සර්පයින්ගේ ලෝකය-2

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සර්පයින්ගේ ලෝකය-2

    EgyRVkD.png

    ලොව විශාතම සර්පයින්​

    සර්පයින්ගේ විශාලත්වය ගණනය කරන්නේ ඔවුන්ගේ දිගින් හෝ බරින්ය.ලොව විශාලතම සර්පයින් අයත් වන්නේ බොයිඩේ සහ පයිතොයිඩේ යන පවුල්වලටය.ඔවුන් සියලුදෙනාම විෂ රහිත සර්පයින්ය.​



    BC6Weom.jpg

    කොළ පැහැති ඇනකොන්ඩා

    උපරිම බර කි.ග්‍රෑ.227කි.උපරිම දිග මීටර් 8.8කි.නිජබිම දකුණු ඇමෙරිකාවයි.




    pfRK93r.jpg

    ජාලාකාර පිඹුරා

    උපරිම බර කි.ග්‍රෑ.158.8කි.උපරිම දිග මීටර් 10කි.ජීවත්වන්නේ ආසියානු රටවලය.




    y7gqqvD.jpg

    බුරුම පිඹුරා

    උපරිම බර කි.ග්‍රෑ,137කි.උපරිම දිග මීටර් 7.6කි.ඔවුන් ආසියානු මහද්විපය නිජබිම කරගත් පිඹුරන්ය.




    NkFz9ew.jpg

    අප්‍රිකානු ගල් පිඹුරා

    උපරිම බර කි.ග්‍රෑ.113.4කි.උපරිම දිග මීටර් 7.5කි.අප්‍රිකානු රටවල ජීවත්වේ.




    p1UOoWY.jpg

    ඉන්දියානු පිඹුරා

    උපරිම බර කි.ග්‍රෑ.91කි.උපරිම දිග මීටර් 6.4කි.ආසියානු රටවල ජීවත්වේ.




    ලොව දිගම සර්පයා - ගිනස් ලෝක වාර්තාව

    මිනිස්භාරයේ සිටින ලොව දිගම සර්පයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ජාලාකාර පිඹුරෙකි.ඌ එක්සත් ජනපදයේ කැන්සාස් නගරයේ වෙසෙන මෙඩූසා නම් පිඹුරාය.2011 වසරේ ඔක්තෝම්බර් මස 12දා උගේ දිග මනින විට මීටර් 7.67ක් හෙවත් අඩි 25 ක් සහ අඟල් 2ක් විය.එදිනම ඌ ලොව ජීවත්වන දිගම සර්පයා ලෙස ගිනස් පොතට ඇතුලත් කරන ලදි.ජාලාකාර පිඹුරා නමින් මොවුන් හඳුන්වන්නේ සමේ තිබෙන ජාලක හැඩති මෝස්තරය නිසාය.ඔවුන්ගේ වැඩිහිටි සතුන් සාමාන්‍යයෙන් මීටර් 3-6ක් පමණ දිගකට වැඩෙන මුත් මෙඩූසා යනු අසාමාන්‍යය දිගක් සහිත පිඹුරෙකි.

    D1TRyJX.jpg

    මෙම පිඹුරා වසර 10 වයස මිනිසුන් දසදෙනෙක් විසින් ඔසවාගෙන සිටිය යුතු දැවැන්තයෙකි.ඌගේ ආහාර වන්නේ හාවන්,මුවන් ආදීන්ය.ගැහැණු සතෙක් වන මෙම පිඹුරා බරින් කි.ග්‍රෑ.158ක් වේ.ඌට වරකට කි.ග්‍රෑ.18 මුවෙක් ගිලදමයි.

    K2pSSzi.jpg

    ජාලාකාර පිඹුරන් ජීවත්වන්නේ අග්නිදිග ආසියාව,ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවලය.මොවුන් දක්ෂ පිහිනුම්කරුවන් බව කියවේ.1912 දී සුලවේසි දූපතේදී වෙඩි තබන ලද මෙම වර්ගයේ පිඹුරෙක් මීටර් 10ක් දිගින් යුක්ත වූ බව සඳහන් වේ.

