සර්පයින්ගේ ලෝකය-2
මිනිස්භාරයේ සිටින ලොව දිගම සර්පයා ලෙස ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ජාලාකාර පිඹුරෙකි.ඌ එක්සත් ජනපදයේ කැන්සාස් නගරයේ වෙසෙන මෙඩූසා නම් පිඹුරාය.2011 වසරේ ඔක්තෝම්බර් මස 12දා උගේ දිග මනින විට මීටර් 7.67ක් හෙවත් අඩි 25 ක් සහ අඟල් 2ක් විය.එදිනම ඌ ලොව ජීවත්වන දිගම සර්පයා ලෙස ගිනස් පොතට ඇතුලත් කරන ලදි.ජාලාකාර පිඹුරා නමින් මොවුන් හඳුන්වන්නේ සමේ තිබෙන ජාලක හැඩති මෝස්තරය නිසාය.ඔවුන්ගේ වැඩිහිටි සතුන් සාමාන්‍යයෙන් මීටර් 3-6ක් පමණ දිගකට වැඩෙන මුත් මෙඩූසා යනු අසාමාන්‍යය දිගක් සහිත පිඹුරෙකි.
මෙම පිඹුරා වසර 10 වයස මිනිසුන් දසදෙනෙක් විසින් ඔසවාගෙන සිටිය යුතු දැවැන්තයෙකි.ඌගේ ආහාර වන්නේ හාවන්,මුවන් ආදීන්ය.ගැහැණු සතෙක් වන මෙම පිඹුරා බරින් කි.ග්‍රෑ.158ක් වේ.ඌට වරකට කි.ග්‍රෑ.18 මුවෙක් ගිලදමයි.
ජාලාකාර පිඹුරන් ජීවත්වන්නේ අග්නිදිග ආසියාව,ඉන්දුනීසියාව සහ පිලිපීනය යන රටවලය.මොවුන් දක්ෂ පිහිනුම්කරුවන් බව කියවේ.1912 දී සුලවේසි දූපතේදී වෙඩි තබන ලද මෙම වර්ගයේ පිඹුරෙක් මීටර් 10ක් දිගින් යුක්ත වූ බව සඳහන් වේ.
මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කීවේ ෆ්ල්ෆි නම් තවත් ජාලාකාර පිඹුරෙක්ය.ඌ මීටර් 7.3ක් හෙවත් අඩි 24ක් දිගින් යුක්ත විය.ඒ 2009 වසරේ සැප්තැම්බර් මස 30 දාය.ඌ 2010 ඔක්තෝම්බර් මස 26 දා මියයන විට වයස අවුරුදු 18ක් විය.පහත දැක්වෙන්නේ ෆ්ල්ෆි නම් පිඹුරාගේ වීඩියෝ පටයකි.
Source:Guinnessworldrecords.com
-HarshaLulzSec-
ලොව විශාතම සර්පයින්
සර්පයින්ගේ විශාලත්වය ගණනය කරන්නේ ඔවුන්ගේ දිගින් හෝ බරින්ය.ලොව විශාලතම සර්පයින් අයත් වන්නේ බොයිඩේ සහ පයිතොයිඩේ යන පවුල්වලටය.ඔවුන් සියලුදෙනාම විෂ රහිත සර්පයින්ය.
කොළ පැහැති ඇනකොන්ඩා
උපරිම බර කි.ග්‍රෑ.227කි.උපරිම දිග මීටර් 8.8කි.නිජබිම දකුණු ඇමෙරිකාවයි.
ජාලාකාර පිඹුරා
උපරිම බර කි.ග්‍රෑ.158.8කි.උපරිම දිග මීටර් 10කි.ජීවත්වන්නේ ආසියානු රටවලය.
බුරුම පිඹුරා
උපරිම බර කි.ග්‍රෑ,137කි.උපරිම දිග මීටර් 7.6කි.ඔවුන් ආසියානු මහද්විපය නිජබිම කරගත් පිඹුරන්ය.
අප්‍රිකානු ගල් පිඹුරා
උපරිම බර කි.ග්‍රෑ.113.4කි.උපරිම දිග මීටර් 7.5කි.අප්‍රිකානු රටවල ජීවත්වේ.
ඉන්දියානු පිඹුරා
උපරිම බර කි.ග්‍රෑ.91කි.උපරිම දිග මීටර් 6.4කි.ආසියානු රටවල ජීවත්වේ.
ලොව දිගම සර්පයා - ගිනස් ලෝක වාර්තාව

අප්පිරියයි 