සරසවි සිසුන් ගංජාකාරයෝද?

amjad18

Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    සරසවි සිසුන් ගංජාකාරයෝද?

    සරසවි සිසුන් ගංජාකාරයෝද?
    sb_dissanayake.jpg
    සරසවි සිසුන්ට හමුදා කඳවුරු තුලදී නායකත්ව පුහුණුවක් ලබා දීමට හේතුව, සරසවි වල නවක වදය තුරන් කිරීමට බව එය ඇරඹුණු කාලයේම සඳහන් විය. නමුත් දැන් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ වෙනත් කථාවකි. ඔහුගේ මෙම කථාව මම ඇසුවේ ඊයේ (23දා) ස්වර්ණවාහිණියේ, ලයිව් ඇට් එයිට් ප්‍රවෘත්ති විකාශයේ, රට හදන තැන නම් විශේෂාංගයෙන්ය. මෙහිදී පාර්ලිමේන්තුව තුල ඇසුණු වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඒ මහතා මෙසේ පවසා ඇත.
    5600live@8.jpeg
    පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඇසු ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුයේ “සරසවි වල සිසුන් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතා කරන බැවින් සරසවි සිසුන්ට නායකත්ව පුහුණුව ලබාදෙන්නට තීරණය කර ඇති බවයි.” එහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රී වරයා නැවත ඇසුවේ. “ඒ කියන්නේ සරසවි සිසුන් කසිප්පු බොන බවද?” එයට අමාත්‍ය වරයා පිළිතුරු වශයෙන් පැවසුයේ ඉතාමත් අවාසනාවන්ත කථාවකි. ඒ “පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ මුරකුටියේ ගංජා අසුවු බවත් එතැන දිනකට ගංජා මිටි 30 ක් පමණ අලෙවි වී ඇති බවත්ය.” එමෙන්ම අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ “හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට ඇති පෙට්ටි කඩයේද ගංජා තිබී අසුවු බවත්, එතැන දිනකට ගංජා පැකට් 40 ක් පමණ අලෙවි වී තිබී ඇති බවත්ය.”

    මෙහිදී මට නැගුණු පැනය නම් එක ගංජා මිටියක් සිව්දෙනෙකු එක්වී බිව්වා නම් පේරාදෙනියේ දිනකට ගංජා බොන සිසුන් ප්‍රමාණය 120 කි. ඇත්තටම මෙම ගංජා මිටි, සරසවි සිසුන්ට අමතරව එහි සේවකයන් සහ ඒ අවට ගමන් කරන අයද භාවිතා කරනවා වන්නට පුළුවන. එසේ නම් අපට කිවහැක්කේ සිසුන් 100ක් 150 ත් අතර සිසුන් මේවා භාවිතා කරන්නෝ බවට සිතිය හැක. පේරාදෙනියේ සමස්ත සිසුන් ප්‍රමාණය සලකා බලන විට එය ඉතාමත් සුළු ප්‍රතිශතයකි. ඉතාමත් සුළු සිසුන් සංඛ්‍යාවක් කරන දෙයකට සෑම සිසුවෙක්ම වන්දි ගෙවිය යුතුද? සරසවි වල සිසුන් නරක දේට ඇබ්බැහිව සිටිනවා නම් කළ යුත්තේ සිසු විනය නීති තරකිරීම නොවේද?

    අනෙක් අතින් හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය යනු ලංකාවේ බුදු දහම අධ්‍යනය කිරීමට ඇති තෝතැන්නකි. අමාත්‍යවරයා පවසන පරිදි එහි සිසුන් කිහිප දෙනෙක් හෝ ඇත්තටම ගංජා බොන්නට ඇබ්බැහි වී සිටිනවා නම් එය භයානක තත්වයක් නොවේද? සරසවි බලධාරීන් විසින් මෙම සිසුන් සොයා බලා දඬුවම් කර විශ්ව විද්‍යාලයෙන් පහකර දැමීමත් කළ යුතුම දෙයකි. එය රටේ පමණක් නොව සමයේද හිතසුව පිණිස වනු ඇත.
     
    • Like
    Reactions: hirashgeff

    weebly

    Member
    Apr 22, 2010
    574
    10
    0
    I agree with u machan. Oya yaka mole amarukarayek kiyala dan lankawama dannawa. Oka campus walata karanna hadapu okkoma vihiluwak unaa ne.dan okata one ekata pali ganna.paw.hithe amaruwata dena talks owa.Monawa karala hari ape campus paath karannaii okata one.Ekai owa kiyanne. Supiri JORKER kenek apita dan meya.
     
    Last edited:

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    එස් බී කියන ගොන් හරකා ගැන ඕන කෙනෙක් දන්නවනේ..ඕකව බල්ලෙක් කෑවොත් ඌ බල්ලවත් කන ජාතියේ එකෙක් ඒ කියන්නේ ඕකට ජාතියක් ජම්මයක් ඇති එකෙක් නෙවෙයි..මුට වඩා උඩින් එකෙක් නැතෙයි කියලා තමයි මූ හිතන් ඉන්නේ..මුගේ කතා වල කිසිම තේරැමක් මට නම් දැනිලා නෑ
     

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    I agree with u machan. Oya yaka mole amarukarayek kiyala dan lankawama dannawa. Oka campus walata karanna hadapu okkoma vihiluwak unaa ne.dan okata one ekata pali ganna.paw.hithe amaruwata dena talks owa.Monawa karala hari ape campus paath karannaii okata one.Ekai owa kiyanne. Supiri JORKER kenek apita dan meya.

    එස් බී කියන ගොන් හරකා ගැන ඕන කෙනෙක් දන්නවනේ..ඕකව බල්ලෙක් කෑවොත් ඌ බල්ලවත් කන ජාතියේ එකෙක් ඒ කියන්නේ ඕකට ජාතියක් ජම්මයක් ඇති එකෙක් නෙවෙයි..මුට වඩා උඩින් එකෙක් නැතෙයි කියලා තමයි මූ හිතන් ඉන්නේ..මුගේ කතා වල කිසිම තේරැමක් මට නම් දැනිලා නෑ

    :yes::yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    muth mervin ge jana sahithawa karumeta ipadechchi ekek. okun kiyana katha etharam ganan gatha uthu na.

    P.S
    oka thawa tika dawasakin kiyai campus kollo badu karayo kiyala
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කාපු පතේ රෙන යක්කු (ඇත්තටම මුන් යම් තැනක ඉන්නේ ඒ නිදහස් අද්යපනයේ පිහිටෙන් ) දැන් එක විනාශ කරන්න යනවා හරියට කිරි බීපු අම්ම කිරි වැරුවට පස්සේ මරල දානවා වගේ
    ලගදි කිව්වා පෙර කෙල්ලෝ lesbian කියල
    මුන්ට කොහොම හරි ඕනි මිනිස්සුන්ට gove. uni එපා කරවල ඒ ටික වහල දාන්න
    මුන්ගේ උපාදී කඩ ටික ඇරගන්න
    එතකොට කල්ල මරේ එක දිග්රියකින් සාක්කුවට ගානක් එනවා ඇති
    ඕව සොභා දහම් මෑණියෝ බලයි
    නැත්නම් අපිට කියන්න කෙනෙක් නැහැ
     
    • Like
    Reactions: Ayeshlive
    Mar 19, 2012
    251
    19
    0
    කාපු පතේ රෙන යක්කු (ඇත්තටම මුන් යම් තැනක ඉන්නේ ඒ නිදහස් අද්යපනයේ පිහිටෙන් ) දැන් එක විනාශ කරන්න යනවා හරියට කිරි බීපු අම්ම කිරි වැරුවට පස්සේ මරල දානවා වගේ
    ලගදි කිව්වා පෙර කෙල්ලෝ lesbian කියල
    මුන්ට කොහොම හරි ඕනි මිනිස්සුන්ට gove. uni එපා කරවල ඒ ටික වහල දාන්න
    මුන්ගේ උපාදී කඩ ටික ඇරගන්න
    එතකොට කල්ල මරේ එක දිග්රියකින් සාක්කුවට ගානක් එනවා ඇති
    ඕව සොභා දහම් මෑණියෝ බලයි
    නැත්නම් අපිට කියන්න කෙනෙක් නැහැ






    ai ubalage professor kenek, kellonge virginity test kale
    :lol:
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka


    ai ubalage professor kenek, kellonge virginity test kale
    :lol:

    Umba kiyanne Japure VC ganane. Okata athi ugathkamakuth na. Okkama pattam deshapalana ewa. Nikan Mervin Silva wage thamai.

    Eka newei umba nikan thoranak wagene bun. Eka welawakata rathu, eka welawakata nil. Elakiriye wadima rep float wena eka umbada? :lol:
     
    Mar 19, 2012
    251
    19
    0
    machan meka commedy countryak!! jokers la thamayi rata geniyanne! apita thiyenne daana joke walata athpudi gagaha thawa thawa form karanna me moda ralawa!! :angry: :angry:



    machan, ubalata free campus education hamba wenawanan, ubala dana ganna one, private degree karana ewunta wadiya hodata hasirenna.

    - ubalage campus wala, fun ekata karanne, freshers lata toilet wala wathura bonna bala karana eka

    - ubalage campus wala, keesarayak minimara gatthada? ubalata amathaka wunata apita nan thama hodata mathakai, ubala anti ragger kenek ge oluwata computer ekakin gahala marapu hati Japuredi.

    - masekata sarayak hari, ubala parawal wala, mokak hari allan, satthu wage kagagaha udgoshana karanawa

    - anika ubalage oya Arts wage faculties walin pass out wena ewunta issara kale idanma job naha. eth anduwa e faculties maintain karanawa


    ithin ubala pili ganna one machan, ubalatai, ubalage demawpiyantai harunama, me rate mahajanathawata oya campus walin wena kisima sethak nathi bawa. wadiya one naha, freely educated doctors la keedenek pass out wenna adda, eth ape rate hoda medical service ekak thiyenawada?
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    කාපු පතේ රෙන යක්කු (ඇත්තටම මුන් යම් තැනක ඉන්නේ ඒ නිදහස් අද්යපනයේ පිහිටෙන් ) දැන් එක විනාශ කරන්න යනවා හරියට කිරි බීපු අම්ම කිරි වැරුවට පස්සේ මරල දානවා වගේ
    ලගදි කිව්වා පෙර කෙල්ලෝ lesbian කියල
    මුන්ට කොහොම හරි ඕනි මිනිස්සුන්ට gove. uni එපා කරවල ඒ ටික වහල දාන්න
    මුන්ගේ උපාදී කඩ ටික ඇරගන්න
    එතකොට කල්ල මරේ එක දිග්රියකින් සාක්කුවට ගානක් එනවා ඇති
    ඕව සොභා දහම් මෑණියෝ බලයි
    නැත්නම් අපිට කියන්න කෙනෙක් නැහැ
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උබල මෙතන ආණ්ඩුවට බනින්න එස්බීට කුණුහරපෙන් බැන්නට
    මේ ලිපිය ලියපු කෙනාගෙ පහර එල්ල වෙන්නෙ මොකටද කියල හොදට බලපන්
    මෙන්න මෙයාගෙ තව ලිපියක්




    මට මේ ලිපිය ලියන්නට ප්‍රධානතම හේතුව වුයේ ලංකා සී නිවුස් වෙබ් අඩවිය සිවින් මාර්තු 18 වන දින පලකල “ආශ්චර්යයන් යනු මොනවා ද?” යන උදෘතයෙන් පලකල ලිපියට පිළිතුරක් වශයෙනි. මේ ලිපියේ අන්තර්ගතය දෙස බලන කල පෙනී යන්නේ බුදු දහම කෙරෙහි යම්කිසි ගූඨ විශ්වාසයක් ආරෝපනය කරවීම බව මගේ අදහසයි. නමුත් ඇත්තම තත්වය නම් මේ දවස් වල හිට් වෙන පුවත් වල ඇති දැඩි හිඟයයි. අන්තර්ජාල වෙබ් අඩවි පවත්වාගෙන යන අපවැනි අයට හිට් වෙන නිවුස් නැති වීම දැඩිව දැනේ. ලංකා සී නිවුස් වෙත එය දැඩිවම දැනෙන්නේ ඔවුන් පුවත් වෙබ් අඩවියක් නිසාවෙනි. ඒ නිසා ඔවුන්ට එම වෙබ් අඩවියට පාඨකයන් ග්‍රහණය කරගනිමින් රඳවා තබා ගැනීමට හිට් වෙන පුවත් වල අවශ්‍යතාවය අපට වඩා දැඩිව ඇත. ඒ වගේ පුවත් නොමැති අවස්ථා වලදී මෙවැනි ලිපි පලකර එමගින් සමාජ සංවාදයක් ගොඩනගා තම පාඨකයන් රඳවා තබා ගැනීමට වෙර දැරීම පුවත් වෙබ් අඩවි විසින් පුරුද්දක් වශයෙන් කරති.

    මේ ලිපිය උඩින්ම පලකොට තිබුණේ සුනාමි ව්‍යසනය සිදුවීමෙන් පසුව ගාල්ලේ ටවුමේ සුන්බුන් අතර බුද්ධ ප්‍රථිමාව පමණක් ආරක්ෂා වී තිබුණු ආකාරයේ ඡායාරූපයකි. මෙම ලිපියට අනුව සුනාමියෙන් එය ආරක්ෂා කරන්නට ඇත්තේ ගාල්ලේ සිටි දෙවිදේවතාවුන් විසිනි. නමුත් සුනාමි ව්‍යසනය අවසානයේ ගාල්ලේ ගිය අපට සුනාමියෙන් විනාශවු සුන්බුන් අතර ආරක්ෂාවු තවත් බොහෝ දේද දැක ගන්නට ලැබුණි. විශේෂයෙන් මෙම ඡායාරූපය පිටුපස බලනවා නම් සුනාමියෙන් පසුවත් ආරක්ෂාවී තිබුණු ගස් කිහිපයක් දැක ගත හැකිය. සමහර විට මෙම ගස් යනු දේවතාවුන් වහන්සේලා වැඩ සිටි වෘක්ෂයන් නිසා ඒවාද ආරක්ෂා වුණු බවටද සමහරුන්ට තර්ක කළ හැක. ගස් වලට අමතරව සමහර ස්ථාන වල ගෙවල් සම්පුර්ණයෙන් විනාශ වුවද වැසිකිලි ආරක්ෂා වී තිබුණි. ඒ වැසිකිලි ආරක්ෂා කළෝ කිණම් දේවතාවෝදැයි මා නොදනිමි.

    මම ඒ පුවතට මගේ අදහස දැමු පරිදි එම බුදු පිළිමය ආරක්ෂා වීම අහඹු සිදුවීමකි. සුනාමියෙන් එවැනි අහඹු ලෙස ආරක්ෂා වුණු දේ රැසක් ඇත. ඒ ඒ ආගමිකයන් විසින් තම තමන්ගේ ආගම් අනුව ඒවාට නිර්වචනයන් සාදා ගන්නා ලදී. නිදසුනක් ලෙස මාතර ටවුමේ මුස්ලිම් පල්ලිය, බේරුවල මුහුද අසලම තිබෙන ඓතිහාසික මුස්ලිම් පල්ලිය පෙන්වා දිය හැක. නමුත් මගේ අදහස නම් ඒ සියල්ල අහඹු සිදුවීම්ය. මෙම බුදු පිළිමය සහ එහි සිමෙන්ති ආවරණ කුටිය ආරක්ෂා විය. ඒවා කොන්ක්‍රීට් සහ ශක්තිමත් සිමෙන්ති බදාමයෙන් නිර්මිත බව අවිවාදිතය. විශේෂයෙන් ප්‍රථිමා නිර්මාණය කිරීමේදී සිමෙන්ති පදම වැඩියෙන් යොදාගන්නා බව නොදන්නේ කවුද? නමුත් එහි වීදුරු ආවරණ කූඩුව සහ දොරවල් විනාශ විය. ආශ්චර්යයක් නම් ඒවාද ආරක්ෂා විය. ඒ අසල මුහුදු රළට අසුවු දහස් ගණන් අහිංසක ජනයා මුහුදට ගසා ගෙන යන ලදී. දෙවිදේවතාවුන් ඒ සියළු ජීවිත පසෙකලා ප්‍රථිමාවක් බදාගෙන සිටියා යන්න විශ්වාස කළ හැකිද?

    මගේ එම අදහසේ සඳහන් කළ පරිදි පලමු බුද්ධ ප්‍රථිමාව නිර්මාණය කර ඇත්තේ බුදුරජාණන් වහන්සේගේ වසර 500 කට පසුවය. එසේ නම් මේ ප්‍රථිමාව ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ යන්නට අපට තිබෙන සාධකය කුමක්ද? බෞද්ධයන් මෙවැනි අන්ධ විශ්වාසයන්ට යොමු නොකර දහමේ මුලධර්ම වෙත ඔවුන් යොමු කරවනවා නම් වඩා යහපත් බව මගේ අදහසයි