    Yi5truP.jpg


    FQD3IQq.jpg

    මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ෆ්ල්ෆි නම් තවත් ජාලාකාර පිඹුරෙක්ය.ඌ මීටර් 7.3ක් හෙවත් අඩි 24ක් දිගින් යුක්ත විය.ඒ 2009 වසරේ සැප්තැම්බර් මස 30 දාය.ඌ 2010 ඔක්තෝම්බර් මස 26 දා මියයන විට වයස අවුරුදු 18ක් විය.පහත දැක්වෙන්නේ ෆ්ල්ෆි නම් පිඹුරාගේ වීඩියෝ පටයකි.




    Source:Guinnessworldrecords.com

    -HarshaLulzSec-
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    tfs :)
    මේක බලන ගමන් වට පිට බැලෙනවා බන් නිකන්ම. :lol::lol:
    සර්පයෙක් හිටියොත් කියලා හිතෙනවා. :confused::eek:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නොදකිං නොදකිං නොදෝමකින් :angry::angry: පේන්න බැරි ජාතියක් මට :frown:

    Thread එකට ඕන් Rep දුන්න :yes: :)

    ඇයි බන් ? බෙහෙත් එහෙම බදින්න වැඩක් දුන්නද එකෙක්?
     

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි බන් ? බෙහෙත් එහෙම බදින්න වැඩක් දුන්නද එකෙක්?

    නෑ බන් බයයි :sorry: අප්පිරියයි :eek: හැබැයි විස එකෙක් අහුවුනොත් වෙන කරන්න දෙයක් නැත්නම් මරනවා. ඊට පස්සේ ඉතින් රෑට හීනෙනුත් පෙනිලා බයවෙනවා බන්. මම හිතන්නේ සමහරු මකුලුවොන්ට එහෙම බයයි වගේ මටත් phobia එකක් ඇත්තේ :eek::confused:
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    නෑ බන් බයයි :sorry: අප්පිරියයි :eek: හැබැයි විස එකෙක් අහුවුනොත් වෙන කරන්න දෙයක් නැත්නම් මරනවා. ඊට පස්සේ ඉතින් රෑට හීනෙනුත් පෙනිලා බයවෙනවා බන්. මම හිතන්නේ සමහරු මකුලුවොන්ට එහෙම බයයි වගේ මටත් phobia එකක් ඇත්තේ :eek::confused:

    එකෙක් දෙන්නෙක් අතගාලා බලපන් එතකොට ඕවා ඇරිලා යනවා.නිකන් ඉන්න වෙලාවට ලිං ගැට්ටේ ගුල්වලට ඔලුව ඔබාගෙන ඉන්න දිය බරියෙක්ව එහෙම ඇල්ලුවාම මොකෝ වෙන්නේ.හපන්න විදියක් නෑනේ ඔලුවෙන් ඇල්ලුවාම :lol:

    එහෙමත් බැරි නම් ඉතින් ඔය යටියන්තොට යවන එකෙක්ව අතගලා බලපන්.;)
     
    • Like
    Reactions: Nishz

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,724
    1
    11,011
    113
    එල මචන්... අපේ ගේ වටෙත් ගැරඬියෙක් කැරකෙනවා මලම කරදරේ,පට්ට ලොකුයි.... නයෙක් එහෙම සෙට් උනොත් නන් දිවි තොර කරනවා ඉතින්...
     

    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එල මචන්... අපේ ගේ වටෙත් ගැරඬියෙක් කැරකෙනවා මලම කරදරේ,පට්ට ලොකුයි.... නයෙක් එහෙම සෙට් උනොත් නන් දිවි තොර කරනවා ඉතින්...

    ඔය කියන්නේ අර තඩි කහ ගැරඬි ගැන නේද? දවසක් කොල්ලෙක් ටොයිලට් එකක ඉන්න කොට ගෙම්බෙක් පස්සේ පන්නගෙන ආපු ගැරඩියෙක් අරූගේ අහවල් එක කාලා ,ඌ මලාලු.;)