සරසවි සිසුන් ගංජාකාරයෝද?
සරසවි සිසුන් ගංජාකාරයෝද?
සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුලදී නායකත්ව පුහුණුවක් ලබා දීමට හේතුව, සරසවි වල නවක වදය තුරන් කිරීමට බව එය ඇරඹුණු කාලයේම සඳහන් විය. නමුත් දැන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ වෙනත් කථාවකි. ඔහුගේ මෙම කථාව මම ඇසුවේ ඊයේ (23දා) ස්වර්ණවාහිණියේ, ලයිව් ඇට් එයිට් ප්රවෘත්ති විකාශයේ, රට හදන තැන නම් විශේෂාංගයෙන්ය. මෙහිදී පාර්ලිමේන්තුව තුල ඇසුණු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුයේ “සරසවි වල සිසුන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන බැවින් සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදෙන්නට තීරණය කර ඇති බවයි.” එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා නැවත ඇසුවේ. “ඒ කියන්නේ සරසවි සිසුන් කසිප්පු බොන බවද?” එයට අමාත්‍ය වරයා පිළිතුරු වශයෙන් පැවසුයේ ඉතාමත් අවාසනාවන්ත කථාවකි. ඒ “පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මුරකුටියේ ගංජා අසුවු බවත් එතැන දිනකට ගංජා මිටි 30 ක් පමණ අලෙවි වී ඇති බවත්ය.” එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ “හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඇති පෙට්ටි කඩයේද ගංජා තිබී අසුවු බවත්, එතැන දිනකට ගංජා පැකට් 40 ක් පමණ අලෙවි වී තිබී ඇති බවත්ය.”
මෙහිදී මට නැගුණු පැනය නම් එක ගංජා මිටියක් සිව්දෙනෙකු එක්වී බිව්වා නම් පේරාදෙනියේ දිනකට ගංජා බොන සිසුන් ප්‍රමාණය 120 කි. ඇත්තටම මෙම ගංජා මිටි, සරසවි සිසුන්ට අමතරව එහි සේවකයන් සහ ඒ අවට ගමන් කරන අයද භාවිතා කරනවා වන්නට පුළුවන. එසේ නම් අපට කිවහැක්කේ සිසුන් 100ක් 150 ත් අතර සිසුන් මේවා භාවිතා කරන්නෝ බවට සිතිය හැක. පේරාදෙනියේ සමස්ත සිසුන් ප්‍රමාණය සලකා බලන විට එය ඉතාමත් සුළු ප්රතිශතයකි. ඉතාමත් සුළු සිසුන් සංඛ්‍යාවක් කරන දෙයකට සෑම සිසුවෙක්ම වන්දි ගෙවිය යුතුද? සරසවි වල සිසුන් නරක දේට ඇබ්බැහිව සිටිනවා නම් කළ යුත්තේ සිසු විනය නීති තරකිරීම නොවේද?
අනෙක් අතින් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු ලංකාවේ බුදු දහම අධ්‍යනය කිරීමට ඇති තෝතැන්නකි. අමාත්‍යවරයා පවසන පරිදි එහි සිසුන් කිහිප දෙනෙක් හෝ ඇත්තටම ගංජා බොන්නට ඇබ්බැහි වී සිටිනවා නම් එය භයානක තත්වයක් නොවේද? සරසවි බලධාරීන් විසින් මෙම සිසුන් සොයා බලා දඬුවම් කර විශ්ව විද්‍යාලයෙන් පහකර දැමීමත් කළ යුතුම දෙයකි. එය රටේ පමණක් නොව සමයේද හිතසුව පිණිස වනු ඇත.