩේ සුදෝ
    සුදෝ සුදු ඔබේ නිල්වන් දෙනෙත් සුදෝ
    සුදෝ සුදු ඔබේ පියකරු මුහුණ සුදෝ
    සුදෝ සුදු ඔබේ මුළු ඇගම කළුයි සුදෝ
    :love:




    විදුලි එළියයි පවුඩු පැහැයෙන් රැයේ සිත නෙත පෙළන්නේ
    පාට බොඳවුණු අකුරැ මතු වී දුක කියා ගෙන ඉකි බිඳින්නේ
    ඈත පැල තුල කුප්පි එළියෙන් අකුරැ කරගන්නා ළමුන්නේ
    විසල් ලෝකෙක අතරමංව මට එන්න පාරක් කියන්නේ





    සිරිපාලගේ දේශනාව
    අපට හරිම වේදනාව
    කිමද ඊට කාරණාව
    මාජි ගැනැයි කල්පනාව
    :lol::lol::lol:




    ජීවිතය ...
    ගෙවී යනුයේ
    පොත් පිටු අතරේය...
    කැත්තයි උදැල්ලයි උරැම වූ
    අප හට...
    පොතයි පෑනයි හුරැ වී ඇති
    ඵලය කුමකටද





    සයිකෝ ගසා මම ගිය කල ඇය වෙතට
    දුන්නා බුට් එක ගලවා මගෙ අතට
    ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
    ගත්තෙ මි වීරයා සේ එය මගෙ අතට
    :sorry:




    ලවර්ස් ලේන් එකෙ සුදු මල් පිපිදේවා
    වෙනදා වගේ සවසට වැසි නොවැටේවා
    මගේ කාමරය ඝණ අඳුරින් නොවැසේවා
    ප්රවීනතා පරතිඵල පිට නොවේවා
    :shocked:




    ලස්සන නැති කෙල්ලක් ආවයි වාසිටියේ
    ලස්සන නැති නමුත් සීදේවිය වාසිටියේ
    ගියෙමි පස්සෙන් සිත ගන්නට බැරියේ
    මම පමණයි කෙල්ලෙක් නැති කොල්ලා වාසිටියේ
    :(




    සටන් අතරේ නෙත් සිර වෙනවා
    හදවත මගේ ඔබ වෙත එනවා
    මා මෙහි තනිවම ඔබ මෙහි තනිවම
    දෙදෙනා දෙතනක සුසුම් හෙලනවා
    :(




    ගුණයේ ගුණය අගුණය අගුණය ගුණය
    ගුණයේ ගුණය දුටු මිනිසා අසරණය
    මම ගුණමකුය ඒ මගෙ පූරුවේ පිනය
    මට දුක නුඹට ඒ පින නැති එක ගැනය
    :baffled:




    අසාධාරණයෙහි අඳුර බිඳින්නට
    හිරු පායන තුරු හිටියා ඇති
    බලහත්කාරෙන් හෝ හිරු පුබුදා
    හෙට මුළු ලෝකය එළිය කෙරුව යුතු





    නොහඩන් සරසවිය සලමින් කදුළු කැට
    වැඩ නැත මොලේ ඇතිවුන්ගෙන් ඔවුන් හට
    විරැකියාව අවසන් කොට දැමෙයි හෙට
    රැකියාවක් ලබා අද යමි සිපිරි ගෙට
    :frown:




    නරියා හූ කියයි ඩිග්රිය උෳට නැත
    එළුවට රැවුල ඇත වාසිටි ආවේ නැත
    මේ දෙක අපට ඇත එනමුදු දැනුම නැත
    සහතික මිසක ඩිග්රිය නම් වැඩක් නැත
    :rofl:




    සූරා කමින් සුළු පිරිසක් විඳිති සැපෑ
    වැඩි පිරිසකට ඒ මුත් එය දුකකි අපා
    ඉල්ලමි ඔබෙන් ඉල්ලීමක් වැළඳ දෙපා
    වීරයො මිසක නිකමුන් බිහිකරනු එපා
    :yes:




    නිශ්ඵල වැඩක සිව් වසරක් නිරත වෙලා
    ආපසු යනවා අපි ගම් රටවල් සොයලා
    බැහැ අඳුනන්න ගම නගරය වෙනස් වෙලා
    අරමුණු නොමැති ගමනක අපි නිරත වෙලා
    :rolleyes:




    පෙම් කරනා හැටි මා හට
    කියා දුන්නේ ඔබයි සොඳුර
    එසේ නමුත් ඔබ තවමත්
    කියා දුන්නේ නැහැ නොවේද
    ඉන් ගැලවෙන අන්දම ගැන
    :confused:




    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය
    මෙය කිවු එකාගේ කට කෑවත් මදිය
    ඉක්මන් වුනු එකා ළග බඩු හත අටය
    ඉවසන් හිටපු මම තවමත් තනිකඩය
    :rofl: :P




    පානුයි පරිප්පුයි දවසක බුදු වේවා
    ගෝවයි අලයි සැරියුත් මුගලන් වේවා
    කැන්ටින් හොද්ද නේරංජා ගඟ වේවා
    සුප්පයියා මුදලාලි කන්ථක අසු වේවා
    :D
     
    Last edited:

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    රුහුණු සරසවිය.

    RuhunaUni_.gif


    රුහුණු සරසවිය...




    ඇඳුරු දිසාපාමොක් ආගිය අතක් නැත
    සාමා අමර වැලිකඩ හිර ගෙදර ඇත
    හෝඩිය බොඳව සිතුවම් පොත මැකී ඇත
    දින නියමයක් නැතිව සරසවි වැසී ඇත
    :shocked:




    කැන්ටිමේ පල් වෙච්ච
    හොද්ද ගා පාං කා
    ශිල්ප කළත් හත් අවුරැද්දක්
    බඩ පනුවොත් නිදැල්ලේ
    ෆුට්බෝල් කෙළිනවා





    දවසක් එක සැඳැවක
    අපි දෙන්නා මෙහි තනිවී
    ජීවිතය ‍තේරුම් ගැනීමට අසීරුව
    බලා සිටියා උනුන් දිහා
    :confused:




    තබන තබන වෙඩි ආපිට හැරීයන්
    මරණ මරණ මිනියට පණ ලැබීයන්
    ගහන ගහන ගැටවල් ටික ලිහීයන්
    සිසුන් මරණ තොපිලට හෙණ වැදීයන්
    :sorry:




    ඔහු හෝ ඇය
    ලංවෙයි හදකට
    සෙනහසින්
    එහෙත් වෙන්කර දමා යනු එපා
    ඔහු හෝ ඇය
    කුරිරු විලසින්





    මී හරකුන් ලැගිය මේ බිම සුද්ධ කොට
    හෙට මිනිසුන් ලෙසින් ඉන්නට සිසුන් හට
    කලයුතු මෙහෙය ඉටු කොට දිවි පුදන්නට
    සතුටකි උපාධිය මට හිමි නොවුනාට
    :yes:




    ධනපති පංතියෙන් පැන පැන අරගත්තු
    කළා පීඨ අධිපති ඩී. අතපත්තු
    තම නිල බලය ගිනි අවියක් කර ගත්තු
    නොමරා මරනවා සරසවි දූ පුත්තු
    :nerd:




    ආවේ ගෙදර සිට ඩිග්රිය අරගන්න
    කෑවේ පාන් අප හට නැත බත් කන්න
    කොක්කක් ගැහුවොතින් හැක මට බත් කන්න
    කවුරුද කැමති මට බත් අම්මා වෙන්න
    :P




    සුවඳ විහිද මල් පුබුදින වෙලාවට
    පවන් පොදින් නව සුවඳක් උනේ මට
    සිනා කවට සපිරුණු පිරි සැඳැවක
    දෙනෝ දහක් මැද තනිකම දැනේ මට
    :)
     
    • Like
    Reactions: crazy_lakshitha

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    විවෘත සරසවිය.

    15744_1204600607905_1615321757_527882_955994_n.jpg



    විවෘත සරසවිය...



    O/L උස කඩුල්ලකි
    A/L ගල් තාප්පෙකි
    ඒ තාප්පේ පුංචි සිදුරකි
    එතැන open university ඇති
    :P




    ඉරුණු වැරහැලි ගතේ එල්ලා
    කුසේ ඇති ගිනි හිතේ අවුලා
    එරෙහි වුනු මුලු ලොවම හොල්ලා
    නුඹ‍ට හිමි උරුමයන් ඉල්ලා
    අකුරු සිරකර පවුරු බිඳලා
    අලුත් ගමනක් අරඹපල්ලා
    :)




    නිරුදකේ මිරිගුවෙන්
    එපා සිත දොවන්නට
    වාලුකා තීරයෙන් එහා ඇති
    කෙම් බිම් කඩට
    දිරිය ගන් අදිටනින්
    ලොවේ පා තබන්නට





    නහය වසාගෙන ඕපනයට ආමි
    මෙහි ඇති සොඳුරු නන්නත්තාරය දුටිමි
    පොත් ඇත ටියුට් ඇත මං ලොකු තරු දුටිමි
    සබ්මිට් ඩේට් දිගු වේවා සුභ පතමි

    ඕපන් පාරේ මේ කුණු ගොඩ දුටුවාම
    මම සිහි කරමි පුර පතිගේ අම්මාම
    මේ කුණු පිලිවෙලට ගෙන ගොස් දැම්මාම
    පහනක් තියමි ඔහු සිහිකර හැමදාම

    ආතල් ගන්න කැම්පසයට එනවාද
    සබ්ජෙට් ඉලිජිබල් වේ දැයි සිතනවද
    කාලය කමින් ලයිබරියෙත් හිටියාද
    ෆයිනල් ලියන්නට ඔබ නාවේ මන්ද :eek:

    වැහි දිනයටත් ඕපනයට නොඑන නිසා
    ඉලිජිබලුත් පා වීලා දුරට ගියා
    ෆයිනල් ලියනවා හීනෙන් මං දුටුවා
    ඩබල් ගෙවා මේ පාරත් මං ආවා

    හොඩියෙ පටන් දහතුන තෙක් කට පාඩම්
    ටියුෂන් ගිහින් නිදි වැරුවෙමි හොඳ පාඩම්
    පොත් කියවා ලියනා විට මෙහි පැවරුම්
    සිහිවෙයි මෙමට ලොව දෙවියන් හතර වරම් :rofl:

    සබ්ජෙට් විසි පහක් මං එකවිට ගත්තා
    පොත් නොකියවා ආතල් එක රැක ගත්තා
    පැවරුම් ප්‍රැක්ටිකල් මං ඇස් වහ ගත්තා
    ඇඩ්ඩොප් දිනෙන් යම්තම් පණ රැක ගත්තා

    එක දිනකටත් ඕපනයට නොඑන එකා
    කොපි ගහලා ටියුට් ලියන පුදුම යකා
    වයිවා දෙද්දි වෙව්ලුම් කයි නොකර කථා
    ඌටත් වැඩිය මට ලකුණක් දෙයිද ලෙචා :sorry:

    කඩ්ඩත් හැකිවේවී පොත් කියවමු තදට
    පැවරුම් හදමු නොනිදා රෑ ගෙන සිතට
    මේකෙන් ගොඩ යන්න හිතලා එකම විට
    එක් වී වැඩ කරමු සිත වෙත ගමු හොඳට




    එසයිමන්ටේන පාපකම්මෝ - කැටෝරිං මල පජ්ජනා
    ෆයිනලං අති භයංකාරං - යංතං යන්තං ඉලිජිබලං
    වස්ස වස්සං සබ්ජෙක්ටං - මහාමේරුං පර්වතං
    වයිව වයිවං රිපීටේන - ඩිග්රියානං ස්වප්නයං
    :D
     
    Last edited